Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 17 - හිත හොඳ දොස්තරගේ මහදෙණිය වලව්වේ පලහිලව්ව

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 17 - හිත හොඳ දොස්තරගේ මහදෙණිය වලව්වේ පලහිලව්ව

දවසක් මහ රෑ දෙගොඩ හරියේදී දොස්තර මහත්තයා නින්දෙන් අවදි කළ කෙනෙක් මහදෙණිය වලව්වේ බිං ගබඩාවේ ගින්නක් ඇවිලෙමින් තිබෙන බවත්, ගින්නට මැදිවී සිටින තමාගේ දරු පවුල බේරා දෙන ලෙසත්, දොස්තර මහත්තයාට ආයාචනය කළේය. කාට හරි විපතක් වුණාම හිත උණුවන, වෙලාවක් කලාවක් නොබලා අනුන්ගේ විපතේදී උදව් පදව් වන අපේ හිත හොඳ දොස්තර මහත්තයා මහදෙණිය වලව්වේ ගින්න නිවන්න දුවගෙන ගියේ තනිවම නොවේ. ටොම් ස්ටබින්ස්, බම්පෝ හා බළල් මස්කාරයා වූ මැතිව් මග් සමග ය. ඒත් එක්කම ජිප්, කින්ග් හා චිප්සයිඩ් ද දොස්තර මහත්තයාගේ උදව්වට ආවෝ ය. බොහෝම අමාරුවෙන් ගින්න නිවා දැමුවත් මේ අබිරහස් ගින්නට මුල් වූ මහදෙණිය වලව්වේ පලහිලව්ව විසඳීම ඊට වඩා බොහෝ අමාරු
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 16 - හිත හොඳ දොස්තරගේ සත්තු වත්තේ ජනරජය

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 16 - හිත හොඳ දොස්තරගේ සත්තු වත්තේ ජනරජය

සත්තු වත්තක් කිව්වාම අප ඇහින් දකින්නේ, අපේ සිතේ මැවෙන්නේ, සතුන් සිවුපාවුන්, කුරුල්ලන් හා උරගයන් හිරකූඩුවල හිරකරගෙන සිටින, සතුන් බොහෝ ම දුකෙන් සිටින තැනක් ය. හිරකූඩුවල දමා සිටින සතුන් දිහා බලා මිනිසුන් සෑහෙන සතුටු වුවත්, පිළුණු වෙච්ච, කුණු වෙච්ච අහක දමන කෑම කටක් දෙකක් කා දමා දවස තිස්සේම අවුරුදු ගණනාවක් ම හිරේ තැප තැප සතුන් දුක් විඳින නරකාදියක් ය. ඒත් අපේ හිත හොඳ දොස්තර මහත්තයාගේ සත්තු වත්ත ඒ වගේ නරකාදියක් නොවේ. එළියේ සිටින සතුන් ඇතුළට එන්නට පොරකමින් සිටින සතුන්ගේ පාරාදීසයක් වැනි හරිම පුදුම තැනක් ය. රාජ් ය සම්මාන දිනූ ළමා කතන්දර ගණනාවක හා ශාස්ත් රීය පොත් රාශියක කතුවරයා වූ සමරසිංහ ගුණසේකර විසින්
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 15 - හිත හොඳ දොස්තර සහ මුරුගසන් වරුසාව

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 15 - හිත හොඳ දොස්තර සහ මුරුගසන් වරුසාව

මේ ලෝකයේ මේ තාක් ජීවත්වුණ වයසක ම වයසක තැනැත්තා ඔබට හමුවුණොත් ඔබ ඔහුගෙන් අසා දැනගන්නට කැමති කුමක්ද? බොහෝ දේ අසා දැනගන්නට කැමති වුණත් ඒ තැනැත්තා කතා කරන බාසාව ඔබට තේරෙන්නේ නැත්නම්, ඔබ කතාකරන බාසාව ඔහුට තේරෙන්නේ නැත්නම්, අහවල් දෙයක් කරන්නද? මේ වයසකම වයස තැනැත්තා මනුස්සයෙක් නොව කරදියේත් මිරිදියේත් ජීවත් වන යෝධ කැස්බෑවෙක් නම් ඔහුගෙන් මොනවා දැනගන්නට ඕනෑ වුණත් කැස්බෑවන්ගේ බාසාව ඔබ දන්නේ නැත්නම් මොනවා කරන්නද? ඒත් අපේ හිත හොඳ දොස්තර මහත්තයාටත් ඔහුගේ දෙවැනියාවූ ටොම් ස්ටබින්ස් පුංචි ලියන මහත්තයාටත් මේවා ප් රශ්න නොවන විත්තිය මේ පොත කියවන විට ඔබටත් දැනන්නට පුළුවන් වේවි. රාජ් ය සම්මාන දිනූ ළමා කතන්දර ගණනාවක
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 18 - හිත හොඳ දොස්තර සහ මහ මුහුදේ අවතාරය

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 18 - හිත හොඳ දොස්තර සහ මහ මුහුදේ අවතාරය

අපේ හිත හොඳ දොස්තර මහත්තයා හෙවත් දොස්තර ඩූ ලිට්ල් හරිම පුදුමාකාර මනුස්සයෙකි. ලෝකයේ සිටින සියලු ම සතුන් සමග එම සතුන්ගේ බාසාවලින් කතා කරන්නට පුළුවන් එක ම මනුස්සයා අපේ දොස්තර මහත්තයා ය. උන්නැහේ වගේ ම උන්නැහේගේ ගෙදර සිටින ටොම් ස්ටබින්ස්, බම්බෝ වැනි මනුස්සයන් ද, පොලිනීසියා, ගබ් ගබ්, ජිප් ජිප්, ටූ ටූ, ඩැබ් ඩැබ්, චී චී වැනි සතුන් ද හරිම පුදුමාකාර ගති ඇති කට්ටියකි. ඔබ මේ කියවන්නට යන්නේ මේ අරුම පුදුම පවුලේ ඇත්තන්ගේ වීර වික් රමයන්ට සම්බන්ධ රසවත් කතා කිහිපයකි. හියු ලොෆ්ටිංගේ doctor dolittle's puddleby adventures නම් කෘතියේ ඇතුළත් මේ කතා සමරසිංහ ගුණසේකර විසින් සිංහලයට පරිවර්තනය කොට හිත හොඳ දොස්තරගේ කතා මා
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 14 - හිත හොඳ දොස්තරගේ අබිරහස් විලේ හාස්කම

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 14 - හිත හොඳ දොස්තරගේ අබිරහස් විලේ හාස්කම

හිත හොඳ දොස්තර මහත්තයා ඔහුගේ පවුලේ ඇත්තනුත් එක්කාසු කරගෙන, ඇල්බට් රොස් නම් හුරුබුහුටි පුංචි නැවෙන් මුලින්ම පැන්ටිස්පෝ නම් රටට ගොඩ බැස්සේ ය. ඉන් පසු හැම තිස්සේ ම ලොලි පොප් උරන, පැණි රස කෑමවලට කෑදර කොකෝ රජතුමාගෙන් බෝට්ටුවක් ණයට ඉල්ලාගෙන කැස්බෑ දූපතේ ජීවත් වුණු අවුරුදු දහස් ගණනක් වයසැති මඩමූණා නම් යෝධ කැස්බෑවාගේ ජීවිතය බේරාගන්නට ගිය භයංකාර, ඒ වාගේම විස්මයජනක කතන්දරය ඔබ මේ කියවන්නට යන හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ අංක 14, හිතහොඳ දොස්තරගේ අබිරහස් විලේ හාස්කම කතා පොතේ ඇතුළත් වෙයි. හියු ලොෆ්ටිංගේ doctor dolittle and the screat lake කතා පොතේ දෙවන කොටසේ ඇතුළත් මේ කතාව සිංහලට පරිවර්තනය කළේ සමරසිංහ ගුණසේකර
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 13 - හිත හොඳ දොස්තර සහ අබිරහස් විල

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 13 - හිත හොඳ දොස්තර සහ අබිරහස් විල

හඳෙන් ගොඩබැස්සාට පසුව අපේ හිත හොඳ දොස්තර මහත්තයා වෙනත් කිසිම දෙයකට සිත යෙදුවේ නැත. හඳන් ගෙනා ඇට ජාති පොළවේ පැළ කර මනුස්ස ලෝකයේ මිනිසුන්ට, සතා සිව්පාවාට හා ගහ කොළවලටත් තවදාවත් මැරෙන්නේ නැති, ඒ කියන්නේ අමරණීය වූ සදාකාලික ජීවිතයක් ලබාදෙන කටයුත්තෙහි මිඩංගු වී සිටියේ ය. නමුත් මේ කටයුත්ත ඒ තරම් ලෙහෙසි පහසු නොවුණාම දොස්තර මහත්තයාගේ හිත හොඳටම සවුත්තු වුණේ ය. ඒ සැරේ ටොම් ස්ටටින්ස් නම් දහ හැවිරිදි ළමයා ද, මැතිව් මග් නම් බළල් මස්කාරයා ද, පොලිනීසියා නම් ගිරවිය ද, ඩැබ් ඩැබ් නම් තාරාවිය ද, චිප්සයිඩ් නම් ගේ කුරුල්ලා ද එකට එක්කාසු වී දොස්තර මහත්තයා ඉතාම චමත්කාර ඒ වාගේ ම භයංකාර සවාරියක් යෑමට පොළඹවා ගත්තෝ ය. හි
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 12 - හිත හොඳ දොස්තරගේ හිරගෙදර ජරමරය

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 12 - හිත හොඳ දොස්තරගේ හිරගෙදර ජරමරය

වදෙන් පොරෙන්, කොහොමින් කොහොම හරි හඳේ සිට ආපසු පොළවට ආ අපේ හිත හොඳ දොස්තර මහත්තයාට හඳේ සවාරිය ගැන පොතක් ලියන්නට ඕනෑ වුණේය. නමුත් නිතර නිතර ලෙඩ වුණ සතුන් බෙහෙත් ගන්නට එන නිසා පොත ලියන වැඩේ ගෙදර සිට කරන්නට නම් කොහොමටවත් බැරි විත්තිය සහසුද්දෙන් දොස්තර මහත්තයාට තේරුම් ගියේ ය. අන්තිමේදී හිරගෙවල්වල තැප ඒ ගැන ලොකු පළපුරුද්දක් තිබෙන මැතිව් මග් නම් බළල් මස්කාරයාගේ ගුරුහරුකම් අනුව අපේ හිත හොඳ දොස්තර මහත්තයා පොත් ලියන්නට ලොකු බංගලාවක වීදුරු ජනේලයක් බිඳ තමන්ගේ ඕනෑකමින් වරදකරුවකු වී හිරේ තපින්නට ගියේය. හියු ලොෆ්ටිංගේ doctor dolittle's return නම් කතා පොතේ දෙවන කොටසෙහි ඇතුළත් දොස්තර මහත්තයා හිරේ ගිය කතාව සමරස
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 11 - හිත හොඳ දොස්තරගේ ආපසු ගමන

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 11 - හිත හොඳ දොස්තරගේ ආපසු ගමන

පොලිනීසියා නම් ගිරවියත්, චී චී නම් වඳුරාත්, ටොම් ස්ටබින්ස් නම් දහ හැවිරිදි ළමයාත් සමග යෝධ පතංගයකුගේ පිටේ නැගී අපේ හිත හොඳ දොස්තර මහත්තයා හඳට ගියේ හඳේ සිටි ලෙඩකුට වෙදකම් කරන්නටය. කවදත් වගේ අනුන්ගේ දුකේදී පිහිටවන අපේ හිත හොඳ දොස්තර මහත්තයාට මේ සැරේ වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටුණා වගේ ලොකු ඇබැද්දියකට මුහුණ පාන්නට සිදුවුණේය. වෙදකම් කරන්නට ගිය ලෙඩා අපේ දොස්තර මහත්තයා හඳේම හිර කරගෙන තියාගන්නට වෑයම් කළේ ය. ඒ කොහොම වුණත් අන්තිමේ දී අපේ හිත හොඳ දොස්තර මහත්තයා බොහෝම අමාරුවෙන් ආපසු පොළවට ගොඩබැස්සේ ය. හියු ලොෆ්ටිං නිර්මාණය කළ doctor dolittle's return නම් වූ එම කතන්දරය සමරසිංහ ගුණසේකර විසින් හිත හොඳ දොස්
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 10 - හිත හොඳ දොස්තරගේ හඳේ සවාරිය

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 10 - හිත හොඳ දොස්තරගේ හඳේ සවාරිය

අපේ හිත හොඳ දොස්තර මහත්තයා සහ උන්නැහේගේ අපූරු යාලුවන් කට්ටිය මේ සැරේ නම් ඔබත් රැගෙන යන්නේ එසේ මෙසේ තැනකට නොවේ. අහසේ පියාඹන කුරුල්ලෙකු, මුහුදේ පිහිනන මාලුවෙකු, චීත් නැත්නම් ගොඩබිම ඇවිදින සතාසිවුපාවෙකු හෝ කිසිම මනුස්සයෙකු කවදාවත් නොගිය තැනකට ය. අපූරු ම ලෝකයකට ය. කොටින්ම කිව්වොත් ඒ වෙනකොට මේ කිසිම කෙනෙක් ගිහින් නොතිබුණු හඳට ය. දොස්තර මහත්තයාගේ හඳේ සවාරියට සහභාගි වුණේ හඳට ඔවුන් රැගෙන ගිය යෝධ පතංගයාත්, චී චී නම් වඳුරාත්, නුවණක්කාර පොලිනීසියා නම් ගිරවියත්, ටොම් ස්ටටින්ස් නම් හිතුවක්කාර ළමයාත් පමණක් ය. හියු ලොෆ්ටිං නිර්මාණය කළ doctor dolittle in the moon සිංහලයට පරිවර්තනය කළ සමරසිංහ ගුණසේකරගේ හිත හොඳ
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 8 - හිත හොඳ දොස්තරගේ මන පිනවන දුවන ගෙදර

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 8 - හිත හොඳ දොස්තරගේ මන පිනවන දුවන ගෙදර

අපේ හිත හොඳ දොස්තර මහත්තයා, දොස්තර රස්සාව අත්හැර සර්කස් ජාවාරමට බැස්සාට පසුව ගත කළ අරුම පුදුම ජීවිතය ගැන ඔබ මේ වන විටත් බොහෝ දේවල් දන්නවා ඇත. හිත හොඳ දොස්තර මහත්තයා ඔහුගේ පවුලේ ඇත්තන් ද එක්කාසු කරගෙන මන පිනවන දුවන ගෙදරක, එහෙමත් නැත්නම් හරිම පුදුම කැරවන් එකක පදිංචි වී නගරයෙන් නගරයට සර්කස් පෙන්වමින්, කෝලම් නාටක රග දක්වමින් ගත කළ කාලයේ සිදුවූ පුදුමාකාර දේවල් රාශියක් ඔබ දැන් කියවන්නට යන මේ කතා පොතේ ඇතුළත් ය. රාජ් ය සම්මාන දිනූ ළමා කතන්දර ගණනාවක හා ශාස්ත් රීය ග් රන්ථ රාශියක කතුවරයා වූ සමරසිංහ ගුණසේකර විසින් පරිවර්තනය කරන ලද මේ කතා පොත හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ අටවැනි කතා පොතයි.
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 9 - හිත හොඳ දොස්තරගේ අවතාරයේ අබිරහස

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 9 - හිත හොඳ දොස්තරගේ අවතාරයේ අබිරහස

හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ අටවන කතා පොත වූ හිත හොඳ දොස්තරගේ මන පිනවන දුවන ගෙදර කියවා ඇත්නම්, අපේ හිත හොඳ දොස්තර මහත්තයා හා ඔහුගේ පවුලේ ඇත්තන්ගේ සූර වීර වික් රම, හපන්කම් හා මෝඩකම් ගැන ඔබ මේ වන විටත් බොහෝ දේවල් දන්නවා ඇත. පිප්පිනෙල්ලා නම් ලෝක ප් රසිද්ධ ගායිකාව ද එක්කාසු කරගෙන, මන පිනවන දුවන ගෙදරක පදිංචි වී තැනින් තැන යමින් පුදුමාකාර ගීත නාටකයක් පෙන්වන්නට ලක ලැහැස්ති වුණ කාලය ගැන ද ඔබ බොහෝ දේවල් දන්නවා ඇත. දැන් ඔබ කියවන්නට යන්නේ, ලෝක ප් රසිද්ධ ගීත නාටකය පෙන්වූ හැටිත්, අතේ දොයිතුවක් නැතුව බංකොලොත් වී සිටි දොස්තර මහත්තයා හා ඔහුගේ පවුලේ ඇත්තන් ගජ පොහොසතුන් වූ කාලයේ සිදුවුණු පුදුමාකාර දේවල් ගැන ය. ම
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 7 - හිත හොඳ දොස්තරගේ මහා තැපැල් මංකොල්ලය

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 7 - හිත හොඳ දොස්තරගේ මහා තැපැල් මංකොල්ලය

අපේ හිත හොඳ දොස්තර මහත්තයාගේ පියාඹන තැපැල් කන්තෝරුවේ කතන්දරය මේ වන විටත් ඔබ කියවා ඇතැයි සිතමි. ෆැන්ටිප්පෝ රටේ මිනිස්සු නම කිව්ව පමණින් බයේ වෙව්ලන අමනුස්ස දූපතට ගොඩ බැස්ස අපේ දොස්තර මහත්තයා, පාවෙන බෝට්ටුවේ තැපැල් කන්තෝරුව පටන් ගත්තාට පසුව සිදු වූ නොයෙකුත් භයංකර හා චමත්කාර සිදුවීම් මාලාවේ තවත් ත් රාසජනක, ඒ වාගේම හාස් යජනක සිදුවීම් රාශියක් ඔබ දැන් කියවන්නට යන මෙම හිත හොඳ දොස්තරගේ මහා තැපැල් මංකොල්ලය කතා පොතේ ඇතුළත් වේ. රාජ් ය සම්මාන දිනූ ළමා කතන්දර ගණනාවක හා ශාස්ත් රීය ග් රන්ථ රාශියක කතුවරයා වූ සමරසිංහ ගුණසේකර විසින් පරිවර්තනය කරන ලද මේ කතා පොත හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ හත්වැනි කතා පොතයි.
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 6 - හිත හොඳ දොස්තරගේ පියාඹන තැපැල් කන්තෝරුව

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 6 - හිත හොඳ දොස්තරගේ පියාඹන තැපැල් කන්තෝරුව

හිත හොඳ දොස්තර මහත්තයා අපේ දරු දැරියන්ට මෙන් ම වැඩිහිටියන්ටත් අමුත්තෙක් නොවේ. රූපවාහිනී කාටුන් චිත් රපටයක් නිසා අප අතර බෙහෙවින් ජනප් රිය වූ මේ අපූරු චරිතය මුල් කර ලෝකයේ නොයෙක් රටවල නොයෙක් භාෂාවලින් නිර්මාණය කළ කාටුන් හා වෙනත් චිත් රපට හා පරිවර්තන කතා රාශියකි. මේ විදිහට ලාංකික අප අතර මෙන් ම මුළු මහත් ලෝකයේ ම ජනාදරයට පත් වූ මේ අරුම පුදුම චරිතය නිර්මාණය කළේ 1920 ගණන්වල එංගලන්තයේ විසූ හියු ලොස්ටිං නම් නිර්මාණකරුවා ය. හියු ලොෆ්ටිංගේ මුල් නිර්මාණ ඇසුරෙන් හිත හොඳ දොස්තරගේ කතා නමින් සමරසිංහ ගුණසේකර සිංහලට පරිවර්තනය කළ කතා පොත් පෙළ ද අතිශයින්ම ජනප් රිය ය. ඔබ මේ කියවන්නට යන්නේ එම කතා පොත් පෙළේ අංක 6- හි
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 5 -හිත හොඳ දොස්තරගේ අරුම පුදුම රඟමඬල

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 5 -හිත හොඳ දොස්තරගේ අරුම පුදුම රඟමඬල

අපේ හිත හොඳ දොස්තර මහත්තයාට, උන්නැහේගේ හිත හොඳ නිසා ම හිරේ තපින්නට සිදු වූ කතාන්දරය මේ වන විටත් ඔබ කියවා ඇතැයි සිතමි. හිරේ තපින්නට සිදුවූයේ බොරුවක්, වංචාවක්, හොරකමක් හෝ අපරාධයක් කළ නිසා නොව, අනුන්ට උදව් කරන්නට ගොස් නිරපරාදයේ ය. චීත් මේ දුක් ගැහැට, නින්දා අපහාස කිසි ම දෙයක් දොස්තර මහත්තයා තඹ දොයිතුවකටවත් ගණන් ගත්තේ නැත. මේ අපූරු මනුස්සයාගේ විදිහ එහෙමයි. දොස්තර ඩූ ලිට්ල් හිරෙන් නිදහස් වී ආපසු සර්කස් එකට ආවේ ය. ඒ ආවේ බ්ලොසම් වගේ සල්ලි හම්බ කරන්නට නොවේ. අනුන්ගේ යහපත වෙනුවෙන් තවත් බොහෝ දේවල් කරන්නට ඉතුරු වී තිබුණු නිසා ය. ඔබ දැන් කියවන්නට යන්නේ දොස්තර ඩූ ලිට්ල් ආපසු සර්කස් එකට ආවාට පසු සිදු වූ ජරමර
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 4 - හිත හොඳ දොස්තරගේ පුදුම හිතෙන සර්කස් එක

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 4 - හිත හොඳ දොස්තරගේ පුදුම හිතෙන සර්කස් එක

දොස්තර ඩූ ලිට්ල් හරිම පුදුමාකාර මනුස්සයෙකි. වෙදකම පිළිබඳ ඉහළම උපාධිය ලබාගෙන දොස්තර මහත්තයකු වූ ඔහු මුල් කාලයේ දී මනුස්සයන්ට වෙද හෙදකම් කරමින් ලක් ෂ ගණන් සල්ලි හම්බ කළේ ය. දක් ෂ දොස්තර කෙනෙකු නිසා රට පුරා පැතිරුණු කිර්තිය ද රැස්කර ගත්තේ ය. පසු කාලයක ඔහු මේ සියලු දේ අත්හැර දමා සතුන්ට පමණක් වෙදකම් කිරීමට පටන් ගත්තේ ය. හිත හොඳ දොස්තර මහත්තයාට අප් රිකාවේ වඳුරන් වසංගත රෝගයකින් පීඩා විඳිමින් සිටින බව ආරංචි වූයේ ය. වඳුරන් රැකගැනීමට බෝට්ටුවක නැගී අප් රිකාවට ගිය දොස්තර මහත්තයා නොයෙකුත් භයංකාර, ත් රාසජනක හා චමත්කාර අත්දැකීම්වලට මුහුණ දෙමින් වඳුරන් ද සුවපත්කොට පයිවල ලස්සන ගෙවත්ත මැද පිහිටි කුඩා නිවසට ආපසු
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 3 - හිත හොඳ දොස්තර සහ අබිරහස් දූපත

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 3 - හිත හොඳ දොස්තර සහ අබිරහස් දූපත

හිත හොඳ දොස්තර සහ අබිරහස් දූපත නම් මෙම නවකතාව හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ තෙවන කොටස ය. හිත හොඳ දොස්තර ජෝන් ඩූ ලිට්ල් සහ ඔහුගේ පිරිවර සේනාව පාවෙන දූපත සොයාගෙන ගිය අයුරුත්, ශ් රේෂ්ඨ ස්වභාව විද් යාඥ ලෝ ඇරෝ ව ඔවුන් බේරාගත් අයුරුත්, පාවෙන දූපතේ ගෝත් ර දෙකක් අතර ඇතිවූ යුද්ධය සමනය කර එම රට එක් සේසත් කළ අයුරුත් මෙම කෘතිය කියවා ඔබට දැනගත හැක. මේ පුදුම දූපත තුළ හිත හොඳ දොස්තර ඩූ ලිට්ල් රජ වූ අයුරුත්, ඔහු එම දේශය සංවර්ධනය කළ අයුරුත්, අන්තිමේ දී පොලිනීසියාගේ අපූරු සැලැස්ම නිසා ඔවුන් ආපසු පඩ්බයි වෙත ආ අයුරුත් මෙම කෘතිය තුළ නිරූපණය වන්නේ අතිශය රසවත් ආකාරයට ය. ලොකු කුඩා හැම අයෙකුටම කියවා අපූරු රසවින්දනයක් ලබ
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 2 - හිත හොඳ දොස්තරගේ මුහුදු සවාරිය

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 2 - හිත හොඳ දොස්තරගේ මුහුදු සවාරිය

චමත්කාර වූත්, භයංකාර වූත් අත්දැකීම්වලින් අනූන වූ මුල්ම මුහුදු සවාරිය නිමකර ආපසු පයිවල ලස්සන ගෙවත්ත මැද පිහිටි කුඩා නිවාසයට ආ හිත හොඳ දොස්තර ඩූ ලිට්ල් සහ ඔහුගේ මිතුරන් අතරට තවත් අමුත්තෙක් එක් විය. මේ අමුත්තා පොලිනීසියා නම් නුවණක්කාර ගිරවිය, ඩැබ් ඩැබ් තාරාවිය, චී චී වඳුරා, ගබ් ගබ් ඌරු පැටියා හෝ ජිප් නම් බල්ලා වැනි සතෙක් සිව්පාවෙක් නොවේ. කුඩා ළමයෙකි. ටොම් ස්ටබින්ස් නම් මෙම ළමයා අණ්ඩ කැඩුණු ලේනෙකුට වෙදකම් ගැනීමට දොස්තර මහත්තයා හමුවිය. පසුව ඔහු දොස්තර මහත්තයාගේ හොඳම මිත් රයෙක් විය. ඔහුගේ සහායකයා විය. හිත හොඳ දොස්තර හා ඔහුගේ අපූරු පවුලේ සාමාජිකයෙක් විය. හිත හොඳ දොස්තරගේ ඊළඟ මුහුදු සවාරියට ටොම් ස්ටබි
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 1 - හිත හොඳ දොස්තරගේ කතන්දරය

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 1 - හිත හොඳ දොස්තරගේ කතන්දරය

හිත හොඳ දොස්තර අපේ දරු දැරියන්ට මෙන් ම වැඩිහිටියන්ට අමුත්තෙක් නොවේ. රූපවාහිනියේ කාටුන් චිත් රපටයක් මගින් බෙහෙවින් ජනාදරයට පත් වූ මේ අපූර්ව චරිතය මුල් කරගත් කතා මාලාවක් ම වේ. හියු ලොටිං මේ ජනප් රිය චරිතය නිර්මාණය කළ පොත් පෙළේ නිර්මාණකරුවා ය. 1920 දී ඔහු දොස්තර ඩූ ලිට්ල් නම් වූ මේ හිත හොඳ දොස්තර ගේ අපූරු චරිතය ද, ඔහුගේ මිතුරන් වූ අවුරුදු දෙසියයක් වයසැති නුවණක්කාර ගිරවිය පොලිනීසියා ද, ඩැජ් ඩැප් නම් තාරාවියද, ගබ් ගබ් නම් ඌරු පැටියාද, චී චී නම් අප් රිකානු වඳුරාද, ජිජ් නම් බල්ලා ද ඇතුළු තවත් අපූරු චරිත ගණනාවක් නිර්මාණය කළේ ය. ලොව පුරා අතිශයින් ම ජනප් රිය වූ මේ ඩූ ලිට්ල් කතා මාලාවේ පළමුවැන්න හිත හොඳ