Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
තිසර සිහිනය

තිසර සිහිනය

වත්මන් සමාජ හා දේශපාලන කඩතුරාව ඉරා දමමින්, ඒ හා බැඳුන පාදඩ කුහක ක් රියාවලිය පිළිබිඹු කරමින් ප් රබල චරිත කිහිපයක් වටා ගොඩනගන ලද 'තිසර සිහිනය නවකතාව වීදුරු මන්දිරවල වෙසෙන ඉහළ මධ් යම පන්තික සමාජයේ ගැහැනුන් හා මිනිසුන්ගේ සුදු සළුපිළි ගලවා දමන්නට ගත් උත්සාහයක් ලෙසට හඳුන්වා දිය හැකිය. එසේම ධනය හා බලය වෙනුවෙන් දැඩි අරගලයක යෙදී සිටින සිය පියාගේ ක් රියාකලාපයට එරෙහිව යුක්තිය, සාධාරණත්වය හා ආදරය වෙනුවෙන් තනිව සටන් වදින දියණියගේ චරිතය ද මඩගොහොරුවක පිපි පියුමක් බඳුය. විවිධ හැඩතල ගත් රසබර නවකතා රාශියකින් හෙළ සාහිත කෙත පෝෂණය කළ නිව්ටන් ගුණසේකර අතින් ඔබට පිදෙන විසිහතර වෙනි ස්වතන්ත් ර නිර්මාණයයි 'තිසර සිහිනය
Out of stock
නොපෙනෙන ලොව අද්භූත කතා 03 - භවාග්නි ඡායා
Out of stock
සදහට ම මිතුරියෝ 1 - ඔයා නැතුව පාළුයි

සදහට ම මිතුරියෝ 1 - ඔයා නැතුව පාළුයි

ස්ටීවිගේ ලිපිය සීරුවට නැවූ මොලී එය පෙට්ටියේ තැබුවා ය. පියන වැසිමට පෙර ඇගේ දෙනෙතින් ගලා ගිය ලොකු කඳුළු ගුලියක් ලිපිය මත පතිත විය. කෙළ තලියක් ගිල දමා, බොහෝ වේලාවක් යන තුරු පා ඇඟිලි වකුටු කර ගෙන සිටි මොලී මිතුරියන් දෙස බැලුවේ ඉන් අනතුරුව ය. "මම හැමදා ම නින්දට යන්න කලින් මේ හැම ලියුමක් ම කියවනවා. ඔයා කැන්සාස්වල ඉඳගෙන එහෙම කරන කොට මම ගෙදර ඉඳගෙන ඔයාට තව තව ලියුම් ලියන්නම්. මෙග්, මොලීව බදාගත්තේ කඳුළු පිරි දෙනෙතිනි. මමත් එහෙම කරනවා කනට ඇසෙන තරම් හිමිහිට කෙඳිරි ගෑ ලෝරා, ඇඳ සිටි ටී-ෂර්ටයේ වාටියෙන් දෙනෙත් පිස දැමුවා ය. ඇයි මමත්? ස්ටීවිගේ දෙඅත් මොලීගේ බඳවටා තරයේ වෙළිණි. හැබැයි හැම රෑකම නෙවෙයි. මොලී ඔවුන්ව
Out of stock
ඩ්රැක්යුලා ශාපලත් අඩවිය

ඩ්රැක්යුලා ශාපලත් අඩවිය

ඊළග මොහොතේ තවත් සිදුවීමක් සිදුවිය. අහස දෙබෑකරගෙන අකුණක් පැනනැංගේ ය. එම අකුණේ තද රිදී පැහැ එළියෙන් ජානොස්ගේ දෙනෙත් මොහොතකට නිලංකාර විය. එම අකුණ වැදුනේ මාලිගාවේ මුදුන් වහලයේ කෙළවරකට වන්නට ඇති බවට ජානොස් අනුමාන කළේ එක් මොහොතකදී දැනුණ ඒ ගිගිරුම් කම්පනය බිම් මහල පුරාවටම පැතිර ගිය හෙයිනි. ඒ සමගම තවත් සිදු වීමක් සිදුවිය. වහලයේ මුදුනට වැදුණු අකුණ මායාවී බලයකින් මෙන් බිම් මහල වෙත ඇදී ආවා ය. එම අකුණ කෙලින්ම වීදුරු පෙට්ටිය මත පතිත වූයේ වීදුරු පෙට්ටියේ ඉතිරි වී තිබූ කොටස කැබලි දහසකට සුණු විසුණු කර දමමිනි. මහා ගිනි ජාලයක් මැද පෙට්ටියේ කොටසක් කඩාගෙන වැටෙද්දී එම ස්ත් රිය වේදනාවෙන් ඇඹරෙමින් පෙට්ටිය මතින් නැගි
Out of stock
ටාර්සන්ගේ වනාන්තරයේ කතා

ටාර්සන්ගේ වනාන්තරයේ කතා

ගැටවර වියේ පසු වූ ටාර්සන්, මහා වානරයන්ට වඩා බොහෝ සෙයින් වෙනස් වූයේ ය. එ සේ වුව ද, ඔහුට නිරන්තරයෙන් ම ඇසුරු කිරීමට ලැබුණේ ඒ මහා වානරයන් ම ය. ඒ නිසා ම ඔහුගේ හිතවත් මිතුරෝ වූවෝ ද ඔවුහු ම ය. ඔවුන්ගේ ජීවිත ප් රචණ්ඩ මෙන් ම සරල ද වී ය. එහෙත් සාමාන් ය ළමයකුගේ ගති සිරිත්වලින් හා පැතුමින් යුත් ටාර්සන් ඉමහත් දුෂ්කරත්වයකින් ඉගෙන ගත්තේ ය. ගැටවර වියට එළඹෙත් ම අන් සෑම මනුෂ් යයකුට මෙන් ම ඔහුට ද ආදරය හා ස්නේහය අවශ් ය වී ය. ඔහු ඒවා ලබා ගත්තේ කෙ සේ ද? ටාර්සන්ගේ වනාන්තරයේ කතා නමැති මේ පොත අතිශය චමත්කාර ජනක වන කතා දොළොසකින් සමන්විත ය. ටාර්සන් සිය ගැටවර ජීවිතයේ දී කළ වීර වික් රමවලින් හා පෙම් සබඳකම්වලින් පිරි ත් රාස
Out of stock
බුදු සසුනේ මිණිපහන - ආනන්ද හාමුදුරුවෝ

බුදු සසුනේ මිණිපහන - ආනන්ද හාමුදුරුවෝ

අනඳ හිමියන් ගැන ලියා ඇති මෙම ග් රන්ථයට පසුවදනක් ලියන කොට මගේ මතකයට ආයේ, බුදුහිමියන්ගේ අග් ර උපස්ථායක තනතුර දැරූ අනඳ හිමියන් මෙන්, පාසල් යන අවධියේ දී ජයසේන ද සිල්වා යනුවෙන් භාවිතා කළ මෙම කතුවරයා ගා මාදම්පා මහා විදුහලේ උසස් පෙළ ඉගෙනුම ලබන අවධියේ එම විදුහලේ විදුහල්පති එම්.එල්.ද. සිල්වා මැතිතුමාගේ පෞද්ගලික ලිපිකරු ලෙස කටයුතු කළේය. අනතුරුව ලිපිකරුවකු ලෙස රජයේ සෞඛ් ය අමාත් යාංශයේ සාමාන් ය ලිපිකරුවකු ලෙස පත් මොහු ද්වීතීය පදනම මත රත්ගම ආසනයේ කොමියුනිස්ට් පක්ෂයේ මන්ත් රී ඇම්.ජී. මෙන්ඩිස් මහතාගේ පෞද්ගලික ලේකම් විය. අනතුරුව පෙරළා සෞඛ් ය අමාත් යාංශට පැමිණි මොහු සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ සෞඛ් ය ඇමතිනී ගරු ශ
Out of stock
හිට්ලර්ට පියවරක් ඉදිරියෙන්

හිට්ලර්ට පියවරක් ඉදිරියෙන්

විදෙස් භාෂාවකින් ලියැවුණු නිර්මාණාත්මක කෘතියක් තවත් භාෂාවකට පරිවර්තනය කිරීම අසීරු කාර්යයකි. සාර්ථක පරිවර්තනයක් කිරීමට කෘතියක මුල් භාෂාව පමණක් නොව එරට සංස්කෘතිය, සමාජ හා දේශපාලන තත්ත්වයන් පිළිබඳව ද නිවැරදි හැදෑරීමක් මෙන්ම, පරිවර්තනය කරන ස්වදේශීය භාෂාව පිළිබඳව නිවැරදි අවබෝධයක් හා ලිවීමේ අපූරු දක්ෂතාවයක් ද තිබිය යුතුය. "හිට්ලර්ට පියවරක් ඉදිරියෙන්" කෘතියේ පරිවර්තකයා වන දයා ඩී. ෆොන්සේකා කුසලතා පිරි ලේඛකයෙකි. ඔහු කළ හතළිහකට ආසන්න පර්වර්තන කෘති ඊට සාක් ෂි සපයයි. වෘත්තීය පුවත්පත් කලාවේදියකු ලෙස විවිධ පුවත්පත්, සඟරා සහ ලේක්හවුස් ආයතනයේදී ලද අත්දැකීම් නිර්මාණාත්මක ලේඛකයකු ලෙස සාර්ථක වන්නට හේතුවක් වෙයි.
Out of stock
රිටිගල අරණ

රිටිගල අරණ

ඕලන්ද ජාතික සිල්වෙස්ටර් නම් චරිතය හා ජයදේව යන චරිතය රිටිගල අරණ කෘතියේ ප් රධාන චරිත ලෙස උපයෝගී කර ගනිමින් නවකතාව විකාශය වේ. රිටිගල අරණ කෘතිය මවිසින් කියවා ඇති නවකතා අතුරින් නැවුම් අත්දැකීමක් එක්කළ කෘතියක් බව පැවසිය යුතුමය. අධිරාජ් යවාදී පාලන සමයේ අමිහිරි අත්දැකීම් මෙම කෘතිය තුළින් එළිදැක්වීමට කතුවරයා ප් රශංසනීය උත්සාහයක් ගෙන ඇත. පුළුල් පරාසයක විහිදී ගිය සිදුවීම් සමුදායක් තුළින් සහෘදයන් තුළ විශිෂ්ට රාසාස්වාදයක් ලබා දීමට කතුවරයා ගෙන ඇති උත්සාහය අගේ කළ යුතුය. රිටිගල අරණ කෘතිය ශ් රී ලාංකීය පාඨක ජනතාව සෙනහසින් වැළඳගනු නොඅනුමානය. ඩී.එල්. ධර්මසේන අධ් යක් ෂ (වැඩ) රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව, කොලොන
Out of stock
රේවතීගේ සාපය

රේවතීගේ සාපය

ආත්මගත මිතුරු යුවලකගේ වෛවාහික ඒකාත්මික ජීවිත බන්ධනය වන්නේ අව් යාජ ප් රේමයේ රන් කෙන්දෙනි. ඔවුහු ප් රේමයෙන් හා දයාවෙන් ආශීර්වාද ලත් දරුවන් ලබති. එහෙත් සරාගී කාමයේ පොල් කෙන්දෙන් බන්ධනය වන්නේ ආත්මගත සතුරන්ය. ඔවුහු කාමයෙන් සාපලත් දයා විරහිත කෲර දරුවන් ලබති. මෙම සනාතන දහම් න් යාය පාදක කොට ලියැවුණු සංසාර බන්ධන හා අකාල මේඝය නවකතා යුග්මයේ අවසන් පුරුක වූ රේවතීගේ සාපයෙ න් ගම් ය වන්නේ කතා නායිකා ජනාකීට මෙන් ම ඇගේ එකම දියණිය වූ භවානිට ද විවාහයට ලැබෙන්නේ ආත්මගත සතුරන් බවය. ලෙයින් හා කඳුළින් ලියැවුණු මේ අනුවේදනීය ආදර අන්දරය නූතන තරුණ පරපුරේ ද දුක්බර ශෝකාලාපය බව ලේඛක තිලක කුඩාහෙට්ටි රේවතීගේ සාපය තුළින් සුන්දර
Out of stock
මිසදිටු බවින් වැළකීම

මිසදිටු බවින් වැළකීම

පින්වත්නි, ඇයි මැරෙන්න භය ? ඇයි මැරෙන්න අකමැති? ඔක්කොම සතුන් මැරෙනවා නම් ඕක පොදු ධර්මතාවයක්. ඕක කාටත් උදාවන එකක්. නමුත් අකමැතියි. ඇයි හේතුව ? මේ ලෝකයේ අපිට අතහැර ගන්න බැරි දේවල් තියනව මැරෙන කොට, තවත් පැත්තකින් හැම සතාම තමන්ගෙ ජීවිතයට ආදරෙයි. ඔය මැරිච්ච අය, රහතන් වහන්සේලාත්, කල් යාණ පෘතග්ජනයන් කියන ඇත්තනුත් - ඒ කියන්නෙ හොඳට ධර්මානුධර්ම ප් රතිපදාවෙහි යෙදී සිටි කෙනෙක් නම් බුදුරජාණන් වහන්සේගේ දහම දැනගෙන, ඒ ඇත්තන් ඇර හැම දෙනෙක්ම මැරුණා නම් මැරුණෙ කැමැත්තෙන් නෙවෙයි. ඔය ඔක්කොම මැරුණෙ අකමැත්තෙන්. ඉතින් එහෙම නම් අපි මැරෙන්නෙත් අකමැත්තෙන්. අකමැත්තෙන් කියන්නෙ ආත්ම තෘෂ්ණාව සහිතව. ආත්ම තෘෂ්ණාව කියන එක අනුශ
Out of stock
ශ්රී ලංකාවේ පාරිසරික නීති සහ ප්රතිපත්ති

ශ්රී ලංකාවේ පාරිසරික නීති සහ ප්රතිපත්ති

ජාතික හා අන්තර්ජාතික මට්ටමින් පරිසර සංරක්ෂණය හා කළමනාකරණය සඳහා විවිධ නෛනතික විධිවිධානයන් නීතිගත වී පවතියි. ජාතික වශයෙන් සම්පාදිත ශ් රී ලංකාවේ පාරිසරික නීති හා ප් රතිපත්ති තුළින් මෙරට පාරිසරික සම්පත් සංරක්ෂණය හා කළමනාකරණය පිළිබඳව මුලික අවධානයක් යොමු කර ඇති අතර සමකාලීන පාරිසරික ගැටළු කෙරෙහි ද අවධානය යොමු කර තිබේ. ශ් රී ලංකාවේ පරිසරය හා සම්බන්ධ නීති හා ප් රතිපත්ති වරින් වර නීතිගත වුවත් මේ පිළිබඳ සිවිල් සමාජයෙහි දැනුවත් භාවය ප් රශස්ත මට්ටමක පවතී යැයි සඳහන් කළ නොහැකි වේ. මන්දයත් පාරිසරික නීම් පිළිබල මූලාශ් ර ග් රන්ථයන් ප් රමාණවත් පරිදි සම්පාදනය වී නොමැතිවීම හා ප් රජාවට පහසුමෙන් පරිසරය හා සම්බන්ධ නෛ
Out of stock
ගෙවුණ කාලය මනරම්

ගෙවුණ කාලය මනරම්

මෙම කෘතියේ කතුවර නිව්ටන් ගුණසේකර සූරීන් පුරා විසි වසරක් වැව් බැඳි රාජ් යයේදී අත් විඳි විවිධාකාර සුඛදුක්ඛ අත්දැකීම් යළි ආවර්ජනය කරමින් රචිත මෙම රමණීය නිබන්ධනය තුළින් රජරට නුවරකලාවිය වෙත පාඨක ඔබව කැඳවාගෙන යන්නේ ළෙන්ගතු විදුරකු ලෙසිනි. රසවත් නවකතාවක් සේ එක දිගට කියවාගෙන ගිය හැකි සරල හා සුගම භාෂා රීතියකින් රචනා කොට ඇති මෙම කෘතිය හුදු කල්පිතයක් නොව සත් ය සිදුවීම් පාදක කොට ලියා තිබීම විශේෂත්වයකි. එකල වැව් බැඳි රටේ පැවති රුදුරු කොටි ත් රස්තවාදය ගැන මෙන්ම ජවිපෙ භීෂණ සමය ගැනද ත් රාසය දනවන තොරතුරු ඇතුළත් ගෙවුණු කාලය මනරම් වැව් බැඳි දනව්වේ එදා පැවති (1979-1999) දේශපාලන, සමාජයීය, සංස්කෘතික හා විද් යුත් මා
Out of stock
බැද්දට හඳ පායාවිත්

බැද්දට හඳ පායාවිත්

ප් රාදේශීය ලේකම්වරයකු ලෙස අම්පාර දිස්ත් රික්කයේ සේවය කළ පියදාස උඩවත්ත රාජ් ය බලය අයුතු ලෙස යොදමින් වැස්සන් පෙළනවා වෙනුවට ඔවුන්ට ද විශිෂ්ට සේවයක් කර, දැයෙන් ගිලිහෙන දිගාමඬුල්ලේ ජන සම්ප් රදායන් ගවේෂණය කරමින් හැකිතාක් ලේඛනගත කරන පුරෝගාමියෙකි. දැනට වසර ගණනකට පමණ පෙර සිටි දිගාමඬුල්ලේ අව් යාජ ගැමියාගේ ජීවන පුවත අතැඹුලක් සේ දත් කතුවර පියදාස උඩවත්ත ගැමියාගේ සිරිත් විරිත් සම්ප් රදායේ මාහැඟි තැන් "බැද්දට හඳ පායාවිත්" නවකතාවෙන් ගෙන හැර පායි. එය බොහෝ විට ගොනුවන්නේ විරල වශයෙනි. දයාවංශ ජයකොඩි සහ සමාගම විසින් 2011 වසර සඳහා පවත්වනු ලැබූ නවකතා අත්පිටපත් තරගයෙන් ජයග් රාහී නවකතාව ලෙස තෝරාගත් "බැද්දට හද පායාවිත්"
Out of stock
පලාගිය අමාව

පලාගිය අමාව

ප් රාදේශීය ලේකම්වරයකු ලෙස අම්පාර දිස්ත් රික්කයේ සේවය කළ පියදාස උඩවත්ත මහතා රාජ් ය බලය අයුතු ලෙස යොදමින් වැස්සන් පෙළනවා වෙනුවට ඔවුන්ට ද විශිෂ්ට සේවයක් කර. දැයෙන් ගිලිහෙන දිගාමඩුල්ලේ ජන සම්ප් රදායන් ගවේෂණය කරමින් හැකිතාක් ලේඛනගත කරන පුරෝගාමියෙකි. දැනට වසර ගණනකට පමණ පෙර සිටි දිගාමඩුල්ලේ අව් යාජ ගැමියාගේ ජීවන පුවත අතැඹුලක් සේ දත් කතුවර පියදාස උඩවත්ත මහතා ගැමියාගේ සිරිත් විරිත් සම්ප් රදායේ මාහැඟි තැන් 'පලාගිය අමාව' නවකතාවෙන් ගෙන හැර පායි. එය බොහෝ විට ගොනුවන්නේ විරල වශයෙනි. දිගාමඩුල්ලේ ගැමියාගේ ජීවන සිතුම් පැතුම් ගෙත්තමක් ලෙස මෙම නවකතාවත් සමග ඔබ වෙත ගෙනෙන්නේ අපූර්ව අත්දැකීමක් ලෙසිනි.
Out of stock
මහ අනඳ හිමි - දයාවංශ ප්රකාශන

මහ අනඳ හිමි - දයාවංශ ප්රකාශන

"ඔබ සසුන්ගතවූයේ කෙලෙසුන් මැඬීමට නොවේ ද නැඟණිය?" "එ සේ ය." උඩුබැල්මෙන් වැතිරහුන් මෙහෙණ සිවුර මනාව සකසා හිඳගත්තා ය. "එ සේ නම් එහි ඇලී ගැලී මෙ සේ දුක්විඳින්නේ ඇයි?" දෑත් බැඳ බිම බලාගත්තා මිස මෙහෙණගෙන් වහා පිළිතුරක් නොලැබිණි. "රා ගින්නෙන් පැළැහුණු කල්හී දෑස් අන්ධ වේ. සිහි විකල් වේ. ඒ එහි සැටි ය. ම ඔබට දොස් නොපවරමි. යටි සිතිනුදු සිනා නොනගමි. අන් කෙනෙකුන්ට ද නොකියමි. කිසිත් නුවූවා සේ සිතා, සිහි නුවණින් මා දෙස බලන්න නැඟණිය?" "මම කෙලෙස් තවමින් ම හුන්නෙමි ස්වාමීනි, මා නොමග හෙළුවෝ ඔබවහන්සේ ම ය. ඔබවහන්සේගේ මධුර ස්වරයට, රන්වන් පැහැයට, සුපිපි වත කමලට, විනීත පැවතුමට, ප් රණීත බැල්මට මා වශීව ගියේ ය. අනේ ස්වාම