Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 10 - හිත හොඳ දොස්තරගේ හඳේ සවාරිය

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 10 - හිත හොඳ දොස්තරගේ හඳේ සවාරිය

අපේ හිත හොඳ දොස්තර මහත්තයා සහ උන්නැහේගේ අපූරු යාලුවන් කට්ටිය මේ සැරේ නම් ඔබත් රැගෙන යන්නේ එසේ මෙසේ තැනකට නොවේ. අහසේ පියාඹන කුරුල්ලෙකු, මුහුදේ පිහිනන මාලුවෙකු, චීත් නැත්නම් ගොඩබිම ඇවිදින සතාසිවුපාවෙකු හෝ කිසිම මනුස්සයෙකු කවදාවත් නොගිය තැනකට ය. අපූරු ම ලෝකයකට ය. කොටින්ම කිව්වොත් ඒ වෙනකොට මේ කිසිම කෙනෙක් ගිහින් නොතිබුණු හඳට ය. දොස්තර මහත්තයාගේ හඳේ සවාරියට සහභාගි වුණේ හඳට ඔවුන් රැගෙන ගිය යෝධ පතංගයාත්, චී චී නම් වඳුරාත්, නුවණක්කාර පොලිනීසියා නම් ගිරවියත්, ටොම් ස්ටටින්ස් නම් හිතුවක්කාර ළමයාත් පමණක් ය. හියු ලොෆ්ටිං නිර්මාණය කළ doctor dolittle in the moon සිංහලයට පරිවර්තනය කළ සමරසිංහ ගුණසේකරගේ හිත හොඳ
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 6 - හිත හොඳ දොස්තරගේ පියාඹන තැපැල් කන්තෝරුව

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 6 - හිත හොඳ දොස්තරගේ පියාඹන තැපැල් කන්තෝරුව

හිත හොඳ දොස්තර මහත්තයා අපේ දරු දැරියන්ට මෙන් ම වැඩිහිටියන්ටත් අමුත්තෙක් නොවේ. රූපවාහිනී කාටුන් චිත් රපටයක් නිසා අප අතර බෙහෙවින් ජනප් රිය වූ මේ අපූරු චරිතය මුල් කර ලෝකයේ නොයෙක් රටවල නොයෙක් භාෂාවලින් නිර්මාණය කළ කාටුන් හා වෙනත් චිත් රපට හා පරිවර්තන කතා රාශියකි. මේ විදිහට ලාංකික අප අතර මෙන් ම මුළු මහත් ලෝකයේ ම ජනාදරයට පත් වූ මේ අරුම පුදුම චරිතය නිර්මාණය කළේ 1920 ගණන්වල එංගලන්තයේ විසූ හියු ලොස්ටිං නම් නිර්මාණකරුවා ය. හියු ලොෆ්ටිංගේ මුල් නිර්මාණ ඇසුරෙන් හිත හොඳ දොස්තරගේ කතා නමින් සමරසිංහ ගුණසේකර සිංහලට පරිවර්තනය කළ කතා පොත් පෙළ ද අතිශයින්ම ජනප් රිය ය. ඔබ මේ කියවන්නට යන්නේ එම කතා පොත් පෙළේ අංක 6- හි
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 5 -හිත හොඳ දොස්තරගේ අරුම පුදුම රඟමඬල

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 5 -හිත හොඳ දොස්තරගේ අරුම පුදුම රඟමඬල

අපේ හිත හොඳ දොස්තර මහත්තයාට, උන්නැහේගේ හිත හොඳ නිසා ම හිරේ තපින්නට සිදු වූ කතාන්දරය මේ වන විටත් ඔබ කියවා ඇතැයි සිතමි. හිරේ තපින්නට සිදුවූයේ බොරුවක්, වංචාවක්, හොරකමක් හෝ අපරාධයක් කළ නිසා නොව, අනුන්ට උදව් කරන්නට ගොස් නිරපරාදයේ ය. චීත් මේ දුක් ගැහැට, නින්දා අපහාස කිසි ම දෙයක් දොස්තර මහත්තයා තඹ දොයිතුවකටවත් ගණන් ගත්තේ නැත. මේ අපූරු මනුස්සයාගේ විදිහ එහෙමයි. දොස්තර ඩූ ලිට්ල් හිරෙන් නිදහස් වී ආපසු සර්කස් එකට ආවේ ය. ඒ ආවේ බ්ලොසම් වගේ සල්ලි හම්බ කරන්නට නොවේ. අනුන්ගේ යහපත වෙනුවෙන් තවත් බොහෝ දේවල් කරන්නට ඉතුරු වී තිබුණු නිසා ය. ඔබ දැන් කියවන්නට යන්නේ දොස්තර ඩූ ලිට්ල් ආපසු සර්කස් එකට ආවාට පසු සිදු වූ ජරමර
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 8 - හිත හොඳ දොස්තරගේ මන පිනවන දුවන ගෙදර

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 8 - හිත හොඳ දොස්තරගේ මන පිනවන දුවන ගෙදර

අපේ හිත හොඳ දොස්තර මහත්තයා, දොස්තර රස්සාව අත්හැර සර්කස් ජාවාරමට බැස්සාට පසුව ගත කළ අරුම පුදුම ජීවිතය ගැන ඔබ මේ වන විටත් බොහෝ දේවල් දන්නවා ඇත. හිත හොඳ දොස්තර මහත්තයා ඔහුගේ පවුලේ ඇත්තන් ද එක්කාසු කරගෙන මන පිනවන දුවන ගෙදරක, එහෙමත් නැත්නම් හරිම පුදුම කැරවන් එකක පදිංචි වී නගරයෙන් නගරයට සර්කස් පෙන්වමින්, කෝලම් නාටක රග දක්වමින් ගත කළ කාලයේ සිදුවූ පුදුමාකාර දේවල් රාශියක් ඔබ දැන් කියවන්නට යන මේ කතා පොතේ ඇතුළත් ය. රාජ් ය සම්මාන දිනූ ළමා කතන්දර ගණනාවක හා ශාස්ත් රීය ග් රන්ථ රාශියක කතුවරයා වූ සමරසිංහ ගුණසේකර විසින් පරිවර්තනය කරන ලද මේ කතා පොත හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ අටවැනි කතා පොතයි.
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 7 - හිත හොඳ දොස්තරගේ මහා තැපැල් මංකොල්ලය

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 7 - හිත හොඳ දොස්තරගේ මහා තැපැල් මංකොල්ලය

අපේ හිත හොඳ දොස්තර මහත්තයාගේ පියාඹන තැපැල් කන්තෝරුවේ කතන්දරය මේ වන විටත් ඔබ කියවා ඇතැයි සිතමි. ෆැන්ටිප්පෝ රටේ මිනිස්සු නම කිව්ව පමණින් බයේ වෙව්ලන අමනුස්ස දූපතට ගොඩ බැස්ස අපේ දොස්තර මහත්තයා, පාවෙන බෝට්ටුවේ තැපැල් කන්තෝරුව පටන් ගත්තාට පසුව සිදු වූ නොයෙකුත් භයංකර හා චමත්කාර සිදුවීම් මාලාවේ තවත් ත් රාසජනක, ඒ වාගේම හාස් යජනක සිදුවීම් රාශියක් ඔබ දැන් කියවන්නට යන මෙම හිත හොඳ දොස්තරගේ මහා තැපැල් මංකොල්ලය කතා පොතේ ඇතුළත් වේ. රාජ් ය සම්මාන දිනූ ළමා කතන්දර ගණනාවක හා ශාස්ත් රීය ග් රන්ථ රාශියක කතුවරයා වූ සමරසිංහ ගුණසේකර විසින් පරිවර්තනය කරන ලද මේ කතා පොත හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ හත්වැනි කතා පොතයි.
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 3 - හිත හොඳ දොස්තර සහ අබිරහස් දූපත

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 3 - හිත හොඳ දොස්තර සහ අබිරහස් දූපත

හිත හොඳ දොස්තර සහ අබිරහස් දූපත නම් මෙම නවකතාව හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ තෙවන කොටස ය. හිත හොඳ දොස්තර ජෝන් ඩූ ලිට්ල් සහ ඔහුගේ පිරිවර සේනාව පාවෙන දූපත සොයාගෙන ගිය අයුරුත්, ශ් රේෂ්ඨ ස්වභාව විද් යාඥ ලෝ ඇරෝ ව ඔවුන් බේරාගත් අයුරුත්, පාවෙන දූපතේ ගෝත් ර දෙකක් අතර ඇතිවූ යුද්ධය සමනය කර එම රට එක් සේසත් කළ අයුරුත් මෙම කෘතිය කියවා ඔබට දැනගත හැක. මේ පුදුම දූපත තුළ හිත හොඳ දොස්තර ඩූ ලිට්ල් රජ වූ අයුරුත්, ඔහු එම දේශය සංවර්ධනය කළ අයුරුත්, අන්තිමේ දී පොලිනීසියාගේ අපූරු සැලැස්ම නිසා ඔවුන් ආපසු පඩ්බයි වෙත ආ අයුරුත් මෙම කෘතිය තුළ නිරූපණය වන්නේ අතිශය රසවත් ආකාරයට ය. ලොකු කුඩා හැම අයෙකුටම කියවා අපූරු රසවින්දනයක් ලබ
Out of stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 1 - හිත හොඳ දොස්තරගේ කතන්දරය

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 1 - හිත හොඳ දොස්තරගේ කතන්දරය

හිත හොඳ දොස්තර අපේ දරු දැරියන්ට මෙන් ම වැඩිහිටියන්ට අමුත්තෙක් නොවේ. රූපවාහිනියේ කාටුන් චිත් රපටයක් මගින් බෙහෙවින් ජනාදරයට පත් වූ මේ අපූර්ව චරිතය මුල් කරගත් කතා මාලාවක් ම වේ. හියු ලොටිං මේ ජනප් රිය චරිතය නිර්මාණය කළ පොත් පෙළේ නිර්මාණකරුවා ය. 1920 දී ඔහු දොස්තර ඩූ ලිට්ල් නම් වූ මේ හිත හොඳ දොස්තර ගේ අපූරු චරිතය ද, ඔහුගේ මිතුරන් වූ අවුරුදු දෙසියයක් වයසැති නුවණක්කාර ගිරවිය පොලිනීසියා ද, ඩැජ් ඩැප් නම් තාරාවියද, ගබ් ගබ් නම් ඌරු පැටියාද, චී චී නම් අප් රිකානු වඳුරාද, ජිජ් නම් බල්ලා ද ඇතුළු තවත් අපූරු චරිත ගණනාවක් නිර්මාණය කළේ ය. ලොව පුරා අතිශයින් ම ජනප් රිය වූ මේ ඩූ ලිට්ල් කතා මාලාවේ පළමුවැන්න හිත හොඳ
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 2 - හිත හොඳ දොස්තරගේ මුහුදු සවාරිය

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 2 - හිත හොඳ දොස්තරගේ මුහුදු සවාරිය

චමත්කාර වූත්, භයංකාර වූත් අත්දැකීම්වලින් අනූන වූ මුල්ම මුහුදු සවාරිය නිමකර ආපසු පයිවල ලස්සන ගෙවත්ත මැද පිහිටි කුඩා නිවාසයට ආ හිත හොඳ දොස්තර ඩූ ලිට්ල් සහ ඔහුගේ මිතුරන් අතරට තවත් අමුත්තෙක් එක් විය. මේ අමුත්තා පොලිනීසියා නම් නුවණක්කාර ගිරවිය, ඩැබ් ඩැබ් තාරාවිය, චී චී වඳුරා, ගබ් ගබ් ඌරු පැටියා හෝ ජිප් නම් බල්ලා වැනි සතෙක් සිව්පාවෙක් නොවේ. කුඩා ළමයෙකි. ටොම් ස්ටබින්ස් නම් මෙම ළමයා අණ්ඩ කැඩුණු ලේනෙකුට වෙදකම් ගැනීමට දොස්තර මහත්තයා හමුවිය. පසුව ඔහු දොස්තර මහත්තයාගේ හොඳම මිත් රයෙක් විය. ඔහුගේ සහායකයා විය. හිත හොඳ දොස්තර හා ඔහුගේ අපූරු පවුලේ සාමාජිකයෙක් විය. හිත හොඳ දොස්තරගේ ඊළඟ මුහුදු සවාරියට ටොම් ස්ටබි
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 4 - හිත හොඳ දොස්තරගේ පුදුම හිතෙන සර්කස් එක

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 4 - හිත හොඳ දොස්තරගේ පුදුම හිතෙන සර්කස් එක

දොස්තර ඩූ ලිට්ල් හරිම පුදුමාකාර මනුස්සයෙකි. වෙදකම පිළිබඳ ඉහළම උපාධිය ලබාගෙන දොස්තර මහත්තයකු වූ ඔහු මුල් කාලයේ දී මනුස්සයන්ට වෙද හෙදකම් කරමින් ලක් ෂ ගණන් සල්ලි හම්බ කළේ ය. දක් ෂ දොස්තර කෙනෙකු නිසා රට පුරා පැතිරුණු කිර්තිය ද රැස්කර ගත්තේ ය. පසු කාලයක ඔහු මේ සියලු දේ අත්හැර දමා සතුන්ට පමණක් වෙදකම් කිරීමට පටන් ගත්තේ ය. හිත හොඳ දොස්තර මහත්තයාට අප් රිකාවේ වඳුරන් වසංගත රෝගයකින් පීඩා විඳිමින් සිටින බව ආරංචි වූයේ ය. වඳුරන් රැකගැනීමට බෝට්ටුවක නැගී අප් රිකාවට ගිය දොස්තර මහත්තයා නොයෙකුත් භයංකාර, ත් රාසජනක හා චමත්කාර අත්දැකීම්වලට මුහුණ දෙමින් වඳුරන් ද සුවපත්කොට පයිවල ලස්සන ගෙවත්ත මැද පිහිටි කුඩා නිවසට ආපසු
In stock
කන්දේ භූතයා

කන්දේ භූතයා

මම අනුමාන කරන විදිහට... ජෙන්සන් මහත්තයා පෙනී හිටියෙ වනජීවී ඡායාරූප ශිල්පියෙක් විදිහට. එයා එදා ජනේලයෙන් පිටත බලන කොට වලහෙක් කුණු කූඩය ළඟට එනවා දැක්කා කියලා අපිට කිව්වා. එතන ඉඳලා ඡායාරූපෙ ගන්න බැරි නිසා එයා පිටිපස්සට එන්න තීරණය කරලා. අපි හිතන්නෙ එයාට පහර දුන්නෙ ඒ අද්භූත සතාමයි කියලා. ස්මදර්ස් මහත්තයා කියන්නෙ එළිය පත්තු වෙලා නිවිලා යද්දී ඒ සතා බය වෙලා පහර දුන්නා කියලා. ජෙන්සන් දැන් දොස් පවරන්නෙ දෙවැනි වලහට "ජෙන්සන් කන්දේ භූතයා ගැන රහස දන්නෙ නැද්ද? බොබ් හිස සැලුවේය. "එයාට කියන්න කිසිම අවශ් යතාවක් තිබුණේ නැහැ. ඒ වගේම එයා කොහොමටවත් අපිව විශ්වාස කරන එකක් නැහැ. මම හිතන්නෙ නැහැ ඔයා ඇර වෙන කිසිම කෙනෙක්
In stock
ඔලේසියා

ඔලේසියා

රුසියානු අධිරාජ් යයේ ප් රධාන හමුදා අණදෙන මූලස්ථානයට අනුබද්ධිත හමුදා ඇකඩමියට ඇතුළත්වීමට යමින් සිටියදී ඇතිවූ බහින්බස් වීමකින් පසු පොලිස් භටයකු දිය පහරකට තල්ලු කිරීම නිසා උසස් හමුදා නිලයක් දැරීමට තිබූ අවස්ථාව ඇහිරීමෙන් ද පසුව පූජකවරයක් ලැබීමට ගොස් අසාර්ථක වීමෙන් ද රුසියානු සාහිත් යයට උසස්ම අන්දමින් ආයාද වූ අලෙක්සාන්දර් ඉවානවිච් කුප්රින් වනාහි සිංහල පාඨකයාට විශේෂයෙන් හඳුන්වා දිය යුතු ලේඛකයෙක් නොවේ. සාහිත් යයේ සදාතනික තේමාවක් වන ප් රේමයේ ඛේදනීය පාර්ශ්වය විචිත් රත්වයට පත්කරන, 19 වැනි සියවසේ අන්තිම කෙළවරේදී ලියැවුණු ඔහුගේ 'ඔලේස් යා ් නම් නම් කෙටි නවකතාව, කතුවරයා අතින් මුලින්ම බිහිවූ විශාලතම මෙන්ම ඔහු
In stock
ලුමුම්බා සරසවියේ දසවසක්

ලුමුම්බා සරසවියේ දසවසක්

ලුමුම්බා සරසවියේ දසවසක් මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර විසින් පුරා වසරක කාලයක් ලක්බිම ඉරිදා සංග් රහයට ලියන ලද ලිපි පෙළක එකතුවකි. මෙම ග් රන්ථය, දශක හතක් තිස්සේ සෝවියට් සමූහාණ්ඩු සංගමයේ ක් රියාත්මක වූ දේශපාලන හා සමාජාර්ථික රටාව පිළිබඳව කෙරෙනා ගැඹුරු විශ්ලේෂණයක් නොව, කතුවරයා පැට් රිස් ලුමුම්බා මිත් රත්ව විශ්ව විද් යාලයේ ගතකළ කාලය තුළ දකින්නට, අසන්නට, කියවන්නට ලැබුණු දෑ ලාංකික පාඨක භවතුන් සමග බෙදා ගැනීමට දරන වෑයමක් වෙයි. මොස්කව් නුවර පැට් රිස් ලුමුම්බා ජනතා මිත් රත්ව විශ්ව විද් යාලයෙන් රසායන විද් යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලැබූ ජයන්ත ලාල් රත්නසේකර දැනට ශ් රී ලංකා රජරට විශ්ව විද් යාලයේ ව් යවහාරික විද්
Out of stock
ලෙනින්ගේ ගීතය

ලෙනින්ගේ ගීතය

මොරටුවේ, කොරළවැල්ල නම් වූ ගමේ උපන් ෆීලික්ස් කොරළවැල්ල රෝමාණු කතෝලික ප් රාථමික පාසලේ තුන්වන ශ් රේණිය දක්වා අධ් යාපන ලබා, හතරවන ශ් රේණියේ සිට උසස් පෙළ දක්වා මොරටුව උයන සාන්ත සෙබස්තියන් විදුහලේ අධ් යාපනය ලැබූවෙකි. පසුව සෝවියට් දේශයේ පැට් රිස් ලුමුම්බා අනුස්මරණීය ජාත් යන්තර මිත් රත්ව විශ්ව විද් යාලයට 1987 වර්ෂයේ ඇතුලත්ව අධ් යාපනය ලබා 1994 වර්ෂයේ නැවත ලක්දිවට පැමිණ රාජ් ය සේවයට ඇතුලත් වූවෙකි. සෝවියට් රුසියාවේ දේශපාලන සමාජීය හා සංස්කෘතික ආභාෂය ලත් ෆීලික්ස් සෝවියට් සාහිත් යයට ආදරය කළ පුද්ගලයෙක් ලෙස, ලාංකීය පාඨකයින්ට දුර්ලභ අත්දැකීමක් ලබාදෙමින් සෝවියට් සාහිත් ය කරුවන් රැසකගේ කවි රුසියානු භාෂාවෙන් සිංහ
In stock
ඇගේ ප්රේම නගරය

ඇගේ ප්රේම නගරය

වින්ටන් කුරේ මහත්මා ලේඛන කලාවට පිවිසියේ, 1962 දී සිය පාසල් මාතාව වූ ශ් රී ජයවර්ධනපුර මහා (ක් රිස්තියානි) විද් යාලයයේ 'maroon and silver වාර්ෂික සඟරාවෙහි ලිපියක් පළකිරීමෙනි. ඒ ලිපිය මක්සිම් ගෝර්කි නමැති විශ්ව සම්භාවනාවට පත් මහා ලේඛකයා පිළිබඳව විය. එනයින් පාසල් සමයේ සිටම රුසියානු සහ සෝවියට් සාහිත් යය මෙන්ම සාහිත් යධරයින් කෙරේත් මෙම කෙටිකතා සංග් රහයේ පරිවර්තක ආකර්ෂණය වූ අන්දම විශද වේ. එසමයේදීම ස්වතන්ත් ර කෙටිකතා මෙන්ම කාව් ය රචනයටද එළඹෙන වින්ටන් කුරේ මහත්මා විසින් 1969 දී 'හඬාලා කම්පා වුවත් නමින් ද 1972 දී දෝංකාරය' නමින් ද කාව් ය සංග් රහ දෙකක් ප් රකාශයට පත් කර තිබේ. ඉක්බිති ගතවූ කාලයෙහිදී උඩකැන්ද