Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
වලාව

වලාව

සිය පියා කියක දෙස සත් යක්දැයි සිතීමට සුදුබණ්ඩා වෙහෙසුණේය. ඔහු කියන පරිදි සියලූ දේ ලබා දෙන්නට දෙවියන්ට හැකි නම් මේ තරම් ආර්ථිකයේ පතුලට තම පවුලත්, ගම්මානයේ සිටින මිනිසුන්ගෙන් බොහෝ දෙනෙකුත් වැටෙන්නට දෙවියන් ඉඩදෙන්නේ කුමක් නිසාදැයි වූ ප් රශ්නය ඔහුගේ සිතෙහි හොල්මන් කරන්නට විය. පියා කියන හැටියටම සියල්ල කරන්නේ දෙවියන් නම් මේ තාක් ඔවුන් දෙවියන් විෂයෙයෙහි කළ කී දෑ හේතුකොටගෙන වී, ඉරිඟු, කුරහන් ආදියෙන් ඔවුන්නේ ගෙවල් පිරී ඉතිරි යා යුතුව ඇතැයි ඔහුට සිතුණි. අනෙක් අතට කල්පනා කළ ඔහු සිතුවේ පියා කිසිදු බොරුවක් කියා නැති බවය. ඒ කෙසේ වෙතත් පියාට මෙන් දෙවියන් කෙරෙහි භක්තියක් තමා තුළ නැති බව ද ඔහු සිහි කෙළේය. පියා
In stock
ධම්මදින්නා මහ රහත් තෙරණිය

ධම්මදින්නා මහ රහත් තෙරණිය

දැන් මේ පශ්චිමභවයෙහි (අවසාන ආත්ම භාවයෙහි) රජගහ නුවර සියලු සැප සම්පතින් පරිපූර්ණ වූ එක් මහ සිටු කුලයක උපත ලැබුවෙමි. තරුණවියට පැමිණි කල්හි රජගහ නුවර විශාඛ නමැති සිටුවරයා සමග විවාහ ගිවිස ගත්තෙමි. මාගේ ස්වාමියා වූ විශාඛ සිටුතුමා දිනක් ලෝකනාථයන් වහන්සේ වෙත එළැඹ දහම් අසා අනාගාමී ඵලය පසක් කළේය. එකල්හි මම ඔහු ගෙන් අවසර ගෙණ ගිහිගෙය හැරදමා බුදු සසුනෙහි පැවිදි බව ලැබුවෙමි. පැවිදි බව ලැබ වැඩි දිනක් යෑමට ත් මත්තෙන් මහ රහත් බව පසක් කළෙමි. මේ අතර එක් දිනක් විශාඛ සිටුතුමා මා වෙත පැමිණ ගැඹුරු වූ ත් අතිශයින් ම සියුම් වූ ත් ප් රශ්න කිහිපයක් ම මගෙන් විමසුවේය. මම ඒ සියලු ප් රශ්නයන්ට පිළිතුරු මැනවින් ලබා දුන්නෙමි.
In stock
මරුකතරට

මරුකතරට

මරකතරට පියදාස උඩවත්ත වෙන නිලධාරියො වාගෙ සල්ලි හොයන්ඩ මම වැඩ කෙරුවෙ නෑ. ඒක මේ හැම දෙනාම දන්නවා. මේ හැම දේකින්ම මම බලාපොරොත්තු වුණේ මේ කොට්ඨාසෙ ඉන්න වෙහෙස මහන්සි වෙන මිනිස්සුන්ට සිහිල් සුළං රැල්ලක් වෙන්ඩ. මරු කතරක ජීවත්වෙන මේ මිනිස්සුන්ට අඩුම තරමින් පොද වැස්සක්වත් වෙන්ඩ. එහෙම හිතපු, එහෙම වැඩ කරපු මට දැන් වැඩ කරන්ඩ වෙලා තියෙන්නෙ කොහොම ද? දත් තිස් දෙකට මැදිවුණු දිවට වාගෙ. එහෙමත් නැත්නම් මම දැන් ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩියක් වාගෙ. මේ විදිහට හරි අමාරුයි වැඩ කරන්ඩ. ඔය කවුරුවත් නොකිව්වට ඉහළ නිලධාරීන්ගෙන් හුඟ දෙනෙක්ගෙ තත්ත්ව මේක තමයි. වලිගෙ හංගගෙන ඉන්න අය බේරෙනවා. කොන්ද තියෙන අයට කැපෙනවා. මේ පළාතට මම ආව
In stock
මන්දානිල

මන්දානිල

ලෝකයට මානවදයාව දායාද කරන්නී ගැහැනියයි. ඉන් ඈ පුරුෂාධිපත් යය පයෙහි දූවිල්ලක් බවට පත් කරයි. මෙය හඳුනා නොගත් නූතන 'උගත් ගැහැනිය' කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් තම කායික මානසික ශක්තිය අපතේ යවයි. එය හඳුනා ගත් සාම්ප් රදායික බුද්ධිමත් ගැමි ගැහැනිය එම ශක්තිය, දහවලට දාහයෙන් වෙළුණු කඨෝර පොළොවට වැහි බිඳක් ඇද එන සිහිල් 'මන්දානිලක්' බවට පත් කරයි. රාත් රියට සූර්යයා වන් තම ස්වාමියාගේ පාදපරිචාරිකාව වෙමින්, පවුල නමැති ලෝකය එකලු කර සනසන සොමි සඳ රැසක් බවට පත් කරයි. ඒ රැස, ඉමක් කොනක් නැති ක්ෂිරපථය හා තෙරක් නැති මහ සයුර විනිවිද යන්නේ යම් සේ ද, ඈ ප් රඥාවෙන් අනූන වන්නී ය. ඉවසිලිවන්ත වූ හීන් මැණිකා වැන්නියන්ගේ මෛත් රී
In stock
පිළින්දිවච්ඡ මහ රහතන් වහන්සේ

පිළින්දිවච්ඡ මහ රහතන් වහන්සේ

ඍද්ධි ලැබූ පමණින් නිර්මාණය නොලැබෙන අතර ඍද්ධි නොලැබීම හේතුවෙන් නිර්වාණාවබෝධය සිද්ධ නොවන්නේ ද නොවේ. පැහැරගෙන යනු ලැබූ දරු දෙදෙනෙකු නැවත රැගෙන එනු ලැබීම, දුප්පත් දැරියකට අගනා රන් මාලයක් මවා දීම සහ බිම්බිසාර රජුගේ මාලිගාව රන්මුවා බවට පත් කිරීම් වශයෙන් පිළින්දිවච්ඡ රහතන් වහන්සේගේ ඍද්ධි ප් රාතිහාර්යය ප් රකට ය. ශ් රාවක වූ පිළින්දිවච්ඡ තෙරුන්ගේ ඍද්ධි බලය එසේ නම් ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේගේ ඍද්ධි බලය කෙසේ දැ'යි කිව යුතු නැත. පිළින්දිවච්ඡ තෙරුන් වහන්සේ පැවිදි වීමට පෙර අහසින් ගමන් කළ හැකි චූල ගන්ධාර විද් යාව දැන ක් රියාත්මක කළ අතර බුදුරජාණන් වහන්සේ ගේ ආගමනය නිසා එකී විද් යාව ක් රියාත්මක කිරීමට නොහැකි ව
In stock
බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ

බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ

දසබලධාරී බුදුරජුන් ද පෙරවරුවෙහි පිඬු සිඟා වැඩ දන් වළඳා පස්වරුවෙහි බොහෝ භික් ෂු සංඝයා ද පිරිවරා ගෙණ සැවැත් නුවරින් නික්ම වඩිනා සේක් ගව දෙනක විසින් ඇනීම නිසා පිරිනිවන් පා කුණු ගොඩක් අසල වැටී සිටි බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ දුටු සේක. දැක, මහණෙනි, මේ බාහිය දාරුචීරිය ගේ සිරුර ගනිවු. සිරුර ගෙණ ඇඳක නංවා බැහැරට ගෙණ ගොසින් ආදාහනය කරවු. ආදාහනය කොට ශේෂ වූ අස්ථි ධාතු ගෙණ සිව් මංසන්ධියක ස්තූපයක් කරවු. මහණෙනි, ඔබලා ගේ සබ් රහ්මචාරියෙක් කලුරිය කරණු ලැබුවා යයි වදාළ සේක. මෙය ඇසූ භික් ෂූහු ස්වාමීනි, එසේ ය යි පවසා කුණු ගොඩ අසල වැටී තිබූ බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ ගේ ශ් රී ශරීරය ගෙණ එය ඇඳක් මතට නංවා බැහැ
In stock
මහ අනඳ හිමි - දයාවංශ ප්රකාශන

මහ අනඳ හිමි - දයාවංශ ප්රකාශන

"ඔබ සසුන්ගතවූයේ කෙලෙසුන් මැඬීමට නොවේ ද නැඟණිය?" "එ සේ ය." උඩුබැල්මෙන් වැතිරහුන් මෙහෙණ සිවුර මනාව සකසා හිඳගත්තා ය. "එ සේ නම් එහි ඇලී ගැලී මෙ සේ දුක්විඳින්නේ ඇයි?" දෑත් බැඳ බිම බලාගත්තා මිස මෙහෙණගෙන් වහා පිළිතුරක් නොලැබිණි. "රා ගින්නෙන් පැළැහුණු කල්හී දෑස් අන්ධ වේ. සිහි විකල් වේ. ඒ එහි සැටි ය. ම ඔබට දොස් නොපවරමි. යටි සිතිනුදු සිනා නොනගමි. අන් කෙනෙකුන්ට ද නොකියමි. කිසිත් නුවූවා සේ සිතා, සිහි නුවණින් මා දෙස බලන්න නැඟණිය?" "මම කෙලෙස් තවමින් ම හුන්නෙමි ස්වාමීනි, මා නොමග හෙළුවෝ ඔබවහන්සේ ම ය. ඔබවහන්සේගේ මධුර ස්වරයට, රන්වන් පැහැයට, සුපිපි වත කමලට, විනීත පැවතුමට, ප් රණීත බැල්මට මා වශීව ගියේ ය. අනේ ස්වාම
In stock
පලාගිය අමාව

පලාගිය අමාව

ප් රාදේශීය ලේකම්වරයකු ලෙස අම්පාර දිස්ත් රික්කයේ සේවය කළ පියදාස උඩවත්ත මහතා රාජ් ය බලය අයුතු ලෙස යොදමින් වැස්සන් පෙළනවා වෙනුවට ඔවුන්ට ද විශිෂ්ට සේවයක් කර. දැයෙන් ගිලිහෙන දිගාමඩුල්ලේ ජන සම්ප් රදායන් ගවේෂණය කරමින් හැකිතාක් ලේඛනගත කරන පුරෝගාමියෙකි. දැනට වසර ගණනකට පමණ පෙර සිටි දිගාමඩුල්ලේ අව් යාජ ගැමියාගේ ජීවන පුවත අතැඹුලක් සේ දත් කතුවර පියදාස උඩවත්ත මහතා ගැමියාගේ සිරිත් විරිත් සම්ප් රදායේ මාහැඟි තැන් 'පලාගිය අමාව' නවකතාවෙන් ගෙන හැර පායි. එය බොහෝ විට ගොනුවන්නේ විරල වශයෙනි. දිගාමඩුල්ලේ ගැමියාගේ ජීවන සිතුම් පැතුම් ගෙත්තමක් ලෙස මෙම නවකතාවත් සමග ඔබ වෙත ගෙනෙන්නේ අපූර්ව අත්දැකීමක් ලෙසිනි.
In stock
පූතිගත්තතිස්ස මහ රහතන් වහන්සේ

පූතිගත්තතිස්ස මහ රහතන් වහන්සේ

මේ කුඩා ග් රන්ථයේ විස්තර වන්නේ පූතිගත්තතිස්ස නම් වූ මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි. මුන් වහන්සේ ද අසූ මහා ශ් රාවකයන් වහන්සේලා අතරට අයත් නොවූවද බුදුසසුන තුළ අතිශයින් ම ප් රකට මහ රහතන් වහන්සේ නමකි. මුන් වහන්සේ වඩා ප් රකට වූයේ කුණු වී ගිය ශරීරයක් වූ බැවිනි. මුන් වහන්සේ ගේ මේ ශුද්ධ වූ චරිතයෙන් අපට වැදගත් වූ පණිවිඩයක් ද ගෙණ දෙයි. එනම්, ධර්මාවබෝධය සඳහා පුද්ගලයෙකු ගේ බාහිර පෙනුම, සමේ පාට, පිට ඔපය, පැහැපත් බව, බෝවන බෝනොවන ලෙඩ රෝගවලට ගොදුරු වී සිටීම, ප් රතිකර්ම නොමැති මාරාන්තික වසංගත රෝගවලට ගොදුරු වී සිටීම ආදි කරුණු බල නොපාන බවයි. මුළු ශරීරය ම කුණු වී ගිය ත් කවර වසංගත රෝගයක් පැවතිය ත් එය ධර්මා
In stock
සන්තති මහ රහතන් වහන්සේ

සන්තති මහ රහතන් වහන්සේ

මේ කුඩා ග් රන්ථයේ විස්තර වන්නේ සන්තති නම් වූ මහ රහතන් වහන්සේ ගේ චරිත කථාවයි. මුන් වහන්සේ අසූ මහා ශ් රාවකයන් වහන්සේලා අතරට අයත් නොවූවද බුදුසසුන තුළ අතිශයින් ම ප් රකට මහ රහතන් වහන්සේ නමකි. සැබැවින් ම මුන් වහන්සේ ම ගේ ශුද්ධ වූ ජීවිත කථාව අසිරිමත් ය. මුන් වහන්සේ ගේ මේ ශුද්ධ වූ චරිතයෙන් අපට වැදගත් වූ පණිවිඩයක් ද ගෙණ දෙයි. එනම් ධර්මාවබෝධය සඳහා පුද්ගලයෙකු ගේ බාහිර පෙනුම, ඔහු ගේ හැසිරීම, හැඳ පැළඳ ගෙණ සිටින වස්ත් රාභරණාදිය කිසිසේත් ම අදාළ නොවන බවයි. පුරන ලද පාරමිතා සහිත නම් පින සම්පූර්ණ නම් ප් රඥාව සහිත නම් ඔහු කවර තත්වයේ සිටිය ද තථාගත සද්ධර්මය හමු වූ කල ධර්මය අවබෝධ කළ හැකි බවයි.
In stock
සෝරෙය්ය මහ රහතන් වහන්සේ

සෝරෙය්ය මහ රහතන් වහන්සේ

මේ කුඩා ග් රන්ථයේ විස්තර වන්නේ සෝරෙය් ය නම් වූ මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි. මුන් වහන්සේ ද අසූ මහා ශ් රාවකයන් වහන්සේලා අතරට අයත් නොවූවද බුදුසසුන තුළ අතිශයින් ම ප් රකට මහ රහතන් වහන්සේ නමකි. මුන් වහන්සේ ජනයා අතර වඩා ප් රකට වූයේ පැවිදි වීමට පෙර ගිහි කාලයේ දී ලිංග විපර්යාසයක් සිදු වීම නිසාවෙනි. මෙයින් ම මේ සසරෙහි ඇති නින්දිත බව බිහිසුණු බව තුච්ඡ බව අස්ථිර බව මැනවින් ප් රකට වේ. මුන් වහන්සේ ගේ මේ ශුද්ධ වූ චරිතයෙන් අපට වැදගත් වූ පණිවිඩ කිහිපයක් ද ගෙණ දෙයි. එනම්, නිකෙලෙස් උතුමන් කෙරෙහි අනවශ් ය විකෘති හැඟීම්, බැඳීම් ඇති කර ගැනීමේ ආදීනවය අතිමහත් බවයි. එසේ ම වරද වරද ලෙස දැක නැවත එම වරද නොකිරීම
In stock
සිළුමිණි මහා සෑය සහ සළුමිණි මහා සෑය

සිළුමිණි මහා සෑය සහ සළුමිණි මහා සෑය

සිළුමිණි මහා සෑය මනුෂ් ය ලෝකයේ පිහිටා ඇති දාගැබක් නොවෙයි. මේ මහා සෑය පිහිටා ඇත්තේ තව්තිසා දිව් ය ලෝකයේ ය. දෙවියන්ට අධිපති වූ සක්දෙව් රජු විසින් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට ත් ප් රථමයෙන් මහා බෝසතුන් ගේ කේශ ධාතු තැන්පත් කිරීමට මේ මහා සෑය මවන ලදී. සිළුමිණි මහා සෑයේ උස යොදුන් තුනකි. මේ මහා සෑය ඉන් ද් රනීල මැණික්වලින් තනා තිබේ. සිළුමිණි මහා සෑයට පාලි භාෂාවෙන් චූළාමණි චේතිය යනුවෙන් කියනු ලැබේ. සිද්ධාර්ථ ගෞතම මහා බෝධි සත් වයන් වහන්සේ ගේ කේශ ධාතුත් සර්වඥ දකුණු දළදා වහන්සේ ත් වැඩ සිටින්නේ මේ මහා සෑය තුළ යි. සර්වඥ දකුණු අකු ධාතූන් වහන්සේ මුලින් වැඩ සිටියේ සිළුමිණි මහා සෑය තුළ යි. ඒත් පසුව මේ ධාතූන් ව
In stock
සේරුවිල මංගල මහා චෛත්ය වර්ණනාව

සේරුවිල මංගල මහා චෛත්ය වර්ණනාව

සේරුවිල මංගල මහා දාගැබ ඉදි කරණු ලැබුවේ දුටුගැමුණු මහ රජතුමා ගේ පියා වූ කාවන්තිස්ස මහ රජතුමා ය. ඒ ක් රි.පූ. දෙවැනි සියවසේ දී ය. සර්වඥයන් වහන්සේ ගේ ලලාට ධාතුව හා කේශ ධාතු තැන්පත් කර ඇත්තේ මේ මහා දාගැබ තුළ යි. බුදුරදුන් තෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ දී සේරුවිලට ද වැඩම කර දැන් මේ මංගල මහා දාගැබ පිහිටා ඇති ස්ථානයේ පන්සියයක් මහ රහතුන් ද සමගින් මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටියහ. පසුව බුදුරදුන් මහ රහතුන් ද සමගින් ඒ ස්ථානය වටා තෙවරක් වැඩම කර සුමන නාරජු අතේ තිබූ සපු ගසෙන් මල් ගෙණ ඒ ස්ථානයට පූජා කළහ. මේ මහා භද් ර කල්පයේ ලොව පහළ වූ කකුසඳ, කෝණාගමන, කාශ් යප යන බුදුරජාණන් වහන්සේලා තුන් නම ගේ ධාතු ද
In stock
ඉර හඳ පායන ලෝකය
In stock
රන් කෙන්දෙන් බැඳ

රන් කෙන්දෙන් බැඳ

නිව්ටන් ගුණසේකර රන් කෙන්දෙන් බැඳ තරුණ ලේඛකයකු වශයෙන් හැත්තෑව දශකයේ නවකතාකරණයට පිවිසි නිව්ටන් ගුණසේකර මේ වන විට පාඨක ප් රසාදය දිනාගත් නවකතා විසිහයක් රචනා කොට ඇති අතර ඔහු ලියු මුල්ම යොවුන් නවකතාව වන අපේ කාලයේ වීරයෝ" 2003 වසරේදී හොඳම යොවුන් සාහිත් ය කෘතිය ලෙස රාජ් ය සාහිත් ය සම්මානයෙන් පිදුම් ලැබීය. එසේම ඔහු අතින් සිංහලයට පරිවර්තනය වූ දොස්තර ආර්. එල්. ස්පිට්ල්ගේ "සුදු වැද්දා සහ "සුදු ගෝනා" කෘති දෙකද බෙහෙවින් ජනාදරයට ලක්විය. ප් රවීණ ගුවන් විදුලි මාධ් ය වේදියකු වශයෙන් නමක් දිනා සිටින කතුවරයා මෑතක දී රචනා කළ "දඩ කෙළිය" නවකතාව මේ වන විටත් අධිකරණයේ විමසුමට ලක් වී ඇත. "රන් කෙන්දෙන් බැඳ" නවකතාව තුළින් ක
In stock
දුරුතු සිහිනය

දුරුතු සිහිනය

ඕස්ට් රේලියාවේ සිඩ්නි නගරයේ වෙසෙන සමන් මහානාම දිසානායක වසර පහක් ඇතුළත දිනපතා රාජකාරියේ යෙදි සිටිමින් ම නවකතා පහක් නිර්මාණය කර ඇත. සිංහල පාඨකයන්ගේ වින්දන ශක්තිය තියුණු කිරීමට නිහඬව වෑයමක යෙදෙන ඔහු ඕස්ට් රේලියාවේ වෙසෙන සිංහල ජනතාව වූ අපට ගෙන දෙන්නේ මහත් වූ ගෞරවයකි. භාෂා භේද ඉක්මවා මිනිස් වර්ගයා බැඳලන රන් හුයක රැඳි වටිනා බලයක් පාඨකයාගේ සිත තුළ ඇති කරන කතුවරයා නූතන සමාජයේ විෂම පැත්ත මෙන්ම නැතිවූ මව සොයන දරුවාගේ සිත් වේදනා ආදිය ද අළලා ඉතිරී යන මානව දයාවෙන් ලියූ කතාව අද සමජය ගැන ඔහුට පූර්ණ අවබෝධයක් ඇති බව පිළිබිඹු කරයි. තමා ලියූ නවකතා තුළින් පාඨකයාගේ ආදරයත් ගෞරවයක් දිනා ගත් සමන්ගේ ඉදිරි ගත්කරු ජිවිත