Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි

මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි

ඔහු මා අභියස හිඳියි. මරණය රමණය තරමට ම ආශ්වාදජනක වූ දේශයක, අඳුරුතම කාලපරිච්ඡේදයක දී ලියූ තම කවිවලට පහළින් කර්තෘ අඥාත බව සටහන් තැබූ කර්තෘ දැන් මා ඉදිරියේ දෘෂ් යමානව සිටියි. දෙමළාගෙන් ගැලූ රතු රුහිරු අතිශයින් සාමාන් යකරණය වූ මොහොතක, රක්ත වර්ණය රණකාමීත්වයේ සලකුණක් බවට පෙරලා ගෙන මළ මිනී මතින් ජයපැන් පානය කළ, මුවහත් අසිපත් අතින් ගත් සිංහයන්ගේ කොදෙව්වේ, අනෙකාට ද තම අයිතීන් වෙනුවෙන් අරගල කිරීමේ අයිතිය සැම විටම සමාන යැයි කියූ ලියූ වරදට දේශ හිතෛශීන් විසින් පිටුවහල් කරන ලද දේශද් රෝහියා මා දෙස බලා සිටියි. ඉන්දික උඩුගම්පොළ මධුවිතට පසුසටහන (www.boondi.lk)
Out of stock
ලක්දිව පුරාණ ඇඳුම් ආයිත්තම්

ලක්දිව පුරාණ ඇඳුම් ආයිත්තම්

ගරීයස් සුරනිමල තෙන්නකෝන් මුදලිගේ - ලක්දිව පෙර පැවති ඇඳුම් ආයිත්තම් සම්බන්දව ගැඹුරින් අධ් යයනය කරන්නෙකුට බෙහෙවින් ම වැදගත් වන මූලාශ් රය ලක්දිව පුරාණ බිතු සිතුවම් ය. ඊට අමතරව පැරැණි සංදේශ කාව් ය හා දෙස් විදෙස් ලේඛකයන් පෙර පැවැති ජන ජීවිතය ගැන ලියූ පොත් පත් හි එන තොරතුරු විස්තර ද වැදගත් වෙයි. එවැනි විවිධ මූලාශ් ර ඇසුරින් ප් රතිනිර්මිත චිත් ර සටහන් ඇතුළත් මෙම කෘතිය ලක්දිව පුරාණ ඇඳුම් ආයිත්තම් පිළිබඳව අධ් යයනයෙහි යෙදෙන විද් යාර්ථීන්ට මෙන්ම ඒ සඳහා උනන්දුවක් ඇති සාමාන් ය පාඨකයන්ට ද ප් රයෝජනවත් වනු නිසැක ය. පුරාණ ලංකාවේ භාවිත වූ වර්ණවත් කොඩි ඇතුළත් ලක්දිව පුරාණ කොඩි ග් රන්ථය ද , එහි ඉංග් රීසි පරිවර්තන
Out of stock
කළු වැහි කළු

කළු වැහි කළු

සේතුහාමි ගොවියෙක්, වෙදෙක් ලෙස ලොකු පොඩි කා අතරත් ප් රසිද්ධ පමණක් නොව ජනප් රිය චරිතයකි. දේශීය ගොවියාත්, ගොවිකමත්, වගාවත්, පරිසරයත්, රටත්, ජාතියත් වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කරන සැබෑ මිනිසුන්ගේ හඬ 'කළු වැහි කළු' කතාන්දරය තුළින් කැටයම් කරන්නට කල්පනා කළේ සත් යය දැන හෝ නොදැන අසාධාරණය, අසමානාත්මතාව සහ අයුක්තිය හමුවේ නිදා සිටින දස දහසක් පොදු ජනයා මුලාවෙන්, අන්ධ භක්තියෙන් සහ මෝහයෙන් මුදා ගන්නටත් වේගයෙන් වැනසෙන රටත්, ජාතියත් නිවට, අමන, ආත්මාර්ථකාමී, කපටි, හදවත් නැති, මනුසත්කමක් ඇත්තේම නැති, දේශයේ පාලකයන් යැයි කියාගන්නා උන්ගේ සැබෑ තතු හෙළිකරන්නටත් ය. රට වැසි මහජනතාව වෙනුවෙන් වැයෙන මේ අභීත අඬබෙරයට සවන්
Out of stock
ජීවත්වීමේ කලාව

ජීවත්වීමේ කලාව

මේ ප් රංශ ගත්කරු අන්ද් රේ මොරොවා ගේ the art of living නම් සුප් රකට ග් රන්ථයේ පූර්ණ සිංහල අනුවාදයයි. ඔබ පෙම්වතකු හෝ පෙම්වතියක නම් පෙම් කිරීමේ කලාව ගැන ද, ඔබ් විවාහකයකු නම් පවුල් ජීවිතය පිළිබඳ කලාව ගැන ද, ඔබ වැඩ කරන්නකු නම් වැඩි කිරීමේ කලාව ගැන ද, ඔබ නායකයකු නම් නායකත්වයේ කලාව ගැන ද, ඔබ මහලු වියේ පසුවන්නකු නම් මහලු වීමේ කලාව ගැන ද, මේ පොතෙහි අපූරු පාඩම් තිබේ. ලොව පුරා මිලියන ගණනක් මිනිසුන් මේ පොත කියවා තිබේ. තව අයට තෑගි කර තිබේ. මිලියන ගණනක් මිනිස්සු දිවි ගමනෙහි මාර්ගෝපදේශකයකු ලෙස නිරතුරුව එය ළඟ තබාගෙන සිටිති. ඔබ කුමන තරාරමක අයකු වුවත් මේ පොත ඔබට ජීවත් වන සැටි නිසැකව ම පෙන්වා දෙයි.
Out of stock
අත්තටු මැවිලා

අත්තටු මැවිලා

මිනිස් චරිත හා සමබරව පරිසරය මතුකර දැක්වීමට තරම් ක් රිස්ටීන් විල්සන් පරිසරයට ආදරය කළා ය. පරිසරයේ සුන්දරත්වය මෙන්ම ගූඪ බව මිනිස් චරිතවලට බලපාන්නේ ඇතැම් විටක මිථ් යාවට යට වෙමිනි. ක් රිස්ටීන් විල්සන් ලියූ i am the wings නම් නවකතාවේ තම පියා සොයා එන ඈන් නම් තරුණියත්, තම සහෝදරයා සොයා එන ක් රේග් නම් තරුණයාත් අතර ඇතිවන මතගැටුම කෙළවර වන්නේ ඔවුන් මිථ් යාව තුළින් මතුවන සත් යය සොයා ගැනීමෙනි. ක් රිස්ටින් මවන සියළු චරිත ජීවමාන ය. පරිසරය එයටන් වඩා ජීවමාන ය. i am the wings අත්තටු මැවිලා නමින් මෙලෙස සිංහලට නඟන්නේ ලෝ පතළ කෘතීන් රැසක් ස්ව නිර්මාණ කරම පාඨකයාට සමීප වන පරිදි, සරල සුගම බස් වහරකින් සිංහලට නඟා පළ කොට ර
Out of stock
ශ්රී ලංකාවේ ව්යාපාර නීතිය පිළිබඳ හැඳින්වීමක්

ශ්රී ලංකාවේ ව්යාපාර නීතිය පිළිබඳ හැඳින්වීමක්

නීතිඥ නිරෝෂිකා ලියන මුහන්දිරම් - නීතිඥ නිරෝෂිකා ලියන මුහන්දිරම් මෙනවිය, කොළඹ විශ්ව විද් යාලයේ නීති පීඨයෙන් දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් ලබා සමත් වූ නීති උපාධිධාරිනියකි. එසේම ශ් රී ලංකාඋසස් තාක්ෂණ අධ් යාපන ආයතනයේ බාහිර කථිකාචාර්යවරියක ලෙස ද සේවය කරයි. ශ් රී ලංකාවේ ව් යාපාර නීතිය පිළිබඳ හැඳින්වීමක් මැයින් වන මෙම කෘතිය ඇය විසින් රචිත මුල්ම කෘතියයි. ඕනෑම කෙනෙකුට නීතිය සම්බන්ධ විෂය කරුණු පහසුවෙන් අවබෝධ කර ගත හැකි ආකාරයට සරලව සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර තිබීම මෙම කෘතියේ ඇති විශේෂත්වයකි. උසස් තාක්ෂණ අධ් යාපන ආයතනයේ ව් යාපාර නීතිය පිළිබඳ බාහිර කථිකාචාර්යවරියක ලෙස ලද අත්දැකීම් ද පාදක කරගනිමින්, උසස් තාක්ෂණ
Out of stock
ලංකාව සහ සිංහලයෝ

ලංකාව සහ සිංහලයෝ

මේ කෘතිය සම්පාදනයේදී සිත් ගන්නා සෑම මාතෘකාවක්ම විස්තර කිරීමටත් රටේ සාමාන් ය ලක්ෂණ හා එහි විභූතිමත් අතීතය ගෙන හැර දැක්වීමටත් මිශ් ර ජනගහණයේ ගති ගුණ හා සිරිත් විරිත් චිත් රනය කිරීමටත් මා උත්සාහ දරා ඇතැයි මම විශ්වාස කරමි. මූලාශ් ර ග් රන්ථයක් වශයෙන්ද මෙය පාඨකයාට ප් රයෝජනවත් වෙතැයි ද සිතමි. ලංකා දිවයිනේ පුරාණ ඉතිහාසය කෙරෙහි මඳ බැල්මක් හෙළුණු අතර, දිවයින යුරෝපීය පාලනය යටතේ පැවැති වකවානුව පිළිබඳ සම්පූර්ණ විස්තරයක් මෙහි ඇතුළත් කැරිණි. කන්ද උඩ රට අවසාන කැරැල්ලත් එහි ආරම්භය හා ප් රතිවිපාකත් මෙහි දැක්වෙන්නේ විජිතයේ වැසියන්ගේ දුක්ගැනවිලි ද යටත්විජිත ආණ්ඩුවේ අවදානම් සහගත තත්ත්වය පිළිබඳ අනාවරණයක් ද සමඟ ය. -
Out of stock
එකසිය තිස් අට

එකසිය තිස් අට

මිනිස් සංහතියේ අනේක විධ වූ ජවනිකා ඉතා සියුම් ලෙස වෙන් කොට ගෙන ඒවාට අපූරු හැඩතල දෙමින් කවි ලෙස ගොඩ නගන්නට දරන උත්සාහය උදෙසා මදුශාන්ත බණ්ඩාර කවියා පැසසුම් ලැබිය යුතුම ය. ඔහු මිනිස් ජීවිතවල වන සන්තාපීය ස්වභාවයන් සොයාගන්නේ සමාජ ආර්ථික පරිසරය නම් වූ ගැරුම් වට්ටියෙහි කලතවමින් ය. ඒ පරිශ් රමයේ දී ඔහුට හමුවන්නා වූ දෑ මාණික් ය නම් නොවේ, අපමණ කටුක දෑ ය. ඒ නමුත් ඒ කටුක දෑ ඔහුගේ භාෂාව නම් වූ සියුම් මෙවලමට හසුව ඔපමට්ටම් වෙමින් මැණික් වනු පෙනේ. මදුශාන්ත කවියා වඩාත් ගැවසිය යුතුව ඇත්තේ කවියේ සංක්ෂිප්තතාව නම් වූ මිහිරි ඉසව්වේ ය. එහි ගැවසීමට තරම් වූ අත්දැකීම් වපසරියක ධනවත් බවක් ඔහු ප් රකට කරයි. එය අපගේ අප් රමාණ
Out of stock
රැවටිලිකරුවා

රැවටිලිකරුවා

බ් රිතාන් ය බුද්ධි සේවාවේ නිර්භීත හා නිර්මාණශීලී නිලධාරියකු වූ සෑම් මැක්ලීඩ් ගේ නිදහස් රාජකාරී රටාව ඇතැම් විට ඔහු පැවති නීති රීතිවලින් පිටතට පවා ගෙන ගියේය. තමනට පැවරූ කාර්යය ඉටු කිරීමට හේ cia පවා දැඩි ලෙස පීඩනයට පත් කිරීමටද kgb සමඟ මී-බළළු සෙල්ලම කිරීමටද බිය නොවීය. ඔහු ඉතා සාර්ථක ලෙස කර්නල් ගඩාෆි හා අයර්ලන්ත කල්ලන්ගේ ira සංවිධානයද වරක් රවටා උගුලකට හසු කළේය. වරෙක ඈත කැරිබියන් දූපතක බ් රිතාන් ය ආණ්ඩුකාරවරයා ලෙස පෙනී සිටිමින්ෆිදෙල් කස්ත් රෝ හා කොලොම්බියානු මත්ද් රව් ය ජාවාරම්කරුවන්ගේ සිහින බිඳ දැමුවේය. මේ සියල්ල අතරින් ගලා එන the deceiver කතාවේ තම බුද්ධිය හා නූතන තාක් ෂණය මෙහෙයවා සෑම් මැක්ලීඩ් බ්
Out of stock
සතරවන වගන්තිය

සතරවන වගන්තිය

බ් රිතාන් යයේ අති වාමාංශිකයනට උපක් රමයෙන් බලය ලබා ගැනීම අරමුණු කොට බ් රිතාන් ය කම්කරු පක් ෂය බලයට ගෙන ඒම සඳහා සෝවියට් සංගමයේ ප් රධානියා උත්සාහ ගනියි. සැලසුම් සකස් කෙරෙන්නේ බ් රිතාන් යයේ මැතිවරණයට දින කිහිපයකට පෙර කුඩා න් යෂ්ටික උපකරණයක් පුපුරුවා යම් විනාශයක් සිදුකොට එම විනාශය පෙන්වා දී, න් යෂ්ටික අවිහරණය වෙනුවෙන් පෙනී සිටින කම්කරු පක් ෂයට ඡන්ද ප් රමාණය වැඩිකර ගැනීම සඳහාය. මේ වෙනුවෙන් බ් රිතාන් යයට එවන, ඒ සඳහා දීර්ඝ කාලයක් පුහුණු කරනලද ඔත්තුකරුවා බ් රිතාන් යයකු සේ ජීවත් වෙමින් තමනට රහසේ එවන කොටස් එකතු කොට තබා සෝවියට් සංගමයෙන් එවන ලද විද් යාඥයකු ලවා ඒවා එකලස් කොට එම කුඩා න් යෂ්ටික අවිය නිර්මාණය
Out of stock
වනගත ලංකා

වනගත ලංකා

වනයට ආදරය කරන්නට පුතාට උගැන්නූ තාත්තාගේ නාමයට උපහාර කොට පිරිනමමින් ඒ පුතා wild ceylon යනුවෙන් ඉංග් රීසියෙන් ලියූ කෘතිය වනගත ලංකා යන නමින් අපි මෙසේ ඔබ අතට පත් කරමු. තාත්තාගෙන් ලද දැනුම ක් රියාවට නංවමින් වනයත් වැදි සනුහරයත් ගැන ආර්. එල්. ස්පිටල් නම් ලේඛක වෛද් යවරයා අතින් ලියැවුණු පළමුවැනි ග් රන්ථය මෙයයි. වැදි ජීවන රටාව වෙසෙසින් විවරණය කිරීම මේ කෘතිය සම්පාදනයේදී තමාගේ ප් රබල අභිලාෂය වූ බව ලේඛකයා ප් රකාශ කරයි. එඩිතරම වැද්දකුට පමණක් කළ හැකි බඹර කැපීම මෙහි විස්තර කැරෙන්නේ ඒ කාර්යය පිළිබඳ ත් රාසය පාඨක සිත්හි ද ජනිත වන ආකාරයෙනි. බඹර කැපීම සඳහා අවශ් ය වැල් ඉණිමඟ හා අනෙක් උපකරණ සකසා ගැනෙන අන්දමත්, ගිරික
Out of stock
දඩයම්කරුවෝ
Out of stock
නදීතෙර කුංචනාදය

නදීතෙර කුංචනාදය

වනගත හේන් ජීවිතයේ තොරතුරු රැසක් ස්වකීය ජිවිතයේ අත්දැකීම් ලෙස හෙළි කරන මෙම කෘතිය ආස්වාදජනක වන්නේ එය තාත්වික නව කථාවක් ලෙස ගොනු වී ඇති නිසා ම නොවේ. එය ඉදිරිපත් කරන කාෂ්ටක භූමියේ රන් දහදිය වගුරවමින් එහි රසය උරා ගැනීමට වෑයම් කරන දෙතුන් දෙනකුගේ ජීවිත තොරතුරු සහිත දුර්ලභ ගණයේ විෂය කරුණු නිසා ද නොවේ. කතුවරයා වන සෞන්දර්ය ගවේෂණයෙහි යෙදෙමින් හෙළි කරන අපූර්ව අත්දැකීම් හෙයිනි. ඉදිරිපත් කරන කුහුල දනවන රසවත් විලාසය හෙයිනි. කැමිලස් වනිගසූරිය රජයේ ලිපිකරුවෙකි. අසූවේ වැඩ වර්ජනය හේතුවෙන් ඔහුට රැකියාව අහිමි විය. ජීවනෝපාය සඳහා ඔහු කළේ තමන් උපන් බිමෙන් ඉතා ඈත් වූ ත් රිකුණාමලයේ සෝමාවතී වනාන්තරයේ හේන් ගොවිතැනට බැසීම
Out of stock
වෘකයාගේ දවස

වෘකයාගේ දවස

නන්නාඳුනන ඉංගිරිසි ජාතිකයකු වූ වෘකයාගෙන් ඩි ගෝල් ජනාධිපතිවරයා අවසාන තත්පරයේ දී බේරෙන්නේ අනූනමයෙනි. එසේ වෘකයා ඩි ගෝල් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සමත් වූවා නම් ලෝක ඉතිහාසය වෙනස් වීමට හොඳටෝම ඉඩ තිබිණ. සත් ය තොරතුරු අනුව ෆ් රෙඩ්රික් ෆෝසයින් විසින් නිර්මාණය කරන ලද මේ ගවේෂණාත්මක කෘතියෙන්, වෘකයා තෝරා ගත්තේ කෙසේද, ඔහුට ඒ සඳහා කොපමණ මුදලක් ගෙවන ලද්දේ ද, ඝාතන තැන සදහා වෘකයා සංකීර්ණ ලෙසත්, සූක් ෂම ලෙසත් සූදානම් වූයේ කෙසේද, යන කරුණු පිළිබඳවත් මහාද්වීපය හරහා තමා හඹා යත් දී සෑම විටෙකම හේ හඹා එන්නාට වඩාපියවරක් ඉදිරියෙන් සිටියේ කෙසේද, එමෙන් ම මේ යුගයේ පහළ වූ කෲරතර මිනීමරුවාගෙන් ජනාධිපතිවරයා ආරක් ෂා කරගැනීමට ප්
Out of stock
ජීවක කුලයක්

ජීවක කුලයක්

දේශජ කලාත්මක නවකථා සඳහා උචිත වස්තු විෂය සිංහල ගැමි සමාජයෙන් තවම බැහැර වී නැත. කාලීන සිදුවීම් නවකථාවනට විෂය වස්තු කර ගැනීම දුෂ්කර නැත. එය චිරන්තන යථාර්ථවාදී කෘතියක් බවට පත් කිරීම දුෂ්කර වූවකි. ජීවක කුලයක් නම් වූ නවකථාව මෙම දුෂ්කරතාව ජයගෙන ඇත. වීරපොකුණේ උපරතන හිමියෝ මේ නවකථාව කෙරෙන් සැබෑ ගැමියන්ගේ ජීවිතය පිළිබඳව තමන් වහන්සේ ලත් ගැඹුරු අනුභූතියත් බෞද්ධ දර්ශනයෙන් ලත් සංවරයත් මුසු කළ ප් රතිභාවක්ම ප් රකට කරති. කෙමෙන් අතුරුදන් වන ගැමි සමාජයක අපූරු ජීවන සුවඳක් මේ නවකථාවෙන් වහනය වන්නේ එබැවිනි. නියත වශයෙන්ම ජීවක කුලයක් වූ කලී අතුරුදන් වූ සමීප ඥාතියෙකු පිළිබඳ ශෝකී ස්වරය දනවන සියුම් භාව ගීතයක් වැන්න. (සිළ
In stock
මධුශාලා

මධුශාලා

ප් රියාදරිය, ඔබ මට මධුවකි හිස් බඳුන සේ මම වැලැපෙමි එහෙත් මා පිරී ඇත ඔබ ගෙන් පානය කරන්නී ඔබ ය එය නැඹුරු කර දෙ තොල ඔබේ උතුරා යන මධුවිතය මම බමන සංවේදනා හා මුසු ව තොල ගායි ඔබ මා; එක්ව හිඳිනෙමු සහානුකම්පාවෙන් නිබඳ එසේ ය, මධුගෘහය වී අප උනුන් හට නූතන හින්දි කාව් ය ලෝකයෙහි කවීන් අතර බච්චන් කවියා ප් රමුඛස්ථානය හොබවන්නේ යැයි කීම අතිශයෝක්තියක් නොවනු ඇත. ඔහු ගේ "මධුශාලා" කාව් යය ඛයියාම් ගේ "රුබායියාත්" කාව් යයට බෙහෙවින් සමානකම් ඇති නිර්මාණයකැයි පැවැසීමට ඉඩ ඇත. කුමක් හෙයින් ද යත් ෆිජ්ජෙරල්ඩ් "රුබායියාත්" කාව් යය මඟින් ඉංගිරිසි කාව් ය රසිකයන් කෙරෙහි ඇති කළ බලපෑම, බච්චන්කවියා "මධුශාලා" කාව් යය මඟින් හින්දි ක
Out of stock
හත්දින්නත් තාරුකාවේ අබිරහස

හත්දින්නත් තාරුකාවේ අබිරහස

රාජිනියගේ ගෙල වටා පළඳ තිබුණේ සයිකැමෝ අතු භාවිතයෙන් වියා දඹරන් කෙඳි ආශ් රෙයන් වැඩ දමන ලද මාලයක් බව කෝබෙක් මහතා හඳුන්වා දුන්නේ ය. රන් කෙඳිවලින් නිර්මාණය කරන ලද දිගු මල්මාලයක්ද පාද යුවළ තෙක් දිගට පළඳවා තිබුණි. සිරුර හරහා දමා තිබුණේ ඉර හඳ තාරකාවන් මහ පොළොව වැනි නොයෙකුත් රූ කැටයම් කොට, මැණික් වැනි පාෂාණයකින් නිමවා රන් ඇසුරෙන් එකිනෙක සම්බන්ධ කොට තිබූ කොටස්වලින් යුතු මිණි මෙවුලක් වැනි ආභරණයකි. එහි අහසෙහි දකින සියලුම වර්ණයන් කැටිව තිබිණි. සිරුර දෙපස ගල් දෙණ තුළ තැන්පත්කොට තිබුණේ තාරුකා දිලෙන්නාක් මෙන් මැණික් කැට පෙළෙි දෙකක් ඔබ්බවා තිබූ තවත් රන් ආභරණ යුවළකි. the jewel of seven stars යනු ඩ් රැකියුලා නම්
In stock
මඟ දිගට ජන කතා - 2

මඟ දිගට ජන කතා - 2

මාරස්සන ඩී.පි.වික් රමසිංහ මහතා ගම් නියම්ගම්වල රජයේ පාසල් හි මුල් ගුරුවරු පදවි දැරූ කෙනෙකි.තමා සේවයට පත් වී ගිය සෑම පාසලක් ම පිහිටි ගමේත්, අවට ගම්වලත් ඓතිහාසික තොරතුරු, ජන විශ්වාස, හෙළ වෙදකම් ආදිය පළාත් වාසින්ගෙන් විමසා සොයා බැලීමත්, එමඟින් සපයා ගත් කරුණු පොතක සටහන් කර තැබීමටත්, හේ විනෝදාංශයක් ලෙස පුහුණු කර ගනිති.කටකතා වලින් මතු වූ ඓතිහාසික කරුණු තහවුරු කරුණුවස් පතපොත කියවා කරුණු සෙවීමද ඒ සමගම කෙරිණි. උඩරට, පහතරට, රජරට ආදී සෑම පළාතෙකම සේවය කරන ලද කාලයේ එසේ රැස්කර ගත් කරුණු වලින් බිඳක් තමා සේවයෙන් විශ් රාමලත් කාලයේ පොතකට නැඟුණු සැටියි මේ මේ ජනකතා එකතුවේ පළමුවන කොටස මඟ දිගට ජනකතා නමින් මුද් රණයෙන
In stock
ලක් බිමේ සත් වසක්

ලක් බිමේ සත් වසක්

අපේ රටටත් අපේ මිනිසුන්ටත් පමණක් නොව, අපේ සතා සීපාවාටත් ආදරය කළ සුදු ඒජන්ත හාමුදුරුවෝ වන ලෙනාඩ් වුල්ෆ් ගේ (1904 1911) ස්වයං ලිඛිත චරිතාපදානයේ දෙවැනි කොටස වන growing (1961) කෘතහස්ත පරිවර්තකයකු වන ප් රේමචන්ද් ර අල්විස් මහතා විසින් සිංහලයට නඟා ඇත. පාහියන්ගේ - හියුංසාංගේ - දේශාටන වාර්තා - රොබට් නොක්ස්ගේ ලංකා විස්තරය ඩොයිලිගේ දිනපොත මෙන්ම වුල්ෆ්ගේ growing නම් කෘතිය ද ලංකාවේ අතීත තොරතුරු සොයන පර්යේෂකයනට ඍජු මූලාශ් ර ග් රන්ථයක් ලෙස අතිශය වැදගත් ය. ලෙනාඩ් වුල්ෆ් ලියූ, බැද්දේගම නමින් සිංහල පාඨකයන් හඳුනන village in the jungle (1912) නම් නවකතාව ලංකාව පසුබිම් කොට ඉංගිරිසියෙන් ලියැවුණු ශ් රේෂ්ඨතම නිර්මාණාත්