Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
බිඳුණු පසු හදවත

බිඳුණු පසු හදවත

ඇයට මතක ඇති කාලයේ පටන්ම ඉවැන්ජලීන් ෆොක්ස් සත් ය ප් රේමය සහ සතුටෙන් පිරුණු අවසාන ගැන විශ්වාස කළාය. නමුදු ඒ ඇගේ ආදරය වෙනත් අයකු සමග විවාහ වීමට යන බව දැන ගන්නා තුරු පමණි. මංගල උත්සවය නතර කිරීමට සහ ඇගේ බිඳුණු හදවත සුවපත් කර ගැනීමට ඕනෑම දෙයක් කිරීමට සූදානමින් පසු වෙන ඉවැන්ජලින් ආකර්ෂණීය නමුදු කූරිරු හදවත් කුමරු සමග සම්මුතියකට එළඹෙන්නිය. ඔහුගේ උපකාරය වෙනුවෙන් ඔහු ඇගෙන් හාදු තුනක් ඉල්ලයි. එම භාදු තුන ලබා දිය යුත්තේ ඔහු තෝරා ගත් ස්ථානවලදි, තෝරා ගත් වේලාවන්ටයි. එසේ වුවද, ඇගේ පොරොන්දු වූ පළමු හාදුවෙන් අනතුරුව අමරණීයයකු සමග ගනුදෙනු කිරිම භයානක කාර්යයක් බව ඉවැන්ජලින් වටහා ගන්නිය-ඇය පොරොන්දු වූවාට වඩා විශා
In stock
රූකඩයෝ හතරදෙනා ඇතුළු රට රටවල ජනකතා

රූකඩයෝ හතරදෙනා ඇතුළු රට රටවල ජනකතා

රටක හෝ ජන සමාජයක කට වහරින් ලිඛිතව, රඟ දැක්වීම මගින් හෝ වෙනත් ඕනෑම ආකාරයකින් සම්ප් රදායිකව පැවත එන කතා ජන කතා නම් වේ. ඇතැමුන් ජන කතා දකින්නේ නොදියුණු නූගත් පොදු මිනිසුන්ගේ පුංචි සිත් තුළ ඇතිවූ ප් රාථමික හැඟීම් ලෙසටය. නමුත් ජන කතාවක් යනු ජන සමාජයක භෞතික, මානුෂික, සමාජයීය හා සංස්කෘතික දිවිපැවැත්ම මෙන්ම ඔවුන්ගේ සිතුම් පැතුම් ගෙනහැර පාන කැඩපතක් බඳු දෙයකි. ලේඛන කලාව ප් රකට නොවූ යුගයේ සිට පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන මේවා අධ් යයනය කිරීම මගින් අපට ජීවිතයට බොහෝ පාඩම් උගත හැකිය. ඊසෝප්ගේ උපමා කතා, පංච තන්ත් රය, අරාබි නිසොල්ලාසය හා බෞද්ධ ජාතක කතා ආදිය ප් රකට ජන කතාවලට නිදසුන්ය. එක් එක් රටවලට ආවේණික ඔවුන්
In stock
කැරවල්

කැරවල්

'මතක තියාගන්න, මේ ඔක්කෝම සෙල්ලමක් විතරයි. මේ ගේට්ටුවලින් එහා සිද්ධ වෙන දේවල් ඔබව බියවද්දාව්, නැත්නම් තිගැස්මට පත් කරාවි. ඒත් ඒ කිසිම දේකට ඔබව රවටන්නට ඉඩ දෙන්න එපා.' අවුරුද්දකට වතාවක් කුප් රකට මාස්ටර් ලෙජන්ඩ් කැරවල් එකක් පවත්වයි. ආරාධනා කරනු ලබන්නන්ට පමණක් විවෘත වේ. මේ අවුරුද්දේ සතියක් දිගු සෙල්ලම පවත්වනු ලබන්නේ, වක ගැසුණු මාර්ග හා හිමෙන් වැසුණු වංගගිරියක් වූද මිනිස්සු කොහෙත්ම ඔවුන්ගේ පෙනුමෙන් මැනිය නොහැකි වූවද ලෙජන්ඩ්ගේ දිලිසෙන දූපත වූ මායාවී දිවයිනේය. පළමු දින මධ් යම රාත් රියේ දී දර්ශනය පටන් ගන්නා අතර අමුත්තන්, සෙල්ලම් කරන්නන් බවට පත් වේ. සෑම කෙනෙක්ම ලෝභ සිතෙන තෑග්ගක් වෙනුවෙන් තරග කරන්නේය: එක
In stock
ප්රතිබිම්බ

ප්රතිබිම්බ

පුරාණයේ සිට පැවත එන ඒ ගුහාව, අඳුරු සෙවනැල්ලක් මෙන් ප් රදේශය පුරා බිය වැපිරවීය. එහි නම ඇසූ පමණින් ගම්වැසියන්ගේ ගත කිලිපොලා ගියේ, කිසිවකුටත් ඒ අසලකටවත් යාමට සිත් නොදුන් තරම් භයානක ශබ්ද එම ස්ථානයෙන් ඇසෙන නිසාවෙනි. හොල්මන් අවතාරවල කෙඳිරිල්ලක් මෙන් දෝංකාර දුන් ඒ ශබ්ද, රාත් රියේ නිහඬතාවය බිඳ දමමින් භීතියේ මීදුමක් සෑමතැනම පැතිරවීය. එහෙත් මේ භයංකර කන්ද පාමුල, තනිකඩව භාවනා මධ් යස්ථානයක් පවත්වාගෙන යන අමුතු මිනිසෙක් වාසය කළේය. ඔහු වෙත සිතේ වේදනාවෙන්, මානසික අවපීඩනයෙන් හා විශාදියෙන් මිරිකී ආ රෝගීහු පුදුමාකාර ලෙස සුවය ලැබූහ. ඒ අරුමයේ රහස කාටවත් වැටහුණේ නැත. ඔහුත්, බියකරු ගුහාවත් අතර තිබූ අද්භූත සම්බන්ධය කු
In stock
ෆ්ලොරන්ස්හි මෝහිණිය

ෆ්ලොරන්ස්හි මෝහිණිය

කහ කෙස් ඇති විදේශිකයෙක් හින්දුස්ථානයේ මෝගල් අධිරාජයා වන අක්බර්ගේ රජවාසල වෙත එන්නේ රජ පෙළපත සලිත කරන, පුරවැසියන්ගේ සිතුවිලි වෙනස් කරන බලගතු රහසක් දරාගෙනය. එහෙත් ඒ රහස අධිරාජයාට පැවසීමට හැකිවන්නේ රජ සබයේ සම්ප් රදායන්, දේශපාලන කටයුතු, ප් රභූ පුද්ගල මැදිහත්වීම් වැනි විවිධ බාධක අතරතුරිනි. ඉන්ද් රජාලික ගුප්ත බල ඇතැයි සැලකෙන මෝගල් රජ කුමරියක් වන මන බඳන කළු ඇස් ඇති කේරා කොස් මුලින් උස්බෙක් පාලකයාද අනතුරුව පර්සියාවේ ෂා විසින්ද පැහැරගනු ලැබ අන්තිමට ඔවුන් පරාජය කළ අර්නේලියා නම් ෆ්ලොරන්ස් රණශූරයකු හා ආලයෙන් බැඳේ. අර්ගේලියා ඇයව තම රට වන ෆ්ලොරන්සයට රැගෙන ගිය විට මුළු රටම වශි කරගැන්මට ඇය සමත් වේ. මෝහිණිය මේ
In stock
අවුට්ලැන්ඩර්

අවුට්ලැන්ඩර්

ස්කොට්ලන්ත කඳුකරය, 1945 දෙවැනි ලෝක මහා සංග් රාමයේ දී හෙදියක ලෙස කටයුතු කළ ක්ලේයර් රැන්ඩෝල් තම සැමියා සමග කඳුකරයට පැමිණ සිටියේ ඔවුන්ගේ දෙවැනි මධුසමය ගත කරනු පිණිසය. දිනක ඇය කඳුකරයේ වූ කවයක හැඩගත් ඉපැරැණි පාෂාණ කුලූනු කිහිපයක් මධ් යයට ගියාය. හදිසියේ ගුමු ගුමුවක් වැනි හඬක් සමග ඇය ඇදී ගියේ බ් රිතාන් යය හා ස්කොට්ලන්ත වංශවතුන් අතර ගැටුම් පැවැති 1743 වසරටය. ප් රචණ්ඩත්වය, ලාලසාව හා මරණීය තර්ජන මැද ඇගේ පිහිටට සිටියේ ශක්තිමත් රණශූර ජේමී ෆ් රේසර් පමණකි. එය එකිනෙකාට වෙනස් වූ පිරිමින් දෙදෙනකු, එකිනෙකට වෙනස් වූ ප් රේමයන් දෙකක්, කාල වකවානු දෙකක් අතර ඇය යා යුතු බිහිසුණු හා හැඟුම්බර ගමනක් වූයේය.
In stock
සිනර්

සිනර්

ග් රේස්ටෝන්ස් කන් යාරාමයේදී ඝාතනය වන කන් යා සොහොයුරියක් සහ ඝාතකයාගෙන් දිව් ගලවාගෙන කෝමා තත්ත්වයට පත්වන කන් යා සොහොයුරියක් නිසා බොස්ටන් නගරයම භීතියට පත් වේ. ඒ සමඟම තවත් ඛේදජනක ඝාතන රාශියක් වාර්තා වීමත් සමඟම අධිකරණ වෛද් ය මූරා අයිල්ස් සහ රහස් පරීක්ෂක ජේන් රිසොලි ඇතුළු බොස්ටන් පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ විමර්ශන අංශයට මෙම ඝාතන සියල්ලේ අබිරහස විසඳීම බැරෑරුම් වන්නේ, ඔවුන් ඉදිරියේ නිදි වර්ජිත රාත් රීන් සහ පිළිතුරු නොමැති පරස්පර වූ පැන ගොන්නක් ගොඩගැසීමෙන් පසුවය. කන් යා සොහොයුරියක් සාහසික ලෙස ඝාතනය කිරීමට එඩිතර වූ වූ පව්කාරයා කවුද? නගරයේ සිදුවන අනෙකුත් ඝාතනයන්ට වගකිවයුත්තා කවුද? අවසානයේ මෙම ඝාතන සියල
In stock
පෝස්ට්මෝර්ටම්

පෝස්ට්මෝර්ටම්

ම්ලේච්ඡ දාම ඝාතකයකු වර්ජීනියාවේ රිච්මන්ඩ් නගරයේ කාන්තාවන් අමානුෂික ලෙස ඝාතනය කරන විට, අධිකරණ වෛද් ය විශේෂඥ වෛද් ය කේ ස්කාර්පෙටා හට පැවරෙන්නේ ඔහුට ගොදුරු වුවන්ගේ සිරුරු තුළ සැඟවී ඇති සත් යය අනාවරණය කර ගැනීමටයි. අති නවීන අධිකරණ වෛද් ය විද් යාවෙන් සන්නද්ධව, ඔහු නැවත කාන්තාවක් ඝාතනය කිරීමට පෙර ඇය ඉතිරිව ඇති ඉඟි කිහිපයක් විකේතනය කළ යුතුය. නමුත් ඇය සත් යයට ළං වන විටම ඝාතකයා එක් පියවරක් ඉදිරියෙන් සිටින බව සෑම විටම සහතික කරයි. නොසිතූ ආකාරයේ අවදානම් රාශියකට මුහුණ දෙමින් රිච්මන්ඩ් පොලිස් දෙපාර්තමේන්තුව මෙන්ම fbi ආයතනයේද සහාය ලබාගෙන වෛද් ය කේ ස්කාර්පෙටාට ඝාතකයා හඳුනා ගැනීමට හැකිවේද? වසරක් තුළදී edgar, cr
In stock
පිටසක්වළින් ආ මගේ අම්මා
In stock
රිවර්ටන් මැදුර

රිවර්ටන් මැදුර

ප් රේමයක්, අබිරහසක් සහ රහසිගත අතීතයක හෙළිදරවු කිරීමක් පිළිබඳ කතාවක්. 1924 ගිම්හානය ජෝතිමත් ප් රිය සම්භාෂණයක් පැවැත්වෙන සන්ධ් යාවක, ගම්බද ඉංග් රීසි ප් රභූ මැදුරකදී, තරුණ කවියෙක් සිය පණ නසා ගනියි. එම මරණයෙහි එකම ඇසින් දුටු සාක්කිකරුවන් යුගලය වෙන හැනා සහ එමලින් හාඩ් දෙසොහොයුරියෝ නැවත කිසි දිනෙක එකිනෙකා සමග කතාබස් නොකරති. 1999 සිසිරය කවියාගේ සිය දිවි නසා ගැනීම පිළිබඳ චිත් රපටයක් නිර්මාණය කරමින් සිටින තරුණ අධ් යක් ෂකවරියක් වරෙක රිවර්ටන් මැදුරේ සේවිකාවක වූ දැන් අනූඅට හැවිරිදි වියේ පසු වන ග් රේස් බ් රැඩ්ලි හමුවීමට පැමිණෙයි. අවතාර නොසන්සුන් වෙති. දීර්ඝ කාලයකට පෙර ග් රේගේ මනසේ අඳුරු අහුමුලුවල සිර කර තැ
In stock
සමුදුරු විලාපය

සමුදුරු විලාපය

සමුදුරක් අසල මන්දිරයක වෙසෙන සොයුරියන් දොළොස්දෙනෙක් ශාපයට ලක් වෙති. ඇනලී සිය සොයුරියන් සමග හයිමෝ මන්දිරයෙහි සුරක් ෂිත ජීවිතයක් ගත කරයි. වරක් සොයුරියෝ දොළොස්දෙනෙක් සිටියහ. එනමුදු, ගැහැනු ළමුන් සතරදෙනෙකුගේ ජීවිත අකාලයේ අවසන් වූ බැවින් දැන් මන්දිරයෙහි විසල් ශාලා හුදෙකලාවෙන් පිරී පවතී. එම සෑම මරණයක්ම පෙර මරණයට වඩා ඛේදනීය විය. තමන්ට දක්නට ලැබෙන අවතාරමය දර්ශන සමූහයක් හමුවේ විපිළිසර වෙන ඇනලී තම සොයුරියන්ගේ මරණ හදිසි මරණ නොවේ යන සැකයෙන් පෙළෙන්නීය. මෙම ගැහැනු ළමෝ සෑම රාත් රියකම ජෝතිමත් ආලිංගන නැටුම්වලට සහභාගී වීම උදෙසා මන්දිරයෙන් රහසින්ම පිටතට ගියහ. ඔවුහු සේද ගවුමින්, දිලිසෙන සපත්තුවලින් සැරසී අරුණෝදය ව
In stock
පලාගිය සිරකරුවාගේ අබිරහස

පලාගිය සිරකරුවාගේ අබිරහස

වෙස් මාරු කරගැනීමට ෆැටී හරිම දක් ෂයි. ඔහු නිතර නිතර වෙස් මාරු කරගෙන විවිධ අබිරහස් කීපයක්ම විසඳනවා. ඔහු හිතන්නේ ඔහු ඒ කටයුත්තට, ඒ කියන්නේ වෙස් මාරු කර ගැනීමට තමුන් අති දක් ෂයි කියලයි. ඒක සැබෑවක්. ඒත් ඒ ෆැන්ජියෝ මහත්මිය හමුවන තෙක් පමණයි. නමුත් ඇය මොන තරම් අපූරුවට වෙස්වලාගෙන සිටියත් එය විනිවිද දැකීමට ෆැටී සමත් වෙනවා. මෙතනදිත් ඇයව පාවා දෙන්නේ ඇගේ සුරතලා. ඒක නම් හරිම කනගාටුවට කාරණයක් නේද? තමන්ගේ සුරතලා තමුන්ව පාවා දීම. හිතන්නත් දුකයි නේද? නමුත් පලා ගිය සිරකරුවා කොටු කර ගැනීමට කිසිවකු නොසිතූ ලෙස ෆැටී සහ ඔහුගේ කණ්ඩායම සුපුරුදු ලෙසම සමත් වෙනවා. මෙහිදී අලුත්ම විනෝදාංශයක් ගැන දැන ගැනීටමත් ඔබට හැකියාව ලැ
In stock
බෑන්ෂී අටල්ලේ අබිරහස

බෑන්ෂී අටල්ලේ අබිරහස

නිවාඩුව ගත කරන්න කදිම අබිරහසක් මෙදා පාරත් සොයන්නෝ පස්දෙනාට ලැබෙනවා. මේක නම් ලේසි පහසු අබිරහසක් නොවේ. ජාත් යන්තරයට පවා අවශ් යව පවතින, ඉතාමත් වටිනා චිත් ර හොරට විකුණන, සැලසුම් සහගත අපරාධකාරයකු කොටු කර ගැනීමට ෆැටී ඇතුළු පිරිසට හැකි වෙනවා. මෙහිදී ඔවුන්ට අවශ් ය එකම සහ වැදගත්ම හෝඩුවාව සොයාගනු ලබන්නේ අර්න්. ඔබට අන්ව මතක ඇතැයි මම සිතනවා. ඔහු ගූන්ගේ බෑනා. මෙය තමයි මේ කතා මාලාවේ අවසාන සහ කෙටිම කතාව. නමුත් රසයෙන් නම් කිසිම අඩුවක් නෑ. කුතුහලය, භීතිය මෙන්ම සුපුරුදු පරිදි හාස් යයෙන්ද අඩුවක් නැති බෑන්ෂී අටල්ලේ අබිරහස මොවුන්ගේ වීර වික් රමයන්ගේ තවත් අපූරු දිග හැරුමක්.
In stock
සඳ කවය

සඳ කවය

දැනට බ් රිතාන් යයේ සේවය කරන ජ් යෙෂ්ඨතම පොලිස් නිලධාරිනිය වන ෆ්ලොරන්ස් ලඩි නැවත සබ්ඩින් වෙත පැමිණෙන්නේ ඇය විසින් මීට තිස් වසරකට පෙර සිරගත කළ දාම ඝාතකයකු වූ ලැරී ග්ලාස්බෲක්ට අවසන් ගෞරව දැක්වීම සඳහාය. මිය යාමට දින කිහිපයකට පෙර ලැරී ඇයට කියා සිටියේ සන්හි පැරණි බ්ලැක් මොස් මැනොර් ළමා නිවාසය අසලින් හමුවූ ළමා ඇටසැකිලි හතර පොලිසිය පවසන ආකාරයේ පෞරාණික දේහයන් විය නොහැකි බවයි. ලැරීගේ මරණයත් සමග උපන් නගරයට ආපසු එන කැසී ග්ලාස්බෲක් ඇගේ නවයොවුන් වියේ පෙම්වතාව නැවත දිනා ගැනීම සඳහා සැලසුම් සකස් කරයි. ලැරී අත්අඩංගුවට පත්වීමත් සමග සබ්ඩින් නගරයේ නපුර පළවා හැරිය බව සිතා සිටියත්, සැබැවින්ම එය නපුරේ ආරම්භය බව දැන සි
In stock
ඩොමිනේටර්

ඩොමිනේටර්

සර්ජන් ඝාතන නඩුව නිම වී වසරකට ආසන්න කාලයක් සන්සුන්ව ගතවී හමාරය. නමුත් නැවතත් එම තත්ත්වය හාත්පසින්ම උඩු යටිකුරු වූයේ විවිධ ප් රදේශවල සිදුවූ නව ඝාතන රැල්ලක ආරම්භය සමඟිනි. සර්ජන් නඩුවෙන් හෙම්බත් වී සිටි බොස්ටන් පොලිසිය තවත් අසීරු අඩියකට පත්වූයේ නව දාම ඝාතනයන්හි සර්ජන් දාම ඝාතන රැල්ලට සමාන සහ අසමාන ලක්ෂණයන්හි සම්මිශ් රණයක් තිබීම නිසාය. පෙර නොවූ විරූ ලෙස බොස්ටන් පොලිස් දෙපාර්තමේන්තුව සමඟ නිව්ටන් පොලිස් දෙපාර්තමේන්තුව මෙන්ම fbi ආයතනයටද සම්බන්ධ වීමට සිදුවූයේ මෙහි ප් රතිඵලයක් ලෙසය. සර්ජන් යනු කවුරෙක්ද? සර්ජන් සිර අඩස්සියේ සිටියදි නව ඝාතන රැල්ලකින් නගරය මුසපත් කළ ඩොමිනේටර් කවුරුන්ද? වසරකට අධික කාලයක් ය
In stock
ලියතඹර

ලියතඹර

ලියතඹර ඉන්දියාවේ හිමාල වනයේ තිබෙනවා යයි පැවසෙන භාවනානුයෝගී තවුසන්ගේ සිල් බිඳින්නට තරම් කාන්තා රූපයකට සමාන රුවෙන් යුත් ලියතඹරා මල් වැනි වූ, රජ කුමරුන්ගේ, සෙන්පතියන්ගේ, මහා කාව් යකාරයන්ගේ සිල් බිඳින විවිධ ගති ගුණාංගයන්ගෙන් යුතු ස්ත් රී චරිත තුනක් පිළිබඳව කියවෙන අපූර්ව කතා තුනකින් සැදුම් ලත් නවකතාවකි. ඉන්දු කාශ්මීර දේශසීමාවේ යුද්ධය ඇවිලෙමින් පැවති සමයක ඈත දුෂ්කර කරම්පූර් ගම්මානයේ ඉපිද, හර්යානා ප් රාන්තයේ හමුදා නිලධාරියකුගේ බිරිඳ බවට පත්වන දීපචන්දාට කුමක් සිදුවේවි ද..? ස්වර්ණද්වීප නම් සුන්දර රාජධානියේ සියම් දේශයේ බිසවකගේ සහ ස්වර්ණද්වීප බිසවගේ පුත් කුමරුන් දෙදෙනාගේ බල අරගලයට මැදිවන ලෝකුරුගමේ රන්කරු
In stock
බර්ඩි

බර්ඩි

මගේ සැබෑ නම කිසිවකුටත් මතක නැත. එම ගිම්හානයේ සැබැවින්ම සිදු වූ දේ කිසිවෙක් නොදනිති. දහනවවෙනි සියවසේ එක් හේමන්තයක, කුඩා දැරියකව ලන්ඩනයේ පටු වීදීවලදී අත්හැර දමා යන ලදී. අබිරහස් ආගන්තුකයකු විසින් හදා වඩා ගන්නා මෙම දැරිය පිළිවෙළින් සෙරක්, යෙහෙළියක්, අනුප් රාණ නිධියක් සහ පෙම්වතියක් වන්නීය. ඉක්බිති, 1862 වසරේ ගිම්හානයේදී, ඇගේ දහඅටවෙනි උපන් දිනය පසුව නොබෝ දිනකින්ම, ඕ සිත්තරුන් පිරිසක් සමග ඉහළ තේම්ස් නදියේ නිසල ගංගා දඟරයක පිහිටි සුන්දර නිවෙසකට විවේක සුව විඳීම පිණිස යන්නීය... සිත්වල කලබලය, නොඉවසුම් බව ඉහළ යයි. එක් ග් රීෂ්මාධික සැන්දෑවක වෙඩි පහරක හඬ අවට ගිගුම් දෙයි. කාන්තාවක් මරණයට ලක් වේ, තවත් කතක් අතු
In stock
ෂර්ලොක් හෝම්ස් - ලොව විශිෂ්ටතම රහස් පරීක්ෂකයාගේ පසුබිම් කතාව

ෂර්ලොක් හෝම්ස් - ලොව විශිෂ්ටතම රහස් පරීක්ෂකයාගේ පසුබිම් කතාව

ඔබ ෂර්ලොක් හෝම්ස් කතා රසිකයෙක් නම් එම කතා නිර්මාණයේදී ඩොයිල් මුහුණ දුන් විවිධ අත්දැකීම් දැනගෙන සිටීමෙන් ඔබට ඒවා වඩාත් හොඳින් තේරුම් ගැනීමට හා රස විඳීමට හැකිවෙනවා ඇත. ඒ සඳහා අවශ් ය සියලුම මගපෙන්වීම් හා තවත් බොහෝ දේවල් මෙම විනෝදාත්මක, සිත් කාවදින, තොරතුරු පිරුන මෙම විශේෂ කෘතියෙන් සොයා ගත හැකිය. මෙය llfe සඟරාව මගින් ප් රකාශයට පත්කළ sherlock holmes: the story behind the world's greatest detective නමින් ජේ. අයි. බේකර් විසින් සංස්කරණය කරන කරන ලද කෘතිය පාදක කර ගත් පරිවර්තනයකි. සර් ආතර් කොනන් ඩොයිල් නමැති ශ් රේෂ්ඨ බ් රිතාන් ය ලේඛකයාගේ චරිතාපදානය මෙන්ම ඔහුගේ විශිෂ්ටතම රහස් පරීක්ෂකයා වූ ෂර්ලොක් හෝම්ස්ගේ