Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
නුරා ගිනිසිළු

නුරා ගිනිසිළු

ඔය ඇස්වලට ආව කඳුළු එහෙම්ම ඇස් ඇතුළෙම නැති කරලා දාන්න ධාරා මොකද මට ජීවිතේ දුන්න උඹ හැමදාම හිනාවෙලා ඉන්න ඕන. පිරිමියෙක් ජීවිතේ දිනනවා කියන දේ ඇතුළේ, පිරිමියෙක් සාර්ථකයි කියනදේ ඇතුළේ ඒ පිරිමියාට ආදරේ කරන ගැහැනියගේ සතුට රැඳිලා තියෙනවා ධාරා. මං හැමවෙලාවෙම නොකීවත් දන්නවද ධාරා මේ ජීවිතේ මගේ හොඳම හමුවීම ඔයා. ඉතින් මගේ උණුහුම ඇතුළේ ඔයා හැමදාම සැනසීමෙන් ජීවත් වෙන්න ඕන. ඒ නිසා කවදාවත් ඔය ඇස් දෙක නම් රතු කරගන්න එපා. - තිවේද් ධාරින්ද් ර මාන්නප්පෙරුම- අහික් මිහිස්සුන්ට දැනෙන දේ නෙමේ වේද්, මං විශ්වාස කරන්නේ මට දැනෙන දේ. ඔයා දැන් හිත නිදහස් කරගෙන එන්න.. හොඳ තීරණයක් ලැබේවී කියලා මං හිතනවා. ඒ වගේම තමා මේ ගැන කත
In stock
අදෘෂ්යමාන

අදෘෂ්යමාන

සියල්ල ඇරඹෙන්නේ ඒ ඉකිබිදුම් හඬත් සමගය. ඉනෝකා තම සැමියාත් සමග කඳුකරයේ නිවාඩුවක් ගත කරන්නට යයි.ඔවුන් නවාතැන් ගන්නේ ලැගුම්හලක් බවට පත් කළ පැරණි වතු බංගලාවකය.එහි නවතින මුල් දවසේම, මහ රෑ මැද, ඇයට ගැහැණියකගේ ඉකිබිඳුම් හඩක් ඇසෙයි.ඒ හඩන ගැහැනිය කවුරුන්දැයි බැලන්නට පිටතට බසියි.මීදුමත්, අඳුරත් මැදින් අතුරුදහන් වන ඇය නැවත හමු වන්නේ දින දෙකකට පසුවය.ඒ මහ වන මැද සිහිසුන්ව හිඳියදීය. ඒ සිහි මුර්ජාවෙන් දෙනෙත් විවිර කරන්නේ ඉනෝකා නොවේ.වෙනත් ගැහැනියකි. "මම ඉනෝකා නෙවෙයි". ඇය කියයි. ඇය උමතු බවට පත් වී ඇතිද? නැතිනම් එය මියගිය ආත්මයක පැමිණිමක්ද? එක් දෙයක් නම් නාශ්චිතව කිව හැකිය.එය සැඟව යන්නට නියමිතව තිබූ දරුණු අපරාධය
Out of stock
ආක්රමණ

ආක්රමණ

නවාතැනෙන් එළියට පිවිසි යුවතිය ඉදිරියට පා තබන්නීය. ඇගේ නිල් පැහැ සාරිය සඳ එළියෙන් ආලෝකවත් වූ ගංගාවක් මෙන් රැළි නගයි. රිදී පැහැ සාරි බෝඩරය හිරුගේ ආලෝකයේ අවසාන රැස් දහරා අල්ලා ගෙන දිස්නෙ දෙයි. ඇගේ පාදවල නූපුර ඔහුට පමණක් ඇසෙන රෝමාන්තික තනුවක් පරිද්දෙන් නාද වෙයි. තබන සෑම පියවරකදීම, ඔහුගේ නෙතු තම සිරුර මත බව ඈ දන්නීය. ඇය ඔහුගේ මෝටර් රථයට ළඟා වී නතර වූයේ දොර පියන විවර කර ගත නොහැකි නිසාවෙන් නොව, ඔහු තමා වෙනුවෙන් එය සිදුකරන බව ඇය දන්නා නිසාවෙනි. ඉදිරියට පැමිණි ඉන්ද් රනාථ ඇය වෙනුවෙන් නිහඬවම දොර පියන විවර කළේය. රථයට නැගෙන ලෙස නිහඬ බැල්මකින් ගෞරවයෙන් ආරාධනා කළේය. නමුත් ඇය රථයට නොනැග ඔහු දෙස බලා බැලුවාය. "
In stock
ලක්දිව එදා සහ අද

ලක්දිව එදා සහ අද

1884 ඔක්තෝබර් 3 වන දින ඉන්දියාවේ උපත ලැබූ කොලීන් මෙට්කාෆ් එන්රිකස් 1903 බ් රිතාන් ය හමුදා නිලධාරියෙකු ලෙස පත් වීමක් ලබා ගත්තේය. අවස්ථාවක් ලැබුණු සෑම අවස්ථාවකදිම සංචාරයේ යෙදුණේය. පරිසරවේදියෙකු ලෙස ගවේෂණයේ යෙදුණු ඔහු තමා රැස් කරගත් තොරතුරු සඳහන් මුල්ම පොත the pathan borderland ලෙස 1921 පළ කරන්නට යෙදුණි. හමුදාව ඔහුගේ මේ ලේඛන කටයුතු වලට අකමැති වුවද, අවසානයේ ඔහුගේ කෘතීන් හමුදාවට ප් රයෝජනවත් තොරතුරු' ලෙස සලකනු ලැබූ බැව්න් ඔහුට අකමැත්තෙන් වුවද දිගටම ලිවීම කරගෙන යාමට අවසර දෙන ලදී. බුරුමයේ හමුදා රයිෆල් පොලිසියට බැඳුණු ඔහු වසරක නිවාඩුවක් ගෙන ලොව පුරා සංචාරය කළේය. ඔහුගේ සංචාර පිළිබඳ වාර්තාවක් ඔහුගේ ප් රක
In stock
මණිපද්ම

මණිපද්ම

නාථ දෙයියන්ට ම කියන්න ඵ් සුවඳ ආවේ අර බෝධිසත්ත පිළිමෙන් නේන්නං දෑහ ම අඩවන් කරගෙන හිනාවෙන බෝධිසත්ත පිළිමෙන් හෝරා තුන හතරකටත් වඩා කරත්තෙ දක්කාන ආපු මහන්සිය කොළොම්හොයේ කරවටක් ගිලිලා නෑවා හේ නිවුණ හැටි. මං මේ පරිසරය, ගහවැල නුහුරුයි කිව්ව වුණාට ලංකා රටේ තඹවන් වැල්ලට පය තියපු ඇසිල්ලෙ ම මට කොහේ හෝ දැක හුරු පුරුදුයි කියල දැනෙන දෙනෙත්තරාවක් මුණගැහුණා කියලා තමයි මං මේ කතාව පුරන්න යුතු ව තිබුණෙ. ඕ මේ රාත්තිරී යාමෙ රුක් අත්තන මල් සුවඳ ඒක මහ පුදුමාකාරයෙන් හිත අවුළුවන මල් සුවඳක්. හිත අවුළලා නතර නොවී ඒ උමතු මල් සුවඳ අවාරෙ මුතු නෙළන්න ගිය මයෙ කිඳුරු රජ්ජුරුවන්ට වඩින්ට හිතුවිලි පාවඩ එළන මල් සුවදක්.
In stock
බැංකොක් වගතුග

බැංකොක් වගතුග

සංජය දොළමුල්ල අපූරු සංචාරකයෙකි. ආසියාකරයේ රටවල නිතර නිතර කරක් ගසන ඔහු මේ ගමන් බිමන් අකුරු බවට පෙරළන්නේ ඔහුගේ පාඨකයන් ඔහු ඇවිදින රටේ හෝ පළාතේ අස්සක් මුල්ලක් නෑර කැඳවාගෙන යමිනි. ඒ ඒ රටවල ආහාර සංස්කෘතීන්, සිරිත් විරිත් ගැන ඔහුගේ කතා කියවද්දී විඩාබර නොවන අපූරු ගමන් අත්දැකීමක් පාඨකයාටද ලැබිය හැකිය. වේගයෙන් අලෙවි වූ සංචරණ සටහන් ඇතුළත් ග් රන්ථ කිහිපයක් ම රචනා කර ඇති ලේඛකයා, ශ් රි ලංකාව ඇතුළු ලෝක සංචාරකයන්ගේ සිහින ගමනාන්තයක් වන තායිලන්තයේ බැංකොක් අගනුවරට මේ පොත තුළින් අපව සජීවීව කැඳවාගෙන යයි. විටෙක බැංකොක් නුවර සිටින ඔහු විටෙක අයුත් යා නගරයේය, විටක චියැංමායි කඳුකර නගරයේය. විටෙක පටායා සංචාරක පුරවරයේය.
Out of stock
තාමරෛ මලර්

තාමරෛ මලර්

මං චිත් ර ශිල්පියෙක්. මගේ චිත් ර වල තේමාව වුණේ නෙළුම් මල්. පාට තැවරුණු පින්සල් තුඩින් කැන්වසය මත ඇඳෙන මලක් වගේ මගේ හදවතෙත් නෙළුම් මලක් පිපුණා. ඔව් ඒ ජීවමාන නෙළුම් මල මගේ ජීවිතේ තේමාව වෙලා මං ඉස්සරහට ආවා. ඒ අහල් යා නිත් ය දේවී ධර්මරාසා නමින්. මං, අනුරාධ ඇසළ බණ්ඩාර. මං ගෘහ නිර්මාණ ශිල්පිනියක් වෙන්න ඉගෙන ගන්න කෙනෙක්. යාපනේ මුල් බැස ගත් දෙමළ පවුලක ලොකු දුව වුණු මං ඉපදුනේ එංගලන්තේ බැදීම් ඇතුලේ හිර වෙලා ඉඳලා රිදුම් දෙන හදවතත් අරන් මං පළවෙනි වතාවට ලංකාවට ආවේ මගේ නිබන්ධනය වෙනුවෙන් වුණාට ඒ ගමන මගේ ඉරණම් ගමන වෙලා සිංහල සිත්තරෙක් වුණු අනුරාධ ඇසළ බණ්ඩාර ළඟ නතර වෙන්න වෙයි කියලා මං හීනෙන් වත් හිතුවේ නෑ. මං,
In stock
ඝරසරප

ඝරසරප

කොහේදෝ නැති අනොරා වැස්සක් නුගේගොඩ අහසින් වැටෙමින් තිබුණේය. යුවතිය සෙනග අස්සේ ඉදිරියට දිව ගියාය. ඇය දිව යන්නේ කොතනින් කොහාටද කියාවත් යුවතියට අදහසක් නොවුණේය. අඩු තරමින් ඇය මාවත මධ් යට දුව ගියා කියාවත් ඇයට සිහියක් නොතිබුණේය. අධික වාහන තදබදය අස්සේ ඇය වාහන අතරින් රිංගා ඉදිරියට දිව ගියාය. හයි ලෙවල් පාරේ වේගයෙන් ධාවනය වූ ටොයෝටා ප් රිමියර් සුදු පැහැ රථයේ උන් මන්දිව් යුවතිය හදුනා ගත්තේ පමාවීය. වේගයෙන් දුව ආ යුවතිය දෛවයේ උවමනාවටදෝ දෙවැනි වතාවටත් ඔහු ගමන් ගත් මගට පැන්නාය. මන්දිව් තිරිංග තදකරේ කුණුහරපයක්ද කියමිනි. ඒ වෙද්දීත් යුවතිය ඔහුගේ රථයේ යාන්තමට හැපී පසෙකට විසිව වැටුණාය. එහෙත් වැටෙද්දී වත් ඇය සිය අතෙ
In stock
ජනයි ප්රියයි රසකතා

ජනයි ප්රියයි රසකතා

ආයාසයකින් තොරව සිනහව, සිනහවක් කළ දෙදෙනෙක් -ප් රවීණ චිත් රපට/ටෙලිනාට් ය අධ් යක්ෂක ජය ප් රකාශ් සිවගුරු නාදන්- උන් දෙදෙන, සිනහවට සිනහ නොවූ සිනහවන්තයෝය - ප් රවීණ සහිත් යවේදී මහින්ද ප් රසාද් මස් ඉඹුල - තමන් විසින්ම කිතිකවා නොගෙන ටියුබ් ලයිට් ද නොවී ක්ෂණයකින් මට ඉහලම නිර්මාණාත්මක හාස් ය රසයක් ලබා දෙන සමාජ මාධ් ය නාලිකාව "ජනයි ප් රියයි -ප් රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහ - 'කනස්සල්ලෙන් පිරි ලොවකට සිනහව ගෙන ආවාට ස්තූතියි ඔබට ජනාට ප් රියාට -ප් රවීණ සහිත් යවේදී /ගේයපද රචක රත්න ශ් රී විජේසිංහ - මෙහි ඇත්තේ හාස් ය රසය පමණක්ම නොවේ.. ජීවිතය ගැන සිතන්නට කරන පෙළඹවීම්ද වේ... -ප් රවීණ රංගන ශිල්පි රොඩ්නි වර්ණ කුළ- සම
In stock
ගෑනු දෙන්නෙක්

ගෑනු දෙන්නෙක්

මෙවන්ට ටික වෙලාවක් වැටිලා ඉන්ට ඇරලා මම නානකාමරේට ගිහින් ශවර් එක ඇරියා. එහෙම්මම ශවර් එක යට හිටගෙන bruce ගෙ i am on fire ප්ලේ වෙන්ට දැම්මා. මට ආයම වතාවක් තෙතම තෙත මේ ඇඟ අරන් ගිහින් මෙවන් ගෙ ඇඟ උඩට වැටෙන්නයි ඕන වෙලා තිබ්බෙ. ඇස් දෙක පියාගෙන මෙවන්ව මතක්කරගත්තා. මං ඉවර වෙන්නෙ නැති ශෘංගාරයක නතර වෙලා ඉන්නෙ කියලා විතරක් මට තේරුණා. එයා එන්ට පටන් ගත්තට පස්සෙ සාලෙට වගේම බැල්කනියටත් ලා එළියක් තියන බල්බ් වැටුණා. මහ පාන්දරත් අපි දෙතුන් ගමන කෝපි බිබී බැල්කනියෙ වැටිලා හිටියා. ගෙදරදි අඩුවෙන් ඇඳුම් අඳින්ට පුරුදු උනා. එයා මගෙ ඇඟේ හැම සියුම් රේඛාවක්ම දිහා පාඩුවෙ බලන් හිටියා. පපුවෙන් පහළට බේරෙන කොණ්ඩ කැරලි අස්සේ මූ
In stock
අසමජ්ජාති ආදරය

අසමජ්ජාති ආදරය

"අංගුලිමාල අහිංසක වෙනවා වගේ තමයි, ආදරවන්තයෝ වෛරක්කාරයෝ වෙන්නෙත්, අම්මලා කුඩම්මලා වෙන්නෙත්, සමාජවාදියෝ කැපිටලිස්ට් වෙන්නෙත්. "ඔව්. ලෝකේ කැරකෙන වේගෙට කැරකුණේ නැත්තම් කැරකිල්ල හැදෙනවා. වැදගත් කියන්නේ ඒකයි. උඹට මතකද මාර්ටින් වික් රමසිංහ යුගාන්තයේ ලියනවා අනුගත වෙයන් නැත්තම් මැරියන් කියලා. මේ සිස්ටම් එකට ගැලපෙන පට්ටම තීම් එක තමයි ඒක... "මවං. කැලණි ගඟ පැන්න ගමන් ආශ්චර්යය අහිමි වෙනවනේ අපේ රටේ මිනිස්සුන්ට. ගම ඇතුළට යන්න යන්න ඉන්ටනෙට් සිග්නල් පවර් එක අඩුයි. ඒක එකක්. හවස හයෙන් පස්සෙ කිසිම තැනකට බස් නෑ. ගමට එන එකම පත්තරය යි. ඒ ඔක්කෝටම හපං, පේන්නෙ එකම එක ටීවී චැනල් එකයි. "ඕවත් ප් රශ්න ද බං. දැන් බලපං ඕකේ අ
In stock
කැමූසිතුවිලි

කැමූසිතුවිලි

"මගේ මුළු සිරුරින්ම ජීවත් විමත් මගේ මුළු හදවතින්ම සාක්ෂි දරන්නට හැකි විමත් මට ඇති." ඇල්බෙයා කැමූ ඇල්ජීරියාවේදී දිළිඳු බවේත්, හිරු එළියේත් ලෝකයක් තුළ ඉපදුණේය. එය ඔහුගේ සියලු නිර්මාණ පුරා පැතිරී පවතී. මේ නව එකතුව තුළ කැමූගේ අතිශය පුද්ගලික ස්වයංචරිතාපදාන රචනා වෙළුම් තුනක් වෙයි. ඔහුගේ පළමු පොත කණපිට සහ හොඳ පිට ඔහුගේ පවුලත්, කම්කරු පෙදෙසක ගෙවුණු ඔහුගේ බාල වියත් විස්තර කරයි. සරණ මංගල් යය හිරුගේ, භූමියේ සහ මුහුදේ සරාගී බව ප් රීතියෙන් සමරයි. ගිම්හානය ඇල්ජියර්ස් සහ ඔරාන් නගරත්, ස්වභාව ධර්මය සහ අනන් යතාවයත් පුරා පැතිරෙයි. කාව් යමය සහ භාවමය මේ රචනා කැමූ පිළිබඳවත්, ජීවිතය කෙරෙහි ඔහුගේ වන ආදරය පිළිබඳවත් අප
In stock
ටාර්සන් හා ඇලන් සමග එන්ගායි දේශය

ටාර්සන් හා ඇලන් සමග එන්ගායි දේශය

19වන සියවසේ ලෝක සාහිත් යයේ නොමැකෙන සලකුණක් තැබූ ලේඛකයන් දෙපළක් ලෙස එඩ්ගාර් රයිස් බරෝස් සහ රයිඩර් හැගාර්ඩ් සැලකෙයි. රයිස් බරෝස් වඩාත් ජනප් රිය කරවීමට ඔහුගේ ටාර්සන් පොත් පෙළ හේතු විය. පසුකාලීනව සිනමාවට සහ මාලා නාටකවලට ද නැගුණු ටාර්සන් කතා මාලාව අදටත් ජනප් රියත්වයේ හිණිපෙත්තේ පවතී. රයිඩර් හැගාඩ්ගේ කෘති රැසක් සිංහලට ද පරිවර්තනය විය. ඒ අතුරින් "ඈ , "ඈ හෙවත් අයේෂා , "ඈ සහ ඇලන් වැනි කෘති නොමඳ පාඨක අවධානයට ලක්විය. ටාර්සන් සහ ඇලන් යනු මේ ලෝ ප් රකට ලේඛකයන් දෙදෙනාගේ ජනප් රියම කෘතිවල චරිත දෙකක් ප් රස්තුත කර ගනිමින් නදී ගුණතිලක ලේඛිකාව ලියූ ස්වතන්ත් ර කෘතියයි.ලෝ ප් රකට ලේඛකයන් දෙදෙනාගේ ප් රධාන චරිත දෙකක් ය