Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
වසන්තය නුඹම විය

වසන්තය නුඹම විය

බෙහෙත් දාගෙන ඇවිත් යෂ් ආයෙම කමිසෙ මගේ අතින් අරගෙන ඇඳගත්තේ මගේ දිහා අර අමුතු බැල්මෙන් බලාගෙනමයි. ඒ මොන දේ දරාගෙන හිටියත් මට දරාගෙන ඉත්තම බැරි වුණේ ඩොක්ටර් අතට සිරිංජර් එක ගන්නකොටයි. "සර්, මම එළියට යන්නද?" පුත්තලම් බුරුවො දෙන්නෙක්ගෙ වයසට ළං වෙලා හිටියත් එන්නත් වලට තියෙන බය නැති කරගන්න අදටත් මට බෑ. පොඩ්ඩක් එක තැනක ඉන්න බැරිද, ආ...? ඩොක්ටර් ඉන්නවා කියලා බලන්නෙත් නැතුව යෂ් ඒ පාර බණිනවා. "එහෙනම් සර් මම සර්ගේ අතින් අල්ලගන්නද?" මම ඇහුවෙ හිමින්, එන්නත් කටුව දකිද්දි මම මොන සෙල්ලමක් නටයිද කියලා මමම දන්නෙ නෑ. මිස්, බය වෙන්න එපා. මම එයාට රිදෙන්න විදින්නෙ නෑ". ඒ පාර ඩොක්ටර් සමයං කියවනවා. ඒත් ඉතින් කටක් ඇරලා
In stock
කිචෙර ගිරි හිස බිඳුණු සෙවණැලි

කිචෙර ගිරි හිස බිඳුණු සෙවණැලි

සියවස් රැසක හැල හැප්පීම් නෙතු අග රඳවමින්, ඒ කිසිවක් සිදු නොවූ විලසින් අපරදිග යුක් රේනයේ සොඳුරු කර්පාතියානු ගිරි වළලු ද, එහි පා අබියස වැතිරුණ නිම්න බිම්ද ජීවන වන්දනා ගමනේය. එවන් නොඉඳුල් බිමෙක සුවඳ උකහා, සොබාදහමේ නොකිලිටි හරිතවන් ගිරි ශිඛර, චෙරෙමෝෂ් නදියේ රිදී වන් දිය දහර මෙන්ම නුබ ගැබේ තරු පංති සේ දිස්වෙන බැටළුවන් තණ බුදින බිම් හරහා කොත්සුබින්ස්කියි සිය පන්හිඳෙන් පාඨකයා රැගෙන යන්නේ සිය කර්පාතියානු බිම්කඩට දැඩි සේ ඔවුන්ව ආදරයෙන් වෙළෙන්නට පොලඹවමිනි. හුත්සුල්වරුන්ගේ ගොවි-එඬේර දිවි පෙවෙත, සාම්ප් රදායික ආගමිකත්වයට බර දිවිය හා තවමත් නොනැසුණු ආගම් බද්ධ සිරිත් විරිත් මෙන්ම භූතාත්ම හා ගනුදෙනු මේ ප් රබන්
In stock
අරාජිකයෙක් ඇවිත්

අරාජිකයෙක් ඇවිත්

අතීතය අනාගතය සමඟ කිසිදු දිනක එක් නොවන්නේය යන්න සැබෑවක් නම්, අනාගතයද අතීතය හා එක් නොවන්නේය. අතීතය ඇසුරින් අනාගතය ගොඩනගාගත හැකි වනවාක් මෙන්ම අතීතයේ වූ වැරදි අනාගතයේ නොමඟ යෑමටද බලපාන්නේය. එහෙත් එක් සත් යයක් අනාගතයටත් වර්තමානයටත් පොදු වන්නේය. එනම්, නිරන්තර පීඩිතයන් සහ පීඩකයන් සමාජගත වීමයි. පීඩකයින් පීඩිතයින් වෙතින් පෝෂණය වෙයි. පීඩිතයා පීඩකයා පෝෂණය කරන අතරම ඔහුව ආරක්ෂා කරයි. දේවත්වය ඇතුළු අදෘශ් යමාන බලවේගද පීඩිතයන් පීඩනයට ලක් කරන අතර අනෙක් කණ්ඩායමට ආශීර්වාද කරයි. ස්වභාවධර්මයද අන් සියලු දෙයට තම සාධාරණයේ හස්තය දිගු කළද එදා සිට අද දක්වා මෙම ප් රශ්නය හමුවේ මුනිවත රකිමින්ම සිටින්නේය. මෙම නොනිමි ගැටුම "ස
Out of stock
හරභක්ෂා සහ තවත් කෙටි කතා

හරභක්ෂා සහ තවත් කෙටි කතා

ඇය තනිකරම මරණයේ දියණියමයි. ඇය හිටියේ නිරුවතින්. ඇගේ කෙස් කලඹ බිම ගෑවෙන තරම් දිගටත් තිබුණා. ඇය එවෙලෙ හිටියේ අත් හතරෙන් දෙකක් ඉණට තියාගෙන, අනෙක් දෙක මිට මොළවාගෙන. මට පෙනෙන්න තිබුණු ඇගේ මුහුණ හරිම සුන්දරයි. නමුත් රෞද් ර බව උතුරා යනවා. එතකොටම ඇය සීමාව පනින්න උත්සාහ කරමින් පැත්තකට හැරෙද්දි මම දැක්කා ඇගේ පිටුපස....... දෙවියනේ... මහ දෙවියනේ... ඇයට හිස පිටුපසත් මුහුණක් තිබුණා. ඒ මුහුණ විස්තර කරන්න මට වචන නැහැ. මුළු ලෝකයේම තියෙන භයානක දේවල් හා රෞද් ර බව එක තැනකට කැටි කරන්න පුළුවන් නම්, එහෙනම් ඒ තමයි ඇගේ පිටුපස මුහුණ. ඒ මූණ තමයි වරින් වර විලාප දුන්නේ. ඒක මහ යක්ෂ විලාපයක් හරිස්චන්ද් ර......... මට අදත් ඇග
In stock
චමින්දයට හෙණගහල නෙමේ, චමින්දය තමා හෙණේ

චමින්දයට හෙණගහල නෙමේ, චමින්දය තමා හෙණේ

ප් රියන්තයා චාටර් වුණාට කොත්තු බාස් මරු බුවා. පොර ඉස්සර භාතිය සන්තුෂ්ලගේ ඉරාජ්ලගේ සින්දුවල බීට්වලට කොත්තු ගහනවා. දවසක් රනිඳුගේ අහංකාර නගරේ එකට කැපුවා කොත්තුවක් ආයේ නෑ රොටි ටික දිගැස් තියන ළඳුනේ ගාණට කැපිලා නතර වුණේ. - අපි වැහි කාලවල් කීයක් නං දරාගත්තු මිනිස්සුද! ප් රීතිරාජ් අයියට ජෝති ඇහුණාම ඉන්න බෑ. දිය කිඳුරිය ඇහුණම කොහොමත් ඉන්න බෑ. හොඳ සිහියෙන් ඉන්නවා නං මූඩ් ගහල තනියම කුටුකුටු ගගා සින්දුව කියනවා. වැදිලා ඉන්නවා නං ඇස් දෙකේ කඳුළු පුරෝගෙන හයියෙන් සින්දුව කියනවා. කවුරුවත් ඒ සීන් එක මොකද්ද කියල දැනගෙන හිටියේ නෑ. - චමින්දයට හෙණගහල නෙමේ, චමින්දය තමා හෙණේ එකපාරටම මට තාත්තා නිතර අහපු පිය සටහන් මැකී
In stock
ආකාස පාළුව

ආකාස පාළුව

පාවහන් නැති සියුමැලි දෙපයේ ළා රෝස පැහැ හූනු පැටවුන් වන් ඇඟිලි දෙස මා බලා උන්නේ අරමුණක් නැතිවමය. වම් පා සුළැඟිල්ලේ නියපොත්ත ගැලවී ලේ ගල්ගැසී ඇත. මිනිස් ආත්මයන්ට ඔරොත්තු දීමේ හැකියාව මනින මිනුම් දණ්ඩක් තිබුණා නම් ඇය දැන් සිටින්නේ ඒ මිනුම් සීමාවේ කොතැනදැයි හරියටම කියන්නට හැකිය. කවුරුන් හෝ දරුණු ලෙස ඈ කායික හා මානසික දණ්ඩනයන්ට ලක් කර ඇත. ඈ තවම පසුවන්නේ ඒ කම්පනයෙනි. කතුරු පහරවල් සිටින පරිදි මුදු මුදු කොණ්ඩය තැනින් තැන කපා දමා තිබුණි. ඇතැම් තැන්හි හිස් කබල පෙනෙන තරමටම හිස කේ කුට්ටි නැත. කුණාටුවකට හසු වූ කපුටු කූඩුවක් සේ ඇවිස්සී ඇති ඉතිරිව තිබූ ඝන කළු කැරලි කෙස් වැටිය ඈ විකට ඇඳුම් තරගයක පිස්සියක සේ ව
In stock
බුල්මෝනියන්

බුල්මෝනියන්

1942 වර්ෂයේදී කොකෝස් දූපත් සමූහයේ දූපතක් වූ හෝර්ස්බර්ග් දූපතෙහිදී කොකෝස් මියුනිටි හෙවත් කොකෝස් දූපත් කැරැල්ල නමින් හැඳින්වෙන ගැටුම ලාංකික යුධ ඉතිහාසයේ කළු පැල්ලමක් වැනි වුවද, එය අධිරාජ් යවාදයට එරෙහිව ලාංකික හමුදා සෙබළුන් පිරිසක් විසින් දියත් කරන ලද අවසාන කැරැල්ල ලෙස ඉතිහාසගත වී ඇත. කොකෝස් දූපත් තුළ බොම්බාඩියර් (කෝප් රල්) ග් රේෂන් හර්බට් ප් රනාන්දු ඇතුළු පිරිස දියත් කළ කැරැල්ල; සම්මුති මරණය, විඤ්ඤාණය සහ මරණයෙන් මතු ජීවිතය පිළිබඳ ආගමික විශ්වාසයන් සමඟ සරල විද් යා න් යායන් මිශ් ර වී ප් රබන්ධ නිර්මාණයක් ලෙසින් බුල්මෝනියන් පුස්තකාරූඪ විය. මිය යන විට වයස විසි අටක් වූ ග් රේෂන් හර්බට් ප් රනාන්දුට මුහුණ
In stock
චන්ද්ර රක්ත

චන්ද්ර රක්ත

ඝන අඳුර දරා සිටි සුවිසල් රාත් රී අහස් තලය රක්ත වර්ණ චන්ද් රාලෝකයෙන් නැහැව තිබිණි. දසත පැතිරී තිබූ රැහැයි නාදය අතරින්පතර සවනත ගැටුණු බස්සන්ගේ මූසල හඬද අතුරුදහන්ව තිබිණි. එළැඹීමට තිබූ ත් රාසය හමුවේ උන් බිය වුණා සේය. හමා යන මාරුතයේ එතී ඔබමොබ දිවුණු වියළි තුරු පත්වලට ඉදිරියෙන් ඒ මහා සේනාව අප දෙස නෙත් අයා සිටියහ. රක්ත වර්ණ දෑසින්, වියරුවෙන් අප දෙස බලා හුන් සතුරු සේනාවේ කෙහෙරැලි මාරුතයේ රිද්මයට සැලිණි. සිය අසිපත් ළෙලවමින්, ඝෝෂා නඟමින් ඔවුන් අප වෙත දිව ඒමට සූදානම්ව සිටියේ රුධිර පිපාසිත පිසාච රෑනක් සේය. සියවස් ගණනාවක් පුරා තුඩ තුඩ රැව් දුන් අනාගත වාක් යයෙන් කියැවුණු මහා සංග් රාමය ඇරඹීමට තිබුණේ තවත් සු
In stock
සඳුගෙ දියණිය

සඳුගෙ දියණිය

සඳ මත සිදු වූ බිහිසුණු අභ් යවකාශ යුද්ධයෙන් නූලෙන් දිවි ගලවා ගත් වසන්ත ලංකාතිලක... ජීවිතයටත් වඩා සැමියාට ආදරය කළ, ජීවිත කාලයක් ඔහු වෙනුවෙන් බලා සිටි ආදරණීය නේරංජනා... කහ පැහැති සිරුරෙන් හා රන්වන් හිසකෙසින් යුතු, සුධා ධවල අසු අරා ගමන් කළ, සුරූපී වන රැජින ෂර්මේන්... ප් රතාපවත් සෙන්පතිනියක්, දක්ෂ ගුරුවරියක් හා කාරුණික උපස්ථායිකාවක් වූ සුන්දර, කළු කෙල්ල ජින්... ජීවකයෙකු බඳු වූ ප් රතාපවත් මහලු මිනිසා හෙලිගන්... මේ සියලු දෙනාටම ඉහළින් ක් රියාකාරී වූ බලසම්පන්න අයොනියන් දෙවියන්... ඩොල්පිනයන්, ඩයිනෝසරයන්, ටෙරොඩැක්ටිලයන් හා බිම්රකුසන් සමඟ, ගැබ්බර සඳු සදාකාලිකවම සිය කුසයෙහි සඟවා ගෙන සිටින්නා වූද, කිසි කලෙ
In stock
ගන්දර කළපුව

ගන්දර කළපුව

තාත්තා ගියේ කතරගමටද? අතුකෝරාල සැබෑවටම තාත්තා රැකියාවෙන් අස් කළාද...? උදයසිරි තාත්තාව අඳුනන්නේ කෙසේද? ඒ ඡායාරූපයේ සිටින්නේ තාත්තාමද? තමාට ලැබුණ ඒ කර්තෘ අඥාත ලිපිය කාගේද? ඉතා සුන්දර පරිසරයකින් වෙළී ඇති ගන්දර කළපුව සඟවාගෙන සිටින්නේ කාගේ, කුමන රහසක්ද යන්න සෙවීමට තරුණයාට සිදු වන්නේ අතුරුදන් සිය පියා සොයාගැනීමට හෝඩුවාවක් ඔස්සේ කළුතරට පැමිණි විටදීය. පියාට සිදු වූයේ කුමක්දැයි සොයමින්, ඉතා සූක්ෂ්ම බුද්ධියෙන් කටයුතු කරන තමා වසඟයට ගැනීමට උත්සාහ කරන්නේ මේ සියල්ලටම සම්බන්ධ වූ තැනැත්තියක් යැයි ඔහුට සිතේ. සියක් දහසක් අනතුරු, සියක් දහසක් නිර්නාමික තර්ජන සහ සියක් දහසක් බාධාවන් මැද වුවත්, රෝගාතුර සිය ආදරණීය මෑණ
In stock
මයිසීලියම

මයිසීලියම

2024 ඔක්තෝබර් මාසයේ, ඇමෙරිකාවේ මිචිගන් හි අංක දහසය දරන නිවස! මහා කුණාටුවකට අර අදින මොහොතක්! අඳුරු, සීතල, නිශ්චල රාත් රියක් සසල කළ හෝරාවක්! එමල්කා රෝස් තම සත් හැවිරිදි දියණිය සමඟ මිචිගන් පැමිණෙන්නේ නව ජීවිතයක් ආරම්භ කිරීමේ අරමුණින් යුතුවය. මැල්කම් ඔහුගේ සිතට වද දෙන ඒ අතුරුදන් වීම අමතක කරනු වස්, බිම් මහලට වී දිගින් දිගටම පරීක්ෂණ කටයුතු සිදු කරයි. නමුත් ඒ කුමක් වෙනුවෙන්ද? ලුක් තම ජීවිතයේ රහසක් නිසාවෙන් සියලු දෙනාගෙන් ඈත් වී හුදෙකලා ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරයි. ජෙසිකා තමාගේ අසාර්ථක වූ වෘත්තීයමය ජීවිතය නැවත ගොඩ නගා ගැනීමේ අරමුණින් එවැනි අතපසු වීමක් යළි සිදු නොවීමට සෑම විටම උත්සාහ කරයි. dld රූපලා
In stock
ග්ලැසේරා

ග්ලැසේරා

එය දැන් ඇසෙන්නේ තමන්ට පිටුපසින් ඉතාමත් ආසන්නයේය. බස් රථයේ වූ කහ පැහැ විදුලි බුබුළු නිවී ගියේය. අනුදැනුමින් තොරවම ඔහුගේ උදරයේ මාංශ පේශි හැකි ළෙන්නට විය. හදවත කඩාගෙන එළියට පනින්නට තරම් වේගයෙන් ගැහෙන්නට විය. ඔහුගේ ආශ්වාස ප් රශ්වාස කිරීම් වේගයෙන් සිදු විය. පෙණහලු සංකෝචනය වන හා ඉහිල් වන විට ඇති වන පීඩනය ප් රබලව ප් රථම වතාවට ඔහුට දැනෙන්නට විය. ඔහු වහාම පිටුපසට හැරී තම අතේ තිබූ ජංගම දුරකථනයේ ආලෝකයෙන් බස් රථයේ පිටුපස පරීක්ෂා කළේය. නමුත් එහි කිසිවෙකු හෝ කිසිවක් නොවීය. ගීතයේ හඬ නතර වී තිබුණි. නමුත් ඔහු පිටුපස අසුනේ යම්කිසි කුඩා චලනයක් දුටුවේය. එනිසාම ඔහු පියවරක් ඉදිරියට තැබුවේය; නැවත තවත් පියවරක් ඉදිරිය
In stock
පොසිටිව්

පොසිටිව්

එම තිරයෙන් දිස්වෙමින් තිබුණේ ට් රක් රථයේ පසුපස කොටස ඇතුළත කැමරාවකින් සටහන් කෙරෙන සජීවී දර්ශනයි. ඇතුළත සම්පූර්ණයෙන්ම කොළ පාට නියෝන් ආලෝකයෙන් පිරී තිබුණි. එතුළ තිබුණේ එකම එක දෙයකි. එය නිශ්චලව පවතී. ඇය එදෙස මඳ වේලාවක් බලා සිටියාය. එතුළින් ඇයට මරණය පෙනෙන්නට විය. මිනිසුන්ගේ විලාප එතුළ විය. මිනිසුන්ගේ සියලු නොසන්සුන්තාවයන් එතුළ විය. සියලුම මිනිසුන්ගේ සැනසීම අහිමි කිරීම් එ තුළ විය. කොටින්ම, මිහිපිට නිරය ඒ තුළ විය! තිරයේ දිස් වන ආකාරයට තවමත් ඔහු යකඩ දම්වැල්වලින් බැඳ ට් රක් රථයේ කෙළවරකට වන්නට ගැට ගසා සිටියේය. ඔහු නින්දත් නොනින්දත් අතර සිටින බව ඇය දන්නීය. නමුත් මේ නිදා ගැනීම තවත් සුළු කාලයකට පමණි. ඔහුට
In stock
තුමුල ප්රේමය

තුමුල ප්රේමය

මට ඔයාලව තම්බුණේ ෆස්ට් ඉයර් එකේ. එදා ඉඳන් විටින් විට මම ඔයාලව දැක්කා. ඔයාලා හැදෙන විදිහ අපි බලාගෙන හිටියා. ඔය ළමයින්ට දවසක කියන්න කතාවක් තියෙන්න ඕනි කියලා මම මේ පන්තියට ආව මුල්ම දවසෙම මම ඔයාලට කිව්වා. ඒ වගේම ඔයාලා හැමෝම ඒ කතාව අඩු වැඩි විදිහට තමන්ගේ ක් රමයකට හදාගත්තා. හැබැයි... අදින් පස්සේ මම කියන ඒ කතාව මම වෙනස් කරනවා. නෙත්මි කියලා ළමයෙක් මේ කැම්පස් එකේ 2021/2022 බැච් එකේ හිටියා. අන්න ඒ ළමයා මේ කැම්පස් එකේ කළමනාකරණ පීඨයේ ඉතිහාසය අලුතින් ලියන්න උත්සාහ කළා. අන්න ඒ වගේ කතාවක් දවසක ඔයාලටත් තියෙන්න ඕන. අදින් පස්සෙ මම අලුත් ළමයින්ට කියන කතාව ඔය විදිහට වෙනස් වෙයි. ඒක එහෙම වෙන්නම ඕන. මොකද, නෙත්මි කරප
In stock
ගෙජ්ජි

ගෙජ්ජි

අනුරාධපුර දිස්ත් රික්කයේ, ඉපලෝගම ප් රාදේශීය ලේකම් කොට්ඨාසයේ, 156 බී කලාවැව - ග් රාම සේවා වසමේ පදිංචි, හේරත් මුදියන්සේලාගේ හේරත් කුමාර වන මම, මින් ඉදිරියට පීටර් ඩී ලිවේරා යනුවෙන් භාවිත කරන බවට ශ් රී ලංකා ජන රජයටත් මහජනතාවටත් මෙයින් දැනුම් දෙමි. පීටර් ඩී ලිවේරා t19830222 අනුරාධපුර දිස්ත් රික්කයේ, ඉපලෝගම ප් රාදේශීය ලේකම් කොට්ඨාසයේ, 117 කලාවැව ග් රාම සේවක වසමේ පදිංචි පඬිකාරලාගේ නිමල් ශාන්ත වන මම මින් ඉදිරියට රයන් වැන්දබෝනා යනුවෙන් භාවිතා කරන බවට ශ් රී ලංකා ජන රජයටත් මහජනතාවටත් මෙයින් දැනුම් දෙමි. රයන් වැන්දබෝනා t19871002 අනුරාධපුර දිස්ත් රික්කයේ, ඉපලෝගම ප් රාදේශීය ලේකම් කොට්ඨාසයේ, 58 ඒ කලාවැව ග් ර
In stock
ගෙම්බරී

ගෙම්බරී

ඒක ටක්කෙටම කියන්න මම දන්නෙ නැහැ. ඒත් මට පොඩි විශ්වාසයක් තියෙනව. එහෙම වුණොත් සඳුනි එක්ක එතන ඉඳන් සතුටින් ජීවත් වෙනව. එහෙම නූනොත් ඒත් සතුටින් ඉන්නව. ගෙම්බෙක් වෙච්ච එක සතුටු නොවෙන්න තරං නරක හේතුවක් නෙමේනෙ බං. එතකොට බැරි වෙලාවත් ඒ හාද්දෙන් පස්සෙ සඳුනිත් ගෙම්බියෙක් වුණොත්? ඔයා කියන වනමලී අක්ක වගෙම මහත, හමේ කොරළ තියෙන... අව කැපෙන කතා කියන්න එපා මොට්ටයො! එතකොට කවදා හරි එයා ඔයාව බැන්දොත් ඔයා එයාට මොකක් කියලද කතා කරන්නෙ? අන්න ඒක නම් මෙච්චර දවසක් මට නිකමටවත් මතක් නොවෙච්ච කාරණාවක්. ඇත්තටම මං කොහොමද එයාට කතා කරන්නෙ? සඳුනි ම කියල කියනවද? සුදු නෝනා...? සුදු අම්මියා...? මැණිකා...? එහෙමත් නැත්නම් පෙම්බරී...?