Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ගින්දර - ගින්දර භාවිතයේ ජනශ්රැතිමය පසුබිම

ගින්දර - ගින්දර භාවිතයේ ජනශ්රැතිමය පසුබිම

ගින්දර, භාවිතයට ගැනීම මානව ශිෂ්ටාචාරයේ නව ආරම්භයකි. එමගින් ආහාර පිසීම මෙන්ම නිෂ්පාදන ක් රියාවලිය නවමු මුහුණුවරක් ගත්තේ ය. ගින්දර මේච්චල් කිරීමෙන්; නිෂ්පාදන සංස්කෘතිය හා කලා සංස්කෘතිය යෝධ පිම්මක් පැන්නේ ය. පරපුරින් පරපුර ගින්දර වටා ගොඩනැඟූ අභිලාෂයෝ බොහෝ වෙත්. ඒවා සංස්කෘතියෙන් සංස්කෘතියට අනුරූප වශයෙන් ද වෙනස් වෙයි. ලාංකේය සමාජයේ ගින්දර හා බැඳි භාවිතාවන් සේම ජනශ් රැති ද වෙනස් මුහුණුවරක් ගෙන තිබේ. හේන් ගිනි ලාපිළිස්සීමට පෙර "ගිනියාතිකාව" තියන්නේ ද බක්මහ කෝණමංගල්ලයට ලිප්ගිනි මොළවා" ගෞරව දක්වන්නේ ද බෞද්ධ ඌරුවට ය. ගිනි දෙවියකු සේ අදහන්නේ නැති හෙළ සංස්කෘතියෙහි ගින්නට පුද සත්කාර කරනුයේ ද අස්පර්ශනීය උරු
In stock
ඉන්දියානු වනදිවිය

ඉන්දියානු වනදිවිය

ඉන්දියාවේ ශේෂව පවතින වන සත්ව සම්පත මුළු මණින්ම වඳවී යාමෙන් වැළැක්වීම සඳහා අවධානය යොමු කරවීම මෙම පොතේපරමාර්ථය වන බව කතුවරයාගේ අදහසයි. කතුවර ඊ. පී. ජී මහතා උපතින් ඉන්දියානුවකු නොවූවද, වන සත්ත්වඡායාරූපකරණයේ රුසියකු සහ පක්ෂීන් සහ වෙනත් සතුන් පිළිබඳව ගවේෂණය ගැඹුරින් සිදු කළ කීපදෙනාගෙන් එක් අයෙකි. අමුතු පැහැයක් ගත් වානර විශේෂයක් පිළිබඳව ලැබුණු තොරතුරු මත ගවේෂණ චාරිකාවක් සංවිධානය කළ ඔහුට ඇසෑමය සහ භූතානය වෙන්කරන දේශසීමාව අසල පිහිටි සංකෝෂ් ගං ඉවුර අසලදී මෙම වඳුරන් හමු වී තිබේ. රන්වන් ලොම් සහිත මෙම වඳුරු විශේෂය පිළිබඳව මීට කලින් ලොවට හෙළි වී නොතිබුණ අතර, ජී. මහතාට ගරු කිරීමක් වශයෙන් මෙම නව වානර විශේෂය ප
In stock
මල්බෙරි සමය

මල්බෙරි සමය

නිර්මාණයක් ඔස්සේ හුදු කතා පුවතක් රස විඳීම යන කරුණින් ඔබ්බට පිවිස, ඉන් වහනය වන නැවුම්, අත්දැකීමක් ද විඳ ගනිමින් ජීවිත පරිඥානය පුළුල් කර ගත හැකි වන්නේ නම් එය පාඨකයෙකුට නිර්මාණයකින් අත් විය හැකි ඉහළම පලයයි. සිද්ධි සහ අවස්ථා (situations) විෂයෙහි විශේෂාවධානය යොමු කරමින් සමාජ ව් යූහයෙහි කඩා වැටීම්, ක් රියාකාරී යාන්ත් රණයෙහි සෝදා පාළුවීම් හා නායයාම් හුදු වාර්තාකරණය අභිබවන, කලාත්මක විවිරණයකින් මෙන්ම බුද්ධිමය දැනුමත් භාවයකින්ද යුතුව සංක්ෂිප්තව පාඨකයා අභිමුව තැබීම කෙටිකතාකරණයේ භාවිත වැදගත් ශිල්පීය මෙවලමකි. කෙටිකතාවක් ගැඹුරු, අර්ථාන්විත පරිකල්පනයෙන් හා නිවැරදි භාෂා යෝජනයෙන් අංග සම්පූර්ණව පාඨකයා අතට පත් න
In stock
වරාමල් හීනය

වරාමල් හීනය

දමිලයෙක් වුණ මා මරන්න දෙමළුන්ම උත්සාහ කරද්දී, මගේ ජීවිතේ රැකගන්න දිවි පරදුවට තියලා ඉස්සරහට පැන්න සිංහලයාගේ, ආගමට ජාතියට විරුද්ධ වෙන්න මගේ පිරිමි හිත මට ඉඩදෙන්නේ නැහැ මිත් රයා. ඒ වැරැද්ද මොනම හේතුවක් නිසාවත් මම කරන්නේ නැහැ. මගේ ප් රථම ප් රේමය පමණක් නොවෙයි, මගේම ජීවිතය පවා මට අහිමි වුණත්. කුඩා දිවයිනක් දෙකඩ කිරීමේ අසාධාරණ න් යායපත් රයක් මත ලොව පුරා විසිරුණ අන්තවාදී ප් රජාවක් විසින් මෙහෙයවන, ලේ පිපාසිත ත් රස්ත කල්ලියක් හා ලංකා හමුදාව අතර තිස් වසරක් පුරා ඇවිලුන යුදගින්නේ කුරිරු තාපයට, සැබෑ මනුසත්කම තුළින් උපදින, ජාති ආගම් භේදය නිරුද්ධ වූ අතුම් මිත් රත්වය කිසිදාක විනාශ කළ නොහැක.
Out of stock
කතා සරිත් සාගරයේ කතා

කතා සරිත් සාගරයේ කතා

කථා නමැති ගංගාවන්ගෙන් සැදුණු සාගරය යන තේරුම ඇති මෙම කථා සරිත් සාගරය පුරාණ සංස්කෘතික විචිත් ර කථා සංග් රහයකි. කාශ්මීරයේ රාම නමැති බමුණකුගේ පුත් සෝමදේව විසින් ක් රි. ව. 1063 - 1081 අතර තුර කාලයේදී මෙය ලියන ලදී. ඒ අනුව මෙය වසර දෙදහසක් තම් පැරැණිය. කාශ්මීරයේ අමාන්ත රජතුමාගේ බිසව වන සූර්යවතී බිසවගෙ කලකිරීමක් දුරුකොට මනෝ විනෝදය ඇති කිරීම සඳහා මෙය ලියූ බව සඳහන් වෙයි. ප් රාකෘතයෙන් රචනා කරන ලද, මෙකල දක්නට නැති කථා කෝෂයක් වූ වෘහත් කථාව කථා සරිත් සාගරය ලිවීමට මූලාශ් ර වී තිබේ. වෘහත් කථාව පෛශාවී භාෂාවට අයත් ග් රන්ථයකි. එය අද අතුරුදහන් වී ඇතත් සෝමදේව පඬිවරයා විසින් කථා සරිත් සාගරය ලිවීම නිසා මුල් කතාවේ සෙව
Out of stock
සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න

සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න

කවිය කියන්නෙ මොන වගේ වාස්තවික හැඩයක් ගන්න එකක් ද කියල හොයනවට වඩා කවියේ රසිකයෙකු හැටියට මං වදවෙන්නේ එයින් කවරාකාර හර්ද කම්පාවක් ඇති කරනවාද කියන කාරණාව. භූ කම්පාවන් මනින්නේ රික්ටර් මාපාංකය තිබුණට හර්ද කම්පාවන් මනින්න එවන් නිර්මිත නිර්ණායක තියෙනවද? අපට එහෙම හිතෙන්නේ කවිය, කවියාගේ ප් රකාශයෙන් බැහැර වුණාම, එය හුදෙක්ම පුද්ගලානබද්ධ විඳීමක් වන නිසා. හිතේ කෝමල සියුමැලි හැඟුම් පිරිමදින කවි වගේම, ඒ හිතේම රළු, ගොරහැඩි, අඳුරු අහුමුළු ඉවක කරන කවිත් අපට හමුවෙනවා. අප කියවා රස විඳිනවා. අපට අනුව සුජීව කියන්නේ මේ දෙවනාකාරයේ කවි භාවිතාවක ඉන්න කවියෙක්. සුජීවගේ කවි තාණ්ඩවයි. ඒ කවිවල නුසුන් යටි අරුත් එක්ක ගීතවත් ධ්ව
Out of stock
වෙල්ලස්සේ ජනවහර

වෙල්ලස්සේ ජනවහර

මුඛ පරම්පරාගතව පැවත එන සම්ප් රදායික විශ්වාසය, සිරිත්, විරිත්, ජනකථා සහ ජන භාෂාව යනාදිය ඕනෑම ජනවාර්ගික කණ්ඩායමක පැවැත්මෙහි ලා වඩාත් තීරණාත්මක වූ අංගෝපාංග වේ. කිසියම් මිනිස් කණ්ඩායමක ජීවන ක් රමය හා සම්බන්ධිත සම්ප් රදායික මූලයන් සහ එහි කොටසක් ලෙස ප් රවර්ධනය වූ නිර්මාණාත්මක ප් රකාශන ලස සැලකෙන ජනගීත, ජනනැටුම්, අත්කම් ආදී ක් රියාකාරකම් සියල්ල ඔපවත් වන්නේ ද ජන බස ඇසුරෙනි. දඹගල්ලේ කේ. බී. රත්නායක යනු ශ් රි ලංකාවේ ප් රාදේශීය ජනවහර කෙරෙහි සුවිශේෂ ඇල්මක් දක්වන්නෙකි. වෙල්ලස්සේ ජනවහර නම් ග් රන්ථය වෙල්ලස්ස නම් ප් රදේශය ආශ් රිතව රචනා කරන ලද්දකි. යටත්විජිතකරණයත් සමඟ ශ් රී ලංකා සමාජයේ සිදුවූ අධ් යාපනික හා සංස්
Out of stock
නපුරු දොස්තර

නපුරු දොස්තර

මේ ඉන්නෙ ඩොක්ටර් රංගන වයස අවුරුදු හයක රෝගී දැරියක වන ඈ පවසන්නී ය. ආ කෝ මගෙ දෙපැත්තෙ කොණ්ඩෙ? මම අසමි. ඇයි ඔයා ඔයාගෙ කොණ්ඩෙට මොකද්දෝ කරලනෙ ඇය කියන්නේ සිනාසෙමිනි. සිත්තරෙකුට දහස් ගණනක් මුදල් ගෙවා ඇඳගන්නා සිතුවමකට වඩා, මෙසේ අඳින අව් යාජ චිත් රයක වටිනාකම බොහොම වැඩි ය. එය හොඳ සිහිවටනයකි. නවක වෛද් යවරයකුගේ අත්දැකීම් පාදක කොට ගෙන රචනා කර ඇති කෙටි කථාංගවලින් සමන්විත මෙහි අරමුණ වී ඇත්තේ රෝගියකු සම්බන්ධ යම් කතා පුවතක් හෝ තම වෘත්තීය ජීවිතය පිළිබඳ කතා පුවතක් එලෙස ම ඉදිරිපත් කිරීම නොවේ. සමාජයථාර්ථය පිළිබඳ විවරණයක යෙදීමටත්, ඒවා දෙස මනෝ විද් යාත්මක දෘෂ්ටියකින් බැලීමටත් කතුවරයා උත්සාහ දරා ඇති ආකාරය මෙම ග් රන්ථ
Out of stock
සරු පස
Out of stock
සුදු ගෝනා

සුදු ගෝනා

එක් දිනක් හවස කෑම කා විවේක ව සිටින හෑන්ස් වැදි පිරිස අමතා, හෙට මම ගමනක් පිටත් වෙලා යනවා හුඟ දවසකට ආපහු එන්නෙ නෑ යි කී ය. මෙයින් පුදුමයට පැමිණි බවක් පෙන්නූ රන්දුනා, අර හාමුදුරුවන් ඉන්න ගල් ගෙට යනවා නෙ මෙයි මම හිතනවා. ඇයි එහෙ ආයෙමත් යන්නෙ නැහැ කීවා නේ. යි පැවසී ය. නෑ. මම ගිහින් එන්ඩ ඕනෑ මා කලින් හිටපු විල අද්දරට. එහෙ මගෙ යාළුවන් කීප දෙනෙක් ඉන්නවා. මම ගිහින් ඔවුන් දැකලා එන්නට ඕනෑ. මොන යාළුවන් ද? අපි හිතාගෙන හිටියෙ මෙහාට එන්න ඉස්සර වෙලා කිසි ම යාළුවකු හිටියෙ නෑ කියාලායි. ඔව්, මිනිස් යාළුවන් මට හිටියෙ නැහැ. ඒත් මට එහෙදි කිරි දීපු මී දෙනක්, නයකුගෙන් මගෙ දිවි ගළවා දීපු මුගටියෙක්. ඒ ඔක්කෝට ම වඩා මිත්
Out of stock
වන අලින්ට කළ වෙදකම්
Out of stock
පොලිස් නිලධාරියෙකුගේ මතක සටහන්

පොලිස් නිලධාරියෙකුගේ මතක සටහන්

විශ් රාමික පොලිස් පරීක්ෂක ලයනල් මුණසිංහ මහතා හතලිස් එක් වසරක්, වසර 1959 සිට 2000 දක්වා පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ තරාතිරම්වල, විවිධ පලාත්වල, සේවය කොට ලබා ගත් පුළුල් අත්දැකීම් සම්භාරයක් සහිත නිලධාරියෙකි. අවුරුදු හයක් යාපනය දිස්ත් රික්කයේ ද, පසුව වවුනියා යුද කලාපයේ ද සේවය කළ ඔහු, දෙමළ බස මැනවින් හැසිරවීමේ සමතෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද, කලක් පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්තව නැගෙනහිර පළාතේ ද, අනතුරුව සබරගමුව සහ කොළඹ තදාසන්න පෙදෙස්වල ද කළ ලබාගත් පුළුල් අත්දැකීම් ඇත්තෙකි. එමෙන්ම අපරාධ පරීක්ෂණයෙහි ද, අධිකරණය හමුවේ නඩු ඉදිරිපත් කිරීමෙහිලා ද, ඔහු ලත් පරිචය ගැඹුරු ය. මේ පොතෙහි අඩංගු වන්නේ
Out of stock
18 පරපුර

18 පරපුර

1818 ඌව වෙල්ලස්ස නිදහස් සටනේ උත්පත්තිය, විකාශනය සහ අවසානය අධ් යයනය කැරෙන අපූර්ව ග් රන්ථයකි. කතුවරයා සිය ප් රයත්නයෙහි ලා ඌව වෙල්ලස්ස ඉතිහාසය හදාරා, එහි පැන නැගි නිදහස් සටන හා බැඳි ජනශ් රැතීන් අධ් යයනය කොට, අදාළ ප් රදේශයන්හි සංචාරය කරමින් එදා සටනට උර දුන් විරු පරපුරේ අක්මුල් හා බැඳුණු අද පරපුරේ ඥාතීන්ගෙන් තොරතුරු උකහාගෙන ඒවා සංචාරක දෘෂ්ටිකෝණයකින් පෙළ ගස්වා තිබේ. මෙහි කතුවර මලික් චමින්ද ධර්මවර්ධන වසර 15කට ආසන්න කාලයක් සිළුමිණ ඇතුළු පුවත්පත් රැසක විශේෂාංග ලේඛකයකු වශයෙන් කටයුතු කර තිබේ. සඟරා කතුවරයකු ද වන ඔහු කැලණිය විශ්වවිද් යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ ශාස්ත් රපති උපාධිධාරියෙකි.
Out of stock
අලිපාර

අලිපාර

බ් රිතාන් ය යුගයේ ලංකාවේ වැවිලිකරුවකුව සිටි ඩිග්බි ජෝර්ජ් ජෙරාටි (1898 1981) විසින් තමා ලද අත්දැකීම් ඇසුරෙන්, රොබට්ස්ටැන්ඩිෂ් නම් ආරූඪ නාමයෙන් යුතුව ලියන ලද elephant walk නවකතාව එකල ලක්දිව ධනවත් වතුකරුවන්ගේ ජීවනරටා හා ඇවතුම් පැවතුම් මැනැවින් ප් රකට කරයි. වල් අලින්ගේ සුපුරුදු මං පෙතක් අහුරා ඉදිවන සුවිසල් මන්දිරයක්, අවසානයේඋන් අතින් වැනසෙද්දී ඊට මුහුණ දෙන වතු හිමි ඉංග් රීසි ජාතිකයා සහ ඔහුගේ රූමත් බිරිඳගේ කතාව වූ elephant walk එය ප් රථමයෙන් පළ වූ 1849 වසරේදී අතිශයින් ජනප් රිය වූ අතර, අනතුරුව එය ඇසුරෙන් හොලිවුඩ් චිත් රපටයක් ද එනමින් ම නිපදවිණ. elephant walk නවකතාව අලිපාර නමින් මෙසේ සිංහලට නඟන ලද ඉ
Out of stock
නුවරට යනකං රීලෝඩ්

නුවරට යනකං රීලෝඩ්

අපි සියලු දෙනා ගොගොල් ගේ හිම කබායෙන් එළියට ආවෙමු යැයි රුසියානු ලේඛක දොස්තයෙව්ස්කි වරක් කීවේ ය. අපේ පරපුර නියෝජනය කරන බොහෝ ලේඛකයන් ද, සහෘදයන් ද, සාහිත් ය රසය යනු කුමක් දැයි හඳුනන රසවතුන් ද, තම රස විඥානය පෝෂණය කර ගත්තේ ද ගොගොල් ගේ හිම කබාය ඇතුළු තවත් බොහෝ රුසියන් කෙටි කතා කියැවීමෙනි. ඒ අපූර්ව වූත්, ප් රතිභාපූර්ණ වූත් ලියැවිලි වලින් අප හදවත් තුළ ජනිත වූ සාහිත් ය රස උල්පත මහා ගංගාවක් බවට පරිවර්තනය කළෝ කෙටිකතාව නමැති කලාංගය බැති බරින් අප වෙත රැගෙන ආ අපේ ම ලාංකීය ලේඛකයෝ ය. ඒ අසහාය සාහිත් ය කරුවන් ගෙන් පෝෂණය ලැබූ අපද ඔවුන්ට උපහාරයක් වශයෙන් කෙටි කතාව නමැති සාහිත් යාංගය වත්මන් පාඨක ප් රජාව අතර ජනප් රිය
Out of stock
තුරඟ නිම්නය
Out of stock
වංසක්කාරයෝ

වංසක්කාරයෝ

An english sensation novel of 1861 a victorian best - seller කාල්යිල් මහතා හා මවුන්ට් සවර්න් අර්ල්වරයා එක් දොරටුවකින් භෝජනාගාරයට ඇතුල් වෙද්දී, ඊට ප් රතිවිරුද්ධ දොරටුවෙන් තවත් අයකුගේ පිවිසීම සිදුවිය. මේ කිනම්........ කවරෙක් ද! විස්මයට පත් වූ කාල්යිල් මහතාට තම දෑස ඉදිරියේ දිස්වන රුව මිනිස් දුවකට අයත් ද නැතහොත් සුරඟනකට අයත් දැයි අදහාගත නොහැකි විය. සුන්දරත්වය යන වදන අබිබවා යන දුර්ලභ ගණයේ රූ සපුවක්, සිත්තරකුගේ මනසෙහි මැවී තෙලිතුඬින් ඇඳුණ සිත්තමක් බඳු රුවක්........ තාරුණ් යයේ අහිංසකත්වය දෝතින් දරාගත් තම රූබර දියණියන්ගේ අනාගත ඉරණම දැකීමට තරම් මතු දැක්මක් අර්ල්වරයා සතු වී නම් ආකිබෝල්ඩ්, මම ඉන්නේ එහා ල
Out of stock
දේව හස්තය

දේව හස්තය

සදාම් හුසේන් කුවේටය ආක් රමණය කළ පසු ඔහු පළවා හැරීම සඳහා ඔහු සතු යුද බලය ගැන තක්සේරුවක් ලබා ගැනීමට ජෙරිකෝ නමින් හැඳින් වූ නොදුටු ඔත්තුකරුගේ සේවය ඊශ් රායලය හරහා ලබාගත් බ් රිතාන් ය-ඇමෙරිකා සංධානය ඔහු ලබාදුන් තොරතුරුවල නිවැරදි භාවය අනුව, ඔහු සදාම්ගේ රජයේ ඉහළ නිලධාරියකු බව සොයාගනිති. කුවේටයෙන් ඉවත් වීමට අවසාන දිනයක් ලබා දී තිබියදීත් තම සතු යුද බලය, බටහිර හමුදා පැරදවීමට ප් රමාණවත් නොවන බව දැන දැනම, ඒ ගැන නොසලකා දිගටම කුවේටයේ රැඳී සිටිමින්, තමන් සතුව දේව හස්තය ඇති නිසා මෙවර බටහිරට පාඩමක් ඉගැන්වීමට ඉඩ ලැබෙන බව සදාම් තම සමීපතමයන්ට පවසා තිබූ බව දැනගත් පසු, මෙය නිසැකයෙන් ම විෂ වායු හෝ විෂ බීජ වලට වඩා භයා