Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ගිගිරි වළලු පය නොලා

ගිගිරි වළලු පය නොලා

බිඳපු පිගාන අලවන්න බෑ මං අහන ප් රශ්නට ඇයි උත්තරයක් දෙන් නැත්තෙ? මගේ උත්තරේ ඔයා දන්නවනෙ. මං කියන දේ තේරුංගන්න, ගෑනු ළමයෙක් මට තනියම හදා ගන්න බෑ. ඔයාගේ අම්ම ඉන්නෙ. ඔහු අතේ තිබුණ පොත පැත්තකින් තැබීය. ඉස්තෝප්පුවේ සිට ගෙතුළට ගියේය. මිදුලට පැමිණි කුලී රියේ නළා හඬට ඔහු පැමිණියේය. ඔයා අද ඉන්නව ද? " දුව ආවම මං යනවා " දුව පන්තියෙන් අරන්, අක්කලගෙ ගෙදර එක්ක යන්න මං පොරොන්දු වුණා" ඇය පුටුවෙන් නැගිට්ටේ ඔහු දෙස නොබලමිනි. මට බස්සගෙන යන්න පුළුවං ඇය ඔහු දෙස බලා හුස්මක් ඉහළට ගත්තාය. ඔයා කියන්නෙ සේරටම වැරදිකාරයා මං ද? නෑ, මංනෙ. රණ්ඩු නොවී ඉන්නම බෑ නේද? දුවේ.... පද හැදුවට මං වේසකං කළේ නෑ." ඇය මිදුලට බැස්සාය.
In stock
මියෙනා තුරු මා

මියෙනා තුරු මා

"නෝනේ දුලන් මහත්තයා නෝනට ගොඩාක් ආදරේ.. ඊයේ රෑ පිස්සෙක් වගේ හැසිරුනේ... මුළු ඉස්පිරිතාලෙම දෙවනත් කරා.. එක තප්පරයක් නෝනගෙන් ඇස් අහකට ගත්තේ නෑ.. අයි.සීයූ එක ළඟ එළිවෙනකල් හිටගෙන අර පොඩි රවුමෙන් බලාගෙන අඬනවා.. මං ජීවිතේට එහෙම පිරිමියෙක් විඳවනවා දැක්කෙ නෑ.. "අනේ.." "ඔව් නෝනේ අර දුලන් මහත්තයගෙ යාලු දොස්තර මහත්තයා උදේ බොරු ගොඩක් කියලා දුලන් මහත්තයව ගෙදර එව්වේ..නොනට ඇදුමක් ඕනි කියලා..ඒත් අපි ගෙදර ආවා විතරයි පොලිසියෙන් ආවා දුලන් මහත්තයා එක්ක යන්න "මොකක්.." ඔව්..පොලීසියෙන් ආවේ දුලන් මහත්තයගෙම තාත්තා එක්ක.. "අනේ එයාවත් දුලන්ව බේරගත්තේ නැද්ද? මොන බේරිලිද නෝනා.. ඒමිනිහා ගත්කටටම කීවා. මගෙ පුතා උනත් කමක්නෑ වැ
In stock
අශිරාධිපතියෝ - මෘගයාගේ නැගී සිටීම - මලිති ප්රකාශන

අශිරාධිපතියෝ - මෘගයාගේ නැගී සිටීම - මලිති ප්රකාශන

"පුරාණයේ ඉඳන් පැවතෙන නීතිවලට අනුව, අශිරා රජ කෙනෙකුට දාව මුල්ම උපත හැටියට පිරිමි නිවුන්නන් ඉපදුණොත්, ඒ දෙන්නා අතරින් රජකමට හිමිකම දරන්නේ බාල දරුවායි... මහලු ස්ත් රිය එසේ කියමින් ගල් ගුහා දොර අභියසදී බාල දරුවා ඉහළට එසෙව්වාය. "මෙන්න... නුඹලාගේ අනාගත රජු...! මහලු ස්ත් රිය මහත් හඬකින් කී විට ජනයා උස් හඬින් ප් රීනි ඝෝෂා කළෝය. නැවත සාෂා අසලට ඇවිද ආ ඇය බාල දරුවා කිරි මවක් අතට දී සාෂා අත සිටි වැඩිමල් පිරිමි දරුවාව තම අතට ගත්තාය. ඇය යළින් සෙනඟ ඉදිරියට යන විට සාෂා මෙන්ම අනෙක් පිරිසද කුතුහලයෙන් බලා සිටියහ. මේ වගේ දුර්ලභ උපතක් සිදුවෙන්නේ එවැනි උපතක් සිදුවිය යුතු කාලයකයි. මේ දුර්ලභ උපතේ පෙර නිමිත්ත අනාගතයේ
In stock
විල්තෙර - කෙටිකතා සංග්රහය

විල්තෙර - කෙටිකතා සංග්රහය

පන්හිඳ ඇසූරේ නැවූම් සංකල්පනා මූදා හරින්නට වෙර දරන සූවහසක් නිර්මාණශීලී අංකූර ලේඛක ලේඛිකාවන් හට කලඑලි බසින්නට මංපෙත් අභිමි සමාජයක ඔවුන්ගේ හැකියාවන් හා අභිමතාර්ථයන් මේ සමාජය මත විසුරවා හරින්නට තෝතැන්නක් වෙමින් නෙත්රෝ ප් රකාශන මෙලෙස ඉටූ කරන්නේ මේ මොහොතේ ඒ හැර කළ යූතු අන් කිසිදූ දෙයක් නොවන වග හොඳින්ම දන්නා හෙයිනි. මෙය තරමක අවදානම් කාර්යයකි. එසේ වූවද දෙනෙත් පියාගෙන මෙම කාර්යය නොදුටුවා සේ මගහැර යෑම කළ යූත්තක් නොවන වග අපේ විශ්වාසයයි. ඉතින් මෙම කෙටි කතා සංග් රහය එම විශ්වාසය වෙනුවෙන් නෙත්රෝ අපේ යුතුකමේ තරමය. අපි අංකුර ලේඛක ලේඛිකාවන් 33 දෙනෙකුගේ නිර්මාණ යාත් රාව මෙලෙස ඔබ වෙතට සමීප කරමු.
In stock
ඉත්ථි
In stock
අතැඟිලි පැටලී

අතැඟිලි පැටලී

මෙච්චර ප් රශ්ණයක් වෙලා තියනවා. තමුසෙට තියෙන්නේ කෑම එකේ සිහිය... සහස්න කෝපයෙන් මගේ කනට කර කොඳුරන විට දෙලොව සිහි වුණේ ඔහු මා සිතන දේ පවා ඉවෙන් මෙන් වටහා ගන්නා නිසාවෙන්. මේ කෙල්ල ගොඩේ නිසයි මම කැමති මිෂේල්. තමුසෙලා සිද්ද පත්තිනි වගේ රඟලා රෙද්දේ තුත්තිරි අලෝ ගත්තට මගේ ගොඩේ කෙල්ලගේ රෙද්ද පිරිසිදුයි මිෂේල්. ඒකයි තමුනුයි විහංගනාගෙයි අතරේ තියන වෙනස... දෙනෙතේ කඳුළු පොකුරු පිටින් කඞා වැටෙන විට එම යුවතිය දිව ගියේ කිසිවක්ම නොපවසමින්. සහස්න යළිත් මා දෙසට හැරුණේ එතරම් හොඳකින් නෙමේ. දැන් තමුසෙට දැන ගන්න ඕන් නැද්ද? ඒ කෙල්ල කවුද? කියලා... මම නැතැයි කියන්නට මෙන් හිස දෙපසට හෙළුවේ යම් බියකින්. ෂික්... උඹ වගේ ගෑනි
In stock
බංගලි වළලු

බංගලි වළලු

"මවා ගන්න හැදුවට ඔයාට නපුරු වෙන්න බෑ පුන්සරා.. හැබැයි ඔයා එහෙම කරන එක හොඳයි.. එතකොට ඔයා තවත් ලස්සන වෙනවා.. නොසිතූ ඇසිල්ලක මගේ අකීකරු මුවින් ගිලිහී ගිය වදන් යළි ආපසු ඇද ගන්නට මා පමා වී අහවරය. මා කීව අසා උන් දර්ශන මදෙසට හැරී ගත්තේ විස්මයෙන් පිරී ගත් නෙතින් යුතුව වග මා හොඳින්ම දැකීමි. ඒ ඇසිල්ලේම මගේ දෙනෙත් පුන්සරා දෙසට ඇදී ගියේ නිරායාසයෙනි. ඇය උන්නේ රතුව ගිය වතින් යුතුවය. එහි වූයේ කෝපයක්ද එසේ නොවේ නම් ලැජ්ජාවක්දැයි මට එතරම් පැහැදිලි නොවිණි. "වාව්.. මාර ලස්සන වචන සෙට් එක. පුන්සරා අදම ගිහිං උඹේ හඳහන බලව ගනිං.. මට පේන්නෙ මෙච්චර කාලයක් උඹේ හඳහනේ බින්න බැහැල හිටිය සෙනසුරු ට් රාන්සර් වෙලා සිකුරා බෝඩ් ව
Out of stock
අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය 2

අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය 2

මේ වනවිට ශෙන් චිංච්ඡු, ලුඔ බිංහට ද් රෝහී වී තෙවසරකි. එසේම, ඔහුගේ එම නැසීගිය ශිෂ් යයා, මරණයෙන් නැවත පැමිණ සිය බලය තහවුරු කිරීමටද තවත් දෙවසරක් ඉතිරිව ඇත. නොඑසේ නම්, අඩුම තරමේ එය සිදුවිය යුතුව තිබුණේ එලෙසිනි. කෙසේ නමුත්, ශෙන් චිංච් යු එක්තරා අද්භූත වසංගතයක් පිළිබඳව ව්මර්ශනය කරමින් සිටින අතරතුර වටහාගනු ලැබුවේ, තමාගේම ක් රියාවන් හේතුවෙන්, මුල් නවකතාවේ පථය වෙනස් වී, ලුඔ බිංහ නිසි කාලයට වඩා බොහෝ පෙරාතුවම නැවත පැමිණ සිටින බවයි. ශෙන් චිංච් යුගේ අතිදක්ෂ පලා යාමේ සැලැස්මද තවම සූදානම් නැත. එයටත් වඩා බරපතළ කරුණ නම්, ශෙන් චිංච් යුට තවදුරටත්, සිය ශිෂ් යයාගේ ක් රියා පිළිබඳව පුරෝකථනය කළ හැකි නොවීමයි. නොවෙනස්ව
In stock
අසුර ධ්යානවේදයේ මහා නිමැවුම්කරු 2

අසුර ධ්යානවේදයේ මහා නිමැවුම්කරු 2

විච්ඡේදනය කරන ලද මළසිරුරකින් ලැබෙන හෝඩුවාවන් ඔස්සේ, වෙයි වූෂියැන් සහ ලන් වංජි මිහිදුමෙන් වැසීගිය, අනේක විධ නොසන්සුන් ආත්මයන් ගැවසෙන, අත්හැර දමන ලද 'යී නගරයට' පිවිසෙති. ක් රෑරත්වයෙන්ද, සාහසික බවින්ද උමතු වූ සතුරෙක් එහි වූ අඳුරු සෙවණැලි අතර සැඟවි සිටින්නේ, හද කකියවන ශෝකාන්තයක තතු පිළිබඳ පූර්වෝක්ති කතාන්දර කියන්නට සැරසෙමිනි. අද්භූත මළසිරුරේ අනන් යතාවය පිළිබඳ රහස අවසානයේ හෙළිදරව් වූ පසු, එහි ඝාතකයා සොයාගනු වස්, ධ් යානවේදී ලෝකයේ දේශපාලනයේ ගැඹුරට කිමිදෙන්නට වෙයි වූෂියැන්ට සිදු වේ. මෙම ගමනේදී සිය සතුරන් තමාට සමීපයෙන් තබාගැනීමට ඔහුට සිදුවන අතර, ලන් වංජි අන් කවරදාකටත් වඩා ඔහු හා එක්ව පියවර තබයි.
Out of stock
දිව්යාශිංසන 2

දිව්යාශිංසන 2

සන් ලං නම් වූ මනබන්දනීය යෞවනයා වනාහි සියලු ස්වර්ගීය දෙවිවරුන්ගේ නොමනාපයට පාත් ර වූ, චතුර් මහා විපර්යාය නාම ලාභී, කුප් රකට අසුර රජ හුආ චෙංම බව ෂිඑ ලියාන් සහතික කොට ගත්තේය. එහෙත් තවමත්, කතාන්දරවල සිටින බිහිසුණු අසුරයාත්, තමාට හමු වූ සුහුරු, ආකර්ෂණීය, රක්ෂක ගුණයෙන් හෙබි යොවුන් තරුණයාත් අතර ගැළපීමක් දැකීමට ඔහු අපොහොසත් වී තිබිණි. මේ අතර, අනපේක්ෂිත අනතුරු සංඥාවක් හේතුවෙන් භූතපුරය වෙත යාමට ෂිඑ ලියාන්ට මඟ හෙළි වේ. මළවුන්ගේ ලොවෙහි සියලු භයංකාරයන් සහ ආස්වාදයන් කැටි වූ මේ ජනාකීර්ණ පුරවර පෙදෙසෙහිදී, හුආ චෙංගේ නිජබිම වූත් බල ප් රදේශය වූත් භූමියෙහිදීම ඔහු දැකගැනීමට ෂිඑ ලියාන්ට අවස්ථාව එළැඹේ. පළමුවරට, හුආ ච