Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
ගුරු ගීතය - විදර්ශන ප්රකාශන

ගුරු ගීතය - විදර්ශන ප්රකාශන

.... මේ අපූරු කතාව,ඊට හානියක් නොවන පරිද්දෙන් මුළුමනින් ම ඔබ වෙත ගෙන ඒමට මා අසමත් වේ යැයි මා තුළ බියක් පවතී. ඒ නිසාම, මෙම වටිනා කතාන්දරය සමාජය ඉදිරියේ තබන්නට, ඔබගේ සහයෝගය, ඔබගේ මඟ පෙන්වීම මට අවශ් යය. අඩුම තරමින්, මනසින් හෝ මා සමග මගේ සිතුවම් අතර රැදී සිටිනා ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. මෙම කතාන්දරය අසා සිටියදී ඔබේ හදපත්ලෙන් නැගෙන සෝ සුසුම්, දෙනෙතට නැගෙන තුටු කඳුළු මා සමඟ බෙදාගන්නා ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. මෙම කතාන්දරය අසා සිටියදී ඔ බේ හදපත්ලේ උණුසුම වැඩි වුවහොත් ඒ ගැන කලබල නොවන්න.... මෙය සැබෑවටම වටිනා කතාන්දරයකි. මෙය සැබෑ මිනිසෙකුගේ, සැබෑ ගුරුවරයෙකුගේ අපූරු කතාන්දරයකි. කීර්ගීස් ජාතික සෝවියට
Out of stock
අඳුරු පළිඟු තල මැදින්

අඳුරු පළිඟු තල මැදින්

සොෆීගේ ලෝකය පොතින් යුස්ටයින් ගෝඩර් විසින් නිර්මාණය කරනු ලැබ ලෝයේ ලක්ෂ සංඛ් යාත පාඨකයින්ගේ සිත් වසඟ කළ කලාව - දැරියක ප් රධාන චරිතය කොටගෙන දාර්ශනික ප් රශ්න නැගීමේ කලාව - අඳුරු පළිඟු තල මැදින් නමැති මෙම අතිශයින් සුන්දර අනුවේදනීය කථාවෙන් තව දුරටත් විස්තීර්ණ වෙයි. ගැටවර වියට එළැඹි සිසිලියා අසාධ් ය ලෙස රෝගීව යහනේ නිදයි. ඇය මහත් කෝපය, ශෝකය, අපේක්ෂා භංග වීම, කලකිරීම ආදී ආවේගවලින් පෙළෙන්නීය. ඒ සියලු ආවේග යොමු වන්නේ ඇගේ පවුලේ ඇත්තන් වෙතටය. නත්තල් දවසේ ඇගේ කාමරයේ ජනේලය තුළින් සුර දූරතයෙක් - ඒරියල් - එයි. ඔහු මරණය, මරණින් මතු ජීවිතය, සිත් අදනාසුලු පිළිසඳරෙහි යෙදෙයි. ජීවිතය පිළිබඳ ගැඹුරු කරුණු හෙළි කරයි.
Out of stock
මා සොයාගත් ඔබ

මා සොයාගත් ඔබ

නැතන් මැකාන් කැලෑවේ කොළ කැටියකට යට වී සිටි උපන් හැටියේ ඵදරුවකු සොයා ගනියි. ඔහු සිතුවේ ඒ ළදරුවා මියගොස් ඇතැයි කියාය. එහෙත් එක් වරම ළදරුවා ඉතාම සිඟිති චලනයක් කරයි. ඒ අති විශේෂ මොහොතේදී නැතන්ගේ ජීවිතය සදහටම වෙනස් වෙයි. රෝහල් බලධාරීන් ළදරුවා ඔහුගේ අත්තම්මාට භාර දුන් නමුත් ඇය එක් වරක් හමු වන්නට නැතත් බලවත් සේ පෙළඹෙයි. හෙතෙම එකම සරල පොරොන්දුවක් ඇයගෙන් ඉල්ලයි - යම් දවසක ළමයාට නැතන් පෙන්වා "මෙයා තමයි ඔයාව කැලෙන් හොයාගත්ත එක්කනො" යයි කීමට. වර්ෂ ගණනාවක් ගත වෙද්දී, වියපත් කාන්තාව ඒ පොරොන්දුව ඉටු නොකරතියි නැතන් සිතා සිටියදී, එක් දවසක අමහනයෙන් යුත් කෝපාකූල පිරිමි ළමයෙක් සූට්කේසයක් රැගෙන නැතන්ගේ දොරකඩ පෙනී
In stock
සසරින් එතරට

සසරින් එතරට

"එක දිගට වේගයෙන් ගහකොළ පසු කරමින් යන වාහන කවුළුවෙන් මට ඈත අහසේ කහ පැහැයෙන් දිලිසෙන වටකුරු පුන්සඳ දිස්විණ. ඒ එළියෙන්, පන්සලේ බෝ මළුව තුල මම සිහිනෙන් සක්මන් කරනවා සේ දැනිණි. ඒ මොහොතේ මගේ දෙසවනෙහි පිරිත් සජ්ඣායනාවක් ළඟ ළඟම රැව් දුන්නේ මගේ හිත බොහෝ සංසුන් කරමිනි. එහෙයින් නොදැනුවත්වම මගේ අත් දෙක එකට එකතු වී සාදු සාදු හඬ දුන්නේය. දරුවන් පස්දෙනෙකුගෙන් යුත් දිළිඳු පවුලක ඉපිද හැදීවැඩුණු විසල් නම් කුඩා දරුවාට, පවුලේ නොයෙකුත් අගහිඟකම් දුක් කම්කටොලු නිසා, ළමා කාලයේම ගිහිගෙය හැරදමා පැවිදි දිවියට එළඹෙන්නට සිදු විය. ඔහුගේ ළමා කාලය, පැවිදි දිවිය සහ මැදි වයස අවසන දක්වා අපූරුවට දිව යන ආකාරය ඔබට 'සසරින් එතරට නම්
In stock
චැරොන්
In stock
බෞද්ධ සංස්කෘතික කොල්ලය

බෞද්ධ සංස්කෘතික කොල්ලය

ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය ගවේෂණයක යෙදෙන මෙම ලේඛකයෝ, දේහ ලක්ෂණයෙන් සහ ගති සිරිත්වලින් සිංහලයන් හා සමාන, සිංහලයට ඉතා සමීප භාෂාවන් භාවිත කළ, ඉන්දියාවේ දක්ෂිණාපථයේ බෞද්ධ ප් රජාවන් විසූ රටවල් ගැන තොරතුරු හෙළි කරමින්, මෙතෙක් ඉතිහාසඥයින් නොදුටු සහ බැලීමට අකමැති වූ විෂය පථයක් පිළිබඳ කථිකාවක් අරඹති. මණිමේඛලයි තුරව් සහ සිලප්පාදිකාරම් මහා කාව් යයන්ගේ බෞද්ධ උරුමය පැහැදිලි කිරීම, කෘතියෙන් කෙරෙන ප් රධාන කාර්යයකි. ගජබා රජුගේ මිතුරකු වූ, කේරළයේ සෙංගුවාට්ටුවන් රජුගේ වන්දනාවට ලක් වූ 'කන්නගී , අවලෝකිතේශ්වර බෝධිසත්ව වන්දනාවට අයත් බෞද්ධ දේවතාවික බව කෘතියෙන් පැහැදිලි කෙරේ. 'තාරා' (අම්මා) වන්දනාව ලෙස ල
In stock
මහ සයුර ගිනි ගනී

මහ සයුර ගිනි ගනී

තිරිඟු වගාවට වූ හානිය නිසා සෝවියට් සංගමය ආහාර අර්බුදයකට ලක් වීමෙන් එහි නායකයන් බලයෙන් පහ වීමේ තර්ජනයක් මතුවෙයි. මේ අතර යුක්රේනයේ විමුක්තිය උදෙසා එකතු වූ කිහිපදෙනෙකු විසින් සැලසුම්කොට kgb ප් රධානියා ඝාතනය කෙරේ. මේ හේතුවෙන් සෝවියට් නායකයා තනතුරින් පහවීමේ අර්බුදය තවත් උග් ර වන හෙයින් රජය එම සිද්ධිය සඟවයි. අත්අඩංගුවට පත් වූ, kgb ප් රධානියා ඝාතනය කළ යුක්රේන ජාතිකයින් දෙදෙනා ගලවා ගැනීම සඳහා, බොරතෙල් ටොන් මිලියනයක් හා කාර්ය මණ්ඩලය 30 ක්ද සමග ලෝකයේ විශාලතම තෙල් නැව යටත්කොටගත් ඔවුන්ගේ සගයෝ එය පුපුරවා හරින බවට තර්ජනය කරති. බොරතෙල් ටොන් මිලියනයක් මුහුදට පිටවුවහොත් සිදුවන අතිවිශාල පරිසර හානිය නිසා එම සිරක
In stock
උන්මාද තොටමුණ

උන්මාද තොටමුණ

මෙතෙක් කල් රොබෝවරුන් විසින් සැම ඉරියව්වක් ම පාලනය කරනු ලැබූ ලොවක සිටි මම බැඳීම්වලින් තොරව, රොබෝවරුන් ගේ රතු හා නිල් පාට විදුලි ඇස්වල බැල්මෙන් තොරව, නිමේෂයක් පාසා ඇසෙන බීප් හඬේ කන්කරච්චලයෙන් තොරව, ඇඟිලි තුඩු අග්ගිස්සේ නැටෙනා බොත්තම්වලින් විනිර්මුක්තව, නූල කඩාගත් සරුංගලයක් සේ පාවෙමින් සිටින්නෙමි. යකඩ මිනිසුන් ලවා මා ගේ ඉරියව් පාලනය කරනා කැල්වින් ලා මෙහි නැත. මෙය කෙතරම් නිදහස් ලෝකයක් ද? ඇල්බර්ටා විසින් මා තල්ලු කොට ඇත්තේ මා විසින් දිගු කලක් සොය සොයා සිටි මා ගේ ම නිදහස කරා නොවේද? ජාත් යන්තර මාධ් යවලින් හඬ ගා කියැවෙනා ආසියාකරයේ ගරා වැටුණු කොදෙව්වක් වූ තම්බපණ්ණිය මට මේ සා ප් රීති ප් රමෝදයක් අත්කර දෙ
In stock
වත්ත පහළ සුමිතුරෝ

වත්ත පහළ සුමිතුරෝ

2021- 2030 කාලය, සංවේදී පරිසර පද්ධති ස්ථාපිත කිරීමේ දශකය (the un decade on restoration of sensitive ecological systems) ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් කර තිබේ. රටක පාරිසරික උරුමය අනාගත පරපුර වෙත දායාද කිරීම සහ පරිසර හානි වළක්වා ගනිමින්, සංවර්ධන ව් යාපෘති ක් රියාත්මක කිරීම වෙනුවෙන් මෙම වැඩ පිළිවෙල ක් රියාත්මක කෙරේ. මෙහිදී උද් යෝගිමත් කාර්යභාර්යයක් ඉටුවන්නේ, සහභාගිත්ව පාරිසරික වැඩසටහන් මගිනි. දරුවන් සතු කිලිටි නොවූ හදවත මෙවන් සහභාගිත්ව ක් රියාකාරකම් හිදී වැදගත්ය. එසේම දරුවා යනු බිම් මට්ටම සිය ස්ථරායනය කර ගත්තෙකි. ඔහුගේ නොඉදුල් සංවේදීභාවය සහ බිම් මට්ටමේ ස්පර්ශය වූ කලි, පරිසර සංරක්ෂණය සඳහා වූ අග
In stock
දේදුන්න

දේදුන්න

දූවිලි පිරුණු අටල්ලේ පොළොව මත, පිළිවෙළට නැවූ කඩදාසියක් වැටී තිබිණ. එය ජර්මානු බසින් ලියැවුණු පැරණි පුවත්පත් ලිපියකි. එහි ජර්මානු හමුදාවේ නිල ඇඳුමින් සැරසුණු තරුණයින් දෙදෙනෙකුගේ ඡායාරූපයක් විය. ඊට යටින් තිබුණු නම... ඔව්... මම ඒ නම හඳුනමි. එහෙත් ඒ ඔහු වන්නට නොහැකිය. මකුළු දැලක පැටළුණු මැස්සෙකුව පවා බේරා යවන්නට තරම් කරුණාවන්ත වූ මගේ සීයා, සතුරු හමුදාවකට බැඳී, තමන්ගේම මිනිසුන්ට ගිනිඅවිය මෑනූ දුෂ්ටයෙකු විය හැකිද? මට ඇත්ත දැනගන්නට උවමනා විය. අතීතය මුළුමනින්ම අමතක ඩිමෙන්ෂියා රෝගියෙකු වූ මගේ සීයාගේ ඉතිහාසය සොයා ගිය මට දැනගන්නට ලැබුණේ හද කම්පා කරවන රහසකි. තම ආදරණීයයන් වෙනුවෙන්, තම තමන්ගේ ජීවිත පරදුවට ත
In stock
අෂ්ටවංකය ගිනි ගනී

අෂ්ටවංකය ගිනි ගනී

අෂ්ටවංකය නවකතාවෙන් කියැවුණු පරිදි, ඇලෙක්සැන්ඩ් රා සොලරින්ගේ දෙමව්පියන් වන කැතරින් වෙලිස් (කැට්) සහ ඇලෙක්සැන්ඩර් සොලරින් විශ්වාස කළේ මූග්ලින් චෙස් කට්ටලයේ ඉත්තන් ලොව පුරා විසිරී ඇති නිසා එය සන්තකයේ තබා ගැනීමෙන් ලැබෙන බලයේ රහස් ඔවුන් සමඟ වැළලෙනු ඇති බවත්ය. ඉන් වසර තිහකට පසුව, ඔවුන්ගේ එකම දියණිය, ඇලෙක්සැන්ඩ් රා සොලරින් ඇගේ මවගේ උපන්දිනය වෙනුවෙන් ඇගේ පවුලේ මුතුන් මිත්තන්ගේ නිවසට කැඳවනු ලැබේ. එහෙත් ඇලෙක්සැන්ඩ් රා පැමිණෙන්නේ තම මව අතුරුදහන් වී, උපක් රමශීලීව කරන ලද ඉඟි මාලාවක් ලැබී, අනපේක්ෂිත අමුත්තන් නිවසට පැමිණීම ආදී සිදුවීම් සමග යම් නරක දෙයක් සිදුවෙමින් පවතින බව පෙන්නුම් කරන අවස්ථාවකය. චාර්ලිමේන්
In stock
දෙවියන්ගේ මිනිස්සු

දෙවියන්ගේ මිනිස්සු

අයර්ලන්තයේ අන්තිම magdalen ඇපුල්ලුම් පොළ වසා දමන ලද්දේ 1996 දී ය. එම ආයතනවල කොපමණක් ගැහැනු ළමයින් සහ කාන්තාවන් ගණනක් බලෙන් වැඩට යොදවනු ලැබුවේ ද, සිරගත කරන ලද්දේ දැයි තවමත් අප් රකාශිතය. එමෙන්ම, එම ආයතනවල කොපමණ දහස් ගණනක් කිරි දරුවන් මිය ගියාදැයි කියා හෝ අනාථ නිවාසවලින් හදාවඩා ගැනීමට ගත්තාදැයි කියා ද ගණන් මිනුම් නැත. මේ ඒ දුෂ්ට බවේ ස්වභාවය හෝ එය පවත්වාගෙන ගිය පරිසරය පිළිබඳව ලියැවුණු නිර්මාණයක් නොවේ. ප් රධාන චරිතය වන ෆර්ලෝන්ගේ නිසොල්මන් වීරත්වයට වඩා එය විපරම් කර බලන්නේ මුළු සමාජයේම පැවති ආත්මාර්ථකාමී, පාපකාරීබව විසින් එවැනි කෲරත්වයක් පවත්වාගෙන යාමට ඉඩහැරීම ගැනයි.