Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
දඩයම් බල්ලෝ

දඩයම් බල්ලෝ

සිදු වූ කිසිවක ශේෂ වූ ප් රතිඵලයන් තව දුරටත් විමසන්නට නොගිය වෙඩික්කරුවා වහා වෑන් රියට ගොඩ වූ විගස රියදුරු වෑන් රථය වේගයෙන් ඉදිරියට ධාවනය කළේ වටපිට කිසිවක් පිළිබඳව අවධානයක් ලබා නොදෙමින්ය. ඒ සමඟින්ම නැවතත් ඔහුගේ දුරකතනය නද දෙන්නට වූ අතර ඔහු එය සුරතට ගත්තේ සිය ස්වාමියාට කාර්යයෙහි සාර්ථකත්වය පිළිබඳව සැල කිරීමේ ආශාවෙනි. "මොකද බල්ලො තොපි ෆෝන් ගන්නෙ නැත්තෙ. තොපි දෙන්නට මං දැන් කෝල් සීයකට වඩා ගන්න ඇති. ඉක්මනට ආපහු හැරිලා වරෙල්ලා. ඔය කෙල්ලට කිසිම කරදරයක් වෙන්න බෑ. කිසිම අනතුරක් නොවී මට ඔය කෙල්ල පන පිටින් ඕනෙ. අපේ ජිවිත තියෙන්නෙ ඔය කෙල්ලගෙ අතේ. වෙඩික්කරුවාගේ දෑත් වෙව්ලන්නට වූවේය. ඔහුගේ දෑස් ඉලිප්පි ගොස්
In stock
හර්ද සාක්ෂි

හර්ද සාක්ෂි

2025 සැප්තැම්බර් මස 14 වන දින නිකුත් වීමට නියමිතය. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න. තරු වළල්ලෙන් එහා කෙළවර මිනිස් හුස්මක් නොවැටෙනා ඉම බොහෝ සතුටින් නුඹ වෙසෙන වග දැනෙනවා මට මගේ රන් කඳ හිතේ ගැඹුරුම තැනද පිරිමැද සියලගේ හිරිඔතප් බිඳලන සිහිනයෙන් විත් රහස් කොඳුරන අපූරුයි දඟ, හැඟුම් පුබුදන ඇරඹුමක පෙර නිමිති දැක දැක පමාවෙන් මඟ හැරුණු බව දැන රුදු ලොවෙන් සැඟවී සුසුම් ලන සමනලිය තටු කැඩී විඳවන ලියමි උණුසුම් හාදු සමඟින් එවමි තරු එළියක දවටමින් හමු වෙනා තුරු ඉරට ඉහළින් සැනසියන් මේ කවිය විඳිමින් ආදරෙයි අඹමුණට මගේ, සත්තමයි! සිරික්කී මං නුඹේ... - සමනලීගේ දිනපොතෙන්
In stock
චන්ද්ර රක්ත

චන්ද්ර රක්ත

ඝන අඳුර දරා සිටි සුවිසල් රාත් රී අහස් තලය රක්ත වර්ණ චන්ද් රාලෝකයෙන් නැහැව තිබිණි. දසත පැතිරී තිබූ රැහැයි නාදය අතරින්පතර සවනත ගැටුණු බස්සන්ගේ මූසල හඬද අතුරුදහන්ව තිබිණි. එළැඹීමට තිබූ ත් රාසය හමුවේ උන් බිය වුණා සේය. හමා යන මාරුතයේ එතී ඔබමොබ දිවුණු වියළි තුරු පත්වලට ඉදිරියෙන් ඒ මහා සේනාව අප දෙස නෙත් අයා සිටියහ. රක්ත වර්ණ දෑසින්, වියරුවෙන් අප දෙස බලා හුන් සතුරු සේනාවේ කෙහෙරැලි මාරුතයේ රිද්මයට සැලිණි. සිය අසිපත් ළෙලවමින්, ඝෝෂා නඟමින් ඔවුන් අප වෙත දිව ඒමට සූදානම්ව සිටියේ රුධිර පිපාසිත පිසාච රෑනක් සේය. සියවස් ගණනාවක් පුරා තුඩ තුඩ රැව් දුන් අනාගත වාක් යයෙන් කියැවුණු මහා සංග් රාමය ඇරඹීමට තිබුණේ තවත් සු
In stock
ඩයොනීසියානු සටහන්

ඩයොනීසියානු සටහන්

හිස හැරවෙනා හැම අතම අහසය. ජීවිතයේ මුල්වරට පූර්ණ අහස, පරිපූර්ණ අහස දකින්නෙමි. අහස... හැම තැනම අහස... ගුණ්ඩුවේ විසල් නබෝ ගැබ නැවත නැවතත් මිනිසුන්ගේ දෙවියන් ගැන සිතා බලන්නට මා පොලොඹවයි. ධූලි පොළොවේ දණ ගසා, අහසට දෑත්, දෑස් යොමා ශෝකාකූල හඬකින් දෙව් සමිඳාණන් හට යාඥාවක් කියනා ආදි භක්තිවන්තයෙකු හා මම මොහොතකට ඒකාත්මික වෙමි. භක්තිය හඳුනාගනිමින්ම, දෙවියන් මැවූ බව කියන විශ්වයේ තම ඉරණම තීරණය කළ හැකි ප් රාණියෙකු ලෙසින්, ධූලි කැටයක් වන් ග් රහලෝකයක ශක්තිමත්ව පය ගසා සිටිය හැකි ජීවියෙකු ලෙසින් තමන් පිළිබඳව හැඟී යාම සැබැවින්ම ආහ්ලාදජනක හැඟීමකි. මහා කවි මිල්ටන් විසින් චිත් රණය කෙරුණු ලුසිෆරයන් හට ඇතැම් විට ස්වර්ග
In stock
සඳුගෙ දියණිය

සඳුගෙ දියණිය

සඳ මත සිදු වූ බිහිසුණු අභ් යවකාශ යුද්ධයෙන් නූලෙන් දිවි ගලවා ගත් වසන්ත ලංකාතිලක... ජීවිතයටත් වඩා සැමියාට ආදරය කළ, ජීවිත කාලයක් ඔහු වෙනුවෙන් බලා සිටි ආදරණීය නේරංජනා... කහ පැහැති සිරුරෙන් හා රන්වන් හිසකෙසින් යුතු, සුධා ධවල අසු අරා ගමන් කළ, සුරූපී වන රැජින ෂර්මේන්... ප් රතාපවත් සෙන්පතිනියක්, දක්ෂ ගුරුවරියක් හා කාරුණික උපස්ථායිකාවක් වූ සුන්දර, කළු කෙල්ල ජින්... ජීවකයෙකු බඳු වූ ප් රතාපවත් මහලු මිනිසා හෙලිගන්... මේ සියලු දෙනාටම ඉහළින් ක් රියාකාරී වූ බලසම්පන්න අයොනියන් දෙවියන්... ඩොල්පිනයන්, ඩයිනෝසරයන්, ටෙරොඩැක්ටිලයන් හා බිම්රකුසන් සමඟ, ගැබ්බර සඳු සදාකාලිකවම සිය කුසයෙහි සඟවා ගෙන සිටින්නා වූද, කිසි කලෙ
In stock
පොසිටිව්

පොසිටිව්

එම තිරයෙන් දිස්වෙමින් තිබුණේ ට් රක් රථයේ පසුපස කොටස ඇතුළත කැමරාවකින් සටහන් කෙරෙන සජීවී දර්ශනයි. ඇතුළත සම්පූර්ණයෙන්ම කොළ පාට නියෝන් ආලෝකයෙන් පිරී තිබුණි. එතුළ තිබුණේ එකම එක දෙයකි. එය නිශ්චලව පවතී. ඇය එදෙස මඳ වේලාවක් බලා සිටියාය. එතුළින් ඇයට මරණය පෙනෙන්නට විය. මිනිසුන්ගේ විලාප එතුළ විය. මිනිසුන්ගේ සියලු නොසන්සුන්තාවයන් එතුළ විය. සියලුම මිනිසුන්ගේ සැනසීම අහිමි කිරීම් එ තුළ විය. කොටින්ම, මිහිපිට නිරය ඒ තුළ විය! තිරයේ දිස් වන ආකාරයට තවමත් ඔහු යකඩ දම්වැල්වලින් බැඳ ට් රක් රථයේ කෙළවරකට වන්නට ගැට ගසා සිටියේය. ඔහු නින්දත් නොනින්දත් අතර සිටින බව ඇය දන්නීය. නමුත් මේ නිදා ගැනීම තවත් සුළු කාලයකට පමණි. ඔහුට
In stock
ගෙම්බරී

ගෙම්බරී

ඒක ටක්කෙටම කියන්න මම දන්නෙ නැහැ. ඒත් මට පොඩි විශ්වාසයක් තියෙනව. එහෙම වුණොත් සඳුනි එක්ක එතන ඉඳන් සතුටින් ජීවත් වෙනව. එහෙම නූනොත් ඒත් සතුටින් ඉන්නව. ගෙම්බෙක් වෙච්ච එක සතුටු නොවෙන්න තරං නරක හේතුවක් නෙමේනෙ බං. එතකොට බැරි වෙලාවත් ඒ හාද්දෙන් පස්සෙ සඳුනිත් ගෙම්බියෙක් වුණොත්? ඔයා කියන වනමලී අක්ක වගෙම මහත, හමේ කොරළ තියෙන... අව කැපෙන කතා කියන්න එපා මොට්ටයො! එතකොට කවදා හරි එයා ඔයාව බැන්දොත් ඔයා එයාට මොකක් කියලද කතා කරන්නෙ? අන්න ඒක නම් මෙච්චර දවසක් මට නිකමටවත් මතක් නොවෙච්ච කාරණාවක්. ඇත්තටම මං කොහොමද එයාට කතා කරන්නෙ? සඳුනි ම කියල කියනවද? සුදු නෝනා...? සුදු අම්මියා...? මැණිකා...? එහෙමත් නැත්නම් පෙම්බරී...?
In stock
හුන්නාකඩවර

හුන්නාකඩවර

ඒරොප්පෙන් ආ සුදු හම ඇත්තෝ සියවස් දෙක තුනක් තිස්සේ අප වනචාරීන් බවත්, මිථ් යා දෘෂ්ටිකයන් බවත් කියා දුන් හ. ඒ අනුව අටානූවක් සිතුම් පැතුම් ද නවානූවක් චාරිත් ර වාරිත් ර ද අපට බෝ කළෝ ය. දොරකඩ කුල්ල පේ කර එක ගෙයි කෑම ආදි නිදහසේ විවාහයේ රස බැලුවා වූ ගැමියාට තන මඬල නිරාවරණය කරගෙන ජීවත් වීමත්, තට්ටම් පෙනෙන්නට අමුඩය ගසාගෙන අව්වේ වැඩ කිරීමත් ලජ්ජාවක් සේ පෙන්නා දෙන්නට වූ හ. අනේ! කාලේ වනේ වාසේ! අපට ම්ලේච්ඡ යැ යි කියූ ඒරොප්පේ ඇත්තෝ දැන් එරමිණියා ගොතාගෙන චිත්ත පරිශුද්ධිය පතා බෝ සෙවණේ හිඳ බවුන් වඩති. මේවායේ අස්කොන් පීරා ඇත්ත තෝරාබේරා දීම අතිශය දුෂ්කර වටපිටාවක, සියවස් ගණනක් පාගා දැමූ දෙලොව වැඩ සදන දැනුම, ආකල්ප,
In stock
මහ රෑ

මහ රෑ

විදුලි පහන දල්වා සින්ක් එක ලඟට ගිය නාරද කරාමය ඇර වීදුරුව පයිප්පයට ඇල්ලුවේය. ඔහු එය දුටුවේ එවිටය. දුටු ගමන් ඔහු තිගැස්සුණේය. දකණු අතේ ඇඟලිවල ලේ පැල්ලමක් විය. ''මේ මොන මඟුලක්ද ?'' යයි සිතන විටම නාරදට බෙල්ලේ දකුණු පැත්තෙන් දැවිල්ල ගතියක්ද දැනිණි. ඇඟිලිවල ලේ ගෑවු ණේ බෙල්ලේ තුවාලයකින් බව නාරදට තේරුණි. එය ඔහුට ප් රෙහෙලිකාවක් විය. වතුර බීම පැත්තක තියා නාරද නාන කාමරයෙන් එළියට විත් නැවතත් නිදන කාමරය වෙත ගියේය. එවිට ඔහුට තව දෙයක් දැකගන්නට ලැබිණී. හිස තබාගෙන සිටි කොට්ටයේත් ලේ ගෑවි ඇති බවයි. මේ කිසි දෙයක් නොදැන අචිනි තද නින්දක ගැලී සිටියේ ඔළුවේ ඉඳන් පොරවාගෙනය. වැහි සීතල නිසා වෙන්න ඇති යයි නාරදට සිතිණී. නා
In stock
නා ගස උඩ

නා ගස උඩ

වැවේ අනිත් කෙළවරේ තවමත් මාළුන්ට මාන බලන කොකෙක් දිහා මම බලාගෙන හිටියා. ඌ එක එල්ලේම වැවේ මාළු දිහා බලාගෙන ඉන්නවා. තව තැනක දියකාවෙක් එකපාරටම වතුර යටට ගිහින් ඊට ටික දුරකින් මතු වෙලා අහසට පියාඹගෙන ගිය හැටි මට මහා පුදුමයක් වුණා. දියකාවට එහෙම වතුර යටට ගිහින් උඩට එන්න පුළුවන් වුණාට, අම්මට එහෙම වතුර යටට ගිහින් උඩට එන්න බැරිව ගියා. එකපාරටම අම්මා ජබු ගහන සද්දෙ වැඩි වුණා. ඒ සද්දෙට මාළුන්ට මාන බල බල හිටිය කොකත් කලබල වෙලා ඉගිල්ලිලා ගියා. තාත්තා අම්මව බේරගන්න වැවට පැන්නට, දෙන්නා තරගෙට වගේ මුළු වැවටම ඇහෙන්න ජබු ගැහුවා. ඒ ජබු සද්දෙත් ටිකෙන් ටික නැති වෙලා ගියා. ඒත් මගේ හිත ඇතුළෙ තවමත් ඒ සද්දෙ දෝංකාර දෙනවා. ආයෙ