Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
ලංකා ඉතිහාසයේ හෙළ යුගය

ලංකා ඉතිහාසයේ හෙළ යුගය

60 දශකයේ දී අපත් සමඟ පේරාදෙණි විශ්වවිද් යාලයට ප් රවේශ වූ සූරිය ගුණසේකරයෝ එ දා සිට ම ලංකා ඉතිහාසය කෙරෙහි උනන්දුවක් දක්වූ විද්වතෙකි. දේශීය දෘෂ්ටියකින් ඉතිහාසය අර්ථකථනය කළ යුතු ය යන්න ඔහුගේත් මගේත් දැඩි විශ්වාසය විය. මහාවංසයේ විජයාගමනය පිළිබඳ කතා පුවතින් හෙළි වන කාල පරිච්ඡේදයට පෙර ඉතිහාසය පිළිබඳ ව විවිධ අර්ථ විවරණ ඇත. ඒ කාලයේ ඉතිහාසය විවරණය කිරීමේ ප් රධාන ම මූලාශ් ර වන්නේ පුරාවිද් යාත්මක සාක්ෂ් ය ය. භාරතීය සාහිත් ය කෘතීන් වන මහා භාරතය, රාමායණය, පුරාණ ග් රන්ථ වැනි පුරාවෘත්තයන් ද භාෂා විද් යාත්මක සාක්ෂ් ය ද ලංකා සෙල්ලිපි ද උපයෝගි කරගෙන ඉහත කී කාල පරිච්ඡේදයේ ඉතිහාසය ගොඩ නැංවීමට වහෙසෙන විද්වතුන් අතර
Out of stock
හයේ වාට්ටුව සහ තුන් අවුරුද්ද

හයේ වාට්ටුව සහ තුන් අවුරුද්ද

හයේ වාට්ටුව කෙටි නවකතාව පුවත්පත් සඟරාවල උද් යෝගි වාද- විවාදයන්ට පාත් ර විය. ප් රගතිශීලි උගත් ජනතාව කතාව පිළිගත්තේ ප් රීතිප් රමෝදයෙනි. මේ කතාව මඟින් නිෂ්ක් රිය දර්ශනවාදය ද රජයන කුරිරු දාමරික අත්තනෝමතික ක් රමය සමඟ පෑහීම ද තියුණු විවේචනයට හසු කරන බව රුසියාවේ සිතන්නට සමත් සියල්ලෝ දුටුවාහ. "චලෝද්යා (ලෙනින්), බෙහෙවින් චෙකොෆ් ප් රිය කෙළේ ය. හයේ වාට්ටුව කතාවේ කුසලතාව ද එය තමා තුළ දැනවූ චමත්කාරය ද ඔහු පළ කෙළේ මෙ වන් වදන්වලිනි. ඊයේ සවස මම හයේ වාට්ටුව කතාව කියවූ විට මා තුළ කො තෙක් බියක් හටගත්තේ ද යත් මගේ කාමරයෙහි මට තවත් නො සිටිය හැකි විය. මම නැඟිට බැහැර ගියෙමි. හයේ වාට්ටුවෙහි මා දමා ඇත්තේ ය යන හැඟීම මා
Out of stock
කුසුමා - වාමාංශික දේශපාලන ජීවිතයක්

කුසුමා - වාමාංශික දේශපාලන ජීවිතයක්

ඇ ය ප් රාථමික අධ් යාපනය ලැබූයේ තංගල්ලේ ශ් රී රාහුල විද් යාලයයෙනි. මියුසියස් විද් යාලයයේ දී ඇය තම විද් යාලයයේ ගුරුවරියන් කිහිප දෙනකු ද සහභාගි වූ සූරිය මල් ව් යාපාරයට සම්බන්ධ වූවා ය. 1939 ජූනි මස තිස් වන දින කුසුමා, කළුබෝවිල පිහිටි සිරිල් හා නීටා මුතුකුමාරු ගේ නිවසින් විවාහ වීම සඳහා පිටත් වූවා ය. විවාහ රෙජිස්ට් රාර්තුමා නව යුවළට මුලු හුවමාරු කරගන්නා ලෙස පැවැසූ විට දෙ දෙනා ගෙන් එක් කෙනකුට වත් මුඳුවක් නො වී ය. තම කබායේ මුදුවක් වැනි බොත්තමක් ගලවා බිරිය ගේ ඇඟිල්ලට දැමීමට පිලිප් යෝජනා කළේ ය. එන්. එම් පෙරේරා සබන් කෑල්ලක සිර කඳවුරට ඇතුළු වන දොරෙහි යතුරේ සලකුණක් ගත්තේ ය. රැඳවියන් බැලීමට ගිය කුසුමා අතට ම
Out of stock
නොමළ මල

නොමළ මල

නවකතාවේ එන චරිත කතුවරයා විසින් නටවනු ලබන රූකඩ බවට පත් නො වේ. නවකතාව අවසානයේ ඇති අනාගත දර්ශනය වුව, ඒ චරිත තුළින් පැන නඟින භාවමය ප් රතික් රියාවක් වශයෙන් පිළිබිඹු කිරීමට කතුවරයා සමත් වී ඇත. මාධවීටත්, කමල්ටත් ඔවුන් දෙ දෙනා සිය පවුල්වලට ගෙන දුන් ඛේදවාචකය හමුවේ තව දුරටත් සතුටින් ජීවත් විය හැකි ද? ... ඔවුන් ගන්නා තීරණය දේශපාලන තීරණයකට වඩා ඔවුන් ගේ ජීවිත අරභයා ගන්නා ලද භාවාත්මක තීරණයක් වෙයි. සුදන්තක පී. විජේතුංග මහතා නවකතාවේ මූලික පරමාර්ථය අවබෝධ කරගෙන නිර්මාණකරණයෙහි යෙදෙන නවකතාකරුවකු බව මේ කෘතියෙන් පෙනේ. නවකතාව යනු අප හද, මනස දෙක ම ආමන්ත් රණය කරන ඓතිහාසික-දේශපාලනික ලේඛනයකි. ගුණදාස අමරසේකර ඔබ කියවන්නට
Out of stock
නූතන කුමාරයා

නූතන කුමාරයා

මැකියාවෙලි ගේ 'කුමාරයා' (the prince) කෘතිය මඟින් මතු කරන තර්කය වන්නේ දේශපාලනය යනු සදාචාර විනිශ්චයන් මඟින් හැසිරෙන අධිභෞතික කලාපයක් නොවන බවත්, එය ගොඩ නැඟෙනුයේ ම බලය පදනම් වන භෞතික වපසරියක් ලෙසින් බවත් ය. මැකියාවෙලිට කුමාරයකු අවශ් ය වූයේ ඔහු සිතූ සදාචාරයෙන් දේශපාලනය වෙන් කරන බෙදුම් රේඛාව නිර්මාණය කිරීමට ය. විශ්වාසය මත පදනම් වූ රාජ් යය, බලය මත පදනම් වූවක් කිරීමට ය. මැකියාවෙලිට පසු කාලයේ ඉතාලියේ ම සිටි කොමියුනිස්ට්වාදී චින්තකයකු වූ අන්තෝනියෝ ග් රාම්ස්චි ඔහු ගේ 'සිර ගෙදර සටහන් (prison notes) කෘතියේ නූතන කුමාරයා නමින් ලියූ සටහනින් ප් රශ්න කළේ ඉතාලියට සාපේක්ෂ ව ගත් විට දේශපාලනයේ ඇති සංස්කෘතික සංරචකයත
Out of stock
පුනානියේ මිනීකන දිවියා

පුනානියේ මිනීකන දිවියා

මෙය නැවුම් වූ ද කියවීමෙන් සතුට ගෙන දෙන පොතකි. ලංකාවේ දිවියා ලුහුබැඳ යන කතාව, තමාගේ අතීතය ලුහුබැඳ යන කතාව සමඟ ලේඛකයා මනාව ගලපා ඇත. අනාවරණය වන ඉතා පුද්ගලික වශීකරණ වෘතාන්තයෙහි, නිර්භීත ක් රියා පුරාවෘත්තය සමඟ ද ඉතිහාසය ජනප් රවාද සමඟ ද ඉතා මනා සේ සංයෝගකර තිබේ. චාල්ස් රිච් - ද සයිරන් ඉයර්ස් නමැති පොතේ ලේඛක ඉතා ප් රසන්න පොතකි මෙය. එය කියවන්න ආරම්භ කරන්නෙක් ප් රිය මනාපයෙන්, අපේක්ෂාවෙන් අවසන් නොවේවායයි පතමින් ඉතා අභිරුචියෙන් ගිජු ලෙස කියවයි. මම එය කියවූවිට මගේ අතීතයේ සවඳති බොහෝ දේ සිත කම්පාකරවමින් මතකයට නැඟුණි. මේ පොතේ ඉතාම විශිෂ්ට හරය නම් ගත්කරු, හිරුඑළිය සහ හෙවනැළි, සිනාහඬ සහ කඳුළු අතර යෑම් විස්තර කර
Out of stock
සිංහල සමාජ සංවිධානය - මහනුවර යුගය

සිංහල සමාජ සංවිධානය - මහනුවර යුගය

ප් රගතියේ නොවැළැක්විය හැකි ඉදිරි ගමන නිසා ලංකාවේ දේශීය සංස්කෘතියේ අංගෝපාංග රැසක් ම අභාවයට ගොස් ඇත. වැඩි කල් යා නො දී ම දැනට ඉතිරි වී ඇති අංග ද අතුරුදහන් වී යනු නොඅනුමාන ය. එහෙයින් සිංහල සංස්කෘතියේ අවසාන යුගයේ දී විද් යමාන වූ සංස්කෘතික රටාව හා එහි පදනම පිළිබඳ ව ලංකා විශ්වවිද් යාලයයේ සමාජ විද් යා අධ් යයනාංශයේ අධිපති රැල්ෆ් පීර්ස් මහතා ඉදිරිපත් කරන විස්තරය අතිශයින් ම කාලෝචිත ය. රැල්ෆ් පීරිස් මහතා ගේ අධ් යයනයේ ප් රතිඵලය වශයෙන් බිහි වී ඇති මාහැඟි ග් රන්ථය, සමාජ විද් යාඥයකු විසින් ලියනු ලැබ ඇති නමුදු එය මූලික වශයෙන් ඓතිහාසික කෘතියකි. කදිමට සකස් කර ඇති මේ ග් රන්ථය, තොරතුරු ලබාගත් මුලාශ් රයයන් ද සවිස්
Out of stock
සිංහලයෝ

සිංහලයෝ

මේ වූ කලී අවුරුදු දෙදහස් පන්සියයක් තුළ අවිච්ඡින්න ව පැවැති රාජ පරම්පරාවක් යටතෙහි සාම හා යුද්ධ කාර්යයන්හි යෙදෙමින් විසූ සිංහල වර්ගයා ගේ කථාන්තරයයි. දිවයිනෙහි තැනින් තැන නටබුන් ව දක්නා ලැබෙන මහා ශිලා නිර්මාණයන් ගෙන් පිළිබිඹුවන නවශිලා සංස්කෘතියෙන් ඇරැඹෙන මේ කථාන්තරය එකී සංස්කෘතිය දඹදිවින් සංක් රමණය වූ ඉන්දු- ආර්ය ශිෂ්ටාචාරය සමඟ සංකලනය වීම ඔස්සේ දිවෙයි. එකී සංකලනය ද ඉන්දු - ආර්යය භාෂාවේ හා ජීවන ක් රමයේ ව් යාප්තිය ද සිංහල ජාතියේ ආරම්භය සේ ගැනෙයි. පූර්ණ ශිෂ්ටාචාරයක නටබුන් අතර පුරා තිස් වසරක් පමණ වූ කාලයක් වැඩ කරමින් දිවි ගෙවූ ආචාර්ය සෙනරත් පරණවිතානයෝ සිංහලයන් ගේ උදාර ජීවන කාර්යය සැලැසුම් කර ගැනීමට උ
Out of stock
පුංචි රාහුල හාමුදුරුවෝ

පුංචි රාහුල හාමුදුරුවෝ

පුංචි රාහුළ හාමුදුරුවෝ පුතු නොවූවත් පුතු වූ දා සිට සෙනෙහසින් බුදු පියාණන් හට දිනෙන් දින ළං වී සිටින්නට ඔබෙන් නිසි සවි ලදිමි හැම විට රහල් පොඩි හාමුදුරුවෙනි මම ඔබ වගේ හැම උදාසනකම පතමි බුදු හිමි - දහම් උණුසුම එය යි මෙ සසර එක ම සැනැසුම මේ මහරු කවිය පැන නැගිය හැක්කේ සැබෑ ලෙස ම බුද්ධ පුත් රයකු වීමට වීර්යය වඩන, එහි දී ජන්මයෙන් ම බුදුන් වහන්සේ ගේ පුතණුවන් වූ රාහුළ පොඩි හාමුදුරුවන් ගේ චරිතය ආදර්ශයක් කොටගත් හදවතකින් ම ය. රාහුළ හාමුදුරුවන් ගැන ලියැවුණු පතපොත ඇතත් තවත් රචනයක් කරන්නට සිත් වූයේ ළමා පරපුරට එයින් වන මහඟු යහපත නිසා යැ යි ගත් කතුවර මහ නාහිමිපාණෝ පෙරවදනෙහි ලා පවසති. රසයෙන් පරිපූර්ණ කමනීය බස් වහර
In stock
සිරි යහන

සිරි යහන

රන් හුයෙන් දෑඟිලි බැඳ, රන් කෙන්ඩියෙන් අත් පැන් වත්කොට එක්තැන් කරන ලද්දා වූ පතී පතිනීහු එවක් පටන් එක වහල යට හිඳ - එක පතැ බොජුන් වළඳා - එකමැ සිරි යහන වැද - උනුන්ගේ අධ් යාත්මයන් වටහාගන්ට නැතක් වෙහෙස දරති; දිය පිට තැනූ නිවෙසක් දිය රළ හා වංචල වන්නේ යම් සේද එසේම චංචල වන්නා වූ ස්වකීය කුටුම්බය නිශ්චල කොට ප් රතිෂ්ඨාපනය කරන්ට ඔවුහු දිවා රෑ දුක් ගනිති; දෙදරා බිඳ වැටෙන ජීවිතයෙහි සුන්බුන් ඉවත් කරමින්ද පිළිසකර කරමින්ද සුණු පිරියම් කරමින්ද කුටුම්බ විචාරණය සාටෝපවත්ව පවත්වාගෙන යන්ට අරගල කරති. එහෙත් අරගලයෙන් දිග් විජය ලබන්නෝත් වෙත්ද? විවාහය හා පවුල් සංස්ථාව අළලා කුලසේන ෆොන්සේකා විසින් විරචිත සිරි යහන නවකතාව, අප