Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ගිනි පුළිඟු - කෙටි කවි - කාව්ය සංග්රහය

ගිනි පුළිඟු - කෙටි කවි - කාව්ය සංග්රහය

පිළිහුඩුවකුගේ පියාසැරිය, උකුස්සකුගේ ඡායාව සහ පොකුණ මත හැලපෙන්දකු ඇතිකළ රැළිති ඇසිල්ලකින් දකින්නට මට හැකිය. භූමි දර්ශනයේ සෑම වෙනස්වීමක්ම, නිහඬතාව තුළ හටගන්නා සෑම කුඩා බිඳියාවක්ම, තුරුපත්වල සෑම චලනයක්ම, වර්ණයන්ගේ සෑම පරිණාමනයක්ම, අවකාශ ධාතුවේ සෑම වර්ණ අන්තරයක්ම, සුළඟේ සෑම දෝංකාරයක්ම, තණබිමේ සෑම සුවඳක්ම සහ ආලෝකයේ සෑම කුඩා වෙනස්වීමක්ම මට හඳුනාගත හැකිය. අවකාශය විශ්වාස කළ නොහැකි තරමටම ඝනීභූත වෙයි. එහි මතුපිට ස්වභාවය ඡායාරූපයෙන් සහ කාව් යකරණයේ කුඩාතම මෙන්ම වඩාත් විශ්වසනීය ස්වරූපයකින් වටහා දීමට මම උත්සහා ගනිමි. එය මුහුදු වෙරළේ වැල්ලෙන් වැලිකැට ඇහිඳීමක් වැනිය. ජීවිතයේ සාරාත්මය මෙය නම්, ඉතින් ඊට කෙළවරක්
In stock
බටහිර පෙරමුණ නිහඬයි

බටහිර පෙරමුණ නිහඬයි

මා තරුණ ය; වයසින් වසර විස්සකි. එසේ වුව ද, හව්හරණක් නැති බව, මරණය, භීතිය හා ශෝක අගාධයක් මතින් රඳවා ඇති තකතීරු හරසුන් බවක් හැරෙන්නට, ජීවිතය ගැන අන් යමක් නොදන්නෙමි. මිනිසුන්, එකිනෙකාට එරෙහිව අවි අමෝරා ගන්නා තැනට කටයුතු කෙරෙනු ද, නිහඬව, කිසිදු දැනුවත් බවකින් තොරව, අමන ලෙසින්, යටහත් පහත් ලෙසින් හා අහිංසක ලෙසින් එකිනෙකා මරාගන්නා බව ද දකින්නෙමි. ලෝකයේ තියුණුම බුද්ධිමතුන්, යුද අවි ද, එමෙන්ම ඒවා වඩාත් සුලලිත හා විරස්ථායි කරලනු සඳහා වදන් ද නිර්මාණය කරනු මට දැකිය හැකි ය. එමෙන්ම, මෙහි අප අතර මෙන්ම, ඉන් ඔබ්බේ, ප් රති-පාර්ශ්වයේ ඉන්නා මගේ වයසේ සියලුම මිනිස්සු මේ දේ මෙලෙසින්ම දකිති. මගේ පරම්පරාවේ සියල්ලෝ මේ ස
In stock
මේ අපූරු ලෝකය තුළ විනාඩි 10යි තත්පර 38ක්

මේ අපූරු ලෝකය තුළ විනාඩි 10යි තත්පර 38ක්

"මරණ මොහොතෙන් පසු මිනිස් සිත තවත් වටිනා විනාඩි කිහිපයක් දිගට ම ක් රියාත්මක වූයේ නම් එහි තත්ත්වය කුමක් ද? හරියටම විනාඩි 10යි තත්පර 38ක්... ලෙයිලාගේ මරණයෙන් පසු ගත වූ සෑම විනාඩියක ම ඇයට ඇගේ ජීවිතයේ වූ සංවේදී මතකයන් ඇගේ මනසට නංවාලී ය. ඇගේ පියා තමා දිගු කාලයක් බලාපොරොත්තුව සිටි ඔහුට පුතෙකු ලැබීමේ භාග් යය වෙනුවෙන් දෙවියන්ට කැප කළ එළුවා, කුළුබඩු දමා රසකර සැකසූ එළුමස් ඉස්ටු, තම ස්වාමිපුරුෂයන් පල්ලියේ යාඥාවට සහභාගි වෙමින් සිටිය දී ගැහැනුන් තම දෙපාවල උලාගැනීම පිණිස සකස්කළ උතුරමින් බුබුළු දමමින් තිබූ සීනි සහ දෙහි යුෂ මිශ් ර ලාටු කල්දේරම්, ලෙයිලා තමා සේවයේ යෙදී සිටි ගණිකා නිවාසය තුළ ඇය හැඩකාර තරුණ ශිෂ් ය
In stock
ගින්නෙන් උපන්නෙමි - පේලේ

ගින්නෙන් උපන්නෙමි - පේලේ

පාපන්දු යනු කුමක් දැයි නොදන්නා මිනිස්සු පවා පේලේ හඳුනති. බ් රසීලියානුවන්ගෙන් එක් පරම්පරාවක උන් විශිෂ්ටතමයන් පිරිසක් ලොව පුරාම එකසේ, එදා මෙදා තුර පාපන්දු ක් රීඩාවේ නියැලුණු අතිදක්ෂම පාපන්දු ක් රීඩකයන් පිරිස ලෙස පිළිගනු ලැබේ. ඔහු තෙවරක්ම පාපන්දු ලෝක කුසලානය බ් රසීලයට ගෙනෙන්නට දායක අතර ඉහළම ගෝල සංඛ් යාවක් ලබාගැනීමේ වාර්තාව ද උසුලයි. එහෙත් මේ මිනිසා - අනෙකුත් බොහෝදෙනා මෙන් හුදු ක් රීඩකයකු - පාපන්දු ක් රීඩකයකු පමණක්ම වූ - ගෝලීය සුපිරිතරුවක් බවට පත්වූයේ කෙසේ ද? ඔහුගේ කීර්තිමත් ක් රීඩා දිවිය හා දේශපාලකයකු, අන්තර්ජාතික ක් රීඩා සන්නාම තානාපතිවරයකු හා ක් රීඩා සංස්කෘතියේ පරමාදර්ශයක් ලෙසින් ගතකළ ඉන් පසු ජ
In stock
මුහුලු මුක්තක (සියයක් සීගිරි පිළිවදන් ගී-කාව්ය)

මුහුලු මුක්තක (සියයක් සීගිරි පිළිවදන් ගී-කාව්ය)

ස්වස්ති හමුළ් මරු ජහස්සුයුහස්සන් දල්ලා, තුරු ගල් කො හළ් හු මලගල්හි හැල්ලා, ගණනින් මුත් කලබ් කළ තම්බළපල් (ලා) පරැය දිගැස් ත දුන් හසුන් කුම් වාල් ලා. අර්ථය යහපතක් වේවා! සුළඟ හැමී ය. දලු ආ දහස් සුවහස් (ගණන්) ගස් (බිම) පතිත විය. කොහා නාද කළේ ය. මලය පර්වතයෙන් (දිය) ඇලි නිකුත් විය. ගණන් නොමැති කඳෝකිමියන් විසින් රාත් රිය තඹවන් ළා දලු පැහැය (සහිත) කැරිණි. දිගැසිය! තා දුන් හස්න කවර ආධාරයක් සඳහා වේද! මිහිරස සුළඟ හැමී ය. දහස් සුවහස් ගස් පතිත විය. කොහා නාද කරමින් සිටියි. මලය පර්වතයෙන් දිය ඇලි ගලා හැලෙයි. ගණන් කළ නොහැකි තරමේ තඹ පැහැති ළපලු පීදේ. දිගැසිය, මෙවන් පරිසරයක නුඹේ හසුනින් පමණක් කවර පළයක් ද? සීගිරි
In stock
පීත හිරු අඩක්

පීත හිරු අඩක්

1960 ගණන්වල නයිජීරියාවේ ජීවත් වන තිදෙනකුගේ ජීවන මං පෙත් එකිනෙක කැපෙමින් ගමන් කරයි. උග්වු ඉන් කෙනෙකි; ඔහු විශ්වවිද් යාල කථිකාචාර්යවරකුගේ නිවසේ ගෘහ සේවක කොලුවා ය. ඔලාන්නා, දෙමාපියන් දුන් සැප සම්පතින් සපිරි ජීවිතය හැරදමා සිය ආකර්ෂණීය පෙම්වතා වන විශ්වවිද් යාල කථිකාචාර්යවරයා සමඟ ජීවත් වන්නී ය. කුලෑටි ඉංග් රීසි ජාතිකයකු වන රිචඩ්, අවබෝධයට දුෂ්කර වූ ඔලාන්නාගේ නිවුන් සොහොයුරියට වහවැටී සිටියි. 1967 දී ඇරඹෙන නයිජීරියානු සිවිල් යුද්ධයේ බියකරු අඳුරු යුගය මොවුන්ගේ ජීවිත නිර්දය පරීක්ෂාවකට ලක් කරයි, ඔවුන් එකිනෙකා කෙරෙහි තබා ඇති විශ්වාසය බරපතළ ලෙස ප් රශ්න කරනු ලබයි. යුද්ධය, ඔවුන් එකිනෙකාගෙන් ඉවතට වීසි කර දමා,
In stock
දේව මායාව

දේව මායාව

New york times bestseller richard dawkins දේව මායාව නම් වූ මෙම ග් රන්ථය මහාචාර්ය රිචඩ් ඩෝකින්ස් මහතා විසින් 2006 වර්ෂයේ දී රචනා කරන ලද the god delusion නම් වූ ලෝක ප් රකට ග් රන්ථයේ සිංහල පරිවර්තනයයි. එහි දී ඔහු තරයේ පවසනා සිටින්නේ සහතික ලෙසම වාගේ අධිස්වාභාවික මැවුම්කාර දෙවියකු නොමැති බවයි. පුද්ගල දෙවියකු පිළිබඳව ඇති විශ්වාසය සැබෑ ලෙසම මුළාවක් බව මෙහි දී ඔහු කරුණු සහිතව පෙන්වා දෙයි. මුළාව යන්න ඔහු නිර්වචනය කරන්නේ, යම් මතයකට එරෙහිව ඕනෑතරම් ප් රබල සාක්ෂි තිබියදීත්, දිගින් දිගටම ඒ පිළිබඳව විශ්වාසයන් දරා සිටීමයි. එක් පුද්ගලයකු එවැනි මායාවක හෝ මුළාවක සිටින විට අපි ඔහුට පිස්සු සෑදී ඇතැයි කියමු. එහෙත්
In stock
පොත් හෙර

පොත් හෙර

මට පොත් හෙර සමඟ අලංකාරය හා මිලේච්ඡත්වය ගැන බොහෝ දේ කීමට අවශ් ය වූ නමුත්, ඇය කිසිවක් නොදන්නා දේ ගැන මට කිව හැක්කේ කුමක් ද? මට විස්තර කිරීමට අවශ් ය වූයේ මම නොනවත්වා මානව වර්ගයා අධිතක්සේරු කරමින් හා අවතක්සේරු කරමින් සිටිනා බව ය. මා ඒ පිළිබඳව සරල තක්සේරුවක යෙදෙනුයේ ඉතා කලාතුරකිනි. එකම දෙයක් කැත වන්නාක් මෙන්ම, එතරම් ප් රභාවත් වන්නේ කෙසේ ද යන්නත් එහි වචන මෙතරම් විශිෂ්ට වන්නේත්, තුට්ටු දෙකක්වත් නොවටිනා දෙයක් බවට පත්වන්නේත් කෙසේ ද? යන්නත් ගැන ඇයගෙන් ඇසීමට අවශ් ය විය. එහෙත් මේ කිසිවක් මගේ මුවින් පිටවූයේ නැත. මට කළ හැකි එකම දෙය වූයේ ලීස්ල් මෙමින්ජර් දෙසට හැරී, මා සත් යවශයෙන්ම දන්නා සත් ය ඇය හා පැවසීම පම
In stock
අතුරු වීදිය

අතුරු වීදිය

ළමයෝ මේ, අපි මෙහෙම හිතමුකෝ. විෂ මලක් අනික් හැම මලකම ලස්සන නැති කළා. ඒත් ඒක පිපුණෙත් මගේ ගෙවත්තේ නේද? ඒකේ මුල් කිඳාබැස්සේ මගේ ගෙවත්තේ නේද? ඒක මියගියෙත් මගේ ගෙවත්තෙ දි නේද? ඒකෙ විෂ තාම මගේ ගෙවත්තේ ඇති. ඒ විෂ මැකෙන් නැතුව ඇති. මට බැහැ මගේ ගෙවත්තේ තියෙන පස් ඔක්කෝම වීසි කරලා දාන්න. එතකොට එතන ගෙවත්තක් නැහැ. අපිට අතීතයේ විෂත් එක්ක ජීවත් වෙන්න වෙනවා සමනලී. විකල්පයක් නැහැ. ජීවිතය යනු ලිලිපුට්ටන් අතර නිදා සිටි ගලිවර් ද? ලිලිපුට්ටන් ගලිවර්ව වෙළුවේ ආදර රැහැනෙන් ද? ලිලිපුට්ටන් යනු කවුරුන් ද? ජීවිතය යනු ගලිවර් ගැටගසා දැමූ ලිලිපුට්ටන් ද? මුළු ගතම වෙළා තිබුණේ ආදර රැහැනින් ද? එතකොට ගලිවර් යනු කවුරුන් ද? ඒ කතා
In stock
නාසින්ගේ නැගීම සහ බිඳවැටීම

නාසින්ගේ නැගීම සහ බිඳවැටීම

ඔස්ට් රියාවේ ධනවත් යුදෙව් පවුලක මෙහෙකාරියක ලෙස සේවය කළ මාරියා නමැති තරුණියක එකී යුදෙව් පවුලේ තරුණයකු අතින් දූෂණයට ලක්ව 1837 දී පුතකු වැදුවා ය. ඔහු නමින් ඇලොයිස් නම් වූ අතර හෙතෙම ඇඩොල්ෆ් හිට්ලර්ගේ සීයා වූයේ ය. ඇඩොල්ෆ් හිට්ලර් කුඩා කාලයේ ඉගෙනුම ලැබුවේ යුදෙව් සිසුන් සමඟිනි. එකල යුදෙව්වෝ යුරෝපය තුළ සමෘද්ධිමත් ජීවිත ගත කළෝ ය. යුදෙව් සිසුන් හා සන්සන්දනය කිරීමේ දී හිට්ලර් ඉගෙනීමට ද පසුබට වූයේ ය. බුද්ධිමත් වූ ද, විශිෂ්ට වූ ද යුදෙව් සිසුන් සමඟ මානසික වශයෙන් හිට්ලර් විෂයෙහි ගැටුමක් නිර්මාණය වෙමින් පැවතියේ ය. මෙකී හේතු කාරණා පසුකලෙක හිට්ලර් තුළ යුදෙව් විරෝධී පෞරුෂයක් ගොඩනැංවීමට හේතු වූයේ ය. එහි අවසන් ප්
In stock
නැළවිලි ගීයක්

නැළවිලි ගීයක්

කීර්තිමත් ප් රංශ-මොරොක්කානු නීතිඥවරියක වූ මිරියාම් නැවත සේවයට අවතීර්ණ වීමට තීරණය කිරීමත් සමඟ ඇයටත් ඇගේ සැමියාටත් තම දරු දෙදෙනාගේ රැකවරණයට මවක් බඳුම වූ ආයම්මා කෙනෙකුගේ සේවය ලබා ගැනීම අනිවාර්ය අවශ් යතාවයක් විය. තම දරු දෙදෙනාට ගී ගයන පැරීසියේ තම තට්ටු නිවාස නිවහන මනාව පවත්වා ගත්, නිහඬ, ආචාරශීලී, ලුයිස් හමුවෙනු ඇතැයි ඔවුහු සිහිනෙනුදු නොසිතූහ. මිරියාම් යුවළත් ආයම්මාත් එකිනෙකාට නැතිවම බැරි අයුරින් බැඳී සිටිය ද ඊර්ෂ් යාව, සැකය කලකිරීම වර්ධනය වෙත්ම මිරියාම් සහ පෝල්ගේ සිහිනයට කුමක් සිදුවෙයි ද? බලය, පංතිය, ජාතිය, මාතෘත්වය සහ ගෘහීයත්වය පිළිබඳ නිර්භීත ගවේෂණයක යෙදෙන ප් රතිභාපූර්ණ, සම්මානනීය ලේඛිකාවකගේ කියව
In stock
කියවම් කෙසේ ඇය මෙසේ

කියවම් කෙසේ ඇය මෙසේ

සැප්තැම්බර් 22 වන දින නිකුත් වීමට නියමිතයි. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක. ගොඩනැගෙමින් තිබූ පශ්චාත් යුද සමයේ එක් දිනක පාසල ඇරී නිවෙස බලා යමින් සිටින පහළොස් හැවිරිදි මයිකල් හදිසියේ අසනීප වෙයි. ඔහුගේ උදවුවට ඉදිරිපත් වන්නේ ඔහුගේ වයසට වඩා දෙගුණයක් වයසැති හැනා ෂ්මිට්ස් නමැති කාන්තාවයි. එම සිදුවීමත් සමග ඇතිවන ඇඳුනුම්කම සරාගී පෙමකට මුල්වෙයි. දැඩි උණුසුමකින් හා උත්තේජනයකින් යුතුව ගොඩනැගෙන මේ සම්බන්ධය හදිසියේ දෙකඩ වෙයි. හැනා නොකියාම අතුරුදන් වූ පසු මයිකල් ඉමහත් කම්පනයට පත්වෙයි. කෙසේ වුව ද කාලයාගේ ඇවෑමෙන් නීතිය හදාරමින් සිටිය දී මිලේච්ඡ ලෙස යුදෙව්වන් ඝාතනය කිරීමේ නාසි යුද අපරාධයක