Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
මැණික් අලියා සහ තවත් අලි

මැණික් අලියා සහ තවත් අලි

ලාංකේය සංස්කෘතියේ සුවිසෙස් පංගුකාරයින් වූ මෙරට ගෘහආශ් රිත සහ වනවාසී අලි ඇතුන් පිළිබඳ රට පුරා පෙර නොවූ තරමින් සංවාද විසංවාද පවත්නා කලක ඔවුන් පිළිබඳ වඩාත් සානුකම්පිත, සහකම්පනය දනවන සුළු මෙවන් කෘතියක් එම අවශ් යතාව සපුරාලීමට මහෝපකාර වනු ඇතැයි මම විශ්වාස කරමි. 'මැණික් අලියා සහ තවත් අලි' කෘතියේ සම්පාදක සුනිල් ලීලානන්ද පෙරේරා අයත් වන්නේ මෙරට සාම්ප් රදායික අලි ඇතුන් හිමි පවුලක දෙවෙනි පරපුරටය. මා මුලින්ම ඇසුරට වැටුණේ ඔහුගේ පියා, රත්නපුරේ ප් රකට අලි ඇත් හිමිකරුවෙකු වූ ඕ.එස්. පෙරේරා මහතා සමගය. ඒ වසර තිහකට එපිට කාලයකදීය. අලි ඇත් වෙදකම හා බැඳී දේශීය වෙදකම සේම බටහිර වෙදකමට සමාන්තරව නැඹුරු වූ මෙරට අලි හිමියන
In stock
අතීතයට කවුළුවක්

අතීතයට කවුළුවක්

අතීතයට අයත් කරුණක් ජීවමාන වනුයේ එය වර්තමානයේදී සජීවීකරණයට ලක් කිරීමෙනි. එසේ නොවනා තාක් කල් ඉතිහාස කරුණක් ස්ථිතික පාෂාණ භූතයකි. මෙම කෘතියේ දී කතුවරයා එය සිදු කර ඇති ආකාරය මගින් ඔහු අතීතය ගැන මෙන්ම වර්තමානය ගැන කල්පනා කරන ආකාරය කෙබඳු ද යන්න තීරණය කිරීම පාඨකයා වන ඔබ සතු වගකීමකි. '' -රාජ් සෝමදේව- පුරා විද් යාව පිළිබඳ ජ් යෙෂ්ඨ මහාචාර්ය (අතීතයට කවුළුවක් පෙරවදනින්) මෙම කෘතිය සම්පාදනය කළේ ප් රධාන කොටම සාමාන් ය පාඨකයා සඳහාය. නමුත් වැඩිදුර අධ් යනය කිරීමට කැමති අයෙක් වේ නම් අදාළ මූලාශ් ර දක්වා ඇත. මේ තුළ හිතළු නැත. එ නිසා ඕනෑම විද් යාර්ථියෙකුට වුවද සුදුසුයැයි සිතමි." -කර්තෘ-
In stock
ෆස්ට් ක්ලාස්

ෆස්ට් ක්ලාස්

ප් රවීණ ලේඛිකා පවිත් රා රූපසිංහ විසින් රචිත ෆස්ට් ක්ලාස් අවසානයේදී සමාජය අතිශයින් බරපතළ හා විවාදාපන්න තැනකට කැඳවයි. එය නම් පිළිගත් ආචාර ධර්මවලින් පරිබාහිරව ආන්තික හා අවමානව ක් රමෝපායන් මඟින් ඉලක්ක ජයගැනීම දක්වා යන පුද්ගල හෝ සමාජ සංස්ථාවකට අත්විය හැකි සංකීර්ණවූත්, ඛේදනීය වූත් ඉරණම පිළිබඳවය. විශ්වවිද් යාල අධ් යයන පරිසරය තුළ පළමු පෙළ සාමාර්ථයක් පිළිබඳ එක් තත්ත්වාකාර යථාර්ථයක් වෙත ආචාර්ය ප් රජාව මෙන්ම ශිෂ් ය ප් රජාව අභිමුඛ කරන ප් රබල නිරූපිතයකින් මෙහි මූලික ප් රවාදය සංගෘහිතය. මානව සමාජයක අන්තර් පුද්ගල වේෂ්ඨාවන් පිළිබඳ පළල් කියවීමකට පිළිපන් මෙම කෘතියෙහි ඇති මනකල් ලක්ෂණය නම් ෆස්ට් ක්ලාස්' නවකතාවක වප
In stock
ගොඩෝ සහ අරවින්ද - කාව්ය සංග්රහය

ගොඩෝ සහ අරවින්ද - කාව්ය සංග්රහය

පියන්කාරගේ බන්දුල ජයවීර යනු අද දවසේ අපට සිටිනා නූතන ජන කවියෙකි. ඔහු සිව් පද ආකෘතියෙන් දුරස්ය. ඔහු නිසඳැස වෙත තබන බර වැඩිය. එහෙත් ඔහු සිය කවියෙන් අපට ගෙන එන්නේ වර්තමාන සමාජයේ අප පැහෙනා මේ නරකාදියෙහි තිත්ත යථාර්තයයි. එය අප සිනහ ගන්වයි. ඒ සමගම අපට තියුණු කටුවකින් අනියි. ඉදින් මේ ක අපට ගොඩෝ එනකම් බලා සිටිනා නිෂ්ක් රීය භූමිකාවට තිත තබා සක් රීය පුරවැසියන් වන්නට හෘදුයාංගම ඇරයුමක් කරයි. ව් යාජ අලංකාරයේ ගිල්වා අප සනහන කව්යට වඩා බන්දුලගේ කව්ය අපට දේශපාලනික වශයෙන් වැදගත් වන්නේ ඔහු අපට මේ සාමූහික ගමන වෙනුවෙන් කරනා නිරන්තර ඇරයුම නිසාමය. චූලානන්ද සමරනායක
In stock
භානුට පිස්සු

භානුට පිස්සු

ප් රීති රන්දෙනිය පාඨකයන් අතර ප් රකට කිවිඳියක ලෙසිනි. ඇගේ සෙසු සාහිත් ය නිර්මාණවල ද මෙම කවිත්වයේ සලකුණු නොමඳව දැකිය හැකි ය. විශේෂයෙන්ම ඒ ලකුණු පවතින්නේ උපයුක්ත බස්වහර තුළ ය. ඉතා කෙටි වැකිවලින් යුත් ඇගේ සරල බස කාව් යමය හැඩයක් උසුලයි. පද ලාලිත් යය ද, පද සංඝටනාවන් ඇසුරේ මතුවන රිද්මය ද කවියට ඉතා සමීපයි. එය ඇගේ සාහිත් ය කෘතීන්ට සුවිශේෂී අනන් යතාවක් හිමිකර දෙයි. 'භානුට පිස්සු නවකතාව ද මෙම ලක් ෂණයෙන් පෝෂිත ය. 'භානුට පිස්සු ඇගේ සත්වන නවකතාවයි. අත්දැකීම විසින් ද, දැක්ම විසින් ද, යටිපෙළ විසින් ද ඇගේ නිර්මාණ භාවිතාව ශක්තිමත් කරන කෘතියක් ලෙස එය අපගේ අවධානයට ලක්වේ. මූලික වශයෙන් ස්ත් රී චරිත කිහිපයක් මූලික ක
In stock
කමලොත්පත්ති

කමලොත්පත්ති

අවසානයේ සඳුන් දර සෑයෙහි කාලිදාස දේහය තැන්පත් විණ. කුමාරදාස රජු ගිනි පන්දම දෑතින් ගෙන සත් වරක් සෑය වටා හඬ හඬා ගොස් සෑයට ගිනි තබා පසෙකට වී සෑය දෙසට වැඳගෙන කඳුළු සලමින් සිට, ගින්න සෑය සම්පූර්ණයෙන් වෙලා ගනිද්දී එතුළට පැන දිවි පිදීය. මේ සියල්ල බලමින් කඳුළු හෙළමින් සිටි කාංචනමාලා, අතෙහි වූ සමන් මල් පැසෙන් සමන්මල් ඇවිළෙන ගින්නට දමමින් පිස්සියක සේ සෑය වටා දිව්වාය. පැසෙහි මල් අවසන්ව ගිය තැන නතර වූ ඈ ගිනිගෙන දැවෙන රජුගේ හා කාලිදාසගේ දේහයන් එකට පිලිස්සෙනු ළය පැලී යන දුකින් යුතුව බලා සිටියාය. තම ජීවිතයේ දෙපසින් සිටි කුමාරදාසත්, කාලිදාසත් නැති ලෝකය තමාට උරුම නැතැයි සිතෙත්ම කාංචනමාලා ද එම ගින්නටම පැන්නාය.
In stock
පුංචි සොල්දාදුවා
In stock
දලු ලන ඉපල්

දලු ලන ඉපල්

තමන් වෙතින් ගිලිහී ගිය වසන්තය තම පුතු මතින් දිනා ගන්නට වෙර දරන යකඩ ගැහැනියකි. අරමුණු හා ඉලක්ක අතර මානසික සුළි කුණාටුවකට මැදිවූ තරුණයෙකි. මේ දෙදෙනා මැදිකර ගත් පවුලේ අතීත ශ් රී විභූතිය පළිගැනීම්, කඳුළු සහ සුසුම්වලට රූපාන්තරණය වන අයුරු මෙහි පෙළින් පෙළ සිතුවම් වෙයි. මනෝ ව් යාධියකට පත් පුද්ගලයකුට නිවැරැදි ප් රතිකාර සහ නිසි සැලකිල්ල යොමු කිරීමෙන් සිදුවිය හැකි මහා විනාශයක් වැළැක්විය හැකි බව මේ කතාවෙන් ඉස්මතු වෙයි. මේ අමිල මුතුකුට්ටිගේ ප් රථම නවකතාවයි. අමිල ලේඛකයෙකු ලෙස දොරට වැඩියේ මව්බිම සහ ඩේලි මිරර් පුවත්පත්වලට සැපයූ තීරු ලිපිවලිනි. ගතවුණු දශකයකට වැඩි කාලයක සිට සිංහල සහ ඉංග් රීසි යන භාෂාද්වයෙන්ම ඔහ
In stock
රමණාවේශය

රමණාවේශය

සැන් ප් රැන්සිස්කෝ නගරය ඉමහත් ආන්දෝලනයට පත්කළ, සුප් රකට රොක් ගායක ජොනී බස්ගේ අභිරහස් කුරිරු ඝාතනය පිළිබඳ විමර්ශන කටයුතුවල නියැලෙන රහස් පරීක් ෂක නික් කරන්, වංචා සහගත, රැවටිලිකාරී ව් යාකූල ලෝකයකට අවතීර්ණව සිටියේය. ජොනී බස්ගේ ඝාතනය සුරූපී කෝටිපතිනියක් වන ජනප් රිය ලේඛිකා කැත් රින් ට් රෙමෙල් නම් වූ සරාගී කාමිනියගේ රමණාවේශයේ ප් රතිඵලයක්ද? ප් රතිඵලයක්ද? එසේත් නැතිනම් අනුරාගී නාරිදේහිනී මනෝචිකිත්සක බෙත් ගානගේ අදෘශ් යමාන රංගනයක පිළිබිඹුවක්ද? අනුරාගී රති සුව වින්දනයේ අන්තයට කිමිදෙමින් සැක, සංකාව, භීතිය, කුතුහලය සපිරි සංත් රාසයේ උපරිම ප් රවේශයන්ට පිවිසෙන මේ චරිත අත්විඳින ඛේදාන්තයේ බිහිසුණු ඉරණම කවරාකාරද?
In stock
කා - MORNING STAR

කා - MORNING STAR

පෞරාණික ඊජිප්තු වාසීන්ගේ මිථ් යා ඇදහීම් අතර මුල් තැනක් ගෙන තිබුණ දිව් යමය හාස්කම් සහ ඉන්ද් රජාලික බලය පිළිබඳ විශ්වාසය මෙම කෘතියේ තේමාව වෙයි. මෙහි දැක්වෙන චරිත අතර මුල් තැනක් ගන්නා පාරාවෝ කලක් පෞරාණික ඊජිප්තු දේශය පාලනය කළ අධිරාජයෙකි. දෙවියන්ගේ ආශීර්වාදයෙන් උපත ලද පාරාවෝ අධිරාජයාගේ දූ කුමරිය නෙතර් තුවා (neter tua) නම් වූවාය. නෙතර් තුවා යන නාමය උදා තරුව (morning star) යන අරුත දෙයි. පුතුන් නොලද මහලු පාරාවෝගේ ඇවෑමෙන් ඊජිප්තු දේශය පාලනය කිරීමේ උරුමය ලද්දී නෙතර් තුවා දූ කුමරිය වූවාය. සුරූපී නෙතර් තුවා ඊට නොදෙවෙනි ව ප් රඥාසම්පන්න කුමරියක් ද වූවාය. පාරාවෝට සහ ඔහුගේ කිරුළ හිමි දූ කුමරියට ඔවුන්ගේ කිරුළ
In stock
කඩා වැටෙන තරු

කඩා වැටෙන තරු

හේරත් පලාපත්වල ලේඛකයා 2022 දී 'අසංගත ඡායා නම් කෙටිකතා සංග් රහය පාඨකයන්ට පිරිනමන්නේ 2019 දී කවියකු ලෙස තම කුලුඳුල් සාහිත් ය නිර්මාණය පාඨකයන් වෙත පිරිනැමීමෙන් අනතුරුව ය. 'ඌරුවේ අන්දරය' නම් කාව් ය සංග් රහය ලේඛකයාගේ පළමු නිර්මාණ වෑයමයි. කවියකින් තම ලේඛනය අරඹන ලේඛකයා යළිත් වරක් කඩා වැටෙන තරු' නම් මෙම කෙටිකතා සංග් රහය සමග පාඨක අප හමුවට එයි. නිර්මාණාත්මක සාහිත් ය ලේඛනය කෙරෙහි පලාපත්වල ලේඛකයාගේ අභිරුචිය ඉන් ප් රකට වෙයි. 'කඩා වැටෙන තරු නම් මෙම කෙටිකතා සංග් රහයට පලාපත්වල ලේඛකයා විරචිත කතා නවයක් ඇතුළත් වේ. මෙම කතා සියල්ල එකිනෙකට වෙනස් වූ අත්දැකීම් මත ගොඩනැගුණු රචනාය. ඇතැම් කතාවක ලේඛකයාගේ පරිකල්පනීය සිදුව
In stock
අරගල ගීතයන්හි සන්නිවේදනාර්ථ

අරගල ගීතයන්හි සන්නිවේදනාර්ථ

සන්නිවේදන ක් රමෝපායක් ලෙස ගීතයට මානව සමාජය තුළ ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. එය මානව ඉතිහාසය තරමටම පැරැණි වේ. විවිධ තොරතූරු, අදහස් හා හැඟීම් සන්නිවේදනය කිරීම සඳහා ගීතය භාවිත කිරීමේදී ඉන් මානව සමාජය තුළ ඇතිවන්නා වූ ආකර්ෂණය හා අනුප් රාණය ප් රබල වේ. අරගල ගීතයන්හි සන්නිවේදනාර්ථ කෘතිය ලෝකයේ පුරවැසි අරගලයන්ගේ ව් යාප්තිය, ජීවගුණය හා අනුප් රාණය සඳහා සන්නිවේදනාර්ථයෙන් ගීතය කුමන ආකාරයේ බලපෑමක් සිදුකළේද යන්න සියුම්ව සොයා බැලීමකි. විශේෂයෙන් ශ් රී ලංකාවේ ඇතිවූ ප් රකට ගෝල්ෆේස් අරගලය කේන්ද් රකරගෙන මේ කෘතිය සම්පාදනය කර තිබේ. කෘතියේ කතුවරයා වන කපිල එම්. ගමගේ දශක 3කට වඩා ජනමාධ් ය ක් ෂේත් රයේ සක් රීය ජනමාධ් යකරුවෙකු ලෙ
In stock
බහුචිතවාදියා

බහුචිතවාදියා

මාලකගේ චිත් රපටය ද අසංවිධිත නූතන බවකින් යුක්තය. ජීවිතයේ ඕරාව (aura) හෙවත් ප් රභාව ආවරණය කරමින් සයිබර් මාධ් ය තුළ නව සමාජ ජීවිත සම්බන්ධ පඨිත (texts) ආඛ් යාන (narratives) ව් යූහ (structures) පරිවර්තනයකට හසුව ඇති බව සෞන්දර්යාත්මකව නිර්මාණය කර ඇත. මාලකගේ චිත් රපටයේ කේන්ද් රීය චරිතය ගලා යනුයේ කාලය පදනම් වූ ආඛ් යානයක් ලෙස නොවේ. කාලය සටහන් කරනුයේ නිරූපිත අවස්ථා මතුවන දෘශ් ය හා ශ් රව් ය සංවිධාන කතාවේ (plot) අත්දැකීමක් ලෙසටය. එය තර්කානුකූල අන්තය කරා මෙහෙය නොවන්නාවූ පවතින සමාජය තුළ ඛේදවාචකමය ස්වරූපයන්හි සංග් රහයකි (pastiche). ප් රථම චිත් රපට කරුවකු ලෙසින් මාලක ස්වලක්ෂණ සහිත අනන් යතාවයක් පෙන්වයි. මෙම චිත
In stock
අඳුරුම අඳුරු රැය

අඳුරුම අඳුරු රැය

ලංකා ඉතිහාසයේ 1971 දී හා 1989 දී සිදු වූ තරුණ නැඟිටීම් දෙකේදීම දහස් ගණනක් තරුණ ජීවිත විනාශයට පත්විය. එසේ දිවි පිදු බොහෝ දෙනෙක්, යම්කිසි දැන උගත්කමක් තිබූ සමාජ අසාධාරණය මැනවින් අවබෝධ කරගත් ගැමි තරුණයන්ය. මේ කිසිත් නොදැන මරණයට පත්වූ කොටසක් ද වූහ. තම දේශපාලන කියවීම හා අරමුණු අතර විවිධ පරස්පරයන් තිබුණේ වුවද ඔවුන් මත පැටවුණු මර්දනයෙන් ගැලවීමට ඔවුනට නොහැකි විය. එවකට එල්ල වූ දරුණු භීෂණයෙන් බේරීමට අවි අතට ගතයුතුම විය. පැවති රජය එය හරි අපූරුවට, ඔවුන් වෙතම ඔවුන්ගේ ක් රියාවන් ඒ ආකාරයෙන්ම මුදා හැරියේය. කැරලිකරුවන්, ආරක්ෂක හමුදාවන් සහ අසරණ සාමාන් ය ජනතාව අන්ද මන්ද වුහ. එකිනෙකා තුළ තමන් ළඟම සිටි අනෙකා කෙරෙහ
In stock
එහිම සුදුමැලි පිටපතක්

එහිම සුදුමැලි පිටපතක්

මාලක දේවප් රියගේ "බහුචිතවාදියා සිනමා කෘතිය කේන්ද් රගත කරමින් සිනමා න් යාය ගැන ලියැවෙන මේ ලියවිල්ල ලියැවෙන්නේ, වාචාළකම සහ පශ්චාත් නුතන නරුමත්වය මුළුමනින්ම ඇවිළෙමින් යන එහි අවසන් හෝරාවේය. එහෙයින්, වර්තමාන සිනමාවේ ප් රවේශය ගැන නැවත සිතා බැලීමට මෙම ලියවිල්ල අපට කිසියම් ඉඩක් සලසයි. මෙම කෘතියේ තර්කය නම්, මනෝ විශ්ලේෂණය, මාක්ස්ට හා එංගල්ස්ට ලබා ගත නොහැකි වූ මිනිස් ආශාව හා හැසිරීම පිළිබඳ විද් යාත්මක අර්ථකථනයක් අපට ලබා දෙන බවයි. මනෝ විශ්ලේෂණයට ආරාධනා කිරීම යනු මාක්ස්වාදයේ භෞතිකවාදී උපක් රමවලට ආත්මීය සාධකය බද්ධ කිරීමට උත්සාහ කිරීමයි. ඵමෙන්ම, මෙය ප් රේක්ෂකත්වය පිළිබඳ පැරණි විවාදවලින් මිදුණු පසු, දේශපාලනික
In stock
වෘක්ෂශ්රැතිය හා බැඳුණු පරිසර සංරක්ෂණය

වෘක්ෂශ්රැතිය හා බැඳුණු පරිසර සංරක්ෂණය

මානව පරිණාමයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. මෙම පරිණාමීය පසුබිම තුළ විද් යමාන වන පැහැදිලි කරුණක් වනුයේ මිනිසාගේ පැවැත්ම සඳහා ඇති පරිසරයේ උපයෝගීතාවයි. මිනිසා සහ පරිසරය අතර අන් යෝන් ය සම්බන්ධතාවක් පවතී. මිනිසාගේ පැවැත්ම පූර්ණ වශයෙන්ම ශාක මත රඳා පවතින අතර, මිනිසා ඇතුළු සෑම සත්ත්වයෙක්ම ශාක නිපදවන ආහාර මත යැපේ. එලෙසම ශ්වසනය සඳහා අවශ් ය ඔක්සිජන් වායුව ශාක ප් රභාසංස්ලේෂණයේ දී පරිසරයට නිදහස් කරයි. මෙලෙසින් මිනිසාගේ මූලික අවශ් යතා සියල්ලම පාහේ පරිසරය මත පදනම් වී ඇත. පරිසර විනාශය මේ සියල්ල අහිමි කරනු ඇත. නියෝලිතික යුගයේ වැදගත්ම සන්ධිස්ථානය වනුයේ ශාක හා සත්ත්ව ගෘහස්ථකරණයයි. සංස්කෘතිකමය වශයෙන් සහ ජෛවීය වශයෙන් පරි