Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
අනියම් බිරින්දෑවරු

අනියම් බිරින්දෑවරු

"මගේ බිරිඳ මියගියත් ඈ තවමත් මා තුළ ජීවත්වෙමින් සිටිනවා. ඔහු මෙසේ පවසද්දී මා සිටියේ රසම රස සුප් කෝප්පයක් පානය කරමිනි. මොහු පවසන්නාක් මෙන් මා ඇසුරු කළ අයත්, මා ඇසුරු කර මියගිය අයත් තවමත් මා තුළ ජීවත් වෙමින් සිටී. නොබූ මෙන්ම සභාපතිතුමා ද මා තුළ ජීවත්වෙමින් සිටී. ඒ අතර මගේ අම්මා, තාත්තා මෙන්ම අක්කාද සිටී. ඔහුගේ කතාබහ ඇසීමෙන් පසු මා අවදි වූයේ ඇඩු කඳුළිනි. අනතුරුව මම සභාපතිතුමාගේ දෑතින් අල්ලාගත්තේ ඔහු මියගිය පසුවත් මට ඔහු නැතිව ජීවත් විය නොහැකිවේයයි සිතමිනි. ඇත්ත වශයෙන්ම මේ වනවිට ඔහු මියගොස් ය. එහෙත් ඔහු මගේ මතකය පොහොසත් කරයි. එහෙත් අපේ ජීවිත මුහුදු රැල්ලක් තරම්වත් ස්ථාවර නැතැයි මට සිතේ.
In stock
ගයිගර් දුටු ලංකාව

ගයිගර් දුටු ලංකාව

සංචාරකයෙකුගේ මනෝභාවය වටහාගත හැක්කේ තවත් සංචාරකයෙකුට පමණි. නන්නාදුනන ශිෂ්ඨාචාරයක් සංචරණය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. සුදත්තක පී. විජේතුංග එවැනි දුර්ලභ සංචාරකයෙකි. සංස්කෘතිය සොයා යා හැකි එකම පහුර වන්නේ භාෂාවයි. විල්හෙල්ම් ගයිගර් පඬිතුමා ප් රාචීන භාෂා ගවේෂණය කරමින්, අපේ ඉතිහාසය පුරා සැරිසැරූ සහභාගී නිරීක්ෂකයෙක් විය. සුදන්තක පී. විජේතුංග භාෂාව වාහනයක් කොට ගනිමින්, යටගිය ලෝකය ගවේෂණය කරයි. හේ ජර්මන්, ඉතාලි, හින්දි සහ ඉංග් රීසි යන භාෂාවන්හි මනා නිපුණතාවක් දක්වයි. කොළඹ ජර්මන් සංස්කෘතික මධ් යස්ථානය සුදන්තකගේ ජර්මන් භාෂා අධ් යයනයේ මූලික පාසලයි. වර්තමාන ජර්මනියේ සංචාරය කරමින්, ගයිගර් පඬිතුමාගේ ස්
In stock
මතකය අමතක වූ මිනිසා

මතකය අමතක වූ මිනිසා

ගමේ විසූ සියලු ගුණ යහපත් බිරින්දෑවරුන් අතර ඔහු මහත් සේ ප් රිය කරනු ලැබූ පුද්ගලයකු වූ බවට කිසිදු සැකයක් නැත. ඔහු සුපුරුදු ලෙස ගමේ සිටි බිරින්දෑවරුන්ගේ ගෙදර දොරේ අඬ දබර සියල්ලට මැදිහත් වී විසඳුම් සොයනු පිණිස කටයුතු කළ අතර ඒ කාන්තාවෝ සැඳැකාලවලදී පවත්වන තමන් ගේ ඕපා දූප කතා බහේ දී සියලු වරද වෑන් වින්කල් නෝනා මත පැටවීමට කිසිදු අවස්ථාවක පසුබට නො වූහ. ඔහු කවර විටෙක හෝ පැමිණෙන බව දකින ගමේ දරුවෝ සතුටින් ඉපිලී කැගෑ හ. ඔවුන් ගේ ක් රීඩාවල දී ඔහු උදවු කළේ ය. ඔවුන් ගේ කෙළිබඬු තනා දුන්නේ ය; ළමයින් හට සරුංගල් යවන අන්දම උගැන්වූ ඔහු ඇටබෝල සෙල්ලම ද උගැන්වූ අතර ඔහු ළමයින් හට අවතාර පිළිබඳ ව ද, මන්තරකාරියන් පිළිබඳ ව
In stock
ගෝහා ගේ කතාන්දර

ගෝහා ගේ කතාන්දර

කාලිෆ්වරයාගේ මාළිගය හඳුන්වන ලද්දේ රාජ සභාව නමිනි. ඔහුට ගුරුහරුකම්දීම සඳහා වෛද් යවරුන්, නීතිඥයින්, බැංකුකරුවන් වැනි පිරිස් එහි විය. කොටින් ම, බැග්ඩෑඩ් නගරය යහපත් ලෙස පාලනය කිරීම සඳහා අවැසි සෑම අන්දමක ම මිනිසුන් ඔහුගේ රාජ සභාව සතු විය. එය ඉතා අගනා මධ් යස්ථානයක් වූ අතර ධනවත් ම, බලවත් ම සහ බුද්ධිමත් ම පිරිස් එහි දී මුණගැසුණි. මෙම කාලසීමාවේ දී රාජ සභාවේ පෙනී සිටි පුද්ගලයන් අතර වඩා ම ප් රසිද්ධ තැනැත්තා වූයේ ගෝහා ය. ඔහු එම සභාවේ කවියා මෙන් ම කවටයා ද විය. (අපේ රටේ සිටියා යැයි කියන අන්දරේ ට හෝ අරාබිකරයේ ම නස්රුදින් ට සම කළ හැකිය.) කවටයකු යනු තමා විසින් කරන කියන දෑ මගින් අන් යයන් තුළ හාස් යයක් බිහි කරන්
In stock
කැබලි - සූරිය ප්රකාශන

කැබලි - සූරිය ප්රකාශන

"...කාන්තාවක් සතු හැඟීම් වටහාගත හැක්කේ තවත් කාන්තාවකට ය, යන කීම විශ්වාසයට එකඟ නොවන්නකි. කාන්තාවක් සම්බන්ධයෙන් පමණක් නොව පුරුෂ පාර්ශවය සම්බන්ධයෙන් ද එය එකඟ වීමට තරමක් අපහසු කරුණකි... "...කුබෝ හිමින් සීරුවේ ඇගේ අත ඇල්ලුවේ ය. හත්සුඞ් ඊට විශේෂ කැමැත්තක් හෝ අකැමැත්තක් නොදැක්කුවත් වැරෙන් අත ගසා හරියි. එයින් දිරිමත් වන කුර්බෝ තව තවත් ඇය වෙත ළං විය. ඇගේ මුහුණට ආශ්වාස ප් රශ්වාස කළේ ය... "...වසන්ත ඉවත බලාගෙන ඊට කන් දුන්නේ වචනයකුද නොපවසමින් ය, කවදාවත් ම නැතිව අම්මා ඇය හා පැවසූ දේ තමාට පවසන්නට වූයේ කුමක් නිසා දැයි ඔහුට සිතා ගැනීමට නොහැකි ය. තමා තුළ සැකයක් මතුවී ඇතැයි සිතා එය දුරු කිරීමට ඇය පවසනවා විය හැකි
In stock
ඩොන්

ඩොන්

ඇමරිකා එක්සත් ජනපදයේ ප් රබලතම මාෆියා පවුලේ ප් රධානියා වන ඩොන් ඩොමෙනිකෝ සිය බලය අතහැර නෛතික සමාජය වෙත පිවිසීම සඳහා වන ඉතා වැදගත් තීරණයක් ගනියි. ඔහුගේ අභිප් රාය වන්නේ තමා ජීවත් වූ අනතුරුදායක සහ අවිනිශ්චිත ලෝකයෙන් සිය දරු මුණුපුරන් මුදා ගැනීම ය. එනමුදු කාලයේ වැලි තලාවෙන් වැසී ගිය අඳුරු අතීතයක ඔහු විසින් ම වැපිරූ දුෂ්ටත්වයේ බීජයන් නිසා මෙකී වෑයම ව් යාර්ථ වී යා ද? කලකට ඉහත අවසත් වී යයි සිතූ මාෆියා යුද්ධයක් පරම්පරා දෙකකට පසු නැවත ඇරඹේවි ද? ඩොන් වූ කලී මිනීමැරීම්, පාවාදීම්, වංචා හා කූටෝපායන් පිරි ලොවක පාතාලයත්, සූදුවත්, සිනමාවත්, නීතිය පසිඳලන ආයතනත් අතර වන බැඳීම් ද ගැටීම් ද විස්තර කෙරෙන ත් රාසය ද, ප්
In stock
අනුරපුර වීරයෝ

අනුරපුර වීරයෝ

අපි දන්නවා මීට මාස කිහිපයකට ඉස්සර මිස්ට අනිල්ගේ යාලුවා ධනංජය අතුරුදන් වෙච්ච වෙලාවේ ඔයා දන්න ගොඩක් දේවල් පොලිසියට හැංගුවා කියලා. මේ සැරෙත් දන්න දේවල් හැංගුවොත් අවාසි වෙන්නේ මිස්ට අනිල්ටම තමයි. මොකක්ද අර යකා අතේ තියෙන්නේ? ඒක කෙලවරින් විදුලියක් විහිදෙනවා නේද? නීලක කියත්ම තරු දොරටුව අසල සිටි නීලපටයින්ගේ නායකයා පිටුපස හැරී බැලීය. ගල් තලාව මත වැතිර සිටින නීලක සහ අශාන් දුටු නායක පූජකයා අත රැදි යෂ්ටිය ඔවුන් දෙසට එල්ල කළේය. යෂ්ටියෙන් නිකුත්වූ විදුලි සැරයක් මිතුරන් අසල පතිතවී පුපුරා ගියේ කර ගන්ධයක් අවට පතුරුවා හරිමිනි. අනුරාධපුර යුගයේදී පිටසක්වල ජීවින් සමඟ සබඳතා පැවැත්තූ බවට සාක්ෂි තිබුණත් තරු දොරටුව ගැ
In stock
පාලින්ද නුවර ජනකතා

පාලින්ද නුවර ජනකතා

කළුතර දිස්ත් රික්කයේ, තවමත් ගැමි සුවඳ වහනය වන පාලින්දනුවර ප් රදේශයේ උපත ලද දුමින්ද ජයවර්ධන, නිදහස් මාධ් යවේදියෙකි.තමාට ම ආවේණික වූ රසවත් බස් වහරකින් විත්ති කතා රචනයට දස්කම් පාන ඔහු මේ වන විට, කළුතර දිය ඇලි වරුණ, නොව පැරණිය වන රමණිය සහ පාලින්දනුවර එදා විත්ති යනුවෙන් කෘති තුනක් ලියා පළ කර තිබේ. වෘත්තියෙන් සංවර්ධන නිලධාරියෙකු වන දුමින්දට ගැමි ජනතාව සහ පරිසරය සමග සමීප වීමට හොඳින් ඉඩ හසර ලැබේ. ඔහු ඉන් ප් රයෝජන ගෙන ඇති බව පෙනේ. ජනසංනිවේදනය පිළිබඳව ශාස්ත් රපති උපාධිය දිනාගනිමින් ලත් දැනුමත්, දිනමිණ, රැස, අරුණ, දිවයින වැනි පුවත්පත්වලට විත්ති කතා රචනා කිරීමෙන් ලද පරිචයත්, ඔහුට මේ කාර්යයේ දී උපකාර වන්නට
In stock
ගැලැක්සි

ගැලැක්සි

ලැබ් රඩොර් සුනඛයින් ලැබ් රඩොර් වර්ගයේ සුනඛයින් ඕනෑම පරිසරයකට හැඩගැස්විය හැකි, සුහදශීලි ස්වාමියාගේ අණ වහා වටහා ගන්නා සත්ත්ව විශේෂයකි. රන් පැහැති හා කළු පැහැති යනුවෙන් වර්ග දෙකක් ඇත. ඔවුන් රිට් රීවර් වර්ගයේ සුනඛයන්ය. එහි අදහස තම ස්වාමියාට දඩයම් කරන්නා යනුයි. ඒ ඔවුන් අතීතයේ දඩයම් සුනඛයින් වූ නිසාය. එසේ නමුත් ඔවුන් ඉතා කීකරු සුරතලුන් ලෙස නම් දරා ඇත. තම මුඛයෙහි ඕනෑම දෙයක් මෘදුව අල්ලා සිටීමට දක්ෂ මොවුන් ජලයට ඉතාම ප් රියකරයි. එම නිසා ජලයේ ක් රීඩා කිරීමටත් පිහිනීමටත් දක්ෂය. එපමණක් නොව විනෝදයට හති වැටෙන තුරු බෝල සෙල්ලම් කිරීමට ද ඔවුන් අති දක්ෂය. අමුත්තන් හා සුහදශීලී ලැබ් රඩොර් සුනඛයෝ ළමයින් ප් රිය කරයි
In stock
යන්න මට අවසර...

යන්න මට අවසර...

"ඉන්දිරා කෙල්ලෙක් නොවුණා නම් ඔයා එයාව මගෙන් හංගන්නේ නැහැ. ඉන්දිරා කෙල්ලෙක් නොවුණා නම් ඔයා මා එක්ක මේ වෙලාවෙ රණ්ඩු වෙන්නෙ නැහැ. ඉන්දිරා කෙල්ලෙක් නොවුණා නම් ඔයා මේ ලෝකෙ වටේ බාගයක් ඉගිල්ලිලා, මැරෙන්න ඔට්ටු වෙවී එයාව බලන්න එන්නෙ නැහැ... -අලීෂා එයා කෙල්ලෙක් වෙන්න පුළුවන්. ඒත් මම තාමත් සලකන්නෙ එයා මගේ යාළුවා හැටියට. එයාව රැකගන්න උත්සාහ කරන්නෙ එයාගෙ යාළුවා හැටියට. මට තේරුම්ගන්න බැහැ, යාළුකම් හරස් කරගෙන ස්ත් රී පුරුෂ භේදය හිටගන්නෙ ඇයි කියලා... - අශු මගේ මේ උත්සාහය මිය යන්ට පෙර එකම එක හොඳ වැඩක් කිරීමටයි. ඒ යහළුකම වෙනුවෙන් අශුට ගෙවන්නට මට කිසිදා නොහැකි වේවි. ඒත්, මා උත්සාහ කරනවා... - ඉන්දු
In stock
මෙමරි මෑන්

මෙමරි මෑන්

බර්ලිංටන් පොලිස් දෙපාර්තමේන්තුවේ රහස් පරීක්ෂක ඇමොස් ඩෙකර්, රාත් රියේ නිවෙසට පැමිණෙන විට දක්නට ලැබෙන්නේ තම බිරිඳගේ සොහොයුරාත්, බිරිඳත්, දස හැවිරිදි කුඩා දියණියත් නිවෙස තුළම කෲර ලෙස මරා දමා ඇති අන්දමයි. පවුලේ ඝාතනයෙන් කම්පනයට පත්වන ඩෙකර් දිවි නසා ගැනීමට උත්සාහ කළත් පොලිස් නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් එම උත්සාහය වැළකෙයි. එහෙත් එතැන් සිට ඩෙකර් වෙනස් පුද්ගලයකු බවට පත්වෙයි. රැකියාවෙන්ද ඉවත්ව ඉබාගාතේ යන ඔහු අවසානයේ පෞද්ගලික රහස් පරීක්ෂයකු බවට පත්වෙයි. එහෙත් තවමත් තම පවුලේ අය ඝාතනය කළ මිනීමරුවා අල්ලා ගැනීමට නොහැකිව ඔහු ලතවෙයි. මේ අතර නගරයේ මෑන්ෆීල්ඩ් උසස් පාසලේ තවත් සමූහ ඝාතනයක් සිදුවෙයි. එහිදී සිසුන් හ
In stock
සිල්වර් ටිප්ස්

සිල්වර් ටිප්ස්

දරුපැටියෙක්ගේ එකම භාෂාව හැඬීම බව කියන්නට ග් රිසිල්ඩාට සිතෙයි. දරුවෙක් වඩා ගත යුත්තේ දරුවෙක් ලෙසින් බව කියන්නට ඇයට සිතෙයි. කිරි පෙවිය යුත්තේ ආදරයෙන් පෙරා බව කියන්නට ඇයට සිතෙයි. කිරි උරන වෙලාවට කන් පෙති සිනිඳු ලෙසින් අත ගෑ යුතු බව කියන්නට ඇයට සිතෙයි. නෑවීමෙන් පසුව කන් පෙති, නැහැය, අත් පා ඇඟිලි මෘදු ලෙස අත ගා නිසි ලෙස හැඩ කළ යුතු බව කියන්නට ඇයට සිතෙයි. කිරි බීවාට පසුව පැටියාව සිඹ සනසවමින් ආදර අවධානය දිය යුතු බව කියන්නට ඇයට සිතෙයි. යහනේදී නැළවිලි කවි කියා සිනිඳු සවන් පෙති මත ආදරයේ මී පැණි පිරවිය යුතු බව කියන්නට ඇයට සිතෙයි. දරු පැටියා අසලදී හැඟීමක් ලෙසින් ආදරය පමණක් ප් රකාශ විය යුතු බව කියන්නට ඇයට
In stock
බැද්දේ කුමරිය කොළඹ ඇවිත්

බැද්දේ කුමරිය කොළඹ ඇවිත්

"දැන් දුවටත් මාස පහක් වුණානෙ මහත්තයා... මට දැන් දුවවත් අරන් කොළඹ මහත්තයා ඉන්න ගෙදරකට පදිංචියට එන්න පුළුවන් නේද? අපේ අක්කා කිව්වා මට දරුවත් අරන් මහත්තයා ඉන්න තැනකට දැන් යන්න කියලා. දරුවා වුණත් ලොකු වෙනකොට තාත්තා ළග ඉන්න එකනෙ හොඳ? ''ඒක තමයි සුනිලා මමත් හිතාගෙන හිටියේ. ඒත් මට ඔයාට කියන්න බැරුව හිටියේ, එන මාසේ ඉඳන් මාව කොළඹ කන්තෝරුවෙන් මඩකලපුවේ ආණ්ඩුවේ කන්තෝරුවකට මාරු කරලා, මම මොනවද කරන්නේ, ඔයාට ඒක කියන්නේ කොහොමද කියලා හිතාගන්න බැරුව හිටියේ. ආණ්ඩුවේ රස්සාව නිසා මට එහේ යන්නම වෙනවා සුනිලා...'' ''අනේ..! ඒ කියන්නේ අපට ළඟකදි එකට ඉන්න කොළඹ යන්න ලැබෙන්නෙ නැද්ද?
In stock
කොළොම්පුර රාජධානිය

කොළොම්පුර රාජධානිය

කොළඹ නගරයේ ඉතිහාසය අතිශය රසවත්ය. මිහිරි සිහිනයක් තරමටම සුන්දරය. සිත් කම්පා කරවන බිහිසුණු සිදුවීම්වලින් ද අනූනය. දැඩි අවිවේකී බවින් හා ඝෝෂාවෙන් පිරුණු වර්තමාන නගරයේ කලබලකාරී වීදි ඔස්සේ සැරිසරන කිසිවෙකුට මෙම නගරය සිසිල් සෙවණින් සහ සීතල දිය දහරාවන්ගෙන් සුසැදි අතිශය මනස්කාන්ත පුරවරයක්ව තිබූ බවට සලකුණක් පවා සොයාගත නොහැකි වනු ඇත්තේය. එමෙන්ම මිනිසුන් සිය දහස් ගණනක් දරුණු වද හිංසා අතරින් මරණය කරා කැඳවාගෙන ගිය අඳුරු අතීතයක් ද එහි සැඟව ඇති බව වර්තමාන පරපුර නොදැන සිටීම ද අරුමයක් නොවේ. දශක තුනක පමණ පර්යේෂණාත්මක විමර්ශනයක ප් රතිඵලයක් ලෙසින් බිහි ' කොළොම්පුර රාජධානිය කෘතියෙන් ඔබ කැඳවාගෙන යන්නේ ඒ අපූරු යටගිය
In stock
මිසර අප්සරා

මිසර අප්සරා

වාලුකා කතර රන් පැහැයෙන් ඒකාලෝක කරමින් ප් රභාමත් වූ හිරු නැගිගෙන ආවේය. ඉර අව්වට රත්ව ගිය වැලි බිම මත දණ ගසා සිටි සෙත් සිටියේ තිරණයක් ගත නොහැකිව ලතවෙමින්ය. ඔහුගේ හදවතෙහි කොණක් වේදනාවෙන් ඉරිතැලි ගොසින් තිබුණි. ''අහගන්න මගේ ආදරණීය දරුවා... ඇගේ පියා වූ වර්තමාන රජු තමයි කුමන්ත් රණ කර ඔබේ පියාව මරා දැමුවේ. ඉතින් ඇගේ සිරුරේත් දුවන්නේ ඔබේ පියා මරා දැමු ඒ ද් රෝහි රුධිරය. හැඟිම්වලට වහල් නොවී ඇගෙන් පළිගෙන මේ වෛරය නිමා කරන්න. එවිට ඔබේ පළිගැනීම සම්පූර්ණ වේවි දරුවා.'' ඔහු බර සුසුමක් ඇද ගත්තේය. පළිගැනීමේ පාලමෙහි අවසාන කෙළවර සිටගෙන සිටියේ ඔහු ඉතසිතින් ආදරය කළ දයාබර නෙෆ්රූ ය. ඇයව නොමරා තම පළිගැනීම සම්පූර්ණ කළ න
In stock
පැංචිලා සහ පැංචලා

පැංචිලා සහ පැංචලා

සතුන්ට ආදරය කිරීම සහ සතුන්ගෙන් ආදරය ලැබීම අපට නොමිලේ ලද හැකි උතුම්ම වූ දායාදයකි.මිනිසුන් සහ සතුන් අතර බැඳීම මනාව ශිෂ්ටාචාරයේ ආරම්භයේ පටන්ම පැවත එන්නකි.එවැනි බැඳීම් පිළිබඳ විවිදාකාර වූ කතා අප කොතෙකුත් කියවා ඇත.''පැංචිලා සහ පැංචලා'' ද එවන් සත්ව පැටවුන් සහ දැරියන් සිවුදෙනෙකු අතර පැවති මානුෂීය බැඳීම් පිඏිබඳ ලියැවුණු විනෝදජනක මෙන්ම සංවේදි සටහන් පෙළකි. ඔල්ගා පෙරොස්කායා නම් වූ කසකස්තාන ලේඛිකාව විසින් 1925 දී රුසියානු බසින් ලියන ලද මෙම කතා පෙළ විශ්ව ළමා ග් රන්ථයක් ලෙසට පත්වන්නේ 1966 දී එය ඉංග් රීසි බසට පරිවර්තනය වීමෙන් පසුවය. පරම්පරාගත කෘතියක් වූ මෙය අද දක්වා ලොව පුරා ළමා පාඨකයන් ලක්ෂ ගණනක් කියවා ඇති