Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
මහා ගල්වැටියේ මුහුදුබත් නිධානය

මහා ගල්වැටියේ මුහුදුබත් නිධානය

ආතර් සී. ක්ලාක් ලෝ පතළ විද් යා කථා ප් රබන්ධකරුවෙකි. මෙසේ මහා ගල්වැටියේ මුහුදුබත් නිධානය නමින් සිංහලය නැඟෙන්නේ ආතර් සී. ක්ලාක්ගේ the treasure of the great reef නමින් සිංහලට නැඟෙන්නේ ආතර් සී. ක්ලාක් කළ ගවේෂණ තොරතුරු අන්තර්ගත වේ. තව ද මේ කාර්යයට අහම්බෙන් මෙන් ඉංග් රීසි ගැටව් දෙදෙනෙක් ද, සාගර පුරාවිද් යාඥයකු පීටර් තෝර්ක්මෝන්ද සහභාගි වේ. ඔවුහු දෙවුන්දරට, කිරින්දට හා තංගල්ලට නුදුරින් ඇති සාගරයේ කරන ගවේෂණ, අපූරු සොයා ගැනීම් සඳහා මඟපාදයි. ඉන් මූලික එකක් වන්නේ අරුම පුදුම සාගර ජීවින් පිළිබඳ ඉදිරිපත් කරන තොරතුර යි. මේ ග් රන්ථය රසවත් වන්නේ ඒ නිසා යි. පරිවර්තක - මනෝ ප් රනාන්දු
In stock
ලක් බිමේ සත් වසක්

ලක් බිමේ සත් වසක්

අපේ රටටත් අපේ මිනිසුන්ටත් පමණක් නොව, අපේ සතා සීපාවාටත් ආදරය කළ සුදු ඒජන්ත හාමුදුරුවෝ වන ලෙනාඩ් වුල්ෆ් ගේ (1904 1911) ස්වයං ලිඛිත චරිතාපදානයේ දෙවැනි කොටස වන growing (1961) කෘතහස්ත පරිවර්තකයකු වන ප් රේමචන්ද් ර අල්විස් මහතා විසින් සිංහලයට නඟා ඇත. පාහියන්ගේ - හියුංසාංගේ - දේශාටන වාර්තා - රොබට් නොක්ස්ගේ ලංකා විස්තරය ඩොයිලිගේ දිනපොත මෙන්ම වුල්ෆ්ගේ growing නම් කෘතිය ද ලංකාවේ අතීත තොරතුරු සොයන පර්යේෂකයනට ඍජු මූලාශ් ර ග් රන්ථයක් ලෙස අතිශය වැදගත් ය. ලෙනාඩ් වුල්ෆ් ලියූ, බැද්දේගම නමින් සිංහල පාඨකයන් හඳුනන village in the jungle (1912) නම් නවකතාව ලංකාව පසුබිම් කොට ඉංගිරිසියෙන් ලියැවුණු ශ් රේෂ්ඨතම නිර්මාණාත්
In stock
වීර දිවයින

වීර දිවයින

වීර දිවයින වනාහි වෛද් ය ආර්. එල්. ස්පිටල් හා ක් රිස්ටීන් විල්සන් යන ප් රවීණ ලේඛකයන් විසින් ඉංගිරිසියෙන් ලියන ලද the brave island නැමති ඓතිහාසික නවකතාවේ පූර්ණ සිංහලානුවාදය යි. නවකතාවක් හැටියට මෙය කිහිප අතකින් ම වැදගත් තැනක් ගනී. පරිවර්තිත බොහෝ කෘතීන්ගෙන් අපට සුලබ ව කියවන්නට ලැබෙන්නේ මුල් කෘතියේ අර්ථ ඉතා සැහැසි සේ විකෘති කැරුණු සිංහලයවත් ඉංගිරිසියවත් නො වන සිංගිරිසි යෙදුම් ය. එහෙත් ප් රවීණ ඉංග් රීසි ආචාර්යවරයකු, ආධුනිකත්ව මණ්ඩලයේත්, කටුබැද්ද විශ්වවිද් යාලීය ඉංජිනේරු පීඨයේත් හිටපු ඉංගිරිසි උපදේශකයකු හා මහරගම ජාතික තරුණ මූලස්ථානයේ ඉංගිරිසි උපදේශකයකු වන අභය හේවාවසම් මහතා ඉංගිරිසිය මැනැවින් දන්නා කෙ
Out of stock
සංගු අඬහැරය

සංගු අඬහැරය

සංගු අඬහැරය වූ කලී මරී මැජරෝවා නම් චෙක් ජාතික ලේඛිකාව විසින් ලියා පළ කරන ලද ද සයිරන් (චෙක් බසින් සෙරේනා ) නමැති නවකථාවේ සිංහල අනුවාදයයි. චෙකොස්ලෝවැකියාවේ (අද චෙක් ජනරජය) ප් රාග් නගරයට නුදුරු වූ උවාලි හි කම්කරු පවුලක උපත ලද ඈ හැදී වැඩුණේ ගල් අඟුරු ආකරවලින් ගහණ ක්ලැඩ්නෝ නුවර ය. මෙම නව කථාවට පාදක වූයේ ද එම නගරය යි. එහි විසූ පතල් කම්කරුවන්ගේ ජීවිත පිළිබඳ ඈ තුළ වූයේ මනා අවබෝධයකි. සොළොස් වන වියේ දී ප් රභූ පවුලක මෙහෙකාරියක ලෙස සේවය කළ ඈ පසුව අධ් යාපනය ලබා සමාජවාදී අදහස් දරමින් පීඩිත කම්කරු ජනතාව හා කාන්තාවන් වෙනුවෙන් සටන් කරනු සඳහා තම පෑන මෙහෙයවූවා ය. 1907 දී ධනපතිවාදය හෙළා දකිමින් ලියූ කෙටි කථා අඩංග
Out of stock
පරිණත ජීවිත මාවත

පරිණත ජීවිත මාවත

ජීවිත වියමන ප් රචන්ණ්ඩ ලෙසට ඉරී ගිය විට පැටළුණු නූල් නැවත ගෙතිය හැක්කේ කාලයේ අත්වලට පමණි. එහෙත් අප ඒ සඳහා අවකාශ ලබා දිය යුතු ය. වේදනාවේ පළමු කම්පනයේදී අපට දැනෙනුයේ ලෝකයේ සියලු හෝරා යන්ත් ර නැවතී ඇති බවත්, අපගේ වේදනාව සදා කල් පවතිනු ඇති බවත් ය. එහෙත් ජීවිත කාලය පුරාම අරමුණු ඉටු කර ගැනීම සඳහා අප ඉදිරියට යා යුතු ය. ජීවිත ගමනේ ඉදිරියට යාමට අප අපවම කෙසේ හෝ පොළඹවන විටෙක වේදනාව වැඩෙන්නේ අඩු වශයෙනි. සතුටු මතකයන් ආවර්ජනයටත්, රිදුම් වෙනුවට ආශිර්වාද ලැබී ඇති බව සිතීමටත් හැකි දවසක් අවසානයේ එළඹෙනු ඇත. විපතක් මැඩ පැවැත්වීමේදී කාලය අපට මිතුරෙකු වනුයේ නොවැළැක්විය හැකි දේ පිළිගැනීමටත්, අමිහිරි බව අප සිත් තුළින
Out of stock
ආදරය සමුගනී

ආදරය සමුගනී

සයනෝරා නමින් ලියවී ඇති මෙම කෘතිය ජපානයන් අමෙරිකාවත් අතර තිබූ යුදමය වාතාවරණයෙන් බිහිවූ වෛරයේ සංකේතාත්මක පැතිකඩකි. අමෙරිකානු හමුදා නිලධාරීන් හා ආදරයෙන් බැඳෙන බොහෝ ජපන් තරුණියෝ අවසානයේදී සියදිවි නසා ගත්හ. සියදිවි නසා නොගෙන තම ආත්මාභිමානය රැකගත් සමහර තරුණියෝ සයොනාරා කියමින් තම ආදරවන්තයින්ට සමුදෙන්නේ ආදරයත් ජීවිතයත් අතර මහා සටනක යෙදෙමිනි. එවැනි සටනක යෙදෙන හන-ඔගි, කට්සුමි හා ෆුමිකෝ-සන් හඳුනා ගන්න. sayonara ආදරය සමු ගනී නමින් මෙලෙස සිංහලයට නඟන්නේ ලෝ පතළ කෘතීන් රැසක්, ස්ව නිර්මාණ තරම්ම පාඨකයාට සමීප වන පරිදි, සරල සුගම බස් වහරකින් සිංහලට නඟා පළ කොට රසික ප් රතිචාර දිනාගත් අනුල ද සිල්වා විසිනි.
In stock
ලක් බිමේ තවත් යුගයක්
In stock
වන සරණ

වන සරණ

මානව විද් යාත්මක විස්තර හුයින් විසිතුරු කථා වස්ත් රයක් විවීමට පළමුවෙන්ම මට යෝජනා කරන ලද්දේ මහාචාර්ය බාන්ස් මහතා විසිනි. ඒ මහතා මට මෙසේ ලීවේ ය. "වැද්දන් වැනි අති පුරාණ මනුෂ් ය වර්ගයන් ගැන සියුම් පරීක්ෂණ කොට ඔවුන්ගේ භාෂාව, දඩයම, සිරිත් විරිත් ආදිය පිළීබඳ විස්තරයක් ඇතුලත් කොට කරන ලද මානව විද් යාත්මක සංග් රහයක් මින් අවුරුදු කීපයකට ඉහත පළ විය. මෙය සම්පූර්ණයෙන් ශාස්ත් රීය කෘතියකි. එහෙත් එයින් වැදි ජීවිතය අනාවරණය නො කරයි. වැදි හාමිනේ උදේ අවදිවන්නේ කොයි වේලාවේ ද? ඈ උදය මුහුණ කට සෝදා ගනී ද නැද්ද? හීලට පිළියෙල වන්නේ මොනවා ද ? වැදිරාළ වැඩට පිටත් වන්නේ කොයි වේලාවට ද? ඔහු කරන්නේ මොනවා ද? සිතන්නේ මොනවා ද? ව
In stock
යක්ෂයා නොනිඳයි
Out of stock
මහ කනදරාව යෝධ දළයා

මහ කනදරාව යෝධ දළයා

දෙවන ලෝක මහා සංග් රාමය සමයේ තිරිකුණාමලය වරායේ නාවික හමුදා නිලධාරියකු ලෙස සේවය කළ ඒ. එම්. හෙට්ටිආරච්චිමහතා සිය ළමා කාලය වැඩි වශයෙන්ම ගත කර ඇත්තේ උතුරු මැද පළාතේ වනගත ප් රදේශවල ය. දුම්රිය ස්ථානාධිපතිවරයකු වූ තම පියාණන් 1930 දශකයේ පටන්ම උතුරු මැද හා නැගෙනහිර පළාත්වල දුෂ්කර වනාන්තරබද ප් රදේශයන්හි රාජකාරි කටයුතුවල නිරත වූයෙන් ශිෂ් ය හෙට්ටිආරච්චි තරුණයාගේ පාසල් නිවාඩු කාලය ද ගෙවී ගියේ පියාණන් සමග ම එතුමාගේ රාජකාරි නිල නිවෙස්වල ය. එහිදී වන සැරිය හා දඩයම ඔහුගේ එකම විනෝදාංශය විය. එමඟින් වනාන්තරය හා වනසතුන් පිළිබඳ ලැබූ අත්දැකීම් නිසා ම ඔහු සැබෑ වන ලෝලියකු බවට පත්විය. ඔහුගේ පසුකාලීන ජීවිතය වනාන්තරය හා බද
In stock
දෙවියන්ගේ අඩවිය

දෙවියන්ගේ අඩවිය

ඇමරිකාවේ වෙසෙන ඉරාන ජාතික වෙද් යවරයෙකු සමඟ විවාහ වු ඇමෙරිකානු ගැහැනියක් සිය සැමියා හා දියණිය සමඟ දෙසතියක නිවාඩුවක් සදහා ටෙහෙරානයට පැමිණෙයි.එහෙත් වූ කලී ඇයට සුපුරුදු නිදහස් ලෝකය නොවේ.නොසිතූ විරූ ලෙස වෙනස් වන සැමියාගෙන් ද වද හිංසා ලබන ඇය හා දියණිය ඉරානයේ සිරවෙති.විවිධ පීඩා හා ලතැවුල් මැද සති, මාස, අවුරුදු ගෙවෙයි.දියණිය හා ආපසු ඇමරිකාවට යන සිහිනය සැබෑ කර ගන්නට ඇය රහසේ වෙසෙයි.not without my daugher යනුවෙන් ලියැවුණේ බෙටී මහමුදී නම් ඒ දිරිය ගැහැනිය ගේ සත් ය කතාවයි. not without my daugher, දෙවියන්ගේ අඩවිය නමින් මෙලෙස සිංහලයට නගන්නේ ලෝ පතළ කෘතින් රැසක්, ස්ව නිර්මාණ තරම්ම පාඨකයාට සමීප වන පරිදි, සරල සුග
Out of stock
අවසන් දේශනය

අවසන් දේශනය

මහාචාර්යවරුන් බොහෝ දෙනෙකුට 'අවසන් දේශනය' නම් වූ සුවිශේෂ කථාව සඳහා ඇරියුම් ලැබෙයි. එහිදී 'ඔබ මෙතෙක් ඇසුරු කළ සියල්ලන්ගෙන් මෙන්ම ඔබ ආදරය කළ සියලුම දෙයින් සමුගෙන හෙට දිනයේ දී ඔබට මෙලොවින් අතුරුදන් වන්නට සිදුවන්නේ නම් ඊට පෙර ලෝකයාට කියා ගන්නට ඔබට ඇත්තේ කුමක්ද....?' යන පැනයට පිළිතුරු දිය යුතු වෙයි. කානගි මෙලන් (carnegie mellon) සරසවියේ පරිගණක මානව අන්තර් සබඳතා (human computer interaction) අංශයේ ප් රධානියා මෙන්ම, සම්මානලාභී ගුරුවරයෙකු ද වූ, මහාචාර්ය රැන්ඩි පෝෂ්ට එම දේශනය සඳහා ආරාධනය ලැබෙන විට එය තම අවසන් දේශනය වනු ඇතැයි සිතන්නට ඔහුට කරුණු නොතිබුණ ද නොසිතූ විරූ ලෙසින් ඒ වන විටත් ඔහු පිළිකා රෝගයට ගොදු
In stock
විජයයි කුවේණියයි

විජයයි කුවේණියයි

වංශ කථාවලට අනුව නම්, දුටු මතින් පිටරැටියක හා පෙම් බැඳ තම නෑදෑයින් සියලු දෙනා සිත් පිත් නැති ව ඒ පිටරැටියාට පාවා දුන් කුරිරු ගැහැනියකි කුවේණි ය. එහෙත් විජය කෙරෙහි බැඳි ඇගේ ප් රේමයේ දුක්ඛ පර්ෂක්ෂය වර්ණනය කෙරෙන තැන් අපේ පැරණි පොත පතේ ඉතා විරල ය. දරු දෙදෙනෙකු ලද කුවේණිය, විජය විසින් පිට මං කිරීමේ සිද්ධිය ඒවායේ සඳහන් වන්නේ එතරම් සැලකිල්ලට නොගත යුතු සාමාන් ය සිද්ධියක් ලෙස ය. එහෙත්, ලක් රජය දිනා ගැනීමෙන් අනතුරුව විජය විසින් බිරිය කොට ගත් කුවේණිය, දරුදෙදෙනෙකු ලද පසු මාලිගාවෙන් ජීව මිං කිරීම ඉතිහාසයේ සඳහන් සිද්ධි අතර අතිශය අනුවේදනීය කතා පුවතක් ලෙස ගැනිය හැකි ය. එය නැවත නැවතත් ගෙණෙහි කිරීමේ දී ඒ වටා ගොන
Out of stock
විස්මිත සිහින දකින්නා

විස්මිත සිහින දකින්නා

ඓන්ද් රීය සංවේදන පරාසයෙන් ඔබ්බෙහිනොනැවති රළ නඝන අනන්ත අපරිමාණ රහස් සාගරයෙන් බිඳක් පමණක් වත් හෙළි කරන්නට වෙර දරණ පරිකල්පනයේ සාහිත් යමය විද් යා ගවේෂණය. සිහිනය- හැම දෙයක්ම සාමාන් ය විදියට සිද්ධ වුණා නම් ඉරණම කියන්නේ විකාරයක් බොරුවක් කියන මතයේ ඉධිමින්ම ඹබ ඉරණම තුළම ජීවත් වේවි.ඉරණම වෙනස් කරන්න පුළුවන් එකම එක විදියකින් විතරයි.ඉරණම ලියනු ලබන හස්තයට වඩා බලවත් හස්තයකාන්. විජය දේශය- නමුත් අපට වුණේ විශාල අත් වැරැද්දක්.ලංකාවේ ඒ කිලෙ ඇත්තටම් එහෙම මෙහෙයුමක් ආරම්භ වුණා.අදටත් ක් රියාත්මක වෙනවා.ඔවුන් සුපිරි මිනිසුන්ව නිර්මාණය කළා.නමුත් ඒ ජාන තාක්ෂණයෙන් නෙමෙයි.වෙනත් තාක්ෂණයකින්.ඒත් ලොකුම විහිළුව තමයි ඒ තාක්ෂණය
Out of stock
ලොව හෙල්ලූ අභිරහස් මිනීමැරුම්

ලොව හෙල්ලූ අභිරහස් මිනීමැරුම්

අධිකරණ වෛද් ය විද් යා ක්ෂේත් රයේ කීර්තිමත් නාමයක් සනිටුහන් කළ ශ් රීමත් සිඩ්නි ස්මිත් විද්වතාණන් විසින් රචිත mostly murder නමැති කෘතිය මහත් ආන්දෝලනයකට තුඩු දුන් බව සැබෑවකි. වෛද් යා විද් යාවේ නෛතික අංශය පිළිබඳ නිබඳ සත් ය ගවේෂණයක යෙදුණු එතුමා මතු කළ පරීක්ෂණ ප් රතිඵල අධිකරණ තීරණවලට බෙහෙවින් බලපෑ බව නොරහසකි. මෙහි සුවිශේෂතාවක් වනුයේ ලංකාවේ සූර ක් රිකට් ක් රීඩකයකු වූ එම්. සතාසිවම් මහතාගේ භාර්යාව අභිරහස් අයුරින් මරණයට පත්වීම පිළිබඳව ද සවිස්තර පරිච්ඡේදයක් සපයා තිබීමයි. මෙහිදී සතාසිවම් මහතා වෙනුවෙන් පෙනී සිටියේ අග් රගණය නීතිවේදියෙකු හා කීර්තිධර වාමාංශික නායකයෙකු වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා බව
Out of stock
නිහඬ සාක්ෂි

නිහඬ සාක්ෂි

යම් අයකු අභිරහස් ලෙස මරා දමන ලද්දේ ද?, නැතහොත් ස්වාභාවික ලෙස මිය ගියේ ද? යන්න ස්ථිර වශයෙන්ම නිගමනය කිරීමට, ඇසින් දුටු සාක්ෂිවලට (eye witness) වඩා සමහර අවස්ථා වල මළසිරුර පරීක්ෂා කිරීමෙන් සහ මළසිරුර තිබූ ස්ථානය (scene) පරික්ෂා කිරීමෙන් ලබා ගන්නා තොරතුරු බෙහෙවින් වැදගත් වේ. ඒවා අපි නිහඬ සාක්ෂි (silent evidence) වශයෙන් හඳුන් වන්නෙමු. මෙම කතාන්තර සියල්ලෙහිම දැක්වෙන පරිදි, සත් ය හෙළි වනුයේ කිසියම් 'නිහඬ සාක්ෂියක් හෝ එවන් සාක්ෂි කිහිපයක් පදනම් කර ගෙන ය. එවන් සාක්ෂි මතු කර ගන්නා ආකාරය පියවරෙන් පියවර පැහැදිලිව ඉදිරිපත් කිරීමට මෙහිදී මම දැඩි ආයාසයක් දැරුවෙමි. - චන්ද් රසිරි නිරිඇල්ල නිතර අලුත් නැවුම් ප්
Out of stock
තිත්ත කෝපි

තිත්ත කෝපි

වසර ගණනාවක් එකිනෙකා නොදුටු ඥාති සොහොයුරන් දෙදෙනෙක් 1859 වසරේ, මුළු ලන්ඩන් නුවරම මිහිදුම් සළුවෙන් වැසීගිය එක් රැයක, හදිසියේ එකිනෙකා හමුවෙති. දැන් ලංකාවේ වතු හිමියෙකුව සරුසාර දිවි පෙවතක් ගත කරමින් සිටින හියු නෙවිල් තම නිහඬ ඥාති සොහොයුරාගේ සිත තුළ නව බලාපොරොත්තු දල්වාලන්නේ ලංකාවේ තම කෝපි වතුයායට යාබඳව ඇති අනෙක් වතු යායක් මිලට ගන්නට ටොම් පොළඹවා ගනිමිනි. එංගලන්තයෙන් සමුගන්නට සුළු කලකට පෙර රූමත් සාරා හමුවී විවාපත් වන ටොම්, ඇය ද කැටුව ලංකාව බලා පිටත් වෙයි. නන්නාදුනන වතු යායක ඔවුන් අත්දකින දෑ සහ පියකරු සාරා හා සොයුරන් දෙදනොගේ දිවි පෙවෙත පිළිබඳවත්, අභයෝග හමුවේ නොසැලෙන ඔවුන්ගේ අප් රතිහත ධෛර්යය පිළිබඳවත්
In stock
මරණය ජයගත් යුදෙව් දරුවා

මරණය ජයගත් යුදෙව් දරුවා

හිට්ලර්ගේ නාසි හමුදාව පෝලන්තය ආක් රමණය කළේ ය. එවිට 'ලියෝන්' අවුරුදු දහයක යුදෙව් කොලු ගැටයෙකි. සිය මව, පියාසහ සොහොයුරන් අතරේ කෙළිදෙලෙන් ගත කළ ඔහුගේ ළමා ලෝකය සැණෙන් සුණු විසුණු විය. සෙසු යුදෙව්වන් සේ ලියෝන්ගේපවුල ද 'ගෙටෝ'වට ගාල් කරන ලදි. යුදෙව් ශක්තිවන්තයින් වැඩ කඳවුරුවලට ද, දුබලයින් ඝාතක කඳවුරුවලට ද ගෙන ගිය අන්තඅසරණ කාල පරිච්ඡේදය මානව ශිෂ්ටාචාරයේ කිසිවෙකුටත් සිතාගත නොහැකි විනාසකාරී උමතුවකි. යුදෙව්වන්ගේ පූර්වවාසනාවකට මුණගැසුණු ඔස්කා ෂින්ඩ්ලර් නම්, සත්පුරුෂ මිනිසාගේ ලයිස්තුවට (shindler's list) ලියෝන්ගේ නම ඇතුළත් වූයේ දෛවයේ වාසනාවකට ය. ෂින්ඩ්ලර්ස් ලිස්ට් හි නාමධාරී ළාබාලයා වූයේ, ලියෝන් ය. මේ ඔහුගේ