Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
මූර්ති ශිල්පියාගේ සුජාත ආදරවන්තිය

මූර්ති ශිල්පියාගේ සුජාත ආදරවන්තිය

තෝමස් හාඩිගේ ද වෙල් බිලවුඩ් (1897) නමැති ලෝ පතළ නවකතාව 19වන සියවසේ එංගලන්තයේ පෝර්ට්ලන්ඩ් දූපත වශයෙන් හැඳින්වෙන කුඩා අර්ධද්වීපය පසුබිම් කරගෙන අපේ ජීවිතාවබෝධය පුළුල් කරවන නිර්මාණයකි. ආදරයට අධිපති දෙවඟනගේ බලපෑමෙන් තමාගේ සුජාත ආදරවන්තිය කාන්තා දේහයකින් තවත් කාන්තා දේහයකට සංක් රමණය වන්නේ යයි සිතා එක ම පවුලේ පරම්පරා තුනක යුවතියන් තිදෙනෙකුට හා තවත් යුවතියන් කිහිප දෙනෙකුට පෙම් කළ පියර්ස්ටන් ජීවන කතරේ අතරමං වෙයි. මහලු වියට පා තබද්දී ඔහු ඔහුගේ පැරණි ආදරවන්තියක වූ මාර්සියා හා සමඟ විවාහ වෙයි. විසිතුරු ලෝකයක සැරිසරා අවසානයේ දී යථාර්ථය පසක් කරගෙන සාධනීය ලක්ෂණයන්ගෙන් තොර විසිතුරු සංකල්පනාවන් පැතිරී යාම වැළැක
Out of stock
ප්රතිමාවේ පිබිදීම - Seven wonders 2

ප්රතිමාවේ පිබිදීම - Seven wonders 2

ජැක් මැකින්ලේ අසාමාන් ය ගැටලුවකට මැදිවු සාමාන් ය දරුවෙකි. මාස හයක් තුළ ඔහු මිය යාමට නියමිතය හදිසි අනතුරකට ලක්වන ජැක් අද්භූත ස්ථානයක පිහිටි රෝහලකට ගෙනයනු ලබයි. ආයුධ රැගත් ආරක්ෂකයින් අමුතු දරුවන් සහ අපූරු සත්වයන් එය ආරක්ෂා කරයි. පැන යාමට කිසිදු ඉඩක් නැති එම රෝහල පාලනය කරනු ලබන්නේ වයසක මහාචාර්යවරයෙකි. ජැක් ඉපැරණි අතුරුදහන් ශිෂ්ටාචාරයක රජ කුමරකුගෙන් පැවත එන බව මහාචාර්යවරයා පවසයි. ඉපැරණි ශිෂ්ටාචාරය අතුරුදහන් වනවිට මායාමය ලෝකුලි හතක් සොරකම් කර ලොව පුරා විවිධ ස්ථානවල සඟවා තිබිණි. ඒවා නපුරු දෑත්වලට පත් වීමට පෙර සොයා ගැනීමට ජැක්ට සහ මිතුරන්ට සිදුවේ ඔවුන් එයට අසමත් වුවහොත් ලෝකයෙන් ජීවය තුරන් වනු ඇත. ජැක
Out of stock
සතුරෝ

සතුරෝ

හිට්ලර් ගේ නාසි හමුදා පෝලන්තය ආක් රමණය කර යුදෙව් සංහාරය කළ අවස්ථාවේදී යුදෙව් තරුණයෙකු වු හර්මන් බ් රෝඩර් ඔහුගේ ජීවිතය බේරා ගත්තේ ඔහුගේ නිවසේ සේවය කළ යුදෙව් නොවන මෙහෙකාර තරුණියක වු යැඩ්විගා ගේ උපකාරයෙනි. ඇය ඔහුව ඇගේ නිවසේ පිදුරු මඩුවක සඟවා තබා ඔහුගේ දිවි ගළවා ගනී. තම බිරිඳ වූ තමාරාත් දරුවන් දෙ දෙනාත් නාසින් විසින් වෙඩි තබා මරා දමා ඇති බව හර්මන් දැන ගන්නේ පසුවය. යුද්ධය අවසන් වු පසු යැඩ්විගාත් සමඟ ඇමරිකාවට පලා යන ඔහු එහි දී ඇයව විවාහ කර ගනී. පසුව ඔහුට පෝලන්තයේ සිට යුදෙව් සංහාරයෙන් දිවි ගළවා ගෙන ඇමරිකාවට පැමිණි යුදෙව් තරුණියක වු මාෂාව මුණ ගැහෙයි. ඇය සමඟ අනියම් සබඳතාවයක් ඇති කර ගන්නා ඔහුපසුව යැඩ්වි
Out of stock
පුංචි කුමාරයා සහ හිඟන පැටියා

පුංචි කුමාරයා සහ හිඟන පැටියා

පුංචි කුමාරයා සහ හිඟන පැටියා මාරු වුණු අනන් යතාවන් ගැන කියවෙන බොහෝ විනෝදාත්මක කතාවකි. ටොම් කැන්ටි හා එඩ්වඩ් ටියුඩර් පෙනුමෙන් එක හා සමාන වුණත් ඔවුන්ගේ ජීවිත අහසට පොළොව මෙන් එකිනෙකට බොහෝ වෙනස් ඒවාය - රාජකීය කුමාරයෙක් වෙන එඩ්වඩ් සිංහාසනයට උරුමක්කාරයාය - ටොම් අසරණ හිඟන්නෙකි. කාරණා මෙසේ තියෙද්දී, එක් දිනක, දෛවයේ මැදිහත් වීම නිසා දෙදනාට කෙටි කලක් යනතුරු අනෙකාගේ ජීවිතය අත් විඳීමට සිදු වන්නේය. මේ පොත පෆින් ක්ලැසික්ස්ක් පොත් මාලාව වෙනුවේන සංක්ෂිප්ත කළ මාර්ක් ට්වේයින්ගේ the prince and the pauper පොතේ පරිවර්තනයකි. එය අ.පො.ස සාමාන් ය පෙළ විභාගයේ ඉංග් රීසි සාහිත් ය විෂයය සඳහා අතිරේක කියවීම් පොතක් ලෙස ද න
Out of stock
වධක භූමි

වධක භූමි

එක් අරුණු උදාවක ඉරාකයේ බැග්ඩෑඩ් නුවර වැසි මුස්තාපා අලී නොමාන් නම් ඇදුරු කෙනෙකු තම සේවා ස්ථානය වන උසස් පාඨශාලාව අසලදී අත් අඩංගුවට ගැනෙයි. එතැන් සිට ඊළඟ මාස පහළොව තිස්සේ යමපල්ලන්ගෙ දෙතිස් වධයට ලක්වන හෙතෙම ඔහු අත වරද ඇතුවා හෝ නැතුවා මුස්තාෆා අලිගේ පරම උත්සාහය වන්නේ මා මේ දකින්නේ සිහිනයක්ද නැද්දැයි යන්න තේරුම් බේරුම් කර ගැනීමටය. මහ්මුද් සයීඩ්ගේ අති ප් රබල යථාර්ථවාදී අඛ් යාන රටාව අපට සිහිගන්වන්නේ ප් රාන්ස් කෆ්කා, සොල්ෂෙනිට්සින් හා එලී වීස්ල්ගේ ප් රකාශන ෂානරයේ වත්පොහොසත්කමයි. සදාම් හුසේන්ගේ මිනීමරු ගැස්ටාපෝවේ කුරිරු දත් තිස් දෙකට මැදිවන කඩමාල්ලක් 1938 දී ඉරාකයේ මොසුල්හිදී උපත ලද මහ්මුද් සයීඩ් වසර තු
Out of stock
මුඩුක්කුවේ අප්සරාවිය

මුඩුක්කුවේ අප්සරාවිය

1854 ජූනි මාසයේ එක සැඳෑවක රූමත් තරුණියක ඇගේ හය හැවිරිදි කුඩා දියණිය ද සමග නගරයේ පාළු මාර්ගයක දිව යමින් සිටියේ ඇය පිටුපසින් ලුහුබැඳ එන පොලිස් නිලධාරින් දෙදෙනාගෙන් ගැලවීම සඳහා ය. දුවන අතරම ම ඇය තම දියණියව පාර අයිනේ පරණ රෙදිවලින් පිරි අත් කරත්තයක් තල්ලු කරගෙන යමින් සිටි මහලු ගැහැනිය දෙසට තල්ලු කළා ය.ගණිකාවන්ගෙන්, පිම්පියන්ගෙන් හා භයානක මැරයින්ගෙන් පිරි එම පාළු මාර්ගයේ එවැනි රූමත් දැරියක තනිකර දමා ගියහොත් ඇය ඔවුන්ගේ ගොදුරක් වන බව මහලු ගැහැනිය දැන සිටියා ය. මිලී කුඩා කලදීම රැගී ඇගී නමින් හඳුන්වනු ලැබූ ඇගී වින්කොව්ස්කිගේ ජීවිතයට පිවිසෙන්නේ ඒ අයුරිනි. පසු කලෙක ඉතාමත් සුන්දර තරුණියක ලෙස වැඩී ආ මිලීට ධ
Out of stock
අභිනන්දනය

අභිනන්දනය

ජීවිතය සොඳුරු මල් උයනකි. සිදුවීම් ලෙස නොකඩවා දිගහැරෙන මල් පෙති තුළින් ප් රසන්න සුවඳක් මෙන්ම විටෙක අප් රසන්න අමිහිරියාවක් ද වහනය වේ. ඒ සියල්ල ආත්මිකව, ශාරීරිකව, මානසිකව හා වෘත්තීයව සැබෑ ජයග් රාහකයින් ඉහළට ඔසවා තබන ශ් රේෂ්ඨ අවස්ථාවන් වේ. තත්ත්ව, අවස්ථා නිර්මාණය කිරීමෙන් හා පාලනය කිරීමෙන් ලබන ගතික බලය මානවයාගේ ආධිපත් යයට මෙන්ම ලොව්තුරු විකසිතභාවයට ද මං තනයි. නිර්වාණය හෝ අපාය වෙත යමෙක් කැඳවන සිය ජීවිතයේ ප් රමිතිය තීරණය වන්නේ සිදුවීම් සඳහා එකිනෙකා දක්වන අර්ථ නිරූපනය මතය. අභිනන්දනය තත්ත්ව, අවස්ථා පාලනය කිරීම හා නිර්මාණය කිරීමේ ප් රහර්ෂය හැඳිනගත් මානව භාවයේ කතාවයි.
Out of stock
ගැබී

ගැබී

මෑන්හැටන්වල ඇති තමන්ගේ දෙමව්පියන්ගේ සුඛෝපභෝගී නිවසේ දෙවෙනි මහළට යන තරප්පු පේළියේ ඉහළ සැඟවී, සත් හැවිරිදි ගැබ්රියෙල්ලා නිවසේ පවත්වන සාදයට එන අමුත්තන් දෙස හොරෙන් බලා සිටින්නීය. අම්මාගේ අඩි උස සපත්තුවලින් නැඟෙන ක්ලික්, ක්ලික්,ක්ලික් ශබ්දය ඇසෙද්දී ඇගේ හදවත බියෙන් වෙළෙන්නේ ය. ඇගේ ලෝකය බිය, ද් රෝහිකම හා වේදනාවේ මිශ් රණයකි. තමන්ට සැඟවෙන්න පුළුවන් ආරක්ෂාව සහිත කිසිම තැනක් නැහැ කියා ඇය දන්නීය. ඇගේ දෙමාපියන්ගේ විවාහය බිඳ වැටෙද්දී ඇගේ අම්මා ගැබ්රියෙල්ලා කන් යාරාමයක දමා යන්නීය. කන් යාරාමයේ ආරක්ෂාව හා කන් යා සොයුරියන්ගේ නිහඬ පිළිවෙත් මැද්දේ පහර කෑමෙන් හෙම්බත් වුණු ගැබ්රියෙල්ලා තරුණියක් වුණු පසු තරුණ ෆාදර්
Out of stock
පර්සි ජැක්සන් සහ අකුණු හොරා

පර්සි ජැක්සන් සහ අකුණු හොරා

Pergy jackson & olympians the lightning thief පර්සි ජැක්සන් සහ අකුණු හොරා මෙහෙමයි, මට අර්ධ ලෝහිතයෙක් වෙන්න ඕනැ වුණේ නැහැ. ග් රීක දෙවියෙකුගේ පුතෙක් වෙන්න කොහෙත්ම උවමනා වුණේ නැහැ. මමත් අනෙක් ළමයි වගේම ඉස්කෝලේ යමින්, පැසිපන්දු ක් රීඩා කරමින් සාමාන් ය ජීවිතයක් ගත කළ කොල්ලෙක්. ඒත් දවසක්, මම අහම්බයෙන් වගේ මගේ ගණිත ගුරුතුමියව වාෂ්ප කළා. දැන් මට වැඩිපුරම කරන්න වෙලා තියෙන්නේ රාක්ෂයින් සමඟ සටන් කිරීම සහ පණ බේරාගෙන ඉන්න උත්සාහ කිරීමයි. අහසට අධිපති, සියුස්ගේ ප් රධාන අකුණ හොරකම් කළ බවට සියුස් මට චෝදනා කරන්නේ මේ අතරවාරයේදියි. අහසට අධිපති දෙවියන්ගේ උදහසට ලක්වීම කොහෙත්ම හොඳ දෙයක් වූණේ නම් නැහැ.
Out of stock
ඇමසන් වනයේ ඇස

ඇමසන් වනයේ ඇස

ඇමසන් වනයේ ඇස මායා පහනේ දරුවන්ගේ පස්වැනි ත් රාසජනක වික් රමය පරිවර්තනය මංජුල දිසානායක බහිරව නිවුන් දරුවන් වන ජෝන් සහ පිලීපා මෙවර ඉපැරණි මායාකාරී අබිරහසක් සොයා තම වික් රමය අරඹති. මේ අතර බර්ලීනයේ කෞතුකාගාරයෙන් දුර්ලභ ඉන්කා පුරාවස්තු රැසක් සොරකම් කෙරෙයි. ගැටලුව විසඳීමට බැබිලෝනියාවේ නිල බහිරවිය ජෝන්, පිලීපා සහ නිම්රොඩි ඇතුළු පිරිසක් ඇමසන් වනාන්තරයට යවනු ලබයි. එහි දී ඔවුන්ට ප් රබල ඉන්කා බන්ධනයක් යොදනු ලැබූ ඇමසන් වනයේ ඇස නමැති දොරටුව සොයා ගැනීමට හැකි වේ. මේ අතර තම අහිමි බහිරව බලය නැවත ලබා ගැනීමට ඉපැරණි ඉන්කා යාතුකර්මයක් කිරීමට සැරසෙන ඩයිබක් ද වනාන්තරයේ ඇස සොයා පැමිණෙයි. මේ යාතුකර්මයෙන් ලොව ම විනාශ කළ