Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
මරණයේ දූතයා

මරණයේ දූතයා

ඇමරිකා එක්සත් ජනපදයේ කුඩා නගරයක, සැහැල්ලු දිවියක් ගෙවූ මේරි ඈෂ්ලි වෘත්තීමය වශයෙන් මහාචාර්යවරියක වූවාය. කිසිසේත්ම දේශපාලන ක් රියාකාරිනියක නොවූ ඇගේ දිවියට එක්තරා දේශපාලනික තත්ත්වයක් මත කණ කොකා හඬලන්නට මහ කාලයක් ගත නොවීය. එක්සත් ජනපදයට තේරී පත් වූ නව ජනපතිවරයාගේ අභිමතය පරිදි ඇය රුමේනියානු තානාපතිවරිය ලෙස පත් වූ අතර, එතැන් පටන් ඇගේ ජීවිතය මුළුමනින්ම උඩුයටිකුරු විය. තානාපති දූරය දිවියේ එක් වරක් පමණක් හිමිවන විරල අවස්ථාවක් වුවද, තමා සිරවූ උගුලේ අගක් මුලක් සොයා ගන්නා විටත් ඇය බොහෝ සෙයින් ප් රමාදය. අනුකම්පා විරහිත දේශපාලනික ක් රීඩාවේ ඉත්තෙකු ලෙසින් තමා භාවිත වූ බව ඇයට නොබෝ කලකින්ම වැටහී ගියේය. සෑම අතට
In stock
ක්ලිෆර්ඩ් බංගලාව

ක්ලිෆර්ඩ් බංගලාව

මීට වසර කිහිපයකට පෙර දිශාන් එම ඈතින් පෙනෙන බංගලාව දෙස බැලීමට පවා බිය වූයේය. ඒ එම බංගලාවේ විසූ වයසක මිනිසෙකු හිටි හැටියේ අබිරහස් ලෙස අතුරුදන් වූ නිසාවෙනි. එම කාල වකවානුවේ දිශාන් හසිත්ගේ කාමරයට පැමිණියේවත් නැත. ඒ ඔහුගේ කාමරයට එම බංගලාව හොඳින් දිස් වූ හෙයිනි. ඔහු සිතුවේ එහි වාසය කළ වයසක පුද්ගලයා මියගොස් ඒ මිනිසාගේ අවතාරය බංගලාවේ සැරිසරන නිසා හසිත්ගේ කාමරයට පැමිණිය හොත් එම අවතාරය තමන්ට පෙනේ යැයි සිතූ නිසාවෙනි. කෙසේ වෙතත් කාලයක් ඇවෑමෙන් බංගලාව දුටු විට දැනෙන බිය ඔහුගේ සිතින් පහව ගොස් තිබුණි. එය හුදු මිනිස් වාසයක් නොමැතිව පාළුවට ගිය ගොඩනැගිල්ලක් බව ඔහුගේ සිත තේරුම් ගෙන තිබුණි. නමුත් එහි විසූ පුද්ගලය
Out of stock
අහල පහල ඇත්තෝ
Out of stock
සාරි සාප්පුවේ වැන්දඹුව

සාරි සාප්පුවේ වැන්දඹුව

වසර දහයකට පසු දෙවැනි වරටත් ජීවිතය දෙදරා යෑමට එන්නාක් මෙන් ඇයට දැනේ. මේ පවසන දෙය හොඳින් වටහා ගැනීමට අංජලී කපාඩියා මිනිත්තුවක් පමණ නිහඬවම සිටියාය. මෙය වැරදීමක් වීමටද පුළුවන. නමුත්, එසේ විය නොහැකිය. ඒ කී දෙය ඇයට පැහැදිලිව ඇසිණි. කොතරම් උත්සාහ දැරුවද එය ඇසූ සැණින් සිතට දැනුණු කම්පනය සිතෙන් බැහැර වීම ප් රතික්ෂේප කරයි. ඇගේ සතුටුදායක ජීවන රටාව සහ වෘත්තීය පිළිබඳ වූ ප් රතිරූපය බිඳ දැමීමට ඒ තොරතුරු ටිකම ඇතිය. සිත අධිවේගයෙන් දිව යද්දී ඇය සිය කදිම හා මන බඳනා සාප්පුව පුරා එහෙ මෙහේ ඇවිදින්නට වූවාය. ඇගේ සාප්පුව ඇයට දරුවකු හා සමානය. සිය කලාත්මක හා සියලු කුසලතා එක්තැන් කර සිනමා තරු, නිරූපිකාවන් සහ රූප රාජිනියන
Out of stock
පොත් කොල්ලා

පොත් කොල්ලා

ඇලිස් මල් පොකුර ගැට ගසා තිබූ පටිය ලිහා දැමුවාය. වතුර ටිකක් දමා මල් පොකුර කෙණ්ඩිය තුළ පිළිවෙළකට සකස් කළ ඇය ඊට ඇස්ප් රින් පෙත්තක් දැමුවේ එය ප් රාණවත් වී ලස්සනට පිපෙන්නටය. ඇය ඉන්පසු අතට ගත්තේ එඩ්ගේ පත්තරයයි. එය ඊයේ පත්තරයයි. එහෙත් ඇයට එය වෙනදා මෙන් පැත්තකට විසි කර දමන්නට වුවමනාවක් නොවිණි. යළිත් කිසිම දිනෙක පොතක් පත්තරයක් පැත්තකට විසි කර දමන්නට වුවමනා නොවනු ඇතැයි ඇය කල්පනා කළාය. ඇය පත්තරය දිග ඇරියාය. එය ඇය ගෙදරදී කරන පළමු පාඩම මෙන් විය. ඇය පත්තරයෙන් යමක් දුටුවාය. එය ඇය කළු සුදු පැහැයෙන් දුටු අතර මුල්ම වතාවට එඩ්ගේ පත්තරයේ අකුරු වදන් වී, වදන් වාක් ය වී එහි වූ තේරුම දැන ගත හැකි විය.
Out of stock
ගුජරාටයේ සිංහයා නරේන්ද්ර මෝදි

ගුජරාටයේ සිංහයා නරේන්ද්ර මෝදි

"අජේ ආසියානු රටවල් අතර රාජ් ය තාන්ත් රික සබඳතා වර්ධනය කර ගැනීමේ දී අප බෞද්ධ සිද්ධාන්ත උපයෝගී කරගත යුතුයි" නරේන්ද් ර මෝදි නරේන්ද් ර කුඩා අවධියේ දිය නෑමට ගියේ වාජ්නගර් ගමේ ශාමිස්ථා විලටය. ඇතැම් දිනවල ඔහු නා හමාර වී විල් ඉවුරේ පන් පඳුරු අස්සේ පීනන මාළුන් අල්ලා ගෙදර ගෙනැවිත් ටැංකියට දමා ගන්නේය. මාළුන් ඇල්ලීමට ඔහුගේ බාල මලයා ප් රාහ්ලාද් ද එක් වෙයි. එදා ද නරේන්ද් ර අල්ලා ගත් මාළු සරම් ගොට්ටේ දමාගෙන ගෙදර ගෙන ආවේය. එතැන මඩකරි ද වූහ. කොලුවන් දෙදෙනා ටැංකියට එබීගෙන යමක් කරනවා දුටු මව එතැනට ආවාය. ඇය ද ටැංකියට එබී බැලුවාය. මේ මොකෙද්ද? ටැංකියේ අඩියේ වෙන්ව නිසොල්මනේ හුන් සතා දුටු මව කෑ ගෑවාය. මොකෙද්ද මේ අල්ල
In stock
අවසානයේදී ජර්මන් ව්යාඝ්රයා නිහඬ විය
Out of stock
මහ ගෙදර ඈයෝ

මහ ගෙදර ඈයෝ

උදෑසනට මහ ගෙදර කුස්සිය තරමක් කලබලකාරී ය. යමුනා එක් ළිපක කෑම පිසින්නී ය. පත්මිණි තව ළිපක ය. ප් රියන්ති තව ළිපක ය. උදෑසනට අක්කා නගාලා කාමරවලින් එළියට එන්නේ තුනපහ බෝතලුත් අතින් කටින් එල්ලා ගෙන ය. සුධර්මා කෑම පිසින්නේ රාත් රියට පමණකි. උදේ දවල් ආහාර ඈත් නිමල්සිරිත් කඩෙන් ලබා ගත් හ. ඔවුන් කළේ පොත් සාප්පුවක් ය. පාසල් වෙලාව ඇරඹෙන්නට කලියෙන් පොත් සාප්පුව විවෘත කළ යුතු ය. එනිසා ඔවුන් හයයි කියද්දී නිවසින් බැහැර වෙයි. බොහෝ විට ඔවුන්ගේ දියණිය සුබෝධා දහවල් වන තුරු නිදා ගත්තා ය. ඒ ඇහැරෙන ඕ පොත් සාප්පුවට ගොස් අම්මාගෙන් කීයක් හෝ ඉල්ලා ගෙන රස්තියාදුවේ ය. කුසුමා වැඩ කළේ ඇඟලුම් කර්මාන්තශාලාවක ය. කර්මාන්තශාලාවෙන්
Out of stock
සංසාරික පොරොන්දුව

සංසාරික පොරොන්දුව

ආත්මයක් පාසා එන ඔහුගේ සුවද, ඔහුගේ පහස... කඳුළු වැඩිවුණා ද්වාරිගේ ඇස්වල. හිස නොඔසවාම හිස මත වූ ඔහුගේ දෑත ගෙන දෙතොලට තදකර ඈ, දැඩි සීතලක් දැනුණත් උමතුවෙන් සිපගත්තා ඔහුගේ දෑත. "මං දිහා බලන්න රත්තරන්... ඔහුගේ වචනත් සමග මිශ් රව ඇසුණේ ඉකිබිඳුමක්. සීතල දෑත පපුවට තද කරගෙන ඈ හිස එසවූවා, දෙනෙත් පියාගෙනම. "සුදු නෝනා... මගේ රත්තරන්... වචන නෑ පිටවෙන්නේ ද්වාරිගේ මුවින්. කඳුළු ගලන නෙත්වලින් ඈ බලා උන්නා සඳීවි දෙස. මං ආවා මගෙ දෝණි. අඬන්න එපා මගෙ රත්තරන්... අනිත් අතත් කවුළුව තුළින් යැවූ සදීව් ඇගේ හිස අතගෑවේ උතුරා යන ආදරයක් නෙත් තුළ රඳවාගනිමින්. ''ම... මං... මං... ද්වාරීට බෑ කතා කරගන්න. ''මට සමාවෙන්න රත්තරන් මෙච්
In stock
මිනිසුන් අතර

මිනිසුන් අතර

මා දැන් මිනිසුන් අතර හෙවත් සමාජයට පිවිස ජීවනෝපායෙහි යෙදෙන්නට වුයේ, නගරයේ ප් රධාන වීදියෙහි පිහිටා ඇති "සපත්තු මාළිගයෙහි" ආවතේවකම් කරන කොල්ලෙකු ලෙසිනි. මගේ හාම්පුතා මිටි වටකුරු මිනිසෙකි ඔහුගේ මුහුණ දම් පැහැතිය මුඩුය දත් කොළ පැහැතිය නෙත්වල බොර පැහැති ජලය පිරී ඇතිවාක් මෙනි. ඔහු අන්ධයෙකැයි මට සිතේ. මගේ එම සැකය තහවුරු කරනු වස් මම මුහුණ විකෘති කිරීමට පටන් ගතිමි. විරිත්තන්නේ නැතිව ඉඳපන් ඔහු පහත් හඬින් නමුදු දැඩි ලෙස පැවසීය ඔහුගේ බොර පැහැති නෙත්වලින් මා දකින විටමට අපහසුවක් දැනේ. ඔහුගේ දෙනෙත් අඳ නොවන බව විශ්වාස කිරීමට මම මැළිවෙමි. මා විරිත්තන බව හාම්පුතා අනුමානකරනවා නේද?
Out of stock
ඔඩිසි (අවරදිග ලෝකයේ පළමු ප්රබන්ධය)

ඔඩිසි (අවරදිග ලෝකයේ පළමු ප්රබන්ධය)

හෝමර්ගේ ඔඩිසි ගැන පාසල් යන යොවුන් වියේ දරු දැරියන් කීවේ කුමක්දැයි ඔබ දන්නවාද? එය ලොව පළමු ප් රබන්ධයයි. සෑම ප් රබන්ධයකටම වඩා ශ් රේෂ්ඨ වූ එකකි. එය මුලින්ම අවරදිග සිතක ඇති වූ සාහිත් යමය සිතුවිල්ලයි. මෙතෙක් ලියා ඇති හොඳම ප් රබන්ධයයි. මෙහි ඉංග් රීසි පරිවර්තනය ගැන ඩඩ්ලි ෆිට්ස් විසින් මෙසේ පවසනු ලැබ ඇත. එනම් ඩබ්ලිව්. එච්. ඩී. රවුස් මහතා විසින් ඉංග් රීසියට පරිවර්තනය කර ඇති මා කියවා ඇති හෝමර්ගේ හොඳම පරිවර්තන කෘතියයි. ඔහු නවයුගය කරා මෙය ගෙනාවේ 1937 වසරේ මෙය පරිවර්තනය කරමිනි. මෙම මුද් රණය තවදුරටත් දකින්නට නොලැබෙනු ඇත. මේ කතාව වෙනස් කරමින් ඇමරිකානු පුස්තකාලය මෙය නැවත මුද් රණය කළේය. ඒ ඇමරිකානු ජනතාවට ය. ඩබ
In stock
හෙවනැල්ල - සිරි ගුණසිංහ

හෙවනැල්ල - සිරි ගුණසිංහ

ජිනදාස කාමරයේ දොර හැරීයේය. අරිනවාත් සමගම දැවැන්ත අවතාරයක් මෙන් කවුද දොර ඉදිරියෙහි සිටින බව ඔහුගේ නිලංකාර වූ ඇස් දෙකට පෙනින. ජිනදාසගේ ඇඟ මුලුමනින්ම දාඩියෙන් තෙමී ගියේය. හිටි තැනින් හෙලවෙන්නට තරම් ශක්තියක් නැත. හිස හරවා බැලීමට තරම් ශක්තියක් නැත. අම්මා. වැරහැලි ඇඳගෙන පරුවතයක් වගේ මේ ඉන්නෙ අම්මා. තවත් ඒ කාමරයේ රැඳී සිටිය නොහැක. පිම්මෙන් දෙකෙන් ජිනදාස එලියට පැන්නේය. කාමරයේ සිටින ගැහැනිය මොකද මහත්තයා මොකද කියන හඬ ඇසුනි යයි ජිනදාසට හිතින. ඒකි කන වෙලාද, ජේන්නෙ නැද්ද. අම්ම. ඉදිරිපස නගරයේ වහලවල් උඩින් බටහිර අහසපුරා පැතිර ගිය රත්පැහැය ජිනදාසගේ හිතට බිය ගෙන දෙන්ට විය. කකුල් පැටලෙන්නාක් මෙන් ඔහුට දැනින. මහ