Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ලොවටම රහසින්

ලොවටම රහසින්

වෙනදා වගේ ඉඹින්න හදිස්සියක් මගේ හිතට ආවෙත් නෑ.... මම හිතන් හිටියට කවදා හරි එයාගේ රස බලනවා කියලා, පුදුමයකට වගේ ඒ වෙලාවේ මට ඕන වුණේ නෑ එහෙම කරන්න. මට ඕන වුණේ නෑ එයාව පෙරළගන්න, බිම දාගන්න, එයාව විඳින්නවත් මට ඕන වුණේ නෑ. මට ඕන වුණේ... එයාව සනසන්න... එයාව නිවන්න.... එයාගේ පිච්චෙන්න වගේ ඇවිලෙන, ආත්මය මගේ ආත්මය එක්ක පටලගන්නයි මට ඕන වුණේ. එයාගෙ කම්මුල ලස්සනට අතගාන්න හිතුණා, ඒ තොල් දෙකට වඩා මට ඕන වුණේ ඒ නළල ඉඹින්න... මෙතන ඉන්න උන්ගෙන් එයාව ඈත් කරලා මගේ පපුවට ගන්න ඔන වුණා. මගේ පපුවේ හංග ගන්න ඕන වුණා... හැමෝගෙම ඇස් වලින් දුරකට එයාව ගෙනියන්න ඕන වුණා.. එක හරිම පිවිතුරු හැඟීමක් . රාගයක් ගෑවිලාවත් නෑ...
In stock
මම මා නොවන තුරු

මම මා නොවන තුරු

බර සපත්තු අඩි තියමින් මං කාමරෙන් එළියට ඇවිත් පඩිපෙළ ළඟ හිට ගත්තේ එක් අතකින් තරප්පු පෙළේ යකඩ බඳ අල්ලගන්න ගමන්. මේ වහල යට මට මගේ හිස කෙළින් තියාගන්න බැරි වුණාට අද මේ හැමෝම ඉස්සරහා මං මුළු කශේරුකාවම කෙළින් තියාගත්තේ අමුතු ගාම්භීරත්වයක් ආරූඪ කරගෙන. ම්..ම්..මොකක්? ම්..මෙච්චර රැවටීමක්' කවදාවත් වචන නොපැටලෙන අගස්තිට අද එකම වචනේ කියාගන්න අමුතු උත්සාහයක් දරන්න වෙලා. මං ඒ ඇස් දිහා බැලුවේ ආගන්තුක හැඟීමකින්. ඒ ඇස්වල තිබ්බේ අදහගන්න බැරි බයක්, ත් රාසයක්, වේදනාවක්. මුතුමාල පටලන් එයා ඉස්සරහට එයි කියලා මවන් උන්නු උඩරට මනමාලි මිසක් මේ වගේ චරිතයක් එයා කවදාවත්ම බලාපොරොත්තු නොවෙන්න ඇති.
In stock
සමුද්ර

සමුද්ර

රාම් සහ සෙනරත් නොදැන උන්නාට මේ මොහොතේ පිටත පරිසරයේ මහා කැළඹීමක් සිදුවෙමින් තිබුණි. මහා සමුද් රය වෙනදාටත් වඩා ප් රචණ්ඩ ලෙස රළ පහර ගොඩබිම දෙසට ගසා එව්වේය. පන්දම් දෙකම පසෙකින් තැබූ සෙනරත් පෙට්ටිය තුළ වූ ආභරණ අතපත ගාන්නට වූවේය. අපි දැන් පෝසත්.... රාම් ද තණ්හාවෙන් හිස වැනුවේ ය. ආභරණ අතරේ වූ කුඩා රන් පැහැති බෝතලය අතට ගත් සෙනරත් එය හරව හරවා බැලුවේය. මේ මොකක්ද....? සෙනරත් එය විවර කළේ ය. ඇතුළත හිස් බැව් දුටු සෙනරත් එය යළි පෙට්ටියටම දමා ආභරණ එකින් එක අතට ගෙන බලන්නට වූවේ ය. ප් රචණ්ඩ සාගරය එක දිගට ගොඩබිම වෙත එවූ සත්වන රළ පහර සමඟම කන් අඩි පුපුරා යන තරමේ අකුණු පහර කිහිපයක් ගැසුවේ ය. ඒත් සමඟම යමක් සිදුවිය. ම
In stock
අහිමි කාර්තු

අහිමි කාර්තු

මාත් ගෑණියෙක් යුග් ය. ඉවසන්න පුලුවන් උපරිම මමත් ඉවසලයි ඉන්නේ... පිරිමි දන්නෙ නෑ එකම පිරිමියෙක් වෙනුවෙන්ම පේ වෙච්ච ගෑණියෙක්ගෙ ඉවසීමේ සීමාවෙ කෙළවර මොනවගේද කියන්න,,, ගෑණියෙක්ට ආදරේ කරන්න ලේසි නෑ යුග් ය... මොකද හැම පිරිමියාටම බෑ ගෑණියෙක්ගේ ඇතුලාන්තෙටම රිංගලා ගෑණු හිත ගන්න..." ඇය පවසන දෙස ඔහු නිහඬව බලා සිටින්නට වූයේය. දෑස් වලින් ගලා හැලෙන කඳුලු වතුරමළෙන් වැටෙන දිය බිදුහා මුසුව යන දෙසත් ඒ දිය බිදු සෙලවෙන ඇගේ දෙතොල් ස්පර්ශ කරන දෙසත් ඔහු බලා සිටින්නට වූයේය. ඉන් නොනැවතී ගෙල දිගට පහළට ඇගේ ගත ස්පර්ශ කරන දිය බිදු මාවත් තුනක් ඔස්සේ ගලා යන්නට වූවාය. ගෙලින් මිදීයන දිය බිදු හංස පූට්ටු මතින් සිමෙන්ති ගඩොල් ඇති
In stock
පුත්තා වත්ථු මනුස්සානං

පුත්තා වත්ථු මනුස්සානං

කෙටි කතාවක් යනු කවරාකාරයෙන් හෝ ජීවිතය පිළිබඳ කෙරෙන දීර්ඝ ගවේෂණයක කෙටි කියවීමකි. කෙටි වුවද එය අර්ථ පූර්ණ බව සිතෙහි ඇති කරනු ලබන කම්පනය හෝ සහකම්පනය, ජීවන දෘෂ්ඨියේ උපේක් ෂා සහගත බව මෙන්ම රසාස්වාදනයෙහි පරිණත බවද කෙටි නැත. චන්ද් රිකා අමරසිංහ ලේඛිකාව මේ සියලු ගුණයන් කෙරෙහි මනා වැටහීමක් ඇතිව වියපත් දැනුමෙන් ස්වකීය නිර්මාණ කාර්යය තුළ පන්හිඳ හැසිරවීම නිසා ජීවිතය හා අවියෝජනීයව බැඳී පවත්නා දුක්ඛ දෝමනස්සයන්, සුඛ සෝමනස්සයන් පිළිබඳව විටෙක හිත සසල කරවන විටෙක හිත තුටුපහටු කරවන නේක වර්ණ චිත්ත රූප මැවීමෙහිලා බුහුටිව සිටින්නීය. චන්ද් රිකා අමරසිංහ ගේ ලේඛන ප් රතිභාවට තව බොහෝදුර ගමනක් යෑමේ ශක්තිය, දැනුම හා වාසනාව ල
In stock
බර්ඩ් BOX

බර්ඩ් BOX

එය බිහිසුණුය. බියකරුය. එහෙත් ඒ කුමක්දැයි කවුරුත්ම දන්නේ නැත. කෙනෙකුට වියරු වැටී, ජීවිතය පවා නැති කරගන්නට, එය යන්තමින් දැකීම පවා ප් රමාණවත්ය. ජීවිතය රැක ගන්නට ඕනෑ නම්, වැරදීමකින්වත් එදෙස නොබලා සිටිය යුතුය. එය කොයි වෙලාවේ, කොතැන තිබේදැයි කවුරුවත් දන්නේ නැත. ඉතින් කාටවත් පිටත ලෝකය දෙස බලන්නට තහනම්ය. තනි ගැහැනියක වූ මැලෝරි ඒ ලෝකය තුළ පස් වසරක්ම දිවි රැක ගත්තාය. නමක්වත් නැති තමන්ගේ දරු දෙදෙනාවද රැක ගත්තාය. ඉතින් තව දුරටත් ජීවත් වෙන්නට ඕනෑ නම් ඇය පළා යා යුතුය. පළා යන්නට ඇත්තේ එකම මාර්ගයකි. ගං දිය මතින් පමණකි. ගඟ දිගේ ... හබල් බෝට්ටුවකින් ...... දෑස් බැඳගෙන........ ඇය ඒ ගමනට පිටත් වන්නීය ඒ ගමන පුරාවට
In stock
ප්රාණාන්තර

ප්රාණාන්තර

එසේ සිදු කිරීමට හේතු තිබිණ. නිකන් නිස්කාරණේ ඔහුව ප් රතික්ෂේප කරන්නට මා හට උවමනා නොවීය. ඔහු කුඩා කල සිටම මා අපමණ ප් රතික්ෂේප කළේය. මට ළමාකාලය දුෂ්කර කළේ ඵ් හිතුවක්කාර දොස්තරය. ඔහුත් මාත් අතර වයස් පරතරය වසර අටක් බැවින් ඔහුගේ ගතිගුණ නිසාම කුඩා කල සිටම මා ඔහුගෙන් දුටුවේ දැවැන්ත පිරිම් ආත්මයකි. ඔහු පවසන්නේ සත් යක්ම වග මා දන්නේ කෙසේද? ඔහු අතීතයේ හැසිරුණ ආකාරයට ඔහුගේ සිතේ මා උදෙසා ප් රේමයක් ඵල හට ගෙන ඇති වග දැනගන්නේ අංජනම් එළි වලින්ද? නමුත් අවාසනාවටම ඔහු පිළිබඳවම මට ප් රේමයක් ඉපැදීම පිළිබඳව දැන් තරහා මට මා සමඟය. ඔහු මා අකමැත්තෙන් සිපගෙන ඇත. කැමැත්තෙන් සිප ගෙන ඇත. ඒ මොහොතවල් වලදි ඔහුට ව්රුද්ධ වන්නට නො
In stock
රෙද්දෙ තුත්තිරි - කෙටිකතා සංග්රහය

රෙද්දෙ තුත්තිරි - කෙටිකතා සංග්රහය

ඒක නෙවෙයි, මාලක්ක දැක්කද ධම්මිකය ගමේ ඇවිත්..? කොණ්ඩෙ රැවුල වවාගන, ජපමාලයක් දාගෙන, ඩෙනිම් කෑල්ලක් ගහගෙන ඌ කුඹුරු කොටනව! පිස්සු හැදිලද කොහෙද ඌට... "හ්ම්.... මං දැක්ක ඌව. හැබැයි ඉස්සරට වඩා මං කැමතියි උගේ දැන් ඒ විදිහට... "අනේ අම්මේ මාලක්කෙ.. එහෙනං උඹ ඌව නොදැක්ක ගාණටම ඉඳින්. අර ඉස්කෝලෙ සංගීත සර්ගෙ අමුතු එකක් හොයන් ගිහින් උඹ අහගත්තු කතන්දර ටික මදැයි. "මිනිස්සු කාටද බං කතන්දර කියන්නැත්තෙ! උන් වැඩිපුරම කතා හදන්නෙ උන්ට කරගන්න බැරි, උන් ඉරිසියා කරන, උන් යටිහිතින් හරි කැමති දේවල්වලට. "ඒකට කමක් නෑ... උඹ උගෙන් ඈත් වෙලා ඉඳපන්කො. ඕකා ඉස්සරත් උඹ පස්සෙ කැරකුණු එකා; තව කතන්දරයක් අහගත්තොත් සීලවතී නැන්දගෙ පපුව ප
In stock
දූලි පොළොවක පිපී

දූලි පොළොවක පිපී

කණ්ඩායම හා මුසු වුණත් තෙනුකගේ සවන පත් අතර රැව් දෙන්නේ නන්නාඳුනන යුවතියගේ වදන්මය. සරෝජනී රුචිකාංගි ජයවීර කියලා කෙනෙක් දන්නවද? ඇත්තටම ඒ කවුරු වෙන්න පුළුවන්ද? අම්මා දන්න කෙනෙක්ද? පෙනුමෙන් නම් මටත් වඩා බාල කෙල්ලෙක්. ඉතින් එයා කොහොමද අපේ අම්මාව දන්නේ? කිසිම දවසක නෑදෑයෙක්, යාළුවෙක් කියලා කෙනෙක් අපේ ගෙදර ඇවිත් නෑ. අම්මාගෙන් ඇහුවට එහෙම කවුරුවත් ගැන කියලවත් නෑ. සිතාරාගේ හදවතද ඊට නොදෙවනිය. මේ කවුරුන් විය හැකිද...? අම්මා හොඳටම දන්න කෙනෙක් වෙන්න ඕන. නැත්නම් නිතර පාවිච්චි නොවුණු රුචිකාංගි කියන නමත් දන්නේ කොහොමද? ඒත් ඉතින් ඒ ළමයා සුදූටත් වඩා බාලයි වගේනේ. අම්මාගේ කවුරු හරි නෑදෑ කෙනෙක් වෙන්න බැරිද? කොහෙද ඉතින
In stock
රිදුමක අවාරේ

රිදුමක අවාරේ

අකමැති නෙවේ.. එයා මට ආදරෙයි.. මට දැනෙනවා ඒක.. අර රූම් එක දැක්කම.. මම මාවම පෙනුණා පොඩි.. අවුරුදු අටක් පිස්සුවෙන් රූට ආදරේ කරපු මාව මං එයාගෙන් දැක්කා.. මං කැමති නෑ ඒ පේන් එකෙන් තව කෙනෙක් සෆර් කරනවා බලන්න.. ඒක හරි අමාරුයි. මගේ එක හිනාවකට එයාගේ ඇස් සැනසීමෙන් වැහෙනකොට.. මං දිහා අර අමුතු ඇස් වලින් බලද්දි එතන මං ඉන්නේ පොඩි.. මං එයාට ආදරෙයි ද දන්නේ නෑ.. හැබැයි එයාව මට දැනෙනවා.. මද්දු වගේ එයා මද්දු වගේ පොඩි.. මට දුක හිතෙන්න කලින් එයා මට දුක හිතෙන හේතුව නැති කරනවා.. ගොඩක් ආදරේ දෙනවා.. මාව එයාගෙන් පුරවනවා.. වෙන දෙයක් හිතෙන්නේ නැති වෙන්නම.. එයා ළඟ නිදහස්.. සැනසීමයි..! - අපූර්ව් හස්වරා රූගස්තැන්න "ගොදුර ඩැ
In stock
කන්යා ප්රාණ

කන්යා ප්රාණ

ගිනි ගෙන දැවුණු රවුමේ දෙකෙළවර යාව තිබිණ. ගුහාවේ දැල්වෙමින් පැවැති කුඩා ඉටිපන්දම් සියල්ල නිවී ගියේ හදිසියේ හමා ආ සුළං රැල්ලකටය. ඉතිරිව නිබුණේ අඞ් කිහිපයක් උස් වූ දැල්ල නොසෙල්වුණු ඉටිපන්දම පමණය. ශාරධට දැනෙමින් තිබුණු සීතල දස ගුණයකින් වැඩි වූවාක් මෙන්ය. එක්වරම ඔහුගේ දෑසට හසු වූයේ ඔහු ඉදිරියේ බිත්තියට වැටී තිබුණු සෙවණැල්ලක්ය. ආරධ් යාව අත හැරි ශාරධ කලබලයෙන් පිටුපස හැරුණේ ඔහුගේ පසුපස හුන් අමුත්තා දැක ගැනීමටය. අවසානයේ ඔහු පැමිණ උන්නේය. සාමාන් ය මිනිසෙකුට වඩා බෙහෙව්න් උස් වූ මුහුණක් වෙනුවට අන්ධකාරය පමණක් වූ ලෝගුවක් පොරවාගත් නැනැත්තා පැමිණ උන්නේය. යක්ෂයා උන්නේ ශාරධ ඉදිරියේය. ශාරධ ආරධ් යාව ආවරණය වන ලෙසට
In stock
සිලෝනිකාවේ ඉංජිනේරුවා

සිලෝනිකාවේ ඉංජිනේරුවා

පේරාදෙණිය විශ්ව විද් යාලයේ ඉංජිනේරු විද් යා උපාධිධාරියකු සහ ශ් රී ලංකා විවෘත විශ්වවිද් යාලයේ ව් යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියකු වන උපාලි ඒකනායක ශ් රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර ඇත. සිමෙන්ති කම්හලේ වැඩිදියුණු කිරීම් සඳහා විදේශීය ඉංජිනේරුවන්ගේ සහභාගිත්වය ඇතිව කරගෙන යනු ලැබූ විශේෂ ව් යාපෘති වෙනුවෙන් ක් රියාශීලී දායකත්වයක් දැරූ ඔහු විදේශ රටවල් රැසක පුහුණුවීම්වලටද සහභාගි වී ඇත. කුඩා කල සිටම විවිධ නිර්මාණ කටයුතුවලට උනන්දුවක් දැක්වුවද මේ ඔහුගේ පළමු ප් රකාශිත නවකතාවයි.
In stock
ගවේෂණ - 44 වන කලාපය

ගවේෂණ - 44 වන කලාපය

ගවේෂණ විද් යාත්මක/පර්යේෂණ සගරාවේ අලුත් ම කලාපය නිකුත් වී ඇත. දේශීය පර්යේෂණ ක්ෂේත් රයේ මෙන් ම ජාත් යන්තර තලයේ කීර්තිමත් පර්යේෂකයකු වන මහාචාර්ය අතුල සුමතිපාල මහතාගේ විශේෂ ලිපියක් මෙවර කලාපයේ ප් රධාන ලිපිය ලෙස පළ කර ඇත. අමතර ව පහේ ශිෂ් යත්වය සහ දරුවන්ගේ මනස පිළිබද විශේෂඥ වෛද් ය යමුනා එල්ලාවල මහත්මිය විසින් ලියන ලද ලිපියක්, කෘත් රිම බුද්ධිය සහ සෞඛ් ය සේවාව ඇතුළු සාරගර්භ ලිපි ගණනාවකින් මෙවර කලාපය සමන්විත වේ. තවද අගොස්තු මස මෙරට පවත්වන ලද ජාත් යන්තර නිවුන් පර්යේෂණ සමුළුව සම්බන්ධ අතිරේකයක් ද නිවුන් පරයේෂණ ගැන ලියන ලද දීර්ඝ ලිපියක් ද මෙවර කලාපයේ ඇතුළත්වේ