Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
නාලක මහ රහතන් වහන්සේ

නාලක මහ රහතන් වහන්සේ

නාලක මහ රහතන් වහන්සේ ගයාන් චානුක විදානපතිරණ "නාලක මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුදුසසුනේ මෝනෙය් ය ප් රතිපදාව පිරූ භික් ෂූන් අතුරින් අග් රස්ථානයේ වැඩ සිටින බුදුරදුන් ගේ අසූ මහා ශ් රාවකයන් වහන්සේලා අතරට ද අයත් මහ රහතන් වහන්සේ නමකි. මෙහි "මෝනෙය් ය වත යනු කුමක්ද? අතිපූජ් ය රේරුකානේ චන්දවිමල නාහිමියෝ ඒ ගැන "සූවිසි මහා ගුණය නම් වූ ග් රන්ථයේ දී මෙසේ සඳහන් කරති. මෝනෙය් ය වත රහත් වීමෙන් කෙළවර වන ප් රතිපත්ති ක් රමයෙකි. එය පුරන්නා විසින් පෘථග්ජන කාලයේ දී ම කිසිම ක්ලේශයකට තමා කෙරෙහි උපදින්නට ඉඩ නොදිය යුතු ය. එබැවින් එය පිරීම ඉතා දුෂ්කරය. නාලක තාපස ඒ ප් රතිපත්තිය අකුරට ම පිළිපැද්දේය,..
Out of stock
විල්තෙර අහිමිව

විල්තෙර අහිමිව

සන්ධ් යා කාලය ගෙවී යමින් තිබුණි. අවසන් හිරු කිරණද මිහිමතින් සමුගෙන තිබුණි. අඳුර කෙමෙන් කෙමෙන් පරිසරය වෙලා ගන්නට යත්න දරමින් තිබුණද, සිසිල් සුළං ඒ මත නොවිණි. මීදුමද පලා ගොසිනි. රාත් රිය උණුසුම් විය. වායු ගෝලය තරමක් බර වූ අතර අහස මුළුමනින්ම අඳුරේ ග් රහණයට නතු වෙමින් තිබුණි. වාසනාවකට මෙන් අහසේ සඳ මෝදු වෙමින් තිබුණේ ගස් වැල් මත රිදී පැහැය තවරාලමිණි. සියොත් නාද නැවතුණු කල, කම්හල් වසා දැමූ කල පරිසරය නිහඬ බවේ තෝතැන්නකි. මේ සියල්ලම ඈ වෙත පවසන්නේ පිටත්වීමේ හෝරාව එළඹ ඇති බව නොවෙත්ද? තවත් දිනයකට අරුණළු හරිත පැහැ තුරු අතරින් මිහිකත සිප ගනිමින් සිටියදී පෙරින් නින්දෙන් පිබිදුනාය. ගෙවී යමින් තිබුණේ සරත් සමයේ
Out of stock
සොහොන් පිල්ලුව

සොහොන් පිල්ලුව

හැමිල්ටන්ගේ අසළ වූ රන් බඳුනක් තුළට සිය දෑත් ඔබා විවේකී ඉරියව්වකින් සෝදා පිටතට ගත්තේය. ඉන් අනතුරුව මැණික් එබ්බවූ මිටක් සහිත කිණිස්සක් සුරතට ගත් ඔහු අල්තාරය දෙසට පියමනින්නට විය. එපා! බෙර හඬ අතරින් කිසියම් විලාප හඬක් නැගුණි. හැමිල්ටන් වහා ආපසු හැරුණේය. සිල්වියා තමා බැඳ දමා සිටි ඉරියව්වෙන් මඳක් පසෙකට හැරී අල්තාරයෙන් පසෙක දිවයන උමඟ දෙසට සිය නෙත් යොමුකළාය. එවිට ඇයට දැකගත හැකිවූයේ පීටර් පතල් උමග දිගේ තමා දෙසට දිව එන අන්දමය. නමුත් ඔහුට ඇය අසළට ළඟාවීමට නොහැකි විය. තරුණ යක් ෂයින් කිහිප දෙනෙක් ඔවුන් අසළ සිටි පිල්ලි අතහැර දමා ඉදිරියට දිව එමින් සිටි පීටර් සිය ග් රහණයට ගත්තෝය. පීටර් උමතු වූවකු මෙන් ඔවුන් සම
In stock
භාරතීය ජනකතා සියයක්

භාරතීය ජනකතා සියයක්

'භාරතීය ජනකතා සියයක් නමින් එළි දැක්වෙන මෙම කතා සංග් රහය ශ් රී ලංකාවේ හින්දි බස පිළිබඳ ජ් යෙෂ්ඨතම විද්වතා වශයෙන් සැලකෙන කැලණිය විශ්වවිද් යාලයේ හින්දී අධ් යයනාංශයේ විනේතෘ ජ් යෙෂ්ඨ මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතානගමගේ විසින් පරිවර්තනය කොට ඇත. ඔහුගේ හින්දී විෂය පිළිබඳ ආචාර්ය උපාධිය ඉන්දියාවේ ජවාහර්ලාල් නේරූ විශ්වවිද් යාලයේදී සම්පූර්ණ කිරීමට හැකි වීමෙන් හින්දී භාෂාව හා සාහිත් යය පිළිබඳව වඩාත් ගැඹුරින් අධ් යයනය කිරීමේ අවස්ථාව ඔහුට ලැබී ඇත. එමෙන්ම ශ් රී ලංකාවේ හින්දී බස ප් රචාරය කිරීමෙහි ලා දශක තුනකට අධික කාලයක් තිස්සේ ඔහු විශේෂ දායකත්වයක් ලබා දී ඇත. මෙවැනි ජනකතා සියයක් සිංහල බසට පරිවර්තනය කිරීම ඔහුගේ
In stock
ගඩාෆි ඔබ අමතයි!

ගඩාෆි ඔබ අමතයි!

ගඩාෆි ඔබ අමතයි !' කෘතිය අනුර බී. සෙනෙවිරත්න ලේඛකයා, සිංහලයට සංස්කරණය කරන්නේ ගඩාෆිගේ දේශපාලන දර්ශනය එදාටත් වඩා අදට අත් යවශ් ය අවස්ථාවක ය. අනුර එය සවිංඥානිකව හෝ අවිංඥානිකව කළත්, එය හුදු ගඩාෆිගේ ඉතිහාසය ආවර්ජනයකට වඩා වර්තමානයේ දී මානව වර්ගයා මුහුණ දී ඇති ගැඹුරු අර්බුද අවබෝධ කර ගැනීම සඳහාත්, එම අර්බුදවලින් මිදීමට ප් රගතිශීලී සහ මානවවාදී අදහස් වර්ධනය කර ගැනීම සඳහාත්, දේශීය වශයෙන් පවා අවශ් ය සමාජ සංවර්ධනය පිළිබඳ සංකතිකාවක් ගොඩනගා ගැනීම සඳහා අවශ් ය පසුබිමක් නිර්මාණය කර ගැනීම සඳහාත් යොදාගත හැකි බව අපගේ අදහස යි. මේ නිසා මේ යුගයේ ගඩාෆි කියවා ගැනීම සඳහා අනුර විසින් අප සිංහල පාඨකයා මෙසේ යොමු කරනු ලැබීම වර
In stock
මගේ අපස්රාවී

මගේ අපස්රාවී

පසුගිය දශක පහක් තුළ මා අත පත් වූ දහස් ගණනක් ගීත රචනා අතර සුනිල් ආර් ගමගේ සාහිත් යවේදියාණන්ගේ සුවිශේෂී ගී පද ආකෘතිය අන් කිසිදු රචකයකුගේ නිර්මාණයක් තුළ මා නොදුටු බව පළමු කොට සඳහන් කරමි. විෂම පාද මාත් රා රටාවකින් හා කෙටි පද වලින් යුත් ඔහුගේ රචනා තුළ සැඟව ගත් රිද්ම රටා එක් වරම ග් රහණය කර ගැනීම අපහසු වුවද තරමක ආයාසයකින් යුතුව ඒ මත සැරිසරා අවසන, ඊට ගැලපෙන තනුවක් නිර්මාණය කීරීමේදී ලද අමුතුම ආශ්වාදජනක තෘප්තියක් මගේ සිතට දැණුන අවස්ථා බොහොමයකි. " කවිය ඔබ", රාත් රිය වී, " හුදෙකලා වූ පෙම්වතාණෙනි", '' පිවිතුරුය පළමු පෙම , මගේ අප්සරාවී ", වැනි ගීත එයට හොඳම නිදසුන් ය. ගී පද රචනයේ දී දක්වන අපූර්වත්වයට අමතරව ස
In stock
නුග ගහ පිල්ලෑව

නුග ගහ පිල්ලෑව

නිරෝධා එස්. රත්නායක ගේ මෙම අපූරු නුග ගහ පිල්ලෑව' නවකතාවේ සම්ප් රාප්තිය තුළ, ගැඹුරු සහ චිත්තවේගීය ආඛ් යානයක් අපට හමුවේ. එය ශ් රී ලංකාවේ ගැමි අධ් යාත්මික ජීව රුධිරයට උපහාරයක් වන අතර, එය සාහිත් ය ජයග් රහණයකි. පින්නපොළේගම ගම්මානයේ පිහිටුවා ඇති මෙම නවකතාව, පුරාණ චාරිත් ර වාරිත් ර, වාචික සම්ප් රදායයන්, මිනිසා සහ භූමිය අතර පාරභෞතික බැඳීම්වලින් උකහා ගනිමින් සංස්කෘතික පසෙහි ගැඹුරට එහි මුල් විහිදුවයි. කතාවෙ හදවතෙහි ඇත්තේ ගමේ සුව කරන්නා සහ අධ් යාත්මික භාරකරු වන හේතුහාමිගේ මැකී යන සෙවණැල්ලයි. මහා නුග ගස වැටීම හා හේතුහාමිගේ මරණය, අවසානයක් නොව මිනිසුන්ගේ වටිනාකම්වල සහ ස්ථානීය මතකයේ පරිශුද්ධ පරිවර්තනයක් සනිට
In stock
කාන්තාවන්ට පමණයි

කාන්තාවන්ට පමණයි

පරිපූර්ණ ජීවිතයක් උදෙසා ගැහැනියකට අවශ් යම ද මිනිහෙක් ? අබිලන්ඩේශ්වර්; වයස අවුරුදු හතළිස් පහයි. ආදායම් දෙපාර්තමේන්තුවේ ලිපිකාරීනී. කිසි දිනෙක තමන්ට ම කියා ජීවිතයක් නොතිබුණු, සොයුරියගේ, නැන්දණියගේ සහ පවුලට රැකවරණ සලසන්නියගේ භූමිකාව කරන්නට පැවරුණු ගැහැනියක්. නමුදු එසේ වූයේ, සාම්ප් රදායික දෙමළ බ් රාහ්මණ වංශික ජීවිතයෙන් හා පෙර සඳහන් සියලු භූමිකාවන්ගෙන් මිදී, හුදෙකලාවෙන් සන්නද්ධව, මුහුද අද්දර පිහිටි කන් යාකුමාරි නගරය වෙත යන්නට කෝච්චි ටිකට්ටුවක් මිලදී ගන්නා තෙක් පමණයි. කෝච්චියේ, කාන්තාවන්ට පමණක් වෙන් වූ අඟුළු ලෑ නිදන කුටිය තවත් ගැහැනුන් පස්දෙනෙක් හා බෙදා ගනිද්දී, ඔවුන් හඳුනා ගැනීමට අඛිලට ඉඩ කඩ සැලසෙන
Out of stock
අඹ ගස් වීදිය

අඹ ගස් වීදිය

"මම උඹව කවදාවත් බලෙන් අරන් යන්නේ නැහැ. උඹ කැමති නම් විතරක් වරෙන්. අකමැත්තෙන් මෙලෝ දෙයක් කරන්න බැහැ බං. උඹ තව ටිකක් හිතපන්. මම ආයේ හෙට එන්නම්. ඒ අන්තිම සැරේට. එතකම් පරිස්සෙමින් හිටපන්. - දිලිප් ''උන් බීඩි සුරුට්ටු බොනවා, අරක්කු බොනවා, යන යන තැන ගෑනු. උන් වගේ කුපාඩි එවුන් ඇරෙන්න වෙන එකෙක් කරත්තෙට නග්ග ගන්නේ වත් නැහැ. උඹ එහෙම ඕවා කරන්නේ නැහැ. - රෝජා - "අරක්කු බීවට අරක්කු වික්කට දෙයියෝ කෝප වෙන්නේ නැහැ අයිසේ. එහෙනම් අඹ ගස් වීදියේ වෙන දේවල් වල හැටියට දෙයියන්ට නහුතෙට නගින්න ඕනේ." ~ බණ්ඩාර "මම පුජාව කළේ දෙවියන්ගේ දිහා හැරිලා ලොකු සාදු. ඒ නිසා මම දැක්කේ නැහැ. ඒත් මට හොඳටම විශ්වාසයි දෙවියෝ නම් දකින්න ඇත
Out of stock
පළිඟු පාවාඩ

පළිඟු පාවාඩ

"පත්තරේ කර්තෘ කෙනෙක් වෙන්න නෙමෙයි උඹට තිබුණෙ ගායකයෙක් වෙන්න. කෙවින්ගෙ හින්දි සින්දු අහපු හැමෝම කිව්වා. කෙවින් කියපු 'සුහානී රාත්' සින්දුව මගේ හිත පුරාම රැව් පිළිරැව් දුන්නා. "අර ගැනි මා එක්ක වෛරෙන් ඉන්නෙ. මරණ තර්ජනත් එනවා. ඒත් ආණ්ඩුව, විශේෂයෙන් අගමැතිනිව පත්තරෙන් විවේචනය කරන එක මම නවත්තන්නෙ නැ'' "පරෙස්සමෙන්. මොනවා වුණත් ඊළඟ ගෙට් එකේදි සින්දු කියන්න උඹ එන්න ඕන. "සමහරවිට මම ආව අන්තිම ගෙට් එක මේක වෙන්න පුළුවන්. මං ගායනා කළේ හංස ගීතය වෙන්න පුළුවන්. "අසුභවාදී කතා කියන්න එපා, මිත් රයා. "දවසින් දවස වැටෙන අසුභවාදී රටක ජීවත්වෙන අපි හිත රවට්ට ගන්න සුභවාදී කතා කියන්නෙ කොහොමද?" නාඳුනන තුවක්කුකරුවන් පිරිසක
In stock
ණයානන්දය

ණයානන්දය

ආදරය කියන්නෙත් ණයක්. අපිට ලැබුණම ආපහු දෙන්න ඕනේ. අපි දුන්නම ආපහු ලැබෙන්නේ නෑ. ජීවිතය කියන්නෙත් ඉල්ලන්නෙම නැතුව හම්බ වුණු ණයක්. ඒක ගෙවලම ඉවර කරන්න ඕන. සල්ලිවලින් ගන්න ණය විතරක් නෙමෙයි ණය - මහේල මිනිස්සු කවුරුත් මාව සීරියස් ගත්තේ නෑ. සල්ලිකාර විසේකාර ගෑනියෙක් විදියටයි උන්ට මාව පෙනුණේ. ඔයාගේ ගෙදර ඇතුළේ ආදරේ පිරිලා තියෙනවා දැක්කා. ඒකයි මම එහේ ඇවිත් නතර වුණේ - වින් යා ස්නෝ වයිට්ට ආපහු රජ මාළිගාවට යන්න පුළුවන් වුණේ මැරිලා ඉපදුණාට පස්සේ. මටත් අලුත් ගෙදරකට යන්න වෙන්නේ එහෙමද? - සෙහස් ළමයෙක් නිසා මගේ ජීවිතේ හොඳම කාලය විනාශ කරගන්න මට බැහැ - කල්පනී උඹ හරි ආදරණීය මිනිහෙක්. ඒත් උඹ ගෑනුන්ව තෝර ගන්නේ මෙන්ටලි
In stock
පොඩිත්තී

පොඩිත්තී

"ඔයාගෙ කැමැත්ත තමයි, මගේ කැමැත්තත්. ඔයා කැමති දවසක් වෙනකල් ම, බැන්දට පස්සෙත්, මගේ පෙම්වතිය විදියටම ඉඳීවි එවිටම ඇය මගේ අත තදින් අල්ලා ගත්තාය. ඇයගේ සුවඳට මත් වී සිටි මාගේ උරහිස මත සෙමෙන් ඇයගේ හිස තබාගත් බව මට දැනුණි. ඇයගේ හිසකෙස් සුළඟට පාවී විත් මගේ ඇඟේ දැවටේ. එවිට මගේ ඇඟම කිතිකැවී යයි. ආදරය යනු වචනයෙන් ප් රකාශ කරන දෙයක් නොව, ඇඟට දැනෙන දෙයකි. මගේ පංචේන්ද් රියටම ඇගේ ආදරය දැන් දැනෙයි. ඇයත් මා ඇයට බෙහෙවින් ආදරය කරන බව වටහා ගන්නට ඇත. ඒ තමයි ආදරය. ජිවිතය නම් සොඳුරුම සිහිනයක්, රමණීය චිත් රපටයක්, විචිත් රවත් නාට් යයක්, මධුර ගීතයක්, කඳු, හෙල්, මිටියාවත්, ගිරි ශිඛර, කාන්තාර මෙන්ම, ක්ෂේමභූමි පසුකර ඇඳෙන ගං
In stock
හඳ මායාකාර ගෑනියක්

හඳ මායාකාර ගෑනියක්

සූක්ෂමතාවෙන් යුතු ඉන්ද් රිය පද්ධනියක් සහිත නිසර්ග ප් රතිභාවෙන් පිරිපුන් යමෙකු තථ් ය ලෝකයෙන් ලත් පුද්ගලානුභූතින් පරිකල්පනයෙන් පෝෂිතව මිහිරි වූ රස බසෙකින් පැවසීම කවිය යි. එය විස්මයාවහ නිර්මාණ විශේෂයකි. ජීව අජීව ලෝකය මානව සබඳතා සුබදුක්ඛ පුද්ගල චර්යාවන් සියල්ල දෙස තියුණු ඇසින් බලා එය බසින් සිතුවම් කිරීමේ දුර්ලභ වූ ගුණය කවියා හෝ කිවිඳිය සතු වන්නේ ය. එබඳු සුදුර්ලභ කවිත්වයක් ඇත්තෙකු තමා වෙසෙන මෙම ජීව අජීව ලෝකයේ තතු මසැසින් දැක නැණැසින් පිරික්සා අපූර්ව නිර්මාණ බවට පත් කිරීමේ ප් රතිහා ශක්තියෙන් පිරිපුන් ය. රසිකා මුහන්දිරම්ගේ කවි තුළ එම දුර්ලභ වූ ගුණය මැනැවින් සටහන් වී තිබේ. එහිදී ඇය තම දෙපා රැඳුණු සමාජ