Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
නොපෙනෙන ලොව අද්භූත කතා

නොපෙනෙන ලොව අද්භූත කතා

නොපෙනෙන ලොව අත්භූත කතා නමින් ප් රකාශයට පත්වන මෙම කෘතිය අපූර්ව මානව අත්දැකිම් මුසු වූ රස බර කතා සංග් රහයකි. මෙම කෘතිය හුදෙක් කතන්දරයක් මගින් පාඨකයා තුළ සිනහව, භීතිය. ත් රාසය වැනි භාවාත්මක හැඟීම් දනවන්නක් නොව ඊට වඩා ගැඹුරු වූ ද, පුළුල් වූ ද, දාර්ශනික වූද පාඩමක් කියා දෙන කෘතියකි. ඉන්ද් රියානු බද්ධව තේරුම් ගත නොහැකි මෙහි ඇතුළත් අද්භූත කතන්දර යටින් කර්ම ඵල විපාක, පුණර්භවය, ආචාර ධර්ම හා මානව ගුණ ධර්ම ආදී වූ බොහෝ දේ පිළිබඳ පාඩමකුත් මානව වර්ගයාට කියා දෙයි. සරල සුගම බස් වහරකින් නිර්මාණශීලීව ශ් රී ලාංකික සමාජ ජීවිතයේ මිනිස් අත්දැකීම් ගොනු වූ "නොපෙනෙන ලොව අද්භූත කතා" කෘතිය විමලසිරි අගලකඩගේ කුසලතාව මැනවින
Out of stock
කන්ද පාමුල

කන්ද පාමුල

කන්ද පාමුල කරුණාදාස සූරියආරච්චි 2007 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත නවකතාව ඔබේ දරුවන් ඔබේ නොවේමැයි! ඔව්හු ජීවිතය ඉල්ලන දූ පුතුන් වෙති! උපත ලද මුත් උන් ඔබෙන් ඔබේ දරුවන් නම් නොවේ. ඔවුන් ඔබ හා සමඟ සිටිමුත් ඔබට ඔවුන්ගේ අයිතියක් නැත. ලබන මුත් උන් ඔබෙන් පෝෂණ ඔබේ සිතිවිලි හිමි නොවේ. උන්ගේ සිතිවිලි උන් සමඟ වේ. නිවහනේ රැඳිය හැකි වෙතත් උන්ගේ සිරුරු උන්ගේ ආත්ම එහි රැඳුම හැකි නොවේ. කරුණාදාස සූරියආරච්චිගේ කන්ද පාමුල නවකතාව කියැවූ ඉක්බිති ඛලීල් ජිබ්රානුවන්ගේ මේ රසවැකි කිහිපය මට සිහිපත් විය. එය එසේ වුවද මුළු නවකතාව පුරාම පෙරදිග ඇදුරන් විසින් පෙන්වන ලද ජීවන දසුන් හා භවසත්තාවාදී මහිමය නිර්මාණාත්මකව පළවේ.
In stock
පිනි පලස

පිනි පලස

මෙයට පෙර "බිංදුගේ කරණම්" සහ "ලොකු පුතා" යන නවකතා දෙක ලියා යොවුන් පාඨක ප් රසාදය දිනාගත් ජයකොඩි සෙනෙවිරත්න ගේ නවතම කෘතිය වන "පිනි පලස" නැවුම් තේමාවක් ඇසුරිත් නිර්මාණය කරන ලද යොවුන් නවකතාවකි. මෙහි එන ලොකු අප්පු, පුංචප්පු, පිංචිනා, රෙදි වෙළෙන්දා. දාංචියා හා කිරිමලී ඇතුළු හැම චරිතයක් ඔස්සේම ජයකාඩි සෙනෙවිරත්න, විසිවන සියවසේ මුල් භාගයේ ශ් රී ලංකාව තුළ පැවැති සමාජ හා ආර්ථික පරිසරය මෙන්ම ස්වභාව සෞන්දර්ය ද ඉතා අව් යාජ ලෙස හා රසබර අයුරින් නිරූපනය කරයි. යොවුන් පාඨකයිනට පමණක් නොව වැඩිහිටි හා ළමා පාඨකයිනට පවා "පිනි පලස" තුළින් ලබාගත හැකි රසාස්වාදය හා දැනුම බෙහෙවින් ඉහළ තලයක පවතී.
Out of stock
සුරඟන කුමරිය

සුරඟන කුමරිය

සාහිත් යකරුවා ආශ්වාස ප් රශ්වාස කරන්නේ "ජනතාව" නමැති වායුවයි. ඔහුට මිනිස් හදවත් තුළ ලැගුම් ගත හැකිය. රුහිරු සමඟ ඔවුන්ගේ ජීවින ගමන පුරාම සංසරණය කළ හැකිය. හද ගැස්ම අඳුනාගත හැකිය. අනුන්ගේ වියෝව තමන්ගේ වියෝවක් ලෙසින්ම සලකා ඔවුන් සමඟ එකට කඳුළු සැළිය හැකිය. යථාර්ථය විනිවිද දකිමින් ඔවුන් සමඟ එකට ගමන් කළ හැකිය. සිංහල සාහිත් ය මං පෙත එළි පෙහෙළි කරමින්, අප ජන සමාජයට නවකතා රාශියකින් සංග් රහ කර ඇති සමන් මහානාම දිසානායක නමැති සුන්දර සාහිත් යකරුවා මා දකින්නේ එලෙසය සිඩ්නි පුරවරයේ සාහිත් යකරණයේ යෙදෙන අතලොස්සක් අතුරින් සමන් මහානාම මුල් පෙළේ ලේඛකයෙකු ලෙස අප සමඟ ජීවත් වෙයි. පාඨකයා වෙහෙසෙට පත් නොකරමින්, රම් ය වූත්
Out of stock
ටාර්සන් ගේ ගවේෂණය

ටාර්සන් ගේ ගවේෂණය

Tarzan's quest edgar rice burroughs ටාර්සන් ගේ ගවේෂණය ප් රභාත් මිරිහාගල්ල මහා වනයේ ඈත අභ් යන්තරයේ වෙසෙන කාවුරු නමැති අභිරහස් සුදු ම්ලේච්ඡ ගෝත් රයක් පිළිබඳ ව ටාර්සන්ට දැන ගන්නට ලැබෙයි. ස්වදේශිකයන් ගේ පුරාවෘත්ත අනුව සදාතනික ජීවනයේ රහස මේ කාවුරුවන් සතු ය. එහෙත් පණ පිටින් සිටින කිසිවකුත් මේ කාවුරුවන් දැක නැත. ඔවුන් ගේ ගම්මානය පිහිටා ඇත්තේ කවර තැනක දැ යි කිසිවෙක් නො දනිති. මේ අබිරහස් ගෝත් රිකයන් ගේ රහසිගත ගම්මානය සොයා ගවේෂණයක යෙදෙන ටාර්සන්ට, මහා බිහිසුණු පුවතක් සැල වෙයි. එ නම්, ඔහු ගේ ප් රිය බිරිඳ කාවුරුවන් විසින් පැහැර ගෙන යනු ලැබී ඇති බව යි. කිසිදු පිටස්තරයකු කිසි දා පිය තබා නොමැති ඒ රහසිගත ගම සො
Out of stock
පෙර භවයේදී ද පෙම් කළෙමි

පෙර භවයේදී ද පෙම් කළෙමි

ග්වෙන්ඩොලින් ෂර්බෘෘක් ආර්යාව සර් ෆිලිප් චැඩ්ලේ ප් රථම වරට හමුවන විට ඔහු අතිශය කඩවසම් බුද්ධිමත් පාර්ලිමේන්තු මන්ත් රීවරයෙකු විය. ඔහු දැකීමෙන් වික්ෂිප්ත බවට පත්වූ ඇයට දැනෙන්නට වූයේ අපූර්ව හුරු පුරුදු බවකි. එහෙත් ඇය මීට පෙර කිසිදින කිසිඳු අවස්ථාවක ඔහු හමුව නොතිබිණි. යාබද ගොඩනැගිලි දෙකක විනාඩි කීපයක් ඇතුලත සිදු වූ සර් ෆිලිප්ගේ එකම ආදරවන්තියගේ අරමුණ ග්වෙන්ඩොලින්ගේ උපත සමඟ කිියම් ගුප්ත සබඳතාවයක් පැවතියේද? මේ අදහස හුදු අනුමානයක්ද? නැතහොත් එය ග්වෙන්ඩොලින්ගේ කිසියම් පරිකල්පනයක්ද? මෙය පුනර්භවය පිළිබඳ කිසියම් ඉඟිකිරීමක්ද යන්න ප් රේම චමත්කාරයෙන් යුතු මේ කතාන්තතරය තුළින් සොයාගත හැකිය.
In stock
මගේ කුලුඳුල් පෙම්වතිය

මගේ කුලුඳුල් පෙම්වතිය

දැන් මට ජීවත් වෙනවානම් එය කළ හැක්කේ ප් රේමය වෙනුවෙන් ම පමණි. ඇය මගේ ප් රේමය නම් ඒ වෙනුවෙන් දස දහස් වතාවක් හුස්ම ගැනීමට පුළුවන. එසේ නොවන්නේ නම් මියැදීම හැර තවත් විකල්පයක් ඇතැයි මට දැන් නොසිතෙයි. ජීවිතය සමානය ප් රේමය - වැඩි කිරීම අනාගතය නම්, බෙදීම, කලකිරීමෙන් අඩුකිරීම මරණය ලෙස මම සමීකරණය වී සිටිමි. මේ සංසාරේ අද ඉන්නවා නම් ඒ ගැන හිතමින් භවයෙන් භවය සසර සැරි සරමින් හීන එකතු කිරීමට මට පුළුවන. ඒත් මේ හීන එකතු කිරීමේ සෙල්ලම සැබෑ නොවන්නේ නම් මගේ ජීවිතය නතර වන්නේ කොතැනදැයි සිතන හැම විටකම ඉරණම තීරණයය කිරීමේ මගේ ජීවිත අයිතිය ඇයට සින්නක්කර පැවරී ඇතැයි සිතමි. බුක්ති විදීමට මට ජීවිතයක් නැත්නම් සින්නක්කරව ඇයට
In stock
ස්වෛරී

ස්වෛරී

මුදලට ඇඟ විකිණූ ගණිකාවක ගේ එක ම දියණිය වූ ඇය, අපරිමිත කැප කිරීම් සිදු කරමින් සහ බිඳ වැටීම් දරා ගනිමින්, අවසන ජීවිතය දිනන්නට විය. එසේ ගිය ඒ ගමනේ දී, ඇය කෙතරම් අසාර්ථකත්වයන්ට සහ පරාජයන්ට මුහුණ දුන්නේ ද යන්න ගැන වත්, ඇය විඳී මහමෙරක් තරම් වූ දුක් කන්දරා ගැන වත්, ඇයට සිය දිවි නසා ගන්නට පවා සිතූහා වූ වාර ගණන ගැන වත්, කිසිවෙකු හෝ සොයා නො බැලී ය. ඒ කිසිවක් ඇයගෙන් විමසන්නට වත් කිසිවෙකු නොවී ය. ඇය හැඬු තරම දන්නේ ඒ කඳුළු හෙළූ ඇගේ ඇසුත්, ඒ කඳුළු දරා ගත් මහ පොළොවත් පමණි. අද ඔබට සිනාසෙන මිනිසුන්, දිනෙක ඔබ වෙනුවෙන් ප් රියසාද පවා පවත්වනු ඇත. ඔබ ඔවුන් ගේ මිතුරන් බවත්, නෑදෑයින් බවත් බොහෝ ආඩම්බරයෙන් කෑ ගසමින් කි
In stock
කුක්කු - මයෙ අම්මගෙ කතාව

කුක්කු - මයෙ අම්මගෙ කතාව

අගෝස්තු 13 වන දින නිකුත් වීමට නියමිතයි.නිකුත් වන දිනය පෙර දැනුම්දීමකින් තොරව වෙනස් විය හැක. පුංචි කාලෙ අම්මා කුක්කු... අම්මා කුක්කු... කිය කියා පොඩි උන් අම්මලගෙ තන් දෙකේ එල්ලෙන්නෙ ජීවිතයේ ලබන පරම සතුට ලබනවා වගේ. පොඩි උන්ට මොනවද තේරෙන්නෙ... නෑ... පොඩි උන්ට තමා ගොඩක් දේවල් තේරෙන්නෙ. පුංචි කාලෙ හිතට වදින දේවල් තමා මුළු ජීවිතයක් පුරාවටම හක්කලං කොරන්නෙ... දන්නවද... අපේ අම්මා මට කුක්කු දුන්නෙ නැහැ. අම්මෙක්ගෙ දෙතනකට හිර වෙලා පුංචි පැටියෙක්ට ඕනෙ බඩ පුරවගන්න විතරක්ම නෙවෙයි. එතන තමයි පැටියගෙ ලෝකය... එතන තමයි පැටියගෙ උණුහුම... ආදරය, ආරක්ෂාව වැඩිපුරම දැනෙන තැන ... ඒත්... පුංචි කාලෙ මට ඒ උණුහුම, ආදරය අම්මග
In stock
පප්ඵටක

පප්ඵටක

ඉක්මන් අඩි තබමින් තමා ඉදිරියට එන ස්ත් රී රුව දුටු මඳ කිපුණු ඇතාගේ නෙත්වල කනීනිකා සිදුරු විසල් වී ගියේය. ඌ හොඬ ඔසොවා මහ හඬින් කෑගැසුවේය. එහෙත් ස්ත් රී රුවේ පසුබෑමක් නම් නොවීය. එහෙයින්ම ඇතා නොමඳ කලබලයට පත් විය. ඌ නැවතත් අනතුරු ඇඟවීමක් ලෙසටදෝ, ඉදිරි පය දෙක ඔසොවා පොළොව දෙදරන සේ බිම ඇන හොඬ ඔසොවා කෑගැසුවේය. එහෙත් හුළුඅත්ත අතින් ගත් ගැහැනියගේ ගමන නම් බාල නොවීය. ඇතා එවර විපිළිසරව ගිය ගතියකි. එවර ඌ පිට කළ හඬ යම් අපහසුතාවයකට පත් ගතියක් පෙන්නුවේය. නොබා ඉදිරියට ගිය ගැහැනිය, දකුණතෙහි වූ හුළුඅත්තෙන් තමාට වඩා දෙගුණයකටත් වඩා උසැති මහඇතාගේ පපුතලයට පහර දුන්නාය! පසුබිමෙන්, බිමට සමතළා වූ මහා පව්වක් සේ දණ බිම ඔබා
In stock
මතක - හර්ෂ මල්ලව ආරච්චි

මතක - හර්ෂ මල්ලව ආරච්චි

මළසිරුර බෙහෙවින් නරක් වී තිබුණි. පිටතට නිරාවරණය වූ සිරුරු කොටස්වල තැනින් තැන සම හා පේෂී කොටස් දියවී අභ් යන්තරයේ වූ අස්ථි පිටතට දිස් වූයේය. කූණු වීම හේතූවෙන් ගලා ආ ඕජස් මඟින් ඇති කළ කළු පැහැති විවිධ ප් රභේදවල දිලීර නිසා සුදු පැහැති ගවුම පැල්ලම් වැටී දුර්වර්ණ වී තිබුණේය. ඇගේ දෑතෙහි යම් කිසිවක් රඳවා තිබූ සලකුණුද වූයේය. වඩාත් හොඳින් බැලූ කල එය මල් කලඹක් බව ඔහුට අවබෝධ විය. එහි වූ වේළුණු නටු කිහිපයක් තවමත් ඇගේ අතැඟිලි අතර සිර වී තිබුණි. ශාක පත් ර යැයි සැක කළ හැකි දේවල් කිහිපයක්ද ඇගේ කුස මතින් විසිරී තිබුණි. සිරුරේ හිසෙහිද යම් ආකාරයකට කිරුළකට සමාන වූවක් ඇති බව හෙතෙම තව දුරටත් දුටුවේය. එයද ගසක අතු ඉති
In stock
ප්රේමසූත්ර

ප්රේමසූත්ර

ප් රිය ආලිංගනයන්ගෙන් සපිරි සුරතාන්තයක අවසන වෙහෙස නිවන කෙටි නින්දෙන් ඈ සෙමින් අවදිවූවා ය. අලුයම් යාමයෙහි සූර්ය සම්ප් රාප්තියෙහි විසිතුර විසින් අවදි කරනු ලැබ ඇත්තේ ඇගේ ජීවිතයේ බලහත්කාරයෙන් ම වසා දමා තිබූ කලාපයකි. ඔහු හා සමඟ සමීප ඇසුරක් ඇරඹූ දා සිට සිය හැඟීම් සමඟ සටන් කරමින් ඈ අසීරුවෙන් දමනය කරමින් යටපත් කළ හැඟුම් සමුදායකි. එදා සිට ම ඔහු ඇසුරෙහි උණුසුමෙන් ඈ ප් රමුදිතව සිටියා ය. එහෙත් කිසි විටකවත් එය දැල්වෙන්නට ඉඩ නොදුන්නා ය. ආවර්ජනාත්මක සොඳුරු වින්දනයකට පමණක් ඔහුගේ ඇසුර සීමා කරගන්නට ඇය සෑමවිට ම යත්න දැරුවා ය. ඒ පිරිමියෙකු සමඟ සහවාස ජීවිතය පිළිබඳ අතීතය විසින් ලබාදී තිබූ අමිහිරි අත්දැකීම් හේතුවෙනි.