Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ඇස් දෙක

ඇස් දෙක

සෝමපාල රණතුංගයන් ඇසුරු කිරීමේ භාග් යය මට ලැබුණේ හැටේ දශකයේ මැද භාගයේ දී ය. ඒ වන විට මම හත් අට වරක් ම ඇස් දෙක නවකතාව කියවා මත් වී සිටි තරුණයෙක්මි. ඔහු ඉතා නිහඬ මිනිසෙකි. ඔහු තුළින් ඒ නිහඬ බව දිස්වූයේ ජීවිතයේ සැබෑ අරුතත්, ගැඹුරත් යථාර්ථවාදී ව තේරුම්ගත් මිනිසකු නිසා බව ටික දිනකින් ම මම තේරුම් ගතිමි. පරම පවිත් ර ප් රේමයක් මේ ලෝකයේ ඇති බව ඔහු දැඩි ලෙස පිළිගත්තේ ය. එවන් වූ ප් රේමය උතුරා යන හදවතක් ඔහු තුළ ඇති බව ද මම දුටුවෙමි. මගේ පියා ගේ යුගයේ පුවත්පත් කලාවේදියකු වූ ඔහු, නවක ලේඛක පරපුරක් බිහිකිරීම සඳහා අතදීම පුවත්පත් කලාවේදියා ගේ ප් රධාන යුතුකම බව ආදර්ශයෙන් ම පෙන්වූවෙකි. දශක හතරකට පෙර දී ඔහු මට කියා
In stock
ළමුතු අමයා

ළමුතු අමයා

ළමුතු අමයා ළමා පොතක් නොව ළමයෙකුගෙ සැබෑ සිතුවිලි පිළිබඳ උපහාසාත්මක හා යථාර්ථවාදී නවකතාවකි. ළමා කතා කියලා ජාතියක් තියෙනවා නේද? ඒ හැම එකකම තියෙන්නෙ හොඳ ළමයෙක් වෙයන් පුතේ' කියන පණිවිඩය. මට එකක් කියන්න ඕන. මට අමුතුවෙන් හොඳ වෙන්න උවමනාවක් නෑ. මම කොහොමටත් හොඳයි. වැඩිහිටියන්ගෙ තියෙන ලොකුම ප් රශ්න මොකක්ද දන්නවද? ලොකු වෙනකොට පොඩි කාලේ අමතක වෙන එක. පොඩිකමේ වාසියක් තමයි වැඩිහිටියෝ බය වෙන දේවලට අපි බය නොවෙන එක. අවාසිය තමයි එයාලා බය නොවෙන දේවලට අපි බය වෙන එක. ළමයෙක් වුණාම ඕන දෙයක් නොවැටහුණා වගේ ඉන්න පුළුවන්. අවාසනාවකට ගොඩක් ළමයින්ට ඒක වැටහෙන්නෙ නෑ. වැඩිහිටියෝ බලාගෙන ඉන්නේ එයාලා කියන කරන දේවල් තේරුම් යන තරමට
In stock
භාරත කිරි විප්ලවය

භාරත කිරි විප්ලවය

හෘදයාංගමව අප පුබුදු කරවන මෙම මතක සටහන්, වර්ගීස් කූරියන්ගේ අනුපමේය දායකත්වය සහ ඔහුගේ පෞරුෂත්වයේ නානා විධ පැතිකඩ අවබෝධ කරගැනීමට කදිම පිටිවහලකි. මහා පත් ර කලාවේදී එම්.වී.කමාත් "මා විසින් නිතර පැවසූ කාරණය වූයේ, ජීවිතයේ මට තිබුණේ එකම එක යහපත් අදහසක් බවය. එනම්, සැබෑ සංවර්ධනය යනු ස්ත් රීන් සහ පුරුෂයන්ගේ උන්නතිය වන බවය. එම අදහස මා ග් රහණයට ගත් ආකාරය කොතරම්ද යත්, ගොවියන්ගේ සේවකයකු ලෙසින්, මම ආනන්ද් නම් මෙම කුඩා නිදිබර නගරයේ පනස් වසරකට වැඩි කාලයක් නතර වූයෙමි. එය අතහැර සමහරුන් පවසන අන්දමේ 'වඩා යහපත් ජීවිතයක් සොයා යෑම මට කිසිම දිනෙක කළ නොහැක්කක් විය. අබමල් රේණුවක හෝ සැකයකින් තොරවම මෙම කාල පරාසය, මගේ ජීවිත
In stock
අමෘත හස්තය - සරසවි ප්රකාශන

අමෘත හස්තය - සරසවි ප්රකාශන

සියුම් කලාකාරියක් හැටියට නාට් ය රසයෙන් පරිපූර්ණ ප් රථම සිංහල නවකථාව - සිරියලතාව - බිහි කිරීමෙන් සතළොස් වියෙහි දී පාඨකයන්ගේ ඉමහත් ගෞරවාදරය දිනූ වැල්ලෙවත්ත ආරච්චිගේ ඒබ්රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලෙවත්තේ මධ් යම පංක්තියේ පවුලක උපන්නේ ය - හෙළ දිව මහ කතා කරු මෙන් අඩ සිය වසක් සපුරා බැබැළුණේය. හෙතෙම, ජන්ම දායාදය වශයෙන් ලත් කලා කෞශල් යය ඇත්තේ විය - සිංහල, පාළි, සංස්කෘත, ඉංග් රීසි ආදී භාෂා ශාස්ත් රයන්හි හසළ බුද්ධියෙන් විශාරද විය- ලොකයාගේ චරිත ලක්ෂණ හැඳිනීමේ තියුණු නුවණින් ප් රවීණ විය - අවලෝකනයෙන් හා ප් රතිභා ශක්තියෙන් අග් රප් රාප්ත විය - තමා විසින් ම නිර්මිත නිරාකූල ව් යක්ත ශෛලියකින් සිය බස
In stock
බිඳුණු කැණි මඬල

බිඳුණු කැණි මඬල

සාරා... උඹලා දෙන්නා මටයි අර අහිංසක ගෑනිටයි සුරංගනා කතා කියලා හැමදේම ලියවා ගත්තා මදිවට කළ කී දේවල් අමතක වෙලා වගේ කතා කරන්න එපා. - සාගර ඔය දෙන්නා වෙනස් වෙනවා වගේ මට පේනවා. සමහරවිට එහෙම පේන එක මගේ අඩුපාඩුවක් වෙන්න ඇති. - මේනකා මේ ගෙදර වැඩකාරිනෙ කාටත් වඩා සැප විඳින්නෙ. අපේ ගෙවල් වලත් වැඩට උන් හිටියා. හැබැයි උන් හාම්පුතුන්ගෙ ඔළුව උඩට ආවෙ නෑ. - වර්ණගේ මව මැඩම්ගෙ විතරක් නෙමෙයි ඔළුව ඌයියා වෙන්නෙ සර්. මේ දේවල් මෙහෙම සිද්ද වෙනකොට අපෙත් ඔළුගෙඩි ඌයියා වෙනවා. - අමී ඔය කතාව අහලා මට එපා වෙලා සාරා, දෙමාපියො දරුවන්ට තමන් සතු දේවල් දෙනවා තමයි. ඒක මහා ලොකු පරිත් යාගයක් කියලා මට කියන්න එපා. - වර්ණ අනේ නිකන් ඉන්න
In stock
ඉණටවත

ඉණටවත

"...පවුලේ තිබෙන ඡන්ද ප් රමාණය ප් රජාතන්ත් රිකව රටේ යහපතට භාවිත කරන්නේ කොහොම ද? එක පක්ෂයකට ඡන්ද දෙකක්... අනෙක් පක්ෂයට ඡන්ද තුනක් ... තවත් පක්ෂයකට ඡන්ද...? දෙනවා ද අනුපාත ගත ව? රටේ ඉදිරි දැක්මට කොහොම කළොත් වඩාත් ප් රයෝජනවත් ද? අර්ථාන්විත ද? පක්ෂයක් කණ්ඩායමක් ගැන ස්වාධීනව තීන්දු තීරණ ගන්න තැනට මිනිස්සු පෙළ ගැසුණු දිනට උගතුන්ගෙන් පිරුණු, දැක්ම අතින් පොහොසත් වාසනාවන්ත පිරිසිදු පිරිසක් කොයි පැත්තෙන් හරි දේශපාලනයේ, පාර්ලිමේන්තුවේ සිටී වි. එදාට රට දියුණු වේ වි. සශ් රික වේ වි... "...ඉස්සර කාලේ වැරැදි කළ උදවිය හිටියේ වනයේ... සත්තු වගේ සත්තු එක්ක හැංගිලා. ලේනි මාධ් යවේදිනිය... ඔබ එඩිතරව කිව්වා අද ඒ වන සත
In stock
දෙයියන්නේ රටේ

දෙයියන්නේ රටේ

යම්පොතක් කියවතොත් කියවන්නාට එයින් ප් රයොජනයක් වියයුතුය. බසෙන්වත්, උගතමනා සත්ගුණාදියකින්වත්, විනෝදය ගෙනදීමෙන්වත්, යම්පොතක් හිස්නම්, ඒපොත පල්හෑල්ලකි. පල්හෑල්ල කලාරසයෙන්ද, හීනබැවින් කලාරසය ලද හැක්කේත් පළමුකියවූ පොත්වලින්බව දතමැනවි. දුසිරිත් බෝකරන කුණුකසල සහිත පොත් කලාකාරියක් මෙන් දකින්නා සුසිරිත නොහඳුනයි. හොඳ සිහළ පොතක පිටුවක් පමණවත් නොවරදින්නට කියවාගත නොහැකි ඇතැම් අය, අද මහ විචාරක නාමයෙන් කලඑළිබසිති. එසේ කලඑළිබසිමින්, හොඳ සිහළ පොතක පිටුවක් පමණවත් නොවරදින්නට කියවාගත නොහැකි ඇතැම් අය, අද මහ විචාරක නාමයෙන් කළඑළිබසිති. එසේ කළඑළිබසිමින්, හොඳ සිහළ බසින් පිටුවක් පමණවත් නොවරදින්නට ලියාගත නොහැකි පුහුගත්කර
In stock
සක්කර වට්ටම

සක්කර වට්ටම

ගැමි සමාජය තුළ සක්කර වට්ටම නමින් හංවඩු ගැහෙන ඇය තුළ දක්නට ලැබෙන උසස් ගති ගුණ කිසිවෙක් නො දකිති. එහෙත්... නොකළ වරදකට මුදියන්සේට නීතියෙන් දඬුවම් විඳීමට සිදුවන අවස්ථාවේදී... ඇය තම ළෙහි තුළ සඟවා ගෙන තිබූ දයාව, කරුණාව, මෛත් රිය සක් රීයත්වයට පත් කර මුදියන්සේ නීතියේ රැහැනින් මුදවා ගැනීමට ක් රියා කරයි. කිසියම් විදියකින් ඇගේ චරිතයට සමාන බවක් දක්වන පැටී මහත්තයා ගේ බිරිඳ ඩල්සි ද, සමාජ අවශ් යතාවක් පිරිමසා වඳ බැවින් මිදීම සඳහා පැටී මහත්තයා සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය වෙඩික්කාරයාගේ බිරිඳ ද ගැමි ජන සමාජයේ සක්කරවට්ටම් ගැහැනුන් ය. සොබනී නමැති ගැහැනිය අවලම් එකියක් ද නැද්ද? යන්න මෙන් ම ඇය එම තත්ත්වයට පත්වූ
In stock
කිරුළක උරුමය

කිරුළක උරුමය

ස්වර්ණ දේශයේ වීර කතාමාලාවේ දෙවැන්න (එකෝමත් එක කාලයක - 2) ඇයට වෙස් මාරු කරගන්නා විජ්ජාව කියා දුන්නේ ඇගේ පියාය. එදින ඔවුන් දෙදෙනා මාළිගයෙන් පිටව ආවේ මවටද හොරා ය. පියා දුගී ගම් වැසියෙක් ලෙසත්, ඇය ඔහුගේ කඩමාළු වැරහැලි ඇඳගත් දියණිය ලෙසත් වෙස් ගන්වාගෙන සිටියෝය. එදින කඩ වීදි පුරා ඇවිදිමින් කඩචෝ රු කෑම රස විඳිමින් ඔවුන් දෙදෙනා බොහෝ විනෝද වූහ. යළි මාළිගයට ගිය පසු මවගෙන් අසන්නට වූ බැණුම් කන්දරාව ගැනද ඇය සිහිපත් කළේ මිහිරි සන්තාපයක රසය විඳිමිනි. සැමටම වඩා එම දිනය ඇගේ මතකයේ රැඳී ඇත්තේ ඇගේ පියා ඇයව කැඳවාගෙන ගිය ගමන් මග නිසාය. එක්වරම නතර වූ ඉසෙල්, ජේම්සන්ගේ අතින් අල්ලාගත්තාය. ඇගේ දෑස් විසල් වී තිබුණි. චාල
In stock
මනෝභාවයේ ආබාධ- විෂාදය සහ උන්මාදය

මනෝභාවයේ ආබාධ- විෂාදය සහ උන්මාදය

සාමාන් ය මනෝභාවයන්, මනෝභාවික ආබාධ, හා ඒවාට ඇති ඖෂධ හා ඖෂධීය නොවන ප් රතිකර්ම පිළිබඳවත්. මනෝභාවික ආබාධ වැළැක්වීම සම්බන්ධයෙනුත් කරුණු ගෙනහැර දක්වමින් කතුවරයා තම අභිලාෂය සාර්ථකව සාක් ෂාත් කරගෙන ඇති බව පෙනේ. තවද එදිනෙදා ජීවිතයේ අවස්ථා ගෙනහැර පාමින් සිදුකර තිබෙන මනෝ භාවික ආබාධ පිළිබඳ පැහැදිලි කිරීම කර්තෘ තුමන් විසින් යොදාගත් ඉතා ඵලදායි උපක් රමයකි. මෙම ග් රන්ථය තුළ මා සිත් ගත්ම ලක්ෂණය එය යැයි කීවොත් නිවැරදිය. ලාංකීය ජනතාවගේ මානසික සෞඛ් ය පිළිබඳ දැනුම ආලෝකවත් කරනු රිසි වූ ඔබ තුළ ඇති නොසන්සිඳුණු ආශාව, මෙවන් වටිනා ග් රන්ථ සම්පාදනය කිරීමට දිරිගැන්වීමක් වනු ඇත. ගිහාන් අබේවර්ධන මනෝ වෛද් ය විශේඥ, ජාතික රෝහල
In stock
හුදෙකලා වු යුවතියකගේ කතාව - රස්ටි

හුදෙකලා වු යුවතියකගේ කතාව - රස්ටි

ඒ, දෙවැනි ලෝක යුද්ධය අවසන් වූ 1945 වසරයි. ඇමෙරිකාවේ ගෙවා දැමූ පස්වසරක සතුටින් පිරි කාලය අවසනැ රස්ටි එංගලන්තය බලා යා යුතුව ඇත. ඈ සිය වාසභූමිය ලෙස හැඳින්වූයේ එංගලන්තයයි. එහෙත් මේ වන විට එම වාසභූමිය තමාගෙන් ඈත්ව ගිය බවක් හැඟිණි. රස්ටිගේ මවද දැන් ඇයට පෙනෙන්නේ අමුත්තියක් ලෙසිනි. ඇගේ පුංචි සොයුරාද ඈ ගැන කිසිවක් දැන සිටියේ නැත. හැම දෙයක්ම හිටිහැටියේ අපැහැදිලි සිත් කලකිරවන සොබාවයක් ගනී. ගෙදරින් වියෝවීමේ සංකාව මැද හුදෙකලා වූ රස්ටි, ජීවිතය බේරාගෙන පෙරළා එන ලාන්ස් සමග මිතුදමක් ඇති කර ගනී. අවසානයේ ඈ තුළ වූ අපිරිමිත බලය රස්ටි විනාශකාරී කැරලි ගසන්නියක් බවට පත් කරයි.
In stock
ඇදුරුතුමාගේ අවසන් පාඩම

ඇදුරුතුමාගේ අවසන් පාඩම

මම මේ පොතට ආශා කරන්නෙමි... සත් ය කතාවක් වන එහි දීප්තිය සදාකල්හි ම ඔබට ස්නේහවන්ත වන උත්තර දීප්තියක් ම වනු ඇත. ජනප් රිය චීන-අමෙරිකානු ලේඛිකා - ඇමී ටෑන් ඔහු ගුරුවරයෙකු, සගයෙකු හෝ මවක හෝ පියකු විය හැක. තැන්පත් හා නැණවත් වැඩිහිටියෙකු ලෙස තරුණ, උද් යෝගීවන්ත වියේ දී ඔබ ව තේරුම්ගෙන, ලෝකය වඩා අත් යාධික තැනක් ලෙස බැලීමට හා ඒ තුළින් ඔබේ ගමන් මඟ සකසා ගන්නට, යහපත් අවවාද දෙමින් ඔබට මාර්ගෝපදේශකත්වය දුන්නේ ඔහු හෝ ඇය යි. මිච් ඇල්බොම්ට එලෙස අත්වැල වූයේ මීට විසි වසරකට පෙර ඔහුට ඉගැන්වූ මහාචාර්ය මොර් ෂ්වාර්ට්ස් ය. සමහරවිට, මිච් මෙන් ම ඔබට ද කාලය ගෙවී ගොස්, ප් රතිවේධයන් වියැකී, ලෝකය උදාසීන ව දිස්වන අවධිය වන විට උපද
In stock
කාලයෙහි සංක්ෂිප්ත ඉතිහාසය

කාලයෙහි සංක්ෂිප්ත ඉතිහාසය

අග් රගණ් ය භෞතික විද් යාඥයන් අතුරෙන් එක් අයෙකු ලෙස ලොවම පිළිගත් ස්ටීවන් හෝකින් විසින් රචිත a brief history of time, නම් මාහැගි ග් රන්ථයෙහි සිංහල පරිවර්තනය, කාලයේ සංක්ෂිප්ත ඉතිහාසය' නමින් දැන් ඔබ අතට පත්ව ඇත. ප් රථමයෙන් මහා පිපුරුමෙන් ආරම්භ වී, සර්පිලාකාර තාරකා මණ්ඩල සිට තන්තු වාදය හරහා කළු කුහර තෙක් ගෙවීගිය කාලය තුළ, අවකාශයෙහි මධ් ය හරයෙහි තවමත් රැදී සිටින, රහස් ගවේෂණය කරයි. ඉන් ඉක්බිති නිව්ටන්ටන් ගෙන් ආරම්භ වී අයින්ස්ටයින් දක්වා විහිදී යන විද් යාත්මක න් යායන් සමාලෝචනය කරයි. විද් යා පුනරුදයෙහි ආරම්භයෙහි පටන්, දර්ශනවාදීන්ගේ ද විද් යාඥයින්ගේ ද නිබඳ කුතුහලයට පාත් ර වූ කාලයට ආරම්භයක් තිබේ ද? කාලය
In stock
වන සරන පිය සමර

වන සරන පිය සමර

මලින් එලින් පිරි, දැඩි අරටුවෙන් යුත් මහා වනස්පතියක් ගැන පේළි කිහිපයකින් අකුරු ගැටගසන්නේ කෙසේද? පියසේන කහඳගමගේ නමැති නික්ලිෂ්ට, උදාර චරිතය සේවනය රීමේ වාසනාව ලදිමි. මහා වනස්පතියක් පාමුල කුඩා පැළ නොවැඩෙන බව සොබාදහ නිර්මාණකරණයෙහි අප යා යුතු මග නොමග පෙන්වා දුන්නේ රීතියක් වුව මානව ප් රේමයෙන් ය. දුර ඈත දිගාමඩුල්ලේ පැළ වී, යෞවන සුහුඹුල් ගසක් ව, සිය කුටුම්බය පවත්වා ගෙන යාමට ඔහු තෝරාගත්තේ රමණීය ගිං නදී නිම්නය යි. දිගාමඩුල්ලේ ඔහු විඳි අප් රමාණ දුක් කන්දරාව, දැනුම සඳහා ඔහු තුළැති නොතිත් ඇල්ම මුද් රිත අකුරු වලට හැරී පෙරළී, ජන හදවත් සනසාලමින් රාජ් ය සම්මාන පමණක් නොව, ජනතා සම්මානයෙන් ද හෙතෙම බුහුමන් ලැබී ය.
In stock
මල්ඟුඩියේ රාමන්

මල්ඟුඩියේ රාමන්

නීතිඥයාගේ කපටිකම්වලට එක එල්ලේම ගොදුරු වන නාම පුවරු සිත්තරා රාමන්, ඉමිටේෂන් වළලු වෙළෙන්දා විසින් ක් රමානුකූලව ගසා කනු ලබන්නේ හොඳ හිතද පවත්වා ගනිමිනි. ඔහුගේ දක් ෂකම් වලින් ප් රයෝජනය ලබා ගන්නා තරුණ උපත් පාලන කටයුතු නිලධාරියා, ආගමික සංවිධානයක් විසින් ඒ සේවයටම යොමු කරන ලදුව තමා විසින්ම ජීවිතයේ වින්දනාත්මක කොටසින් ඈත් වීම හේතුකොට ගෙන තරුණ චිත් ර ශිල්පියා තුළ නැගී ආ ප් රේමය ගෞරවාන්විතව ප් රතික්ෂේප කරයි. ඔහු වෙනුවෙන්ම කැපවුණු නැන්දණියගේ ආගමික භක්තියට ඉඩ සලසා ඔහු යන්නේ මුල් අවස්ථාවේ පටන් තමා හා එකට කා බී, සමාන අදහස් බෙදා හදාගත්, නාමපුවරු රහිත ආපන ශාලාවේ මිතුරන් වෙතටය. හැම චරිතයක් වෙතටම නාරායන් තම පෑන ය
In stock
රජ කුමරියකගේ දිනපොත 1

රජ කුමරියකගේ දිනපොත 1

පාසැලේ සිටි රූමත්ම කෙල්ල, ඒ සෙයින්ම කඩවසම් ධනවත් තරුණයා සමග ඇති කර ගත් මිතුරු දමෙහි ප් රතිඵලය වුයේ ඇය ගැබිණියක් බවට පත්වීමයි. ඇගේ මා පියෝ ඈ නොසලකා හැරියාහ. එහෙත් දක්ෂ චිත් ර ශිල්පිනියක් ලෙස ලැබු ප් රසිද්ධියෙන් ඇය තම දියණිය හදා වඩාගෙන තනිවම ජිවත්වූවා, දරුවාට කිසි ලෙසකින් අජුවක් නොකළාය. මෑණියන්ගේ රූමත් පව හෝ පියානන්ගේ කඩවසම් බවට කුමන අයුරකින් වත් හිමිකම් නොකී අමෙලියා දියණිය වැඩිවිය පත්වූ පසුව අසීමිත උසකින්, තරුණියකට නොගැලපෙන අති මහත් දෙපතුල් ඇතිව, වර්ධනය නොවූ ලැම ප් රදේශයක් සහිතව, ඉගෙනීමටද අදක්ෂව, පන්තියේ අන් සියළු මිතුරියෝ තම පෙම්වතුන් සමඟ කරන ගණුදෙනු ගැන කතා වලට වේදනාවෙන් කන් දිදී තම අවාසනාව ම
In stock
රජ කුමරියකගේ දිනපොත 2 - නම රැන්දු කුමරිය

රජ කුමරියකගේ දිනපොත 2 - නම රැන්දු කුමරිය

රාජකීය උත්තමාවී අමෙලියා මිඤ්ඤෝගේ ග් රිමාල්ඩ් රෙනාල්ඩෝ පාසැල ඇරි ගෙදර එන්නේ අවුල් වූ සිතකිනි. අම්මා ගේ අනීතික පිළිසඳ ගැනීම පිළිබඳව තම පන්ති මිතුරු මිතුරියෝ පමණක් නොව තමාට ඉතා කිට්ටුවෙන් සිටින මිතුරිය ලිලීගේ මාපියෝද ප් රශ්න කරති. නමුත් ගෙදර පැමිණි විට දැනගන්නට ලැබෙන්නේ මිස්ට ගියානිනී අම්මාව විවාහ කරගන්නට සුදානම් බවය. තාත්තාත්, ආඩම්බර කිරි අම්මාත් එය දැනගන්නේ, කිරි අම්මා හදිසි විවාහ මංගල් යයකට දෙදෙනා සුදානම් කරවන්නේ අමෙරිකානු ජනාධිපති ඇතුළු කතානායක නායිකාවන් සහභාගි වන ගම්භීර උත්සවයකට සුදානම් වන්නටද, තමාට ප් රිය නොවු තම යෙහෙලියගේ නෙරා එන උදරය ඒ අමුත්තන්ට දකින්නට සලස්වා ඇයට අපහාසයක් කරන්නටදැයි ගැටළ