Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
රතු මාලය

රතු මාලය

රතු මාලය , ඉංග් රීසි ජාතික ලේඛිකාවක වන sally gardner කතුවරියගේ the red necklace කෘතියෙහි සිංහල පරිවර්තනයයි. එම අපූරු කතාවට පාදක වන්නේ 1789 වසරේදී සිදු වූ ප් රංශ විප්ලවයයි. එම කාල වකවානුවෙහි සිදු වුණු බැස්ටීලයට පහර දීම, වංශාධිපතීන්ගේ බිඳ වැටීම, ඔවුන් සිරගත කිරීම, ඔවුන්ගේ දේපළ මංකොල්ලකෑම සමඟම විප්ලවය ප් රංශයේ මධ් යස්ථ ජනතාව කිසිසේත්ම අපේක්ෂා නොකළ මාවතකට ප් රවිශ්ඨ වීම මෙම කෘතියෙහි මනාව විස්තර වේ. ඒ අතරම අහිගුණ්ඨික සම්භවයක් ඇත් යෑන්ට වංශාධිපතියකුගේ එකම දියණිය වන සිඩෝව අහම්බයෙන් මුණ ගැසීම, ඔවුන් අතර විශ්වසනීයත්වය මත පදනම් වුණු බැඳීමක් ගොඩනැගීම, සිඩෝ නොදත් ඇගේ ඉතිහාස කතාව සහ ඉන්ද් රජාලිකයෙක් වන ටෙටූ
In stock
කොරියැන්ඩර්

කොරියැන්ඩර්

මෙය දහ හත්වන ශත වර්ෂයේ විසූ කොරියැන්ඩර් හොබී නම් දැරියකගේ කතාවයි. එංගලන්තයේ ධනවත් ව් යාපාරිකයකුගේ එකම දියණිය වන ඇය 1649 වර්ෂයේ, එංගලන්තයේ පැවැති සිවිල් යුද්ධයට පෙර තේම්ස් නදිය අසල සුන්දර නිවහනක දෙවවුපියන් සමඟ ඉතා සාමකාමී ජීවිතයක් ගෙවන කෙළිලොල් දැරියකි. ඇයගේ ජීවිතය අද්භූත සිද්ධි දාමයකින් වෙලී යන්නට පටන් ගන්නේ අභිරහස් ලෙස ලැබෙන රිදී පාවහන් යුවල පැලඳීමෙන් පසුය. ඇයගේ මව වන සුන්දර එලිනෝර් අද්භූත ලෙස අසනීප වී අකල් මරණයකට පත් වේ. ඇයගේ පියා තෝමස් හොබී, පළමුවන චාර්ල්ස් රජුට පක්ෂපාතීත්වය දැක් වූ අයෙක් බැවින් ඔලිවර් ක් රොම්වෙල් ට හිතැති පියුරිටන් වරුන්ගේ ගැහැටවලට ලක්වේ. රාජ සන්තක වන්නට යන දේපල රැකගැනීම උ
Out of stock
බටර්ෆීල්ඩ් මන්දිරය

බටර්ෆීල්ඩ් මන්දිරය

සිබිල් හා බ්ලේක් ග් රෙගරි තමන්ගේ දරුවන් - නව යොවුන් වියේ පසු වෙන ඇන්ඩෲ හා කැරොලයින් සහ හය හැවිරිදි චාලි - උස් මහත් කරමින් මනා පිළිවෙලක් ඇති, සාමාන් ය ජීවිතයක් ගත කරති. ඇය දක්ෂ අභ් යන්තර සැලසුම් නිර්මාණ ශිල්පිනියක් හා කෞතුකාගාර උපදේශකවරියකි. ඔහු අධිතාක්ෂණික ක්ෂේත් රයේ ආයෝජකයෙකි. සැන් ෆ් රැන්සිස්කෝවල පිහිටි අලුතින් පටන් ගන්නා සමාගමක ප් රධාන විධායක නිලධාරියා ලෙසින් බ්ලේක්ට ඉතාමත් හොඳ රැකියා අවස්ථාවක් ලැබෙන විට ඔහු තමන්ගේ බිරිඳගේ අදහස නොවිමසාම එයට කැමැත්ත පළ කර, ඔවුන්ගේ අලුත් නිවෙස ලෙසින් පැසිෆික් හයිට්ස්වල පිහිටා ඇති විශාල, පැරණි මන්දිරයක් මිලට ගන්නේය. අවුරුදු සියයකට කලින් ඒ මන්දිරයේ වාසය කළ විසල
Out of stock
තරග දුවන බලු පැංචා

තරග දුවන බලු පැංචා

වේදනාවෙන් සහ බියෙන්, සිහින් උස් ස්වරයකින් කෑගසන හඩක් මල්ල ඇතුළෙන් නිකුත්වුණා. පැට් රික් දෙවරක් හිතුවේ නෑ. ඔහු ඇළට පැන්නා. ජීවිතය බේරා ගැනීම බෙස්ට්මේට්ගේ වික් රමයේ එක කොටසක් පමණයි. කාටවත් උවමනා නොවූ, බැහැර කළ යුතු අනවශ් ය කරදරයක් වූ තැන සිට ප් රියතම සහායකයකු වීම දක්වාත්, හුරතලකුවී සිට තරග දුවන බල්ලකු වීම දක්වාත් යන ගමනේදී මේ ග් රේහවුන්ඩ් බල්ලා ජීවිත එකකට වඩා ඇත්තේ පූසන්ට පමණක් නොවන බව ඔප්පු කරයි. බලෙන් පැහැරගනු ලැබුවත්, ඉතා අසිරු ලෙස වීදියක ජීවත්වන්නට සිදුවුණත්, නොමැරී බේරෙන්නට මගක් සොයාගන්නට බෙස්ට්මේට්ට පුළුවනි. නමුත් කවදා හෝ ඔහුට නිවෙසක් යැයි කිවහැකි නිවෙසක් ලැබෙයිද?
In stock
ටිප්ස් ගේ විස්මිත කතාව

ටිප්ස් ගේ විස්මිත කතාව

අතහැර දැමූූ ගමක අරුම පුදුම කතාන්දරය, යාවජීව මිත් රත්වයක් සහ අභියෝගාත්මක අත්දැකීම්වලට නැඹුරු පූසෙක්. ඒ 1943 වර්ෂයයි. ලිලී ට් රෙගෙන්සා ස්ලේප්ටන්හි මුහුදක් අසළ ඇති ගම්මානයක ගොවිපලක ජීවත් වෙයි. ඇගේ ජීවිතයට යුද්ධයේ බලපෑම් එල්ලවන්නේ මඳ වශයෙනි. නමුත් එක්තරා දවසක, තමන් සතු වටිනායැයි සිතිය හැකි සියලුම දේ රැගෙන, ගම්මානයෙන් ඉවත් වන ලෙසට ගම්මුන්ට උපදෙස් ලැබෙයි. මිත් ර හමුදා ප් රංශය ආක් රමණය කිරීමට සූදානම් වන නිසා ඉතා ඉක්මනින් ඒ මුළු පළාතම තහනම් කලාපයක් වෙයි. ඔවුන් සූදානම් වන්නේ ඩී ඩේ නමින් හැඳින්වූ මෙහෙයුම සඳහාය. නමුත් ටිප්ස්ට, ඇගේ ආදරණීය පූසාට ඇත්තේ වෙනත් අදහස්ය. ඈ තහනම් කලාපයේම නවතියි. ටිප්ස් සෙවීමේ උමත
In stock
අලි පැංචා මාලින්

අලි පැංචා මාලින්

දෙවැනි ලෝක මහා සංග් රාමය අවස්ථාවේ බෙල්ගස්ට් සන්ව උද් යානයෙන් බේරාගත් ඇතෙක් පිළිබඳ සත් ය කතාව පාදක කරගෙන බ් රිතාන් ය ජාතික මිෂෙල් බෝපගෝ ලියූ ඇන් එලිෆන්ට් ඉන් ද ගාඩින් හරීම අපූරු ආශ්වාදජනක නව කතාවකි. යුද්ධය නිසා ජර්මනිය දෙකඩ වෙමින් පැවතුන අවස්ථාවේ ජර්මන් පවුලකට විඳින්නට සිදුවුන දුෂ්කරතා මේ කතාවට පාදක වී ඇත. කතාවක් ඇතුළත් මෙය ආරම්භ වන්නේ කැනඩාවේ සාත්තු නිවාසයක ඉන්නා වියපත් කාන්තාවක් වෙන ලිසී ඇය බලාගන්නා හෙදියටත් හෙදියගේ අවුරුදු නවයක පුතා කාල් හටත් කරන විස්තරයක් ලෙසය. ඇය කුඩා කාලයේ ගෙවත්තට ආපු ඇත් පැටියෙක් ගැන ඇය විස්තර කරයි. ජර්මනියේ ඩ් රෙස්ඩන්හී ජීවත්වුන ලිසීගේ තාත්තා යුද්ධයට බැඳෙයි. අම්මා වැඩ ක
In stock
පෙගසස්

පෙගසස්

ජර්මනියේ ගම්බද පෙදෙසක ජීවත් වෙන, ජීවිත කාලය පුරාවටම මිතුරන් වි සිටි දෙදෙනෙකුගේ ජීවිත දෙවෙනි ලෝක යුද්ධයත් සමඟ වෙනස් වෙන්න යන්නේය. නිකොලස්ට ජීවයෙන් පිරුණු පුතාලා දෙදෙනෙක් සිටිති. අලෙක්ස්ට ඔහු දැඩිව ආදරය කරන නව යොවුන් වියේ පසුවන දියණියක් සිටින්නීය. වැන්දඹු පුරුෂයෝ වෙන මේ දෙදෙනාම තමන්ගේ දරුවන් තනිවම උස් මහත් කරමින් තෘප්තිමත් හා සාමකාමී ජීවිත ගත කරයි. නිකොලෙස්ගේ පරම්පරාව පිළිබඳ බොහෝ කාලයකට ඉහතදී සඟවා දැමු රහසක් ඔහුගේ පවුලට තර්ජයක් වෙන තුරුම සියල්ල එසේ සිදු වන්නේය. දිවි ගලවා ගන්නට නම් ඔවුන් ඇමෙරිකාවට පලා යන්න වන්නේය. නිකොලස්ට හා ඔහුගේ පුතුන්ට තමන් සමඟ ගෙන යා හැකි එකම වස්තූන් වන්නේ නුමුහුන් අශ්වයන් අ
In stock
නිම්තෙර සොයා

නිම්තෙර සොයා

ඉංග් රීසි සාහිත් යයේ රහස් පරීක්ෂක කතා රැජින ලෙස හැඳින්වෙන අගතා ක් රිස්ටි නවකතා 70කට වැඩි ප් රමාණයක් ලියා ඇත. ඉන් විස්සකට වැඩි ප් රමාණයක ඇගේ ප් රධාන රහස් පරීක්ෂකයාගේ චරිතය වන්නේ හර්කියුල් පයිරට් නම් බෙල්ජිනායු ජාතිකයෙකි. නමුත් ඇගේ විශිෂ්ට කෘති කිහිපයකම හර්කියුල් පයිරට් පෙනී නොසිටියි. towards zero නම් මෙම කෘතිය බොහෝ රහස් පරීක්ෂක නවකතාවලට වඩා වෙනස් මුහුණුවරක් ගනී. එහෙත් අවසන් පිටුව වන තුරු කුතූහලය රඳවාගැනීමට සමත් වන සුපුරුදු රිද්මය ඉතා හොඳින් මෙම පොත තුලින් ද දක්නට ලැබේ. කිසියම් හේතුවක් මත සැප්තැම්බර් මාසයේ දී යම් ස්ථානයකට රැස්වන පුද්ගලයින්ගෙන් අයෙකු ඝාතනය කිරීමට මිනීමරුවා සැලසුම් කරන්නේ පෙබරවාරි