Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සිරකාරි

සිරකාරි

කෙටිකථාව යනු ජීවිතයෙන් පෙත්තක් කපා නිරූපණය කිරීමක් බව නැවත නැවතත් සනාථ කරන මුල මැද අග සහිත අපූරු කථාගොන්නකින් සමන්විත සිරකාරි නිර්මාණකරුගේ දෙවන නිර්මාණ වෑයමයි. බොහෝ ගැහැණුන් මිනිසුන් පමණක් නොව සතුන් ද විඳින හා විඳවන අනන්තාපරිමාණ සුඛ දුක්ඛයන්ට පාදක වූ ක් රියාවන් හා ප් රතික් රියාවන් සෞන්දර්යාත්මක දෘෂ්ඨියකින් විවරණය කිරීමෙහිලා කතුවරයා දක්වන අපූර්ව බුහුටිකම අනාගත සිංහල කෙටි කථාවේ දිශානතිය පිළිබඳ පාඨකයා තුළ විසල් බලාපොරොත්තුවක් දල්වාලනු නිසැකය. කුඩා සිද්ධියක් වුවද අපූර්වත්වයකින් නිර්මාණාවේශයෙන් හැඩගන්වා සාර්ථක කෙටිකතාවක් බවට රූපාන්තරණය කිරීමේ නිසඟ කුශලතාවය මෙම තරුණ ලේඛකයාගේ ප් රතිභාවයට නිදසුනකි. වි
In stock
කැටපත් කංකාරිය

කැටපත් කංකාරිය

අනුරාධපුර යුගයේ දී පරපුරුෂයන් රැසක් හා ලැගි අනුලා බිසවගේ කාමෝන්මාදය පාදක කැර ගෙන, සිනමාපටයක් නිපැයීමට, විකෘති කාමභෝගී ජීවිතය තම තෘප්තිය කර ගත් ප් රවීණ චිත් රපට අධ් යක්ෂකවරයෙක් උත්සාහ දරයි. ඒ නිර්මාණ ප් රවේශය ඔහු හා දෙවැනි විවාහයෙන් බැඳුණු කීර්තිමත් සිනමා නිළිය කඩා කප්පල් කරන්නට උත්සාහ දරන්නීය. එයට නිමිත්ත වන්නේ තම පළමු විවාහයෙන් ලද රූමත් දියණිය අනුලා බිසවගේ භූමිකාවට තෝරා ගැනීමෙනි. තම දෙවන සැමියාගේ විකෘති කාමාශාවන් හා තම අත්දැකීම් ඇසුරින් උපන් භය හේතුවෙන් සිය දියණිය සුළු පියාගේ කාමා පරාධයන්ගෙන් ගලවා ගැනීමේ ඇයගේ අනවරත උත්සාහය පාදකව ඔවුන් තිදෙන අතර දැවැන්ත අරගලයක් පැන නැඟ ඔවුන්ගේ සමාජ, ආර්ථික, සං
In stock
සුරතල් සතුන් ලෙඩවන්නට පෙර

සුරතල් සතුන් ලෙඩවන්නට පෙර

ආදරය, කරුණාව, ලාභ ඉපයීම හා ජෛව විවිධත්වය අරමුණු කරගෙන දඩයම් යුගයේ සිට මිනිසා හා සතුන් අතර ඇති වූ බැඳීම, එඬේර යුගයේ දී ප් රබල සමාජයීය සංස්කෘතියක් බවට පත් විය. ගෘහාශ් රිතව, ව් යාපාර හා ලෝවැසි ජීවත්වන සියලු සතුන් උදෙසා වෙද-හෙදකම් කළ හෙයින්, එය අද පශු වෛද් ය විද් යාව සේ හඳුන්වමු. නීරෝග සැප හැර සැපයක් මිනිසාටද සතුන්ටද නොමැත. මේ පිළිබඳ අප රටෙහි තහවුරු වී ඇති දුර්මත ඉවත් කළ යුතු කාලයද ඉක්මවා තිබේ. පශු වෛද් ය විද් යාවේ පර්යේශනාත්මක නමවු දැනුම අප සමාජයේ තහවුරු නොවන්නේ ද මේ ආකල්පමය ගැටලු හේතුවෙනි. සුරතල් සතුන් ලෙඩවන්නට පෙර කෘතිය පශු වෛද් යවරියකගේ අත්දැකීම් ඇසුරින් මෙරට පාඨකයා අතරට පැමිණි කාලෝචිත මැදිහත්
In stock
ශුක්රාන් කටාර්

ශුක්රාන් කටාර්

මුලින්ම ඕමානයට ආ දවස සිහිපත් වුණා. ගෙදරදීත්. ගුවන් තොටුපලේදීත් හිර කරගෙන තිබුණු කඳුළු වැස්ස දෝරේ ගලන්න ගත්තේ උඩුගුවනේදීයි. ඕමාන් එයාර් ගුවන් සේවිකාවන්ට මට ලේන්සු සපයනවාට වඩා රාජකාරියක් තිබුණෙ නෑ. ඒ තරමට අඬලා ගුවන් තොටින් බහිද්දී කඳුළු වේලීලා. ලංකාවේ රාජකාරිය ගැන අන්තෙටම කලකිරිලා හිටපු මම අපායට යන්න වුණත් සුදානමෙන් හිටියේ. කොහොම වුණත් සැප දුක දෙකම අතර දෝලනය වෙමින් අවුරුදු අටක්ම ගෙවා ගත්තා. ලංකාවේ දී කරන්න ඉඩ නොදුන් හැම දෙයක්ම මම මේ රටේ දී ඉහළින්ම කෙරුවා. රාජකාරිය ගැන අතිශයින්ම තෘප්තිමත්. හැකි උපරිම කාලයක් මගේ උපරිම ශක්තිය මම මේ රටේ දියුණුව සඳහා යොදවනවා.මගේ රට ගැන අවංකවම දුකයි. -senarath kumaras
In stock
ඇමෙරිකානුවන් දුටු ලක්දිව සිරිය

ඇමෙරිකානුවන් දුටු ලක්දිව සිරිය

දහනමවන සියවසේ දී හා විසිවන සියවස මුල ලංකාවට පැමිණි විවිධ ඇමෙරිකානුවන් දස දෙනෙකු විසින් රචිත රචනාවල සිංහල පරිවර්තන මෙම ග් රන්ථයෙන් ඉදිරිපත් කොට ඇත. මෙවා බොහොමයක් ලංකාවේ දී ඔවුන් මෝහනයට පත් කරන ලද මනරම් ස්වභාව සෞන්දර්යය, ඔවුන්ගේ අත්දැකීම් හා නිරීක්ෂණ විස්තර කෙරේ. මේ හැරෙන්නට ගාල්ල, මහනුවර හා නුවරඑළිය පිළිබඳව නොයෙකුත් ලේඛකයන් ඉදිරිපත් කර ඇති විස්තර අතිශයින් මනස්කාන්ත ය. ඇතැම් රචනා රාජ් ය ප් රතිපත්ති මෙන් ම සමකාලීන සමාජය පිළිබඳ ශාස්ත් රීය අධ් යයන සඳහා ද උපයෝගි කරගත හැකි තොරතුරුවලින් යුක්ත ය. උදාහරණයක් වශයෙන් හෙන්රි ස්ටීල් ඕල්කොට්ගේ රචනය දැක්විය හැකි ය. එවක පැවති ක් රිස්තියානි මිෂනාරි කටයුතුවල ස්ව
In stock
ඉර වර වර

ඉර වර වර

"ඉර වර වර" අගනා නවකතාවකි. නවකතා කරුවෙකු වශයෙන් ගාමිණී කන්දේපොළ සතු නිර්මාණ කෞශල් යය එහි මැනවින් සටහන්ව ඇත. "ඉර වර වර" නවකතාවෙහි අන්තර්ගත එක් මුඛ් ය තේමාවක් නම් පරිසරාවබෝධයෙහි, පරිසර විඥානයෙහි, පරිසර භක්තියෙහි වැදගත්කමයි. මානව ශිෂ්ටාචාරයෙහි මූලාවධියෙහි පටන් මිනිසාත් ස්වභාව ධර්මයත් අතර ඉතාම සමීපවූත් පරස්පර පරිපෝෂකත් සම්බන්ධයක් පැවතිණ. නවීකරණයෙහි ව් යාප්තිය නිසා මෙම සම්බන්ධයට හානි සිදු වී ඇති අයුරු කන්දේපොළ සිතුවම් කරන්නේ මනුෂ් යත්වය පිළිබඳ ගැඹුරු අවබෝධයකින් යුතුවය. සංකේතාත්මක සංසිද්ධි තුළින් කතුවරයා නවකතාවේ ආධ් යාන සංකේථනයට ජීවයක් ලබා දෙයි. "ඉර වර වර සාහිත් යාභිලාෂීන්ගේ විචාර දර්ශනයට පාත් ර විය
In stock
සමනයා

සමනයා

අතුරුදහන් වෙච්ච අය වෙනුවෙං කාර්යාලයක් පිහිටවල කියල පත්තරේ තියෙන්නෙ විස්තර ඉල්ලනව ඒ ප් රවෘත්තිය ඇග්නස් නෝනා ඇසුවේ පෙරදා රැයේ රූපවාහිනී ප් රවෘත්ති වලිනි. කෝල් එකක් දීල බලන්න හිතයි මං හිතන්නෙ ඕක උතුරෙ යුද්දෙං බැට කාපු ජනතාව වෙනුවෙං එහෙ විතරයැ උතුරෙත් දකුණෙත් දෙකේම සිද්ද වුණේ අතුරුදහං වෙච්ච එකනෙ ඒ වුණාට අක්කෙ ඕක ජාත් යන්තර ප් රජාවගේ ඉල්ලීමක් මානව හිමිකම් ඇයි මෙහෙ කැඩුනෙ දකුණෙ අපේ මානව හිමිකම් නෙවෙයිද ? අනේ මංද අක්කෙ අක්කට කොච්චර කිව්වත් තේරුං ගන්නැති එකනෙ තියෙන ප් රශ්නෙ එවර නම් මාග් රට් නෝනා නංගී දෙස බැලුවේ ප් රසන්න මුහුණකින් නොවිණි. එය රුදුරු බැල්මකි. මීට මොහොතකට පෙර සිය හදවත සමඟ එකඟ කර ගෙන තිබූ
In stock
මඩුවන්වෙල ජනකතා

මඩුවන්වෙල ජනකතා

රජු හා රාජකීය උරුමය අහිමි වූ ජාතියක් සුද්දන් හා ගැටෙමින් සුද්දන්ට හිතැතිව එහෙත් යම් අභිමානයකින් පසු වූ මඩුවන්වෙල දිසාව වටා මහත් ගිජුකමකින් ගොඩ නැගූ ප් රවාද පසුකාලීනව මඩුවන්වෙල ජනකතා ලෙසින් සම්මත වූ වග පිළිගත හැකි ය. මඩුවන්වෙල වලව්ව, එහි භෞතික හැඩතල, මඩුවන්වෙල දිසාව හා පාලක පුවත් විවිධ කෝණයන් මඟින් අධ් යයනය කර ජනගත කිරීම මෑතක සිට සිදුවූයේ ද මඩුවන් වෙල දිසාවට ඉහළ කීර්තියක් අත් කර දෙමින් එයින් සුද්දා පෙළීමට තරම් අභිවන්දනීය මානයක අශ්වාදයක් ලැබීමේ නොතිත් ආශාව හේතුවෙනි. එහෙත් රාජ් ය සම්මානනීය ලේඛක, ප් රවීණ ජනශ් රැතිවේදී ගුණසේකර ගුණසෝම අත තබන තුරු මඩුවන්වෙල දිසාව ආශ් රිත හා ඒඅවට පසුබිම, සමාජ සංස්කෘති
In stock
ශ්රී ලංකාවේ පවුල් සංස්ථාවේ බිඳවැටීම

ශ්රී ලංකාවේ පවුල් සංස්ථාවේ බිඳවැටීම

ප් රවීණ ලේඛකයකු ලෙස ප් රශස්තතා පළ කොට ඇති සුරේෂ් මිහිර බණ්ඩාර නම් වූ කතුවරයා විසින් ස්වකීය සාහිත් යමය චාරිකාවතුළ සිදු කරන ලද සුවිශේෂම සමාජ මෙහෙවර මෙය විය හැකිය. මන්දයත්, එය, හුදු නිර්මාණ කරණය අතික් රමණය කරනු ලබන ශාස්ත් රෝන්නතිකාමි පර්යේෂණ ප් රයත්නයක් ද වන බැවිනි. සැබැවින්ම, මෙය දුෂ්කර ව් යායාමයක පැසසුම් කටයුතු ප් රතිඵලයකි. විශ්වවිද් යාල අධ් යාපනය තුළින් ඔහු ලද ශාස්ත් රීය අවබෝධය හා අත්දැකීම් සමුදාය ද මෙහි සාර්ථකත්වයට පිටුබල සැපයූ බවක්පෙනේ. යුක්තිය, සාධාරණය සහ සත් යය ඔහු විසින් පසක් කරවනු ලබයි. එබැවින්, ඔහු අපට සාහිත් යකාර ලේඛකයෙකු පමණක් නොව, කලාකාමීත්වය ධනය කොටගත් අදීන ශාස්ත් රවන්තයකු ද වෙයි. එ
In stock
සිංහල ජන සම්මත කතා

සිංහල ජන සම්මත කතා

1915 ඔක්තෝබර් 23 දින හම්බන්තොට දිස්ත් රික්කයේ ඉපිද 1977 දෙසැම්බර් 29 දා අපවත් වී වදාළ පොත්තේවෙල පඤ්ඤාසාර මහනාහිමිපාණන් වහන්සේ මෙම කෘතියේ කතුවරයාණෝ වෙති. ප් රථම මුද් රණය 1951 වර්ෂ ලෙස සඳහන් මෙම කෘතියෙහි ආයුෂවර්ෂ 68 කි. කතු හිමියන් තිස්හය හැවිරිදිව සිටිය දී පළ කරන ලද මෙම කතා සංග් රහයට මුඛ පරම්පරාගත ජනකතා 22ක් ඇතුළත්ය. මේ වන විට මුද් රිත කෘති වශයෙන් ජන කවි දහස් ගණනක් ප් රකාශයට පත්ව ඇතත් මුද් රිත ජනකතා කෘති සොයා ගැනීම දුෂ්කරය. අප දන්නා තරමින් අපට හමු වූ මේ ගණයේ ප් රථම කෘතිය මෙය විය හැකිය. සිසු පරපුරට මෙන්ම වැඩිහිටියන්ට ද එක සේ රස විඳිය හැකි මෙම කතා සංග් රහය ජනශ් රැති පර්යේෂකයන්ට ද ඵලදායී විය හැකිය
In stock
නත්තලේ උපත සහ නත්තල් කතා

නත්තලේ උපත සහ නත්තල් කතා

මල්කාන්ති ගුණතුංග ගේ නවතම කෘතිය වන නත්තලේ උපත සහ නත්තල් කතා , නත්තල් උත්සවය හා සබැඳි ඉතිහාසය, ජනප් රවාද, නත්තල් සංකේත, ලොව විවිධ රටවල නත්තල් සිරිත්, මෙන්ම ලොව විශිෂ්ට ලේඛකයන් විසින් නිර්මාණය කරන ලද නත්තල් කතා, නත්තල පිළිබඳ සුරංගනා කතා සහ සත් ය සිදුවීම් ද එක්තැන් වූ සාර සංග් රහයකි. මහජන බැංකුවේ නිලධාරිනියක වූ මල්කාන්ති, තිස් වසරකට අධික කාලයක් තිස්සේ නිදහස් ලේඛිකාවක ලෙසින් පුවත් පත් රැසකට ලේඛනයෙන් දායක වූවා ය. කිවිඳියක, කෙටිකතා රචිකාවියක, පරිවර්තිකාවක, විශේෂාංග ලේඛිකාවක සහ ගත් කතුවරියක ලෙසින් නමක් දිනූ ඇයගේ මම නව ප් රයත්නය, සෑම වයස් කාණ්ඩයක ම පාඨකයන් හට නත්තල් උත්සවය පිළිබඳ විස්තරාත්මක දැනුමක් ල
In stock
මගෙ නම නුජූඩ් වයස 10යි දික්කසාදයි

මගෙ නම නුජූඩ් වයස 10යි දික්කසාදයි

මම මගේ පියාගේ සහ සහෝදරයන්ගේ අණට සෑම මිට ම කීකරු වූ අහිංසක ගැමි දැරියක් වෙමි. සෑම දෙයට ම එකඟ වීමට සහ හා කීමට මම පුරුදු වී සිටියෙමි. එහෙත් අද බෑ කියා පැවසීමට මම තීරණය කළෙමි. 2008 වසරේදී ඇගේ වයස මෙන් තුන් ගුණයක් වයසැති පිරිමියෙකු හට නුජූඩ්ව විවාහ කර දීමට පියා තීරණය කිරීමත් සමඟ ඇගේ ළමා කාලය හිටිවන ම අවසාන විය. සිය සැමියාගෙන් වූ අතවර ගැනත්, සිය නිර්භීත පලායාම ගැනත් අද ඇය පවසන්නේ හද කම්පා කරවන ස්වරයකින් සහ පුදුම උපදවන ඍජු බවකිනි. දේශීය මාධ් ය සහ නීතිඥයන්ගේ උපකාර ලබා නුජූඩ් ඇගේ නිදහස ලබා ගත්තා ය. ගැහැනු ළමුන්ගෙන් අඩක් ම නීත් යනුකූල වයසට වඩා අඩු වයසකින් විවාහ වන යේමනයේ දැරියක ලෙස එහි චාරිත් රවලට මෙන්
In stock
සිපුම් සීරුම් කෙනිත්තුම්

සිපුම් සීරුම් කෙනිත්තුම්

ඔබේ තේ එකට සකුරු දමන්නත් නියම වෙලාවට ඔබේ විටමින් බෙහෙත් දෙන්නත් ඔබ මට පුරුදු කළා. ඔබේ දැවැන්ත මමංකාරයඅසළ බියෙන් හැකිළී මායාමය සූකිරි කෑ මා කුරුමිට්ටියක් බවට පත් වුණා. මගේ සිතැඟි සහ තර්කන අහිමි වුණ මා ඔබේ සියලුම ප් රශ්නවලට නොගැළපෙන පිළිතුරු මිමුණුවා. ග් රීෂ්මය දිය වීම ඇරඹුණා. ප් රපාතයේ කැරකෙන සුළං සහ දැවෙන පත්වලින් නැගෙන දුම් මට මතකයි. ඔබේ කුටිය හැමදාම බැබළුණේ කෘත් රීම එළිවලින්. ඔබේ කවුළු නිතරම වහලයි තිබුණෙ. වායු සමීකරණ පවා යම්තමිනුයි සහනයක් වුණේ. හැම තැනම පැතිර තිබුණේ ඔබේ හුස්මේ පිරිමි සුවඳයි. කපා බඳුන්වලට දැමූ මල් මිනිස් දහඩියගන්ධය පතුරුවන්න පටන් ගත්තා. තව දුරටත් ගීත ඇසුණේ නෑ. නැටුම් තිබුණෙත්
In stock
සුදු වැද්දා - සූරිය ප්රකාශන

සුදු වැද්දා - සූරිය ප්රකාශන

"හැන්ස් ඔබ! මොකද කරන්නේ? ඩේමියන් පුජකතුමා ඉතා බැරෑරුම් හඬින් විමසීය. "මට කැලේම තමා" ඒ ගැන තර්ක විතර්කවලට ඉඩක් නැති බව ඔහුගේ වචනවල නිශ්චිතතාවෙන් තහවුරු විය. එවැනි උත්සාහයක් නොදැරීමට වගබලා ගත යුතු තරමට ඔවුහු හැන්ස් ගැන මනා අවබෝධයක් ඇතිවද සිටියහ. "අර අසරණ තරුණිය නාලිනීට ඉන්න මීට වඩා හොඳ තැනක් ගැන මට හිතා ගන්න බැහැ. මෙහේ නවතින්න ඇය කැමති කර ගන්න මම උත්සාහ කරන්නම්. මා ළඟ ඉන්න කට්ටියේම කෙනෙක් හැටියට මම ඇය රැක බලා ගන්නම්." මඳ වේලාවක් නිහඬව සිටි පියතුමා හැන්ස් ඇමතුවේය. මගේ පුතා හැන්ස් කැලය ඔබේ ශරීරයත් ආත්මයත් අවනත කරගෙන, එය හැම දාම ඔබගේ නිවහන වෙයි. ඒත් කැලේ අද්දර ඉන්න අප බලන්න ඉඳහිටවත් නෑවිත් ඉන්න හේම