Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
දුඹුරු තඹරු

දුඹුරු තඹරු

අසම්පූර්ණ බව.. මා නිර්මාණයේ තේමාව වූයේ එයයි. කිසිදු දෙයක්, කිසිදු පුද්ගලයෙක් සියලු කෝණ වලින් බැලූ කල පරිපූර්ණ නැත. එයින් මා තෝරාගත්තේ රූපය යන කෝණයයි. රූපය එකිනෙකට සාපේක්ෂ වෙද්දි කෙනෙක් තුළ ඇති පරිපූර්ණත්වයද සාපේක්ෂ වේ. එයට හොඳම උදාහරණය මා මෙන්ම අනර්ඝය. අනර්ඝගේ එක් කකුලක් කොට වෙද්දි, තාත්තා වැනි අයට ඔහු අසම්පූර්ණය. නමුත් අනර්ඝ තරම් සම්පූර්ණ පිරිමියෙකු මා මේ ජීවිතය තුළ දැක නැත. අනෙක් අතට මා සිටින්නේ සමාජයේ රූපය මනිනා මිනුම් දණ්ඩෙන් බොහෝ ඈතය. සම පැහැපත් නැත. ඇත්තේ දුඹුරු පැහැයකි. හැඩ ඇඟපසගක් නැත. කඩාහැලෙන කොණ්ඩයක් නැත. නමුත් මා. දුඹුරු පැහැ සමට, කැරලි කොණ්ඩයට, පිරුණු ක ඇගට අනර්ඝ උමතුවෙන් මෙන් ආදර
In stock
ආකාස සිත්තම්

ආකාස සිත්තම්

හිතේ වූ ආවේගයට සිතුලි අත මිට මොළවා ඇඳට ගැසුවේ කෝපයෙනි. වැරදි තීරණ ගත්තේ තමාය. තමා වැරැද්දුවේ තමාට විතරක් නොවේ තම දරුවන්ටත් වරද්දවා ඇත. සමහරවිට තම සහෝදරියන්ටත් සහෝදරයාටත් වැරැද්දුවා විය හැක. තමා ජීවිතය පටන්ගත් හැට් සිතුලිට සිහිවිය. තාත්තා මියගිය පසු අම්මාගේ නංගිලාගේ මල්ලිගේ බර තම උරහිස් මත වැටුණු දා ඇයට සිහිවිය. නිවසේ අඹ ගහ යට ලී බංකුවට වී තනිව ඇඩූ ඒ මූසල දවස් ඇයට සිහිවිය. මියෙම්වා රැකෙම්වා කියා තාත්තා කළ මුරුක්කු බයිට් වෙළඳාමට තමා පිවිසි හැටි සිතුලිට සිහි විය. කොතරම් ලැජ්ජා වුවත් අම්මාගේ නංගිලාගේ මල්ලිගේ බඩගින්දර වෙනුවෙන් ඒ සියල්ල අමතක කර තමා වෙළෙන්දන් ළඟ බැගෑපත් වූ හැටි ඇයට සිහිවිය. ඒ සියල්ල
In stock
සඳ සඳයුරු

සඳ සඳයුරු

හරියටම අවුරුදු දහයකට පස්සේ, ශේන් මගේ ගාව මෙහෙම නිදාගෙන ඉන්නවා දකිද්දී මට අඬන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බැරිවුණා. ඊටත් පස්සේ පාලනය කරගන්නම බැරි මගේ හිත එක්ක මම එය ගාවට ගිහින් වාඩිවෙලා ඒ මුණ දිහා බැලුවා. මට එතකොට මතක් වුණේ අපි දෙන්නගේ චූටි කාලේ. ශේන්.. මගේ චූටි කාලෙම සතුටින් පුරවපු ඒ කණ්ණාඩ් කොලුවා.. අනේ අද එයා කොයිතරම් වෙනස් වෙලාද? ශේන් කණ්ණාඩ් දෙකත් දාගෙන ඔහේ වැටිලා වැටිච්ච අතට නිදාගෙන ඉන්න හැටි දකිද්දී මට හරි දුක හිතුණා. එයාගේ රැවුල ඉස්සර වගේම එක දවසට දික්වෙලාද මන්දා. අන්තිමේදි ඉවසගන්න බැරිම තැන දැනෙන්න නොදැනෙන්න මම එයාගේ කම්මුලක් හිමීට අතගෑවා. ඊටත් පස්සේ මම හරි පරිස්සමින් එයාගේ කණ්ණාඩි දෙ
In stock
මහා ඝාතනය

මහා ඝාතනය

ඔහු ඒ වෙඩි පහරින් මියගියේය. මම වසර විස්සක්ම මියයමින්, ජීවත්වෙමින් මියයමි. ඔහු ජූලියස් සීසර් විය. මම බෲටස් වෙමින් ලෝකයාගෙන් ගැරහුම් වින්දෙමි. සීසර් මරාදමන්නට හැටදෙනෙකු එක්වන වගක් පවසා තිබිණි. එහෙත් ඔහුගේ ශරීරයේ තිබුණේ පිහිපහර විසි තුනක් පමණි. මත්පැනින්ම දවස ගෙවූ ක්ලියෝපැට්රාගේ පාෂයේ බැඳුණු ජූලියස් සීසර් රෝම අධිරාජ් යයේ උන්නතිය වෙනුවෙන් කළ යමක් නැත. සීසර් වීරයකු යයි මට නොසිතේ. ඔහු මාර්ක් ඇන්ටනි විසින් වීරයකු බවට පත්කරනු ලැබුවා පමණි. මම මොහොතකට මොන්තක් රිස්ටෝ සිටුවරයා වෙමි. එසේම, වසර විස්සකට ආසන්න කාලයක් සිරගතවද සිටියෙමි. එකම වෙනස, මා ඔහු මෙන් සිරෙන් පැන රහසේ මුහුදේ පිහිනා වෙස් මාරුකරගෙන ජීවත් නො
In stock
ප්රේමයේ විල්තෙරේ

ප්රේමයේ විල්තෙරේ

ඔහුගේ අතැඟිලි ඇගේ කෙහෙරැල් මතින් ඇදෙමින් තිබිණි. "මම ඔයාට ආදරෙයි. ඒක නිකන්ම නිකන් වචන ටිකක් නෙමෙයි. ඇත්තටම මම ඔයාට ආදරෙයි. යළිත් දෑස් කඳුළින් පිරීගියෙන් ඇය දෑස් පියාගත්තාය. මේ මොහොත විඳදරාගත නොහැකි තරමටම විචිත් රවත් වූත්, චිත්තවේගයන් හා බැඳුණා වූත් මොහොතක් වීයැයි අනාගතයේදී සිදුකරන අතීත ස්මෘතියකදී පවා ඇයට දැනෙනු ඇත. සියල්ල සිදුවෙමින් පැවති ඒ මොහොතේදීත් ඒ අවබෝධය ඈ සතු විය. තමා කිසිවෙකුගේ ආදරයට පාත් රවීමට සුදුසු පුද්ගලයෙකු යැයි ඈ කිසිදිනෙක විශ්වාසයට ගෙන තිබුණේ නැත. නමුත් දැන් ඇයට නව දිවියක් ලැබී තිබේ. මේ ගතවන්නේ ඒ දිවියේ පළමු මොහොතයි. එපමණක් නොව, වසර ගණනාවක් ගතව ගිය පසු පවා ඇගේ සිතෙහි මෙවැනි කල්ප
In stock
ආලෝකයේ සමිඳාණෝ

ආලෝකයේ සමිඳාණෝ

ධ් රැවීය කලාපයේ, කෘත් රිම සානුවක, ගෝලාර්ධයක් තුළ පිහිටි ''දෙව්ලොව'' නම් ජනාවාසයකි. දිව් ය නගරය හා කනිබුර්ර්හා වනපෙතෙන් සුසැදි මේ ජනාවාසයේ ආධිපත් යයට එරෙහිව එක් පුද්ගලයෙක් සිය අසිපත ඔසොවන්නේය. ඒ, කිසිදා දේවත්වයට උරුමකම් නොකී, දෙවියෙකු නොවන බවද නොපැවසූ සම නම් තැනැත්තාය. හෙතෙම දෙලොවේ ආධිපත් යයට පහර එල්ල කරන්නේ එහි ගතානුගතික දහම පරයා බුදුදහම හා දෙව්ලොවේ බලයට නතු වූ මිනිසුන්, දෙවියන් හා සම තත්ත්වයකට ගෙන ඒමේ උදාර අරමුණ පෙරදැරි කරගත් 'අධිවේගකාරි සංකල්පය යොදාගනිමිනි. එහෙත් කීන්සේ නුවරදී ඔහු අත්අඩංගුවට පත්වේ. එතැන් පටන් අඩ සියවසක් ගිය කල වැහිබර රැයක, භික්ෂු සජ්ඣායනා හමුවේ, රැය නම් දේවතාවියගේ ආරාමයේ සිද
Out of stock
අසුර ධ්යානවේදයේ මහා නිමැවුම්කරු 3

අසුර ධ්යානවේදයේ මහා නිමැවුම්කරු 3

මුළුමහත් ධ් යානවේදී ලෝකයම වෙන් නිකායේ බලලෝභී, අසාධාරණ පාලනයට එදිරිව යුද වැදුණු අතීතයේදී, ඒ වෙනුවෙන් අසුර ධ් යානවේදී මාර්ගය තෝරාගැනීම හැර අන් විකල්පයක් වෙයි වූෂියැන්ට නොතිබිණි. සමස්ත ලෝකයා, මෙවන් අඳුරු මායාකර්ම භාවිත කරමින් සතුරා වනසා දමන අසමසම විරයා වෙනුවෙන් ප් රශස්ති ගයමින් හිඳි සමයක පවා, ඊට විරුද්ධ වූ අයෙකු වේ නම් ඒ ලන් වංජි පමණකි. එදවස, ලන් වංජි සෑමවිටම මේ අසම්මත මාර්ගය කෙරේ අප් රසාදය පළකරමින්, වෙයි වූෂියැන්ව ගසු ලන් නිකායට රැගෙන යන්නට උත්සාහ කරමින් සිටියේ තමාට දඬුවම් කිරීමේ අදහසිනැයි වෙයි වූෂියැන් සිතා සිටියේය. එනමුත් වර්තමානයේදී, වෙයි වූෂියැන්ගේම අතීත කර්මයන්, පාරා වළල්ලක් මෙන් ඔහු පසුපස
Out of stock
නිමාවක නිල් පැය

නිමාවක නිල් පැය

'මානව අස්ථි කොටසක් හා බැඳුණු අසාමාන් ය කලා නිර්මාණයක් ප් රදර්ශනයකදී හමුවේ! සුප් රකට කලාකාරිනියක වන වැනේසා චැප්මන්ගේ මරණය සිදුවන්නේ විසඳාගත නොහැකි අබිරහස් රැසක් ඉතිරි කරමිනි. මිනිස් ඇසුරින් දුරස් වී, දූපතක හුදෙකලාව වාසය කළ ඇය සැබැවින්ම අබිරහස් ගැහැනියක් වූවාය. වැනේසාගේ මරණයෙන් පසුවද, ඇගේ මිහිදන් කළ මතකයන් අතර සැරිසරමින් සිටින ග් රේස්, තම මිතුරියගේ අබිරහස් ජීවිතය පිළිබඳ යමක් දැනසිටියා විය හැකිය! නැතහොත්, මැදියම් රාත් රියේ ෆෙයාබර්න් මැඳුරේ සිතුවම් අතර සැරිසරන අද්භූත මහලු ගැහැනිය හෝ උමතු ගැහැනියක ලෙස දූපතේ දිවිගෙවන මාගරිට් මේ පැටලුණු ගැටලු ලිහාදමනු ඇතිද? වඩදිය ගලා එන එක් අද්භූතකර නිමේෂයක, ඔහුද එම
In stock
නුඹ සීතාව සේ
In stock
කැතී සහ මායා දූපත

කැතී සහ මායා දූපත

මිස්ටර් ඩේවිඩ්ට පුළුවන්නම් අර අද්භූත මිනිසා අතේ තියෙන බට නළාව උදුරගෙන පෙන්වන්න. මිස්ටර් ඩේවිඩ්ට පුලුවන් නම්, අර විල කිට්ටුවට නෙවෙයි. ඊට ගොඩාක් මෙහාට වෙන්න තියෙන කලු පාට වෙරළ තීරයට ගිහින් පෙන්වන්න. මිස්ටර් ඩේවිඩ් සතුන් ගැන පර්යේෂණ කරන්න හරි කැමතියි නේද? අර විල කෙළවරක ඉන්නවා පිරානා වර්ගයේ මාලූත්. ඊට මෙහායින් ඉන්නවා යෝධ කූඩැල්ලො විශේෂයක්. උන්ට පුළුවන් මනුස්සයෙක්ගෙ ඇගේ තියන ඔක්කොම ලේ ටික උරා බොන්න. ඒ විතරක් නෙවෙයි. ඔය විල ඇතුළෙ මිනිස්සුන්ගෙ ඇටකටු පවා තියෙනවා. මීට වසර ගණනාවකට කලින් සමූල ඝාතනයකට ලක්වෙච්ච මිනිස්සුන්ගෙ ආත්ම පවා ඔය විල අවට සැරි සරනවා. ඒ විතරක් නෙවෙයි ඔය විල මැද තියෙනවා දිය සුළියක්. මනු
In stock
දේවතා

දේවතා

"ම්..මට් මේක කරන්න බ්..බෑ.. "මොකක්ද මට බෑ රන් මේ බැදීම තවත් ඇදගෙන යන්න බෑ. ඔයාගෙ ගෙදර අය කවදාවත් මට ඔයාව දෙන්නේ නෑ. එහෙම උනාම කවදාවත් අම්මා කැමති වෙන්නේ නෑ. අයියා කොහොමත් කැමතිවෙන්නේ නෑ. තවත් දුර ගිහින් හැරෙනවට වඩා.. දේවතා ඉතිරිය නොකියා ඇමතිවරයා දෙස බැලුවාය. ඒ දෑස් දෙස බලාගෙන ඉතිරි අඩ කියන්නට නොහැකිව ලත වූවාය. ''ඔව් මොකක්ද තවත් දුර ගිහින් හැරෙනවට වඩා..මොකක්ද "අපි දැන්මම නතර වෙන එක හොදයි තේනුක රන්කඩුවගේ දෑස් සිහින් විය. මොහොතක් ඈ දෙස බලා උන්නේය. රත්පැහැගැන්ව තිබූ දෑස් මත තුනී තෙතමනයක් ඇදෙන අයුරු දේවතා බලා උන්නේ වේදනාවෙනි. තව මොහොතක් ගත වෙද්දී දේවතා උන්නේ ඔහුගේ විසල් පපුතුරේය. තේනුක රන්කඩුව ඈ වේ
In stock
මහ පොළොව හා පෙමින් 1

මහ පොළොව හා පෙමින් 1

කින්ට්සුගි කියලා හරි ලස්සන ජපන් කලාවක් තියෙනවා නිර්ධා, golden joinery කියලා ඕකට ඉංග් රීසියෙන් කියනවා. මේකෙදි කරන්නෙ කැඩුනු පිඟන් භාණ්ඩ ආයෙමත් එකතු කරන එක. මේ කැඩුණු කෑලි පාස්සන්නෙ රත්තරන් කුඩු මිශ් ර කරපු මැලියම් වගේ දෙයකින්. බිඳුණු කෑලි ටික එකතු කරාට පස්සෙ අර භාජනේ තිබුණට වඩා වටිනවා. හරිම අමුතු ලස්සනක් එනවා. ඔයා මවා ගන්න රත්තරන් පාට අහඹු ඉරි වැටුණු පෝසිලේන් කෝප්පයක්. අන්න ඒ වගේ තමයි මේ කින්ට්සුගි කලාව. ඕක භාජන හදන්නම පාවිච්චි කරන කලාවක් නෙමෙයි නිර්ධා. මේක wabi-sabi කියන ජපන් පිලෝසොපිකල් කන්සෙප්ට් එකට අනුව හැදුන කලාවක්. ඒකෙන් කියන්නෙ අනිත් යතාව පරිපූර්ණ නොවීම වගේම අසම්පූර්ණ බව ඇතුළෙත් ලස්සන දේ
In stock
මේකුළු

මේකුළු

මා පළමුවරට මේ සෙවණ යටදී සඳැස්ව දුටුවේ මීට සිව්මසකට පමණ පෙරදීය. ඔහුව අහඹු ලෙස ආලින්දය මැදකදී දැකගන්නා තෙක්ම මම ඔහු තිදස් අයියාගේ සොහොයුරා යැයි දැන නොසිටියෙමි. අක්කාගේ ඉල්ලීම පරිදි තේ බන්දේසියද රැගෙන ආලින්දය වෙත පැමිණි මගේ දෙනෙත් ඒ රුවෙහි ගැටුණ පළමු තත්පරයේම අත්ලින් ඇරඹි තියුණු කම්පනයක් මුළු සිරුර පුරා දිව ගිය බැව් මට දැනී නොදැනී ගියේ අසුරු සැනෙකින්ය. ඉතින් එය දහඅට වියැති යුවතියකගේ මතකයක් සිව්විසි වියැති යුවතිකගේ හදවත කැළඹූ මොහොතකි. එහෙත් ඒ නිමේෂයේද ඔහු මා දෙස මන්දස්මිතයකින් වුව නොබැලූ බැව් මට මතකය. ඒ පිළිබඳව කිසිදු සොවක් නූපන් බැව් පැවසිය නොහැකි වූවද මා හසරැල්ලකින් ඔහුට තේ පිරිනැමූ බැව් මගේ මතක
Out of stock
ඉරුණු පිටු

ඉරුණු පිටු

''මනමාලි ලස්සනයි. ලෙක්චර් කෙනෙක් කියන්නෙ... භද් රා අක්කට හොඳයි ඉතින්... තුන් දෙනාම හොඳ ජොබ් කරන අය බැන්දා. ඔව්, අක්කා සෑහෙන්න දුක් විඳලා ඔය දරුවෝ ඔය තත්වෙට ගෙනාවේ තවත් තැනැත්තියක් එසේ පවසද්දී වෙනත් තැනැත්තියක් සිනාසෙනු පෙනිනි. දැන්වත් අක්කා කොල්ලා නිදහස් කරයිද දන්නෑ. මට තියෙන බය පුතාව අතාරින්න තියෙන ලෝබකමට මේ ළමයා එක්කත් පැටලෙයිද කියලා "ඕවා හරියයි. අයියා නැති වුණාම අක්කට හිටියෙ දරු තුන්දෙනා විතරනෙ. කෙල්ලො දෙන්නත් ගියාම කොල්ලා විතරනෙ ළඟ හිටියෙ. ඉතින් කෝකටත් හිටියේ පුතා හින්දා අක්කා ළං වුණෙ පුතාට. දැන් පුතෙක් නෙවෙයි, දුවෙකුත් ඉන්නවනෙ. ඒ හින්දා ප් රශ්නයක් වෙන එකක් නෑ. එහෙත් වෙනත් තැනැත්තියක් ඊට එ
In stock
රෝස පෙති

රෝස පෙති

"ඔයා අඬනවද ආරෝහි ඇහුවේ රහසින් වගේ. නෑ.. ඒ උනාට පපුව සෑහෙන්න රිදෙනවා ආරු. අපි හිතන දේම නම් මෙතන වෙලා තියෙන්නෙ... මං මැරුණත් මේකෙ අග මුල මූට හොයලා දෙනවා. ඒ තරම් ආදරේද සතිව් අයියට. එ "මගෙ අයියා දුමාල් උනාට මගේ සහෝදරයා සතිව්. ඌ තරම් මං ගැන අම්මා තාත්තවත් දන්නෙ නෑ.. මං වැඩිය ගෙදර හිටපු කෙනෙක් නෙවෙයි ආරු.. හැබැයි මං හිටපු හැමතැනකම සතියා හිටියා. එහෙම හිටපු මටත් නොකියා මූ කෙල්ලෙක් සෙට් කරගත්තෙ කොහොමද කියලා මටත් ප් රශ්නයක්. "දැන් ඒක කොහොම හරි වෙලා නම්...? "එකෙක් දෙන්නෙක් මරාගෙන මැරිලා හරි ඒ කෙල්ලව මූට ගෙනත් දෙනවා. එයා මැරිලා නම්...? "කරන්න පුලුවන් උපරිම මං මගේ එකා වෙනුවෙන් කරනවා. මැරිලා නම් වළලපු තැනක්
In stock
වැස්සක්ව වැටෙන තුරු