Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ගෝතම ගීතය

ගෝතම ගීතය

ගෝතම ගීතය ජයසේන ජයකොඩි එ සේ නම් බ් රාහ්මණය මම ඔබ විචාරමි. අත්පත් නිලුපුලෙක පුසුඹ පැහැය හා සෝබාව කොතරම් කලක් ආස්වාදනය කළහැකි දැ යි කියන්න? හෝරාවක් දෙ හෝරාවක් හෝ එයට ද වැඩි කාලයක් ආස්වාදනය කළහැකි වන්නේ ය. පින්වත් බ් රාහ්මණය, එයින් ඉක්බිති ව එහි පුසුඹ පැහැය හා සෝබාව කෙසේ ද? මුකුලිත වූ කවර හෝ පුෂ්පයක් සියතට ගෙන සිඹින්නෙක්, නරඹන්නෙක් සිටිත් ද? පින්වත් බ් රාහ්මණය, මම යළිත් ඔබ විචාරන්නෙමි. මෙහි පසුවන ස්ත් රීන් දෙ දෙනා ගෙන් ඔබ දියණිය මට හඳුන්වා දෙන්න? කුමාරයාණෙනි, ආරම්භයේ දී කෝළ හැඟීමෙන් යුතු ව, මහත් වේගයෙන් ඇස මරමින් නෙතඟ බැලුම් ඇති ව සිට, දැන් හේබාගිය ළහෝපලු පතක් සේ පහත් කැරගත් හිසින් ද, අඩව පියාගත්
In stock
ඕරෝ රජුගේ දියණිය

ඕරෝ රජුගේ දියණිය

දක් ෂිණ සාගරයේ පිහිටි දිවයිනක් සොයා සමුදුරු චාර්කාවක යෙදෙන ඉංග් රීසි ජාතිකයින් තිදෙනකු, යාත් රාව කුණාටුවකට හසුවීම නිසා මෙතෙක් පිටස්තර මිනිසකු පය නොගැසූ ඕරෝෆෙනා නම් වූ අබ්රහස් දිවයිනකට ගොඩ බසිති. එහි දී ඔවුහු, වසර 250,000 ක් පුරා නින්දට වැටී සිටින ඕරෝ රජු හා ඔහු ගේ දියණිය නින්දෙන් අවදි කරති. රජු ගේ සුරූපී දියණිය වන යිවා, මුහුදු ගමන සංවිධානය කළ හම්ප් රි ආබුත්නොට් ගේ මිය ගිය බිරිඳට සමානය. මෙම නවකතාව, පාඨකයා අමුතුම ලොවකට රැගෙන යන්නාවූත්, රයිඩර් හැගාර්ඩ් තමාට සුපුරුදු අප් රිකාවෙන් හා ඊජිප්තුවෙන් බැහැරට යමින් ලියන ලද්දා වූත්, විචිත් රද්භූත තියේ උපරිම තලයක් සනිටුහන් කරන ප් රබන්ධයකි.
In stock
සුදු වළාකුළු

සුදු වළාකුළු

සුදු වලාකුළු ජයසේන ජයකොඩි කරදර දුක් ගැහැට විඳ දරා ගනිමින්, සිය ශ් රමය වගුරා වන සතුන් අරක්ගත් මහ වනයක් ගමක් බවට පෙරළාගත් සැටි අස්වැන්නේ කියැවේ. බුංජප්පු, සංගු, පොංසප්පු, අගෝරිස් හා පොරොන්සිනා වැන්නවුන් විසින් ගොඩනගාගත් නව ලෝකය ඔවුන් මිය ඇදෙන්නට ද ප් රථම දූෂණය විය. සුදු වලාකුළු නම් මේ නවකතාව, එතැන් සිට ඇරඹ, පුරා දස වසක් ඇතුළත නිමාවට පත් වේ. එක තැන කැකෑරෙමින්, දුසිරිතට ඇබ්බැහිව දුරාචාරයෙහි හැසුරුණු නූගත් මනුෂ් ය කොට්ඨාශයකට මාර්ග දේශකයා වෙමින් ඔවුන් යහ මග තබන්නට දිවා රාත් රී වෙහෙස ගත් බර්තෝලිස් ගුරු මහතා මෙහි කතා නායකයාය. අධ් යාපනය නිසා ඈත පිටිසර වහ වහා පිබිද නැඟී ආ සැටි මෙයින් කියැවේ. සුදු වලාකුළ
In stock
සත්සයුර

සත්සයුර

සත්සයුර ජයසේන ජයකොඩි අලම්බුසා, සමිත අතින් ඇද හිඳුවා, ගුරු ගෞරවය ඒ කිම දැ යි නොදත්තා සේ ඇසුවා ය. නිහඬ ව බිම බලා පසුවන සමිතයන් යළි ඇමතූ නුරාබර මැහැල්ල, නුඹ උහුගෙන් අකුරුකුදු මෙතෙක් උගෙන නැති කල, ඔබට ඔහු ගුරු වනුයේ කෙසේ දැ යි විචාළා ය. එ වර ද සමිතයන්ගෙන් පිළිතුරක් නොලැබුණෙන්, මැහැල්ලට මඳ කොවක් නැඟිණි. නුඹ පැකිළෙනුයේ උහුගේ මුහුණ බලනු අපාසු වෙතැ යි සිතා නම් එයට ද පිළියම් තිබේ. ඉදින් ඔහු දිවි නොමැති කල මට මනාප දැ යි කියන්? ලජුබරව පසුවන සමිතයන්ට බියත් තැතියත් උපන්නේ ය. කතාකරන් කොල්ල. මියගියවුන්ට අප මුහුණු නොපෙනේ. උහු නොමැති කල ඔබ ප් රතිචාරය කෙසේ ද? මෙලෙස ඉදිරියටත් සේවා කරන්නෙමි. පිරිමි කිස එය නොවේ! ම
In stock
මහ මිහිඳු හිමි

මහ මිහිඳු හිමි

මහ මිහිඳු හිමි ජයසේන ජයකොඩි බලවත් සොම්නසින් පසුවනු පෙනේ? නො එ සේ ව! යළි ඉපැදුණා සේ හැඟේ. ආශ්චර්යයක් ද? ඔබවහන්සේ පැමිණ වසරක් ගතවූවා පමණි. සියල්ල පෙළගැසී එන්නේ ය. රට සෙමෙහි සතුටෙහි පිහිටියේ ය. වැසියා බතබුලතෙහි පොහොසත්හු ය. ඔවුනට දැන් හෙට දවසකුත් තිබේ. අද මේ පොසොන් පුන් පෝ දින ඔවුහු බුද්ධාලම්භන ප් රීතියෙන් ඔකඳව පසුවෙති. මේ මහා නවෝදයේ නවෝන්නතියේ නිර්මාතෘවරයාණෝ ඔබවහන්සේ ය! අඳුරේ හුන් අපගේ දෑස පෑදුවෝ, මඟ පෙන්වූවෝ, අත්වැල සැපයූවෝ, දිරිගැන්වූවෝ ඔබවහන්සේ ය! මගේ රන්මිණි කිරුළ ඔබවහන්සේටත් බුදු පියාණන් වහන්සේටත් පුදනු සඳහා නොපැළඳ, ලෙහි හොවා පැමිණියෙමි. මේන් හිමිසඳුනි, මිණි කිරුළ ඔබවහන්සේ ගේ දෙපා මුල හොවන්
In stock
පිච්චමල

පිච්චමල

පිච්චමල ජයසේන ජයකොඩි මම බුදුරජාණන් වහන්සේගේ ශ් රාවකයෙක්, නිරතුරුවම මම ඒ බව සිතනවා. ඒ අනුව ක් රියා කරන්න උත්සාහ කරනවා. අන් අය කෙසේ සිතනවා ද, ක් රියා කරනවාදැ යි මම දන්නෙ නෑ. ඒ ගැන සොයන්න වෙහෙසෙන්නෙ කුමකට ද මහත්තයා? ඒ හැර, මං පණ්ඩිතයෙක් ය, තරුණයෙක් ය, සැලකිය යුතු ධනයක් ඇති පන්සලක දෙවැන්නා ය. පන්සලේ අධිපතියා වූ කල කරන්නේ මේවා ය යනුවෙන් භික් ෂුවකට අනුචිත අදහස් මම වැළැඳ ගන්නේ නෑ. මට හැම මොහොතක ම වාගේ සිතෙන්නෙ බුදුරජාණන් වහන්සේගේ යහපත් ශ් රාවකයින් වන සාරිපුත්ත මොග්ගල්ලාන මහා කාශ් යප වැනි ශ් රාවකයින් වහන්සේලා මා හා සසඳන කල, මා කොතරම් නිවට හිස් භික් ෂුවක් ද කියායි. බෝධිසත්ව චරිතවල සිද්ධාර්ථ චරිතයේ බුද්
In stock
මහමෙර

මහමෙර

මහමෙර ජයසේන ජයකොඩි අර ගෑනි මහ හදිස්සියකට වාගේ දුවගෙන ඇවිත්, කවුරු එනවා කියල ද කිව්වේ හාමුදුරුවනේ? පාදිලිතුමෙක් මොනවා හාමුදුරුවනේ පාදිලියො පන්සල්වලට එනවැයි? කාරි නෑ නොවැ. ඉස්සර මේ අපේ උන්නාන්සේලයි ඒ ඇත්තොයි අතර වාද භේද වාද විවාද බොහොමයි. දැන් ඒවා සමනය වෙලා ඇයි හොඳයිකම් පවා පවත්වනවා. මම ඒ ඇත්තොත් එක්ක තවමත් කතාබහ කර නැහැ. නමුත්, ඒ ඇත්තො දැනුම් තේරුම් තිබෙන යහපත් උදවිය බව අසා තියෙනවා. "ඕකනෙ කියන්නෙ ඕනෑ වසවර්තියෙක් හාමුදුරුවන්ට හොඳයි. මං අහගෙනයි, පියදාසයටත් එන්නෙයි කියලා කියනවා? ඌ එදා කියාපුවා හාමුදුරුවන්ට මතක නම් එන්නෙයි කියලා කියනව ද එහෙම? මට ඒවා අමතක යි සිංඤප්පු උන්නැහැ.
In stock
උපේකා

උපේකා

පද්මාවතී ළිප ළඟ බංකු පොඩ්ඩේ හිඳගෙන තේමිය කුමාරයා සිහිපත් කළා ය.පැවදීව හුදකලාව වනයෙහි වාසය කරන පුත් කුමරා බලන්නට පිය රජතුමා දිනක් ගියේ ය.ඔහු බලාපොරොත්තු වූයේ රළු වනයෙහි වන ඵල අහරකොට ගනිමින් ජීවත්වන තම පුත් කුමරා අතිශයින් කෘෂව ජරාජීර්ණව දුකය පත්ව ඇතැ යි කියාය.එහෙත් බොහෝ පැහැපත්ව ප් රබෝධමත්ව ඔහු එහි පසුවන බව දුටු රජතුමා මවිතයට පත්ව මේ කටුක වනයෙහි මෙසේ පැහැපත්ව පසුවන්නේ කෙසේ දැ යි.ප් රශ්න කළේ ය.අතුරනලද කොළ ඇතිරියෙහි තනිව නිදමි.කඩුගත්තාවූ රාජාරාක්ෂයෝ මා වටා නැත්තෝය.අතීතය ගැන සිතා ශෝක නොකරමි.අනාගත ප් රාර්ථනා ද නැත.වර්තමානයෙන් යැපෙමි.මේ නිසා පියරජතුමනි මට මැනැවින් නිදි ලැබේ.ශරිර වර්ණය පැහැපත් වේ. සෝ
In stock
පින්කෙත

පින්කෙත

පින්කෙත ජයසේන ජයකොඩි රාහුල තෙරණුවෝ විමුක්ති සුව විඳිති නමුත් හාමුදුරුවනේ ස්වල්ප පිරිසක් හැර, සමස්තයක් හැටියට ගත් කල අද අපේ මිනිසුන් දෙස බලා කිසිසේත් සතුටුවීමට පුළුවන්කමක් නෑ. දූෂිතම තත්වයේ පසුවන්නේ පාලක පක්ෂය යි. තත්ත්වය මේ ආකාරයට දිගින් දිගට වර්ධනය වුණොත් අනාගතය ඉතා භයානක යි. මම අපේ පොඩි හාමුදුරුවො එක්කත් කතාකරකර හිටියෙ ඒ ගැන යි. ඉහළ පහළ මැද කොතැන පසුවුවත්, අතළොස්සක් දෙනා හැර සෙසු සියලු මනුෂ් යයෝ අඩු වැඩි වශයෙන් කෙලෙසුන්ගෙන් ආතුරවූවෝ නොවැ. අනුකම්පා කටයුතු යි. එදා හොඳ ය, අද නරකය කියා කම්පා විය යුතු නැහැ මහත්තයා. එයින් තැළෙන්නේ තම සිතයි. බොහෝ කාරණා කටයුතු සම්බන්ධයෙන් මහත්තයා ප් රඥාවන්ත යි. අඳුර
In stock
අහසයි ඔබ මට

අහසයි ඔබ මට

අහසයි ඔබ මට නිව්ටන් ගුණසේකර මිනිසා සහ ඔහු නිවසන සමාජය අතර සිදුවන නිරන්තර කායික හා මානසික ගැටුම මිනිස් දිවි පතුලේ අඳුරු අහුමුලුවලට කාවදිමින් ප් රසාරණය වන්නකි. එම දිවි පුවත යථාර්ථ රීතියකින් යුතුව ප් රතිනිර්මාණය වන නිව්ටන් ගුණසේකර ගේ "අහසයි ඔබ මට" නවකතාව කියවා නිමවන විට හැඟීයන්නේ ආත්මාර්ථය හා අසම්මතය පසුපස හඹා යන ගැහැනුන් හා මිනිසුන්ගේ දුක්ඛදායක ඉරණමයි. සැබවින්ම දිවිකතරේ අතරමං වෙන එම මිනිසුන්ගේ දුක්මුසු ඉරණම පාඨක සිත තුළ දැඩි තිගැස්මක් මෙන්ම ප් රබල කම්පනයක් ද ඇති කරවයි. සමාජ හා පුද්ගල යථාර්ථ ධාරා දෙකම ගැඹුරින් ග් රහණය කරගැනීමට කතුවරයා මෙම නවකතාවෙන් දරා ඇති ප් රයත්නය ඇත්තෙන්ම පැසසුම් කටයුතුය.
In stock
යසෝදරාවත

යසෝදරාවත

නිදහස් ජන කාව් ය සම්ප් රදාය විසින් සිංහල බෞද්ධ ජන සමාජය වෙත පිරිනමන ලද විශිෂ්ටතම කාව් යාවලිය වූකලී යසෝදරාවත යි. කෝට්ටේ හා සීතාවක රාජ් ය සමයෙන් පසුව සියවස් තුනකට අධික කාලයක් මෙරට ජනකායගේ දිවි මඟ පහන් කිරීමට ඉවහල් වූ යසෝදරාවත, උතුම් කාන්තාවක සතු ගුණ මහිමය පිළිරැව් නඟන අධ් යාත්ම ගීතයක් වැන්න. යසෝදරාවන්ගේ උත්තුංග රූප ශෝභාවට වඩා එතුමියගේ චරිතාදර්ශය ජීවිතයට සම්බන්ධ කොට ගෙන සදාචාරවත් සමාජයකට උදාර වූ මාතෘත්වයෙන් යුතුව ක් රියා කිරීමට අධිෂ්ඨානශිලී වන්නේ නම් එය අද් යතන මිනිස් සමාජයට විශිෂ්ට ආදර්ශයක් වන්නේ ය. ලොව සියලු කාන්තාවෝ යසෝදරාවන් වෙත්වා යි ප් රාර්ථනය කරමි. මහාචාර්ය මීගොඩ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ
In stock
වෘක නායකයා
In stock
ගිනියම් ඇස්

ගිනියම් ඇස්

ගිනියම් ඇස් ජයශංඛ කරුණාරත්න ඔ හු අසලට ආසන්න වී සිටි රුව නිල ඇඳුමකින් සැරසී සිටින බව ඔහුට දක්නට ලැබිණි. ඔහුගේ පුදුමයට හේතුවන පරිදි එම නිල ඇඳුමේ කිසිදු ඉගිය ලකුණක් හෝ පැල්ලමක් දක්නට නොවීය. එය තද නිල් පැහැයෙන් යුක්ත වූවක් බව අවට පැතිර තිබූ ගිනිදැල්වල ආලෝකයෙන් දැකගත හැකිවිය. අද්භූතජනක රුව ගිනිදැල් අතරින් මෑත් වී ඔහුගේ ඉදිරියෙන් සෙමින් සෙමින් ඇවිද යනු එඩ්වින් බලා සිටියේ භීතියෙන් උමතු වී ගිය මනසින් යුක්තව ය. විනාශ වී ගිය ගුවන් යානයේ සුන්බුන් හා සිය ගණනක් වූ මළ සිරුරු අතරින් ඔහු ඇවිද ගියේ ය. තව දුරටත් මෙම භීෂණාත්මක දර්ශනය දෙස පියවි ඇසින් බලා සිටීමට තරම් ශක්තියක් නොමැති වූ එඩ්වින්ගේ පියවි සිහිය ගිලිහී
In stock
ගලන ගඟ මනරම්

ගලන ගඟ මනරම්

නිව්ටන් ගුණසේකර ගලන ගඟ මනරම් නිව්ටන් ගුණසේකරයන්ගේ හැටවසරකට ආසන්න සත් ය ජීවන අත්දැකීම් පාදක කොට ගෙන 'ගලන ගඟ මනරම්' නමින් ප් රකාශිත මෙම නිර්මාණ කෘතිය නව සාහිත් ය ප් රභේදයක් වූ ස්වයං චරිතානුබද්ධ නවකතාවක් (autobiographical novel) ලෙසට හඳුන්වා දිය හැකිය. සත් යවාදී චරිතයක ඇතුළාන්තය අවංක හා ඊට අදාළ සිද්ධිදාමයන් නාට් යාත්මක අයුරින් ප් රතිනිර්මාණය කිරීමට කතුවරයා දක්වා ඇති සුරුබුහුටිකම හා ප් රතිභානය පාඨක සිත අමන්දානන්දයට පත් කරවයි. ප් රශස්ත ගුවන්විදුලි මාධ් යවේදියකු මෙන්ම ප් රවීණ සාහිත් යධරයකු වශයෙන් ජනප් රිය නමක් දිනා සිටි කතුවරයා පාසල් වියේ සිට අද දක්වා පැමිණි ගමන්මග මෙහි ප් රතිනිර්මාණය කොට ඇත්තේ ගල්