Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
අපරාන්ත

අපරාන්ත

මේ ආරස්සාව වරු තුනෙන් අහවරයි අපේ හාමුදුරුවනේ... ඒ හඬ රහසිගත ය. එහෙමනං කල් ඇරලා බැහැනෙ. මේ යමින් ගමන්ම පන්සලටත් ගොඩවෙලා පූජාවට ඕන කළමනා ටික ගැන කතිකා කරගමු කපු මහත්තයො. හාමුදුරුවෝ ප් රේමවතීලාගේ නිවසින් පිටතට පැමිණ පැවසූහ. නමුත් කපු මහතා උන්නේ වෙනමම කල්පනාවක ය. මොහොතකට පසු හෙතෙම යළි හැරී නිවස දෙස බැලීය. කොල්ලව විතරක් නෙමෙයි... ගෙදර අනිත් ප් රාණකාරයො දෙන්නා ගැනත් ඇහැ ගහගෙන ඉන්න වෙයි... එම කතාවේ බරපතලකම වැටහුණු නාහිමියෝ කපු මහතාගේ මුහුණ දෙස විපරමින් බැලූහ. නමුත් ඔහුගේ බැල්ම රැඳී තිබුණේ මහ සඟ රුවන මත නොව ප් රේමවතීලාගේ නිවසේ මුදුන් වහලය මත ය. පිටින් පේන දේ විතරක් නෙමෙයි සිද්ධ වෙන්නෙ අපේ හාමුදුරුවනේ.
In stock
මොනර විලාපය

මොනර විලාපය

මං ආවෙ ඔයාට ලක්ෂ විසි පහක ඔෆර් එකක් අරන්..." ඒ හඬ පෙරට වඩා පහත් ය. නමුත් තියුණු ය. "ඒ කියන්නෙ කෝටි කාලක්. ඒ කතාවට තරුණියගේ උගුර කට වේලී ගියේ තමා එවර මොන උගුලකට හසු වෙන්න යනවාදැයි සිතාගත නොහැකිව ය. මොවුන් කෝටි කාලක් නිකමට පුද දෙන්නේ නැත. ඒ වෙනුවෙන් තමාට කෝටි ගණනක දෙයක් කර දීමට සිදු වෙතැයි ඇය මේ ගෙවුණු පැය කිහිපයට අවබෝධ කරගෙන උන්නා ය. "නහයට උඩින් වතුර ගිය එකාට ඔළුවට උඩින් වතුර ගියත් එකයි නැතත් එකයි. තේරෙනවනෙ මං කියන දේ. දැන් ඔයා කොහොමටත් ගිලිලා ඉවරයි කෙල්ලෙ. මෙතනින් ගොඩ එනවද නැත්තං පවුලෙ අනිත් අයවත් ගිල්ලවගෙන මැරෙනවද කියලා ඔයාම තීරණේ කරන්න. "තව දෙයක්... ඔයා මගේ තීරණේට පිටින් යනවා කියන්නෙ...' ඉති
In stock
පිය සටහන් මැද

පිය සටහන් මැද

"රශී..." "මට මැරෙන්න දීපං දස්සා... මට මැරෙන්න දීපං..." හැරී නොබැලුවත් මිතුරා පැමිණ ඇති බව දැනුණු හෙයින් ඒ හඬ පෙර තරම් වියරු නැත. "මැරෙන්න තරම් ප් රශ්නයක් උඹට තියෙනවද රශී..." දසුන්, රශ්මිතගේ මනස නිරවුල් කරනු පිණිස නිවුණු හඬින් ඇසීය. "මාව පිච්චෙනවා බං... ඇත්තටම පිච්චෙනවා...." "ඔය උඹට නින්ද නැති නිසා..." නින්ද නොයාමේ රෝගය නිසා මිතුරා වසර ගණනාවක් පුරාවට විඳින දුක හැබැහින් දැක තිබූ දසුන් අනුකම්පාවෙන් යුතුව කීවේය. "එහෙම වෙන්න මොකක්ද මං කරපු පව.... කියපං දස්සා... මොකක්ද මගෙන් වුණ පව....?" ඔහු ඇසුවේ වෙව්ලන සුළු කටහඬෙනි. "උඹ අපි තරම්වත් පව් කරන එකෙක්ද රශී. මං දැක්ක හොඳම කොල්ලා උඹ.... සිරාවට..." දසුන් ම
In stock
අසාර බන්ධන

අසාර බන්ධන

මේ මිහිමත ඇති සොඳුරුතම බැඳීම කුමක්දැයි යමෙකු විමසුවහොත් ඒ මාපිය දූ දරු සබැඳියාව බව නොබියව පැවසිය හැකිය. එම බැදීම බුදුන් දවස සිට පැවත ආ උත්තරීතර බැඳීමකි. තවත් වසර කල්ප ලක්ෂයකටවත් මේ මිහිමතින් තුරන් වේ යැයි සිතිය නොහැකි බැඳීමකි. එය එතරම්ම බලසම්පන්නය. නමුදු... නිවන අතින් ගත්කල එය නිවනට බාධා කරනා බැඳීමකි. අම්මාවරුන්ට කිසිදා නිවන් දැකිය නොහැකියැයි එකල සිට පඬිවරුන් කියා ඇත්තේ ඔවුන්ගේ සිත්සතන් තුළින් කිසිකලෙක දරු සෙනෙහස නැමැති බැදීම තුරන් කළ නොහැකියැයි මතයක් පවතින නිසාය. පියවරුන්ටද එහි වෙනසක් නැත. මමය...මගේය... යනුවෙන් බැඳීම වැඩි වන තරමට නිවන තව තවත් ඈතට යයි. ඉදින්... පියවරුන්... මව්වරුන් හා දරුවන් අ
In stock
අවකාශ

අවකාශ

''ඔන්න මැඩම් වැඩේ පරක්කු කරන්න බෑ කියපු නිසා මංම ගිහින් රිපොට් එක අරගෙන ආවා..... ''සියපත්ගේ අනුදැනුම මත එම වාර්තාව රැගෙන ඒමට ගිය දුමිදු එහි මුද් රාව නොකඩාම එය සියපත් අතට පත් කළේය. ''තෑන්ක්ස් දුමිඳු . මේක අතට එනකල් මං පුදුම නොඉවසිල්ලකින් හිටියෙ...'' එසේ කී සියපත් දුමිඳු හා විස්තර කතා කිරීම පසෙක ලා හනික එම කවරය ගලවා බැලීය. ''මා... වලස්... මේ තියෙන්නේ. මේක මිනිස් සිරුරක කොටසක් තමයි. මේකෙ තියෙන විදියට මේක අයිති අවුරුදු හැටත් හැට පහත් අතර පිරිමි කෙනෙකුට. ඒ වගේම මේක යටි හනුවක කොටසක් කියලත් මේකෙ තියෙනවා. දත් දෙකෙන් උල් දත යටි ඇන්දේ රදනක දතක්ලු. අර අසාමාන් ය හැඩේකට තිබුණු දත එක්ස්ට් රා ඉන්සිසර් ටුත් එ
Out of stock
මෞලි

මෞලි

"තිලකේ තම සුරතේ ගුලි වී ඇති සුන්දර කහ පුෂ්පරාගය ගැන සිහින මවමින් සිටියදී එම ලොබිය හරහා පැමිණි පුද්ගලයෙකු පහත් හඬින් උගුර පාදමින් තිලකේට පෙනෙන සේ කුඩා කොළ කැබැල්ලක් ඔහුගේ දෙපා මුල අතහැර දමා ඉක්මන් ගමනින් යන්න ගියේය. ආයතනයේ සේවය කරන සාමාන් ය සේ වකයෙක්යැයි සිතිය හැකි එම පුද්ගලයා කළ ක් රියාව හරිහැටි වටහාගත හැකි නොවුණද තිලකේ පහත් වී එම කොළ කැබැල්ල අතට ගත්තේය. පසුව ආයතනයේ ඇස් මට්ටමට අසුවන සෑම අස්සක් මුල්ලක්ම නිරීක් ෂණය කළ ඔහු කිසිවෙකුගේ අවධානය තමා වෙතට යොමු වී නොමැති බව දැනගෙන හොර රහසේ එම කොළ කැබැල්ල දිග හැරියේය. කිළිටි වූ එම කොළ කැබැල්ලේ කලබලයෙන් මෙන් ලියා තිබූ පේළි දෙකකින් යුතු පණිවිඩය දුටු තිලකේග