Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
කිරුළක උරුමය

කිරුළක උරුමය

ස්වර්ණ දේශයේ වීර කතාමාලාවේ දෙවැන්න (එකෝමත් එක කාලයක - 2) ඇයට වෙස් මාරු කරගන්නා විජ්ජාව කියා දුන්නේ ඇගේ පියාය. එදින ඔවුන් දෙදෙනා මාළිගයෙන් පිටව ආවේ මවටද හොරා ය. පියා දුගී ගම් වැසියෙක් ලෙසත්, ඇය ඔහුගේ කඩමාළු වැරහැලි ඇඳගත් දියණිය ලෙසත් වෙස් ගන්වාගෙන සිටියෝය. එදින කඩ වීදි පුරා ඇවිදිමින් කඩචෝ රු කෑම රස විඳිමින් ඔවුන් දෙදෙනා බොහෝ විනෝද වූහ. යළි මාළිගයට ගිය පසු මවගෙන් අසන්නට වූ බැණුම් කන්දරාව ගැනද ඇය සිහිපත් කළේ මිහිරි සන්තාපයක රසය විඳිමිනි. සැමටම වඩා එම දිනය ඇගේ මතකයේ රැඳී ඇත්තේ ඇගේ පියා ඇයව කැඳවාගෙන ගිය ගමන් මග නිසාය. එක්වරම නතර වූ ඉසෙල්, ජේම්සන්ගේ අතින් අල්ලාගත්තාය. ඇගේ දෑස් විසල් වී තිබුණි. චාල
In stock
උන්මාද තොටමුණ

උන්මාද තොටමුණ

මෙතෙක් කල් රොබෝවරුන් විසින් සැම ඉරියව්වක් ම පාලනය කරනු ලැබූ ලොවක සිටි මම බැඳීම්වලින් තොරව, රොබෝවරුන් ගේ රතු හා නිල් පාට විදුලි ඇස්වල බැල්මෙන් තොරව, නිමේෂයක් පාසා ඇසෙන බීප් හඬේ කන්කරච්චලයෙන් තොරව, ඇඟිලි තුඩු අග්ගිස්සේ නැටෙනා බොත්තම්වලින් විනිර්මුක්තව, නූල කඩාගත් සරුංගලයක් සේ පාවෙමින් සිටින්නෙමි. යකඩ මිනිසුන් ලවා මා ගේ ඉරියව් පාලනය කරනා කැල්වින් ලා මෙහි නැත. මෙය කෙතරම් නිදහස් ලෝකයක් ද? ඇල්බර්ටා විසින් මා තල්ලු කොට ඇත්තේ මා විසින් දිගු කලක් සොය සොයා සිටි මා ගේ ම නිදහස කරා නොවේද? ජාත් යන්තර මාධ් යවලින් හඬ ගා කියැවෙනා ආසියාකරයේ ගරා වැටුණු කොදෙව්වක් වූ තම්බපණ්ණිය මට මේ සා ප් රීති ප් රමෝදයක් අත්කර දෙ
Out of stock
අෂ්ටවංකය ගිනි ගනී

අෂ්ටවංකය ගිනි ගනී

අෂ්ටවංකය නවකතාවෙන් කියැවුණු පරිදි, ඇලෙක්සැන්ඩ් රා සොලරින්ගේ දෙමව්පියන් වන කැතරින් වෙලිස් (කැට්) සහ ඇලෙක්සැන්ඩර් සොලරින් විශ්වාස කළේ මූග්ලින් චෙස් කට්ටලයේ ඉත්තන් ලොව පුරා විසිරී ඇති නිසා එය සන්තකයේ තබා ගැනීමෙන් ලැබෙන බලයේ රහස් ඔවුන් සමඟ වැළලෙනු ඇති බවත්ය. ඉන් වසර තිහකට පසුව, ඔවුන්ගේ එකම දියණිය, ඇලෙක්සැන්ඩ් රා සොලරින් ඇගේ මවගේ උපන්දිනය වෙනුවෙන් ඇගේ පවුලේ මුතුන් මිත්තන්ගේ නිවසට කැඳවනු ලැබේ. එහෙත් ඇලෙක්සැන්ඩ් රා පැමිණෙන්නේ තම මව අතුරුදහන් වී, උපක් රමශීලීව කරන ලද ඉඟි මාලාවක් ලැබී, අනපේක්ෂිත අමුත්තන් නිවසට පැමිණීම ආදී සිදුවීම් සමග යම් නරක දෙයක් සිදුවෙමින් පවතින බව පෙන්නුම් කරන අවස්ථාවකය. චාර්ලිමේන්
In stock
දේදුන්න

දේදුන්න

දූවිලි පිරුණු අටල්ලේ පොළොව මත, පිළිවෙළට නැවූ කඩදාසියක් වැටී තිබිණ. එය ජර්මානු බසින් ලියැවුණු පැරණි පුවත්පත් ලිපියකි. එහි ජර්මානු හමුදාවේ නිල ඇඳුමින් සැරසුණු තරුණයින් දෙදෙනෙකුගේ ඡායාරූපයක් විය. ඊට යටින් තිබුණු නම... ඔව්... මම ඒ නම හඳුනමි. එහෙත් ඒ ඔහු වන්නට නොහැකිය. මකුළු දැලක පැටළුණු මැස්සෙකුව පවා බේරා යවන්නට තරම් කරුණාවන්ත වූ මගේ සීයා, සතුරු හමුදාවකට බැඳී, තමන්ගේම මිනිසුන්ට ගිනිඅවිය මෑනූ දුෂ්ටයෙකු විය හැකිද? මට ඇත්ත දැනගන්නට උවමනා විය. අතීතය මුළුමනින්ම අමතක ඩිමෙන්ෂියා රෝගියෙකු වූ මගේ සීයාගේ ඉතිහාසය සොයා ගිය මට දැනගන්නට ලැබුණේ හද කම්පා කරවන රහසකි. තම ආදරණීයයන් වෙනුවෙන්, තම තමන්ගේ ජීවිත පරදුවට ත
In stock
වත්ත පහළ සුමිතුරෝ

වත්ත පහළ සුමිතුරෝ

2021- 2030 කාලය, සංවේදී පරිසර පද්ධති ස්ථාපිත කිරීමේ දශකය (the un decade on restoration of sensitive ecological systems) ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් කර තිබේ. රටක පාරිසරික උරුමය අනාගත පරපුර වෙත දායාද කිරීම සහ පරිසර හානි වළක්වා ගනිමින්, සංවර්ධන ව් යාපෘති ක් රියාත්මක කිරීම වෙනුවෙන් මෙම වැඩ පිළිවෙල ක් රියාත්මක කෙරේ. මෙහිදී උද් යෝගිමත් කාර්යභාර්යයක් ඉටුවන්නේ, සහභාගිත්ව පාරිසරික වැඩසටහන් මගිනි. දරුවන් සතු කිලිටි නොවූ හදවත මෙවන් සහභාගිත්ව ක් රියාකාරකම් හිදී වැදගත්ය. එසේම දරුවා යනු බිම් මට්ටම සිය ස්ථරායනය කර ගත්තෙකි. ඔහුගේ නොඉදුල් සංවේදීභාවය සහ බිම් මට්ටමේ ස්පර්ශය වූ කලි, පරිසර සංරක්ෂණය සඳහා වූ අග
In stock
ගයිගර් දුටු ලංකාව

ගයිගර් දුටු ලංකාව

සංචාරකයෙකුගේ මනෝභාවය වටහාගත හැක්කේ තවත් සංචාරකයෙකුට පමණි. නන්නාදුනන ශිෂ්ඨාචාරයක් සංචරණය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. සුදත්තක පී. විජේතුංග එවැනි දුර්ලභ සංචාරකයෙකි. සංස්කෘතිය සොයා යා හැකි එකම පහුර වන්නේ භාෂාවයි. විල්හෙල්ම් ගයිගර් පඬිතුමා ප් රාචීන භාෂා ගවේෂණය කරමින්, අපේ ඉතිහාසය පුරා සැරිසැරූ සහභාගී නිරීක්ෂකයෙක් විය. සුදන්තක පී. විජේතුංග භාෂාව වාහනයක් කොට ගනිමින්, යටගිය ලෝකය ගවේෂණය කරයි. හේ ජර්මන්, ඉතාලි, හින්දි සහ ඉංග් රීසි යන භාෂාවන්හි මනා නිපුණතාවක් දක්වයි. කොළඹ ජර්මන් සංස්කෘතික මධ් යස්ථානය සුදන්තකගේ ජර්මන් භාෂා අධ් යයනයේ මූලික පාසලයි. වර්තමාන ජර්මනියේ සංචාරය කරමින්, ගයිගර් පඬිතුමාගේ ස්
In stock
දෙවියන්ගේ මිනිස්සු

දෙවියන්ගේ මිනිස්සු

අයර්ලන්තයේ අන්තිම magdalen ඇපුල්ලුම් පොළ වසා දමන ලද්දේ 1996 දී ය. එම ආයතනවල කොපමණක් ගැහැනු ළමයින් සහ කාන්තාවන් ගණනක් බලෙන් වැඩට යොදවනු ලැබුවේ ද, සිරගත කරන ලද්දේ දැයි තවමත් අප් රකාශිතය. එමෙන්ම, එම ආයතනවල කොපමණ දහස් ගණනක් කිරි දරුවන් මිය ගියාදැයි කියා හෝ අනාථ නිවාසවලින් හදාවඩා ගැනීමට ගත්තාදැයි කියා ද ගණන් මිනුම් නැත. මේ ඒ දුෂ්ට බවේ ස්වභාවය හෝ එය පවත්වාගෙන ගිය පරිසරය පිළිබඳව ලියැවුණු නිර්මාණයක් නොවේ. ප් රධාන චරිතය වන ෆර්ලෝන්ගේ නිසොල්මන් වීරත්වයට වඩා එය විපරම් කර බලන්නේ මුළු සමාජයේම පැවති ආත්මාර්ථකාමී, පාපකාරීබව විසින් එවැනි කෲරත්වයක් පවත්වාගෙන යාමට ඉඩහැරීම ගැනයි.
Out of stock
අනියම් බිරින්දෑවරු

අනියම් බිරින්දෑවරු

"මගේ බිරිඳ මියගියත් ඈ තවමත් මා තුළ ජීවත්වෙමින් සිටිනවා. ඔහු මෙසේ පවසද්දී මා සිටියේ රසම රස සුප් කෝප්පයක් පානය කරමිනි. මොහු පවසන්නාක් මෙන් මා ඇසුරු කළ අයත්, මා ඇසුරු කර මියගිය අයත් තවමත් මා තුළ ජීවත් වෙමින් සිටී. නොබූ මෙන්ම සභාපතිතුමා ද මා තුළ ජීවත්වෙමින් සිටී. ඒ අතර මගේ අම්මා, තාත්තා මෙන්ම අක්කාද සිටී. ඔහුගේ කතාබහ ඇසීමෙන් පසු මා අවදි වූයේ ඇඩු කඳුළිනි. අනතුරුව මම සභාපතිතුමාගේ දෑතින් අල්ලාගත්තේ ඔහු මියගිය පසුවත් මට ඔහු නැතිව ජීවත් විය නොහැකිවේයයි සිතමිනි. ඇත්ත වශයෙන්ම මේ වනවිට ඔහු මියගොස් ය. එහෙත් ඔහු මගේ මතකය පොහොසත් කරයි. එහෙත් අපේ ජීවිත මුහුදු රැල්ලක් තරම්වත් ස්ථාවර නැතැයි මට සිතේ.
In stock
මතකය අමතක වූ මිනිසා

මතකය අමතක වූ මිනිසා

ගමේ විසූ සියලු ගුණ යහපත් බිරින්දෑවරුන් අතර ඔහු මහත් සේ ප් රිය කරනු ලැබූ පුද්ගලයකු වූ බවට කිසිදු සැකයක් නැත. ඔහු සුපුරුදු ලෙස ගමේ සිටි බිරින්දෑවරුන්ගේ ගෙදර දොරේ අඬ දබර සියල්ලට මැදිහත් වී විසඳුම් සොයනු පිණිස කටයුතු කළ අතර ඒ කාන්තාවෝ සැඳැකාලවලදී පවත්වන තමන් ගේ ඕපා දූප කතා බහේ දී සියලු වරද වෑන් වින්කල් නෝනා මත පැටවීමට කිසිදු අවස්ථාවක පසුබට නො වූහ. ඔහු කවර විටෙක හෝ පැමිණෙන බව දකින ගමේ දරුවෝ සතුටින් ඉපිලී කැගෑ හ. ඔවුන් ගේ ක් රීඩාවල දී ඔහු උදවු කළේ ය. ඔවුන් ගේ කෙළිබඬු තනා දුන්නේ ය; ළමයින් හට සරුංගල් යවන අන්දම උගැන්වූ ඔහු ඇටබෝල සෙල්ලම ද උගැන්වූ අතර ඔහු ළමයින් හට අවතාර පිළිබඳ ව ද, මන්තරකාරියන් පිළිබඳ ව
In stock
ගෝහා ගේ කතාන්දර

ගෝහා ගේ කතාන්දර

කාලිෆ්වරයාගේ මාළිගය හඳුන්වන ලද්දේ රාජ සභාව නමිනි. ඔහුට ගුරුහරුකම්දීම සඳහා වෛද් යවරුන්, නීතිඥයින්, බැංකුකරුවන් වැනි පිරිස් එහි විය. කොටින් ම, බැග්ඩෑඩ් නගරය යහපත් ලෙස පාලනය කිරීම සඳහා අවැසි සෑම අන්දමක ම මිනිසුන් ඔහුගේ රාජ සභාව සතු විය. එය ඉතා අගනා මධ් යස්ථානයක් වූ අතර ධනවත් ම, බලවත් ම සහ බුද්ධිමත් ම පිරිස් එහි දී මුණගැසුණි. මෙම කාලසීමාවේ දී රාජ සභාවේ පෙනී සිටි පුද්ගලයන් අතර වඩා ම ප් රසිද්ධ තැනැත්තා වූයේ ගෝහා ය. ඔහු එම සභාවේ කවියා මෙන් ම කවටයා ද විය. (අපේ රටේ සිටියා යැයි කියන අන්දරේ ට හෝ අරාබිකරයේ ම නස්රුදින් ට සම කළ හැකිය.) කවටයකු යනු තමා විසින් කරන කියන දෑ මගින් අන් යයන් තුළ හාස් යයක් බිහි කරන්
In stock
කැබලි - සූරිය ප්රකාශන

කැබලි - සූරිය ප්රකාශන

"...කාන්තාවක් සතු හැඟීම් වටහාගත හැක්කේ තවත් කාන්තාවකට ය, යන කීම විශ්වාසයට එකඟ නොවන්නකි. කාන්තාවක් සම්බන්ධයෙන් පමණක් නොව පුරුෂ පාර්ශවය සම්බන්ධයෙන් ද එය එකඟ වීමට තරමක් අපහසු කරුණකි... "...කුබෝ හිමින් සීරුවේ ඇගේ අත ඇල්ලුවේ ය. හත්සුඞ් ඊට විශේෂ කැමැත්තක් හෝ අකැමැත්තක් නොදැක්කුවත් වැරෙන් අත ගසා හරියි. එයින් දිරිමත් වන කුර්බෝ තව තවත් ඇය වෙත ළං විය. ඇගේ මුහුණට ආශ්වාස ප් රශ්වාස කළේ ය... "...වසන්ත ඉවත බලාගෙන ඊට කන් දුන්නේ වචනයකුද නොපවසමින් ය, කවදාවත් ම නැතිව අම්මා ඇය හා පැවසූ දේ තමාට පවසන්නට වූයේ කුමක් නිසා දැයි ඔහුට සිතා ගැනීමට නොහැකි ය. තමා තුළ සැකයක් මතුවී ඇතැයි සිතා එය දුරු කිරීමට ඇය පවසනවා විය හැකි
In stock
පාලින්ද නුවර ජනකතා

පාලින්ද නුවර ජනකතා

කළුතර දිස්ත් රික්කයේ, තවමත් ගැමි සුවඳ වහනය වන පාලින්දනුවර ප් රදේශයේ උපත ලද දුමින්ද ජයවර්ධන, නිදහස් මාධ් යවේදියෙකි.තමාට ම ආවේණික වූ රසවත් බස් වහරකින් විත්ති කතා රචනයට දස්කම් පාන ඔහු මේ වන විට, කළුතර දිය ඇලි වරුණ, නොව පැරණිය වන රමණිය සහ පාලින්දනුවර එදා විත්ති යනුවෙන් කෘති තුනක් ලියා පළ කර තිබේ. වෘත්තියෙන් සංවර්ධන නිලධාරියෙකු වන දුමින්දට ගැමි ජනතාව සහ පරිසරය සමග සමීප වීමට හොඳින් ඉඩ හසර ලැබේ. ඔහු ඉන් ප් රයෝජන ගෙන ඇති බව පෙනේ. ජනසංනිවේදනය පිළිබඳව ශාස්ත් රපති උපාධිය දිනාගනිමින් ලත් දැනුමත්, දිනමිණ, රැස, අරුණ, දිවයින වැනි පුවත්පත්වලට විත්ති කතා රචනා කිරීමෙන් ලද පරිචයත්, ඔහුට මේ කාර්යයේ දී උපකාර වන්නට
In stock
ඩොන්

ඩොන්

ඇමරිකා එක්සත් ජනපදයේ ප් රබලතම මාෆියා පවුලේ ප් රධානියා වන ඩොන් ඩොමෙනිකෝ සිය බලය අතහැර නෛතික සමාජය වෙත පිවිසීම සඳහා වන ඉතා වැදගත් තීරණයක් ගනියි. ඔහුගේ අභිප් රාය වන්නේ තමා ජීවත් වූ අනතුරුදායක සහ අවිනිශ්චිත ලෝකයෙන් සිය දරු මුණුපුරන් මුදා ගැනීම ය. එනමුදු කාලයේ වැලි තලාවෙන් වැසී ගිය අඳුරු අතීතයක ඔහු විසින් ම වැපිරූ දුෂ්ටත්වයේ බීජයන් නිසා මෙකී වෑයම ව් යාර්ථ වී යා ද? කලකට ඉහත අවසත් වී යයි සිතූ මාෆියා යුද්ධයක් පරම්පරා දෙකකට පසු නැවත ඇරඹේවි ද? ඩොන් වූ කලී මිනීමැරීම්, පාවාදීම්, වංචා හා කූටෝපායන් පිරි ලොවක පාතාලයත්, සූදුවත්, සිනමාවත්, නීතිය පසිඳලන ආයතනත් අතර වන බැඳීම් ද ගැටීම් ද විස්තර කෙරෙන ත් රාසය ද, ප්
In stock
ගැලැක්සි

ගැලැක්සි

ලැබ් රඩොර් සුනඛයින් ලැබ් රඩොර් වර්ගයේ සුනඛයින් ඕනෑම පරිසරයකට හැඩගැස්විය හැකි, සුහදශීලි ස්වාමියාගේ අණ වහා වටහා ගන්නා සත්ත්ව විශේෂයකි. රන් පැහැති හා කළු පැහැති යනුවෙන් වර්ග දෙකක් ඇත. ඔවුන් රිට් රීවර් වර්ගයේ සුනඛයන්ය. එහි අදහස තම ස්වාමියාට දඩයම් කරන්නා යනුයි. ඒ ඔවුන් අතීතයේ දඩයම් සුනඛයින් වූ නිසාය. එසේ නමුත් ඔවුන් ඉතා කීකරු සුරතලුන් ලෙස නම් දරා ඇත. තම මුඛයෙහි ඕනෑම දෙයක් මෘදුව අල්ලා සිටීමට දක්ෂ මොවුන් ජලයට ඉතාම ප් රියකරයි. එම නිසා ජලයේ ක් රීඩා කිරීමටත් පිහිනීමටත් දක්ෂය. එපමණක් නොව විනෝදයට හති වැටෙන තුරු බෝල සෙල්ලම් කිරීමට ද ඔවුන් අති දක්ෂය. අමුත්තන් හා සුහදශීලී ලැබ් රඩොර් සුනඛයෝ ළමයින් ප් රිය කරයි
In stock
අනුරපුර වීරයෝ

අනුරපුර වීරයෝ

අපි දන්නවා මීට මාස කිහිපයකට ඉස්සර මිස්ට අනිල්ගේ යාලුවා ධනංජය අතුරුදන් වෙච්ච වෙලාවේ ඔයා දන්න ගොඩක් දේවල් පොලිසියට හැංගුවා කියලා. මේ සැරෙත් දන්න දේවල් හැංගුවොත් අවාසි වෙන්නේ මිස්ට අනිල්ටම තමයි. මොකක්ද අර යකා අතේ තියෙන්නේ? ඒක කෙලවරින් විදුලියක් විහිදෙනවා නේද? නීලක කියත්ම තරු දොරටුව අසල සිටි නීලපටයින්ගේ නායකයා පිටුපස හැරී බැලීය. ගල් තලාව මත වැතිර සිටින නීලක සහ අශාන් දුටු නායක පූජකයා අත රැදි යෂ්ටිය ඔවුන් දෙසට එල්ල කළේය. යෂ්ටියෙන් නිකුත්වූ විදුලි සැරයක් මිතුරන් අසල පතිතවී පුපුරා ගියේ කර ගන්ධයක් අවට පතුරුවා හරිමිනි. අනුරාධපුර යුගයේදී පිටසක්වල ජීවින් සමඟ සබඳතා පැවැත්තූ බවට සාක්ෂි තිබුණත් තරු දොරටුව ගැ
In stock
සිල්වර් ටිප්ස්

සිල්වර් ටිප්ස්

දරුපැටියෙක්ගේ එකම භාෂාව හැඬීම බව කියන්නට ග් රිසිල්ඩාට සිතෙයි. දරුවෙක් වඩා ගත යුත්තේ දරුවෙක් ලෙසින් බව කියන්නට ඇයට සිතෙයි. කිරි පෙවිය යුත්තේ ආදරයෙන් පෙරා බව කියන්නට ඇයට සිතෙයි. කිරි උරන වෙලාවට කන් පෙති සිනිඳු ලෙසින් අත ගෑ යුතු බව කියන්නට ඇයට සිතෙයි. නෑවීමෙන් පසුව කන් පෙති, නැහැය, අත් පා ඇඟිලි මෘදු ලෙස අත ගා නිසි ලෙස හැඩ කළ යුතු බව කියන්නට ඇයට සිතෙයි. කිරි බීවාට පසුව පැටියාව සිඹ සනසවමින් ආදර අවධානය දිය යුතු බව කියන්නට ඇයට සිතෙයි. යහනේදී නැළවිලි කවි කියා සිනිඳු සවන් පෙති මත ආදරයේ මී පැණි පිරවිය යුතු බව කියන්නට ඇයට සිතෙයි. දරු පැටියා අසලදී හැඟීමක් ලෙසින් ආදරය පමණක් ප් රකාශ විය යුතු බව කියන්නට ඇයට
In stock
සෝයා

සෝයා

කලබලයෙන් පිරුණු සියවසක් පුරා ඇදෙන එක් කාන්තාවකගේ ත් රාසජනක ජීවන ගමන... ශාන්ත පීතර්බූර්ගය: ඔක්තෝබර් විප්ලවයෙහි එක් කුප් රකට ප් රචණ්ඩ රාත් රියක් රොමානොෆ් රජ මැදුරෙහි සුඛෝපභෝගී ජීවිතයෙහි අවසානය සනිටුහන් කරයි. එයත් සමගම තරුණ සෝයා ඔසුපොෆ් සිටුවරියගේ සිහින සුනු විසුණු වෙයි. පැරීසිය: පළමු ලෝක මහා සංග් රාමයේ සෙවණැල්ලට යටත්ව විගාමිකයෝ ජීවත් වීමට සටන් කරති. දරිද් රතාවයෙන් බැට කමින් පැරීසියට පලා එන සෝයා ධනවත් කතක් ලෙසින් පැර්සියෙන් පලා යයි. අමෙරිකාව: උද්වේගකර විසිවෙනි දශකයෙහි, අයස්කාන්ත ගැටිස්සියන්, වේගවත් රථ සහ වටිනා ලොම් ඇඳුමින් පිරි ලොවක්; කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව එක් වරටම කඩා වැටෙන, සැපපහසුව, වින