Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
මිහිකතේ ගීතය

මිහිකතේ ගීතය

නිදි ගන්වන ලද ලක්ෂ සංඛ් යාත ජනතාවක් හා ගහ කොළ සතා සිවුපාවුන්ගේ ජාන බැංකු සහිත මෙගලන් යානය සූර්යයා පුපුරා විනාශ වීමට පෙර පොළොවෙන් පිටත් වේ. අවුරුදු පන්සියයක ගමනින් පසු ඔවුන් තලේසා ලෝකයට ගොඩ බසින්නේ යානයේ නඩත්තු කටයුතු සදහායි. අවදි වූ පෘථිවි මිනිසුන් තලේසා ලෝකයේ ස්ථායි සාමකාමී එකමුතු බව ගැන ඊර්ෂ් යා කරද්දි තලේසානුවන් මෙම දීර්ඝ අභ් යාවකාශ ගමක ගැන විස්මයට පත්වෙයි. පෘථිවි අභ් යාවකාශගාමියෙකුට තලේසියානු රූමතියක් හමුවීමත් සමඟ දෙලොවක උපන් ඔහුන්ගේ ඉරණම වෙන්කළ නොහැකි හා ඉතා ශෝචනීය ලෙස එකිනෙකට වෙලීයයි. මිහිකතේ ගීතය ආගන්තුක ලෝකයක ජීවිතය හා ආදරය මෙන්ම විද් යෘත්මක අකාවැකි හා අනුමානයෙන් පිරුණු ප් රබන්ධයකි.
Out of stock
ඒ මගේ සඳයි

ඒ මගේ සඳයි

"මතු පිටින් ලෝකෙට පේන ජිවිත ගොඩක් ඇතුලෙන් ගිනි අරන් දැවෙනවා මිස් මන්දෝදරී..." යශ්වින්ගේ දෑසේ ආකර්ෂණයට නතු වූ යුවතිය අත්වැට අතැර සෙමින් පසුපසට ගියේ ඔහු සෙමින් ඈ වෙත ළං වද්දීය. කිසිවෙකු නොමැති පාලු වූ බැල්කනියේ මහසයුරේ තනිය දෙදෙනා මකන සෙයකි. අඩවන් වූ දෑසින් යශ්වින් සුරත බිත්තිය මත තබා ඈ වෙතට නැඹුරු වූයේ නාද් යා බියටම වෙව් ලමින් බිත්තිය පුපුරුවා ගෙන යෑමට වෙර දරද්දීය. " මිස් මන්දෝදරීට හැමදාම රෑට තනියම නිදන්න වෙන්නෙ නෑ. දවසක මිස් මන්දෝදරීගෙ අයිතිකාරයා ළං වුණාම අන්ධකාරෙන් මිස් මන්දෝදරී ආලෝකයට එනවා. නාද් යා හිස ඔසවා ඔහු දෙස බලාගත් වනමය. මුහුදු සුළං රටාවක් ඇගේ දෙතොල් මතට ළං කළ කෙහෙරැල්ලක් යශ්වින් සීරු
Out of stock
වලව් පුතා

වලව් පුතා

ඇයි මාව මෙහෙම අරන් ආවේ '' මට ඕන නිසා ' 'ගමක් ඉස්සරහා. මං කොහොමද හෙට ගමට යන්නේ " '' අවුරුදු කුමාරිට ගියේ කාගෙන් අහලද ? එදා කොළඹ ගියා. අද රූපේ පෙන්නන්න ගියා. '' විභංග දත්මිටි කාගෙන කිව්වේ යෙහංසා දිහාට වියරු බැල්මක් හෙලලා. '' මං එදත් ඉවසුවා. අදත් ඉවසන්නද කියන්නේ? මොන මගුලකටද තමුසෙ අර ජරාවක් ඇදගෙන ෂෝ පෙන්නන්න ගියේ. '' කේන්තිය දරා ගන්න බැරුව යෙහංසාට පහර දෙන්න බැරි කමට විභංග නැගිටලා දොරකඩ තිබ්බ මල් පෝච්චියට පයින් ගැහැවා. " අසරණකමට විභංග අසරණකමට.... පොඩ්ඩා ගොඩක් කල් ඉදලා කියන්නේ ටීවී එකක් අරං දෙන්න කියලා. දිනුවම තෑග්ග ටීවි එකක් නිසයි මං තරගෙට ගියේ. මට විශ්වාසයක් තිබ්බා දිනන්න පුළුවන් කියලා'' විභංග යෙ
Out of stock
එක රුව දෙහදක නතර වෙලා

එක රුව දෙහදක නතර වෙලා

මේ මගේ කෙල්ල මචං මගේ ජීවීතේම වුණ කෙල්ල ඒකියි දරුවයි මගේ යාළුවා වුණත් මගේ ජීවිතේ රැඳිලා තියෙන්නෙත් එතන කිව්වොත් හරි මචං ඕ. කේ.. බය වෙන්න එපා මට මගේ කෙල්ල ඕන මචං මම දන්නවා ඒකි අවදානම් තත්වයක ඉන්නේ කියලා දිලේෂට ඉකි ගැසිණි. අපි අන්තිම මොහොත වෙනකල් උත්සාහ කරමු දිලේ.. බැරි වෙන එකක් නැහැ අධිෂ්ඨාන කර ගනින් මේ අත් වලින් ජීවිත කීයක් අපි බේරගෙන තියනවද ඒ පින් අපිට තියනවා උඹ සීසර් එක කරපන් මචං මම ළඟ ඉන්නම් මට ඒකිගේ ඇඟට බ්ලේඩ් එකක් තියන්න බැහැ ඇයි රිදෙයි කියලද දැනෙන්නේ නැහැ කියලා අමතක වුණාද අමතක නැහැ ඒත් මට ඒක කරන්න බැහැ මම ඒකිට රිද්දලා තියන තරම වැඩිත් එක්ක හරි.. හරි.. ඕන මඟුලක් එහෙනම් උඹ ඔතෙන්නට වෙලා ඕකිඩ්
In stock
සඳ අයිති අහසටයි

සඳ අයිති අහසටයි

"ආසයි රත්තරනේ.... මට ගොඩාක් බලාපොරොත්තු තියෙනවා, අපේ වෙඩින් එක පුංචියට ලස්සනට ගන්න ඕනී....එතකොට....ලස්සනම ලස්සන පුංචි කොලු පැට්ටෙක් මුලින්ම..." "ස්.........." සනුක හුස්ම ටිකක් වැඩියෙන් උඩට අදිද්දී චතු තව තවත් රස කර කර කියන්න ගෙතුවා. "ම්ම්........ඊට අවුරුදු දෙකකට විතර පස්සෙ හුරතල් පුංචිම පුංචි හා පැටික්කියෙක් වගේ දූ පැටික්කියෙක්....... චතුගෙ හීන මහමෙරක් තරම්....සනුකට පව් කියලත් හිතුනා, කදුලු වැල් රැවුල් ගස් අතරින් මූණ පුරා දුවද්දී සනුකගෙ මූණෙ මස්පිඩු රිදෙන්න ගත්තා. "අනේ.........ලොක්කියේ......." එකපාරටම icu එක පැත්තෙන් ඇහුණ සද්දෙට සනුකගෙ කල්පනා ලෝකෙ බිදිල ගියා, ගැස්සිලා ගිය සනුක එකපාරටම නැගිට්ටෙ
Out of stock
ඔබෙ රුදු නෙත්සර

ඔබෙ රුදු නෙත්සර

"සහස්ම. ඔයා මට ආදරේද? දිහංසාත් අත අරින පාටක් නෑ. සහස්ම දිහංසාගෙ ඇස් දිහා කෙලින්ම බැලුවා. ''නැහැ. දැන් හරිනෙ. කට වහන් ඉන්නවද දැන්වත් '' දිහංසාට තවම හිතා ගන්න බෑ. '' විහිළු කරන්න එපා සහස්ම. අද අපි දෙන්නගෙ ජීවිතේ ලස්සනමදවස. ඇයි අපි ඇත්ත කතා නොකරන්නේ. මං කොච්චර ආසාවෙන්ද ඉන්නේ ඔයාගේ කටින් ආදරෙයි කියලා අහන්න '' මං කිව්වේ ඇත්ත මං ඔයාට ආදරේ නෑ " සහස්ම විහිළු එපා. මං දන්නවා ඔයා මට ආදරෙයි කියලා" සහස්ම දිහංසාව අත ඇරලා දාලා පිස්සුවෙන් වගේ හිනාවෙන්න පටන් ගත්තා. කොල්ලා හිනාව පාලනය කර ගත්තේ බොහොම අමාරුවෙන්. ඒකෙ හිනා වෙන්න තියෙන්නේ මොන වචනෙට ද කියලා හිතා ගන්න බැරුව දිහංසා බලන් හිටියා. සහස්ම දිහංසාව බිත්තියකට
In stock
දේදුණු සේයා

දේදුණු සේයා

උඹ හිතන්නේ මම මේ දේදුණුව අමතක කරලා ආපු ගමනක් කියලා නම් උඹට හොදටම වැරදිලා පොඩි, අනික මම ආවේ සේයා හිංදාත් නෙමේ අද.. මම කියන දේ අහපන් අයියේ. මම දන්නවා උඹට චුටීව අමතක කරන්න බෑ කියලා. එත් පොඩ්ඩක් හිතපන් දැන් සේයා ඉන්න තත්වේ. පහුගිය ටිකේම අම්මා උඹ ගෙදරින් ගිය එකට සේයාටම ආඩපාලි කිය කිය උන්නා මිස ඔය කෙල්ලට මේසේ වාඩිවෙලා කෑම කටක්වත් කන්න දුන්නේ නෑ. දැන් ආයේ අනික් අතට උඹ ගියොත් එක දෙක වෙනවා අනිවාර්යයෙන්.'" "සොරි පොඩී. මම ඕන දෙයක් අහන්නම්. එත් මට මේ ගෙදර ඉන්න කියලා නම් කියන්න එපා. මේ වෙනකන් උඹ කියපු නිසා මම සේයාට මේ ගෙදර ඉන්න දුන්නා. මගේ හිත හදාගෙන හුස්මක් ගන්න බෑ බං මෙහෙ ඉද්දී, මාව පිච්චෙනවා වගේ." හිරුන
In stock
හුස්මක් දුරින්

හුස්මක් දුරින්

"ඒ වුණාට මං ඇරෙන්න වෙන කෙනෙක් ඔයාගේ හිතේ ඉන්නවට මං කැමති නෑ. මැරුණු කෙනෙක් වත්. ඊට වඩා හොදයි මං මැරෙනවා. '' ඇය ඒ ටික කීවේ කවදාවත්ම නැති තරම් ආදරයකින් ය. ඒ වචන වලින් උතුරා ගියේ ඇගේ අයිතිය ය. නැවත කිසිම දවසක එහෙම දේවල් නොකර ඉන්නට ඔහු හිතා ගත්තේය. '' එහෙම ම එයා එක්ක ඉන්න ඕන නම්, මට මැරෙන්න දෙන්න.." ඇය ඔහුගේ ඇස් දෙක දෙස බලා ඇයැද සිටියාය. " පිස්සුද මැණික.." ඔහු ඇගේ හිස අතගෑවේ ය. ඉඹින්න ඕනා වුණත් ඇයව ඉඹින්න මෙතන බැරි ය. හෙදියක් කෙලවරේ පුටුවක වාඩි වී වරින් වර පැමිණ ඇගේ සේලයින් බෝතල් පිරික්සයි. " එහෙනම් එහෙම කරේ.." "ආයෙ එහෙම වෙන්නේ නෑ.. ආයේ මෙහෙම වෙන්ටත් බෑ හොදේ. '' ඔහු ඇගේ ඇස් දෙක දෙස බලාගෙනම කීවේය.
Out of stock
හීන අහුරු

හීන අහුරු

" තමුසෙ ඔය කොට්ට උරේ ඇඳගෙනද පාර්ටියට යන්නෙ.. ? ඊටත් රතුපාට, මට පේන්නෙ මේක කවීන්ගෙ ඇට්හෝම් නෙමේ මෙයාගෙ හෝම් කමින් එක.. " මම කිව්වම එයාටත් මල පැන්නා.. මේක මාර වැඩක්නෙ.. මට කැමති දෙයක් අඳින්නත් නෑ.. මම කැමති කෙනෙක් එක්ක කතා කරන්නත් නෑ.. චූටිනංගි මෙන්න මෙයා දොස්තර කෙනෙකුට පෙන්නන්න.. මට පේන්නෙ එදා අර රොශේන්ද කාගෙද පස්සෙන් ගිහිං ගුටිකාපු වෙලාවේ අතට විතරක් නෙමේ ඔලුවටත් හොඳ පාරක් වැදිලද කොහෙද .. " මේමේ ඔය දෙන්නගෙ වලි ඔය දෙන්නා බලාගන්න.. මට බෑ ඔය පවුල් ප් රශ්නවලට අත දාන්න.. " නංගි කිව්වෙ උරහිස් අකුලලා.. " පවුල් ප් රශ්න ? මෙයත් එක්ක පවුල් වෙන්න නම් මගෙ ඔලූවටත් පාරක් වැදෙන්න ඕනෙ.. " අනේ ඇත්තද.. කවුද හලෝ
Out of stock
ඔබ තරුවකි මනරම්

ඔබ තරුවකි මනරම්

ඔහු මාදෙස බලා සිටි ඒ බැල්ම.. එය නම් කවර යුවතියකට වුව එකවර විඳවාගත නොහැකි බැල්මකි. ඔහුගේ දෑස් විටෙක අඩවන්ව දිලිසෙයි. දෙතොලේ නොපා සගවාගත් ලා මදහසකි. ...ඔව්.. මම ඒ බැල්මට වශී වෙමි. මට මා පාලනය කරගත නොහැක. කවරදාකවත් සිදු නොවුණ ලෙසින් මම මේ තරුණයාට මෝහණය වන්නට යන්නේය. ...එහෙත්.. වහා පියවි සිහියට පැමිණුණෙමි. මොහු නළුවෙකි. නොහොත් මවා පෑම් සත් ය ලෙසට විදහා දැක්වීමට හැකි අති සාර්ථක රංගන ශිල්පියෙකි. ඔහු මේ හදන්නේ මා ඔහුට වසග කර ගැනුමටති සාර්ථක වීයි. ඔහුගේ අභිප් රාය අ ඇතැයි පවසමි. මන්ද යත් ඔහුගේ සුපෙම්වත් වත දකින කල මට වදන් අමතක වේ. සිහිය උන්දමාද වේ. මා දන්නේ සෙල් පිළිමයක්ව ඔහු දෙස බලා සිටීමට පමණකි.
In stock
විසිරුණු මල් පෙති

විසිරුණු මල් පෙති

ආකාශ එක්ක ජිවිතේ කොහොම ද සුද්දි.. නිදුක් හා මා අතර වූ නිහඬතාවය බිඳිමින් නිදුක් කතා කළේය. ඔහු හා මා උනුන් හා කිසිත් නොදොඩා අප දෙසම බලා හිඳි කාලය අනන්තය. නිදුක් බිඳ දැමුයේ ඒ නිහඬතාවයයි. "නිදුක් මට ඔයාව මඟ හැරිලා ගිය තැන ඉඳලම මේ කතාව දැන ගන්න ඕනි" මා ඇසූ පැනය මඟ හැරියෙමි. "මේ කතාවල අගක් මුලක් ආයෙත් ඇයි සුද්දී ? "ආදරේ කරපු නාමයෙන් දැන ගන්න ඕනී නිදුක්" නිහඬ වූයේය. අර පුංචි දරුවා අත්පුඩි තලමින් මොන මොනවාදෝ කියෙව්වේය. මා ඒ දරුවා දෙසම බලා ඉන්නා අයුරු නිදුක් දැක ඔහු මහා බරට සුසුමක් හෙළුවේය. "අවුරුදු පහක අතීතයක් නිදුක් එපමණක් කියා නිහඬ වූයේය. "ඒ මගේ ජීවිතේම නිදුක් මේ මට හැඬුණි. නිදුක් නිහඬවම මා ඉදිරිපිට