Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
රුකී
Out of stock
නොහඬන බඹරිඳු 1 සහ 2

නොහඬන බඹරිඳු 1 සහ 2

"ඒත් මං කොගොමද දෙයියනේ, උඹට මේවයෙ ණය ගෙවන්නෙ...? මං මොනවද උඹට දෙන්නෙ..? "ම... මට දෙන්න කිසිම දෙයක් නෑ අරුනෝද්... " රොෂාන්ගේ ඇස්වලින් කඳුළු වැලක් ගලාගෙන යද්දි ගමයා බ්රූස් ගාලා නහය උඩට ඇද්දා. "මගේ පුතා කිව්වා වගේම අපිට දෙන්න දෙයක් නෑ මගෙ දෙයියෝ... මේ කරන උදව් උපකාරවලට අපි ආත්ම ගානක් යනකල් හරි ඔය රත්තරන් කකුල් දෙක ගාව වැටිලා දාසකම් කරන්නම්... ඒත් අපිට මේ ණය ගෙවල ඉවර කරන්න බෑ. මගෙ දෙයියොන්ට බුදු බව අත්වෙන්න ඕන..." රොෂාන්ගෙ අම්මා අත්දෙක එකතු කරලා මට වැන්දා. ඒ දේ වළක්වන්න මං ස්ටූල් එකෙන් නැගිට්ටත්, ඒ මුණේ තිබ්බ අව් යාජකමයි, කඳුළු ගංගාවයි දැකල මං එතනම ගල් ගැහුනා. "....අ...අපිට මේ වගේ දෙයක් අපේ කෙනෙක්
In stock
සසර මන්තර

සසර මන්තර

විශ්වාස කරයිද මන්දා. කාලාන්තරයක් මඟ බලන් ඉඳලා සිරි පතුල පෙනි පෙනීම ආපහු හැරුණ පින් නැත්තී මං.. සඳ දැක දැකම වලාකුළු පල්ලෙන් බිමට පතබෑ වුණ අහිංසකීත් මං... හීන යායම ගින්දරට මැදි වෙද්දි හුස්මාල්ලන් ජීවිතේ ගැට ගැහුව බෝවිටියා මලත් මං... ප් රේමයේ අපරිමාණ දැනීම් කන්දරාව පාමුල ගල් කුළක් වුණෙත් මං... මහමෙරක දුක් කන්දක් උඩ කඳුළු දෙපතුලට පාගන් හිනා මල් කිනිති අහුලන තාරකාවත් මං... අතැරි ඇතැරී ඉපදෙන හැම සංසාරෙම නුඹ පස්සෙ ගාටන සසර මන්තරෙන් මං... ප් රේමණීය හිත් දරාන මතක එක්කම නිදි වදින ඇත්තිනෙ නොකිව්වට මේ මං...!! ඒත්, එහෙව් ප් රේමයක් හිත දරාගන්නට නුඹව දෑහට දකින්න පෙරුම් පුරන්නෙ කොහොමද අද මං...??
In stock
සිසිරයේ කාර්තු

සිසිරයේ කාර්තු

අත් හැරියේ මාය. දමා ආයේත් මේ මාය. උඳු කුඩක වරදක් මෙතුවකට නොකළ උණුහුම් කෝපි කෝප්ප සිය දහසක උණුහුම පුරවා ගත් බැඳීමක් ඒත්, වෙසක් සැරසිල්ලක් සේ හිත් කූඩුවේ එල්ලී ඒ මේ අත පැද්දේ. මේ දැනුත් පැද්දේ. ආලෝකය නිවී ගිය සැරසිල්ලේ දීප්තිය, මයෙ ඉපදෙන මියෙන හැම සිතිවිල්ලක් අස්සේම තරු කැට පරදා පිරිමි කාන්දම් දෑසක් ඕනවටත් වඩා දිලිසේ. බැඳීම් එහෙමය. ප් රේමය ඉස්සර කරගත් ජීවිතයේ හැටිත් එහෙමය. 'පුළුවන් නම් සමාවෙන්න.' මා කීයේ අඳුර පොරවා ගත් නකල්ස් කන්දට දෑස් තියාය. කන්ද උන්නේ හැමදාමත් වගේ මා දරා බුම්මා ගෙනය. ඔබ නොදන්නවාට, නොකීවාට මේ මහා කන්දත් මගේ ප් රේමය ළඟ අගුටුමිටිය. එතරම් උසට ප් රේමයක් හර්දයේ නිධානයක් සේ සැඟව තවම
In stock
විජේවීර-ගමනායක අරගලයක සැඟවුණු කතා

විජේවීර-ගමනායක අරගලයක සැඟවුණු කතා

කතුවරයා ගැන තිස්ස කොරතොට හට මා හෘදයංගමව ආසක්ත වූයේ ඔහු මට මුණගැසෙන්නට බොහෝ කලකට පෙරය. ඒ ඉරිදා දිවයින පුවත්පතේ පළ වූ ඔහුගේ විවිධ ලිපි කියවා ලැබූ ආස්වාදය නිසාය. තිස්සගේ ලේඛන පදාසය ඔහු නොයෙක වර්ණයන්ගෙන් හා හැඩයන්ගෙන් බරසාර, හරසාර සහ රසසාර කරයි. එය මනහර සිතුවමක් විඳගන්නා සේය. ඔහු සතු හෘද ප් රකම්පිත බස්වහර විටෙක පපු කුහරයේ අහුමුලු තුළට ද වැද සසල කරවන තරම්ය. තිස්සගේ නිර්මාණශීලී ලිපි සැරියට මා පෙම් බඳින්නෙකු වූයේ ඔහු දකින්නට පෙර සිට යැයි පැවැසුවේ එහෙයිනි. ඔහු 'ඉරිදා මව්බිම ට එක්වීමෙන් පසු මම ඔහුගේ සමීපතම සහෘදයකු වීමි. ඔහුගේ ලේඛනයේ අපූර්වත්වය මා නිදර්ශනාර්ථයෙන් ම අත්දැක විඳගත්තේ එහිදීය. තිස්ස අප මෙන්
In stock
රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය හා රියැලිටි ආකෘතිය

රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය හා රියැලිටි ආකෘතිය

රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය හා රියැලිටි ආකෘතිය ග් රන්ථයේ කතුවරයා කැලණිය විශ්වවිද් යාලයේ නාට් ය හා රංගකලා සහ ප් රතිබිම්බ කලා අධ් යයන ඒකකයෙන් සිය විශේෂවේදී උපාධිය හදාරා ඇති අතර, දැනට කැලණිය විශ්වවිද් යාලයේ ජනසන්නිවේදන අධ් යයනාංශයේ සමාජ විද් යාපති උපාධිය නිමකරමින් සිටියි. ඔහු රූපවාහිනී ආයතන කිහිපයකම වැඩසටහන් නිෂ්පාදකවරයෙක් ලෙස සේවය කර ඇති අතර, දැනට ශ් රී ලංකා පාර්ලිමේන්තුවේ මාධ් ය නිලධාරියෙකු ලෙස සේවය කරයි. සිය ශාස්ත් රීය සහ ප් රායෝගික දැනුම මුසු කරමින් රචනාකොට ඇති මෙම ග් රන්ථය වත්මන් හා මතු සිසු පරපුරට අත්පොතක් වනු ඇත. කාලීන අවශ් යතාවක් ලෙස හඳුනාගෙන ඇති වත්මන් තාක්ෂණික දැනුම ප් රායෝගිකව භාවිත ක
In stock
මිහිදන් නොවූ මිනිසා

මිහිදන් නොවූ මිනිසා

සොල්දාදුවෙක් යුද්ධයට යන විට බොහෝ අය සිතන්නේ ඔහුට කල හැකි වන්නේ යුද්ධ කිරීම පමණක් කියාය. යුද්ධ කිරීම හැර තවත් බොහෝදේට දක්ෂ සොල්දාදුවන් මම දැක ඇති අතර, බ් රිගේඩියර් රංජන් විජේදාස ඒ අතරින් කැපී පෙනේ. මතකයේ රැදේ. හිරිමල් යෞවනයේදීම හමුදාවට බැදී යුද්ධයේදී සිය ශරීරාංග පවා ඔහුට අහිමි වුවත් ඔහු පසුබටවූ කෙනෙකු නොවේ. වෙඩ් උණ්ඩ හෝ බෝම්බ වලට ඔහුව නවතන්නට හැකි නොවීය. යුද්ධය නිමා කිරීමට සිය උපරිම දායකත්වය යුධ බිමට ලබාදුන් ඔහු ඉන් පසුව දිවයිනේ විවිධ කඳවුරු වල සේවය කරමින් තමන්ගේ නායකත්වය මනාව විදහාපැවේය. සැබවින්ම ඔහු නිර්මාණශීලි මිනිසෙකි. ඔහු සිටින තැන වඩාත් ඉහළ තැනකට ඔසවා තබන්නට එම නිර්මාණශීලිත්වය හේතු විය. ඔ
In stock
ස්නේහයේ පණකුරු

ස්නේහයේ පණකුරු

ගෑනු ආසයි උණුහුම් වෙන්න. වෙලාවකට අයිස් කන්දක් වගේ හීතල වෙන්න. එහෙම ගෑනු හිතක දිග පළල කියවලා දිය කරන්න පුළුවන් උණුහුම් කෝපි කෝප්පයක් වගේ රස්නෙ තියෙන තෙත පිරිමි හිතකට විතරයි. පරිස්සම් කරන්න, හෙවණ දෙන්න, පුංචි හිතුවක්කාරකම් ළඟ පිරිමි එකම එක ඇහි බැල්මකින් පුච්චද්දි පිච්චෙන්නත් නොකීවාට ගෑනු හරි ලෝබයි. ඇල් මැරිච්ච බැඳීමක් පපුවෙ අලවන් හති වැටිච්ච මං මන්දිරගෙ අළුපාට ඇස් ඇතුළෙන් හෙව්වෙ මට අතැරුණ ලෝකය වෙන්න ඇති. තව මැරිලා තිබ්බ මගෙ හිතට පැන් අහුරක් වෙන්න ඇති. මේ වෙව්ලන දෙතොල් අග්ගිස්සට හිනා ඇබිත්තක් එක්ක හීනෙ පින්තාරු කරගන්න දේදුනු පාට වෙන්නත් ඇති. ඔය මෙකී නොකී හැමදේමත් එක්ක මට කවදාවත් හරිහැටි නොලැබුණ ආ
In stock
ශිඛර

ශිඛර

අවසන් සෙංකඩගල රාජ් ය සමයේ අප නොදන්නා වහංගු වී ගිය බලහත්කාරයෙන් සඟවා තැබූ ඉතිහාස කතන්දර බෝමය. ඒ සිදුවීම් අගිස්සවමින් උණුහුම්ව ගිය බල අරගල, දේශපාලන, සමාජ සංස්කෘතිකමය පාවාදීම් අස්සේ සංවේදී සේම දුක්බර සොඳුරු සංසිද්ධීන් ගැන ලියන්නට මට වූයේ අනන්ත වූ දොල දුකකි. ඉතිහාසය උඩුයටිකුරු නොකොට එහි සාඩම්බර බව රකිමින් සත් ය වූ මූලාශ් ර ඇසුරු කොට මා ශිඛර අකුරු කැටුයේ වගකීමෙනි. භක්තියෙනි. ඒ ණයක් පියවනවා සමානව යුතුකමකැයි සලකාගේ අන් නිර්මාණයන්ට සාපේක්ෂව වෙහෙසක් දරාය. සිතිවිලි උල්පතක පහන්මය හැගීමෙන් ගැඹුරටම කිමිද පේ වෙමිනි. සොඳුරු හැබෑ කතන්දර සමඟින් මල් දමක් සේ ඉමිහිරි ප් රේමණීය කාව් යක් දවටා ශිඛර වියන හැම තත්පරයේම
Out of stock
සීතල වැහි කඳුළක්

සීතල වැහි කඳුළක්

මොනවා කියන්නද මන්දා.. හැම ගෑනු හිතකම ඒකායන හීනෙ තමුන්ව දරා ගන්න පිරිමි පපුවක්. දුක්, කඳුළු එක්ක හැම හැලහැප්පීමක් ළඟදිම තුරුල් කරන් හුස්ම පිඹින ජීවිතේ කියා දෙන පිරිමි හිතක්. ගැනු හිතක අන්ධකාරෙ පිරිච්ච අහු මුලු තාරකා පිරිච්ච අහයක් වගේ එළිය කරන තෙත දෑසක්.. මල් පුසුඹ ගලන තුරු හිසක හෙවණ එක්ක ඉසිහුම් ගෑනුකම් කූද්දන උණුහුමක්. ඉදහිටක පිරිමි රළු පරළුකම් අතරෙ දිය වෙවී බැඳීම් පිරිමහ ගන්න, ගහට පොත්ත වගේ බැඳීමක්. මගෙ සිටුවර පුවතෙ ආඩම්බර සඳ, මේ කී නොකී හැමදේම අඩුවක් නැතිවම නුඹ ළඟ. නොවෙනස් වෙන මයෙ ප් රේමණීයම සෘතුව නුඹ..'' අත නොහැර මේ සංසාරෙත් මුණ ගැහුණට පින් ඔන්න උතුරන්න. -අමා-
In stock
යුරෝපීය ශාස්ත්රාලයීය චිත්ර කලාවේ නිරූපිත රෝම ඉතිහාසය (රොමියුලස්ගේ සිට ඔගස්ටස් දක්වා)

යුරෝපීය ශාස්ත්රාලයීය චිත්ර කලාවේ නිරූපිත රෝම ඉතිහාසය (රොමියුලස්ගේ සිට ඔගස්ටස් දක්වා)

දෘශ් ය සාක්ෂරතාව දෘශ් ය ඉගැනුම් ශෛලියේ වැදගත් අංගයකි. ඉන් සිදුවන්නේ දෘශ් ය රූපයක සංඥා, සංකේත මගින් දෙන අර්ථය වටහා ගැනීමට ඇති හැකියාව දියුණු කිරීමයි. ඩිජිටල් මාධ් ය ඉතා ප් රබල බවට පත් ව ඇති විසිඑක්වන සියවසේ රූපවල බලය අන් කවරදාකටත් වැඩියෙන් දැනෙන්නට වී ඇත. එහෙයින් පණිවුඩ, තොරතුරු මෙන්ම දැනුම සම්ප් රේෂණයට විශේෂ හැකියාවක් සහිත දෘශ් ය ඉගැනුම් ශෛලිය අධ් යාපන උපකරණයක් වශයෙන් භාවිත කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතු ව ඇත. දෘශ් ය රූප පාඨකයා හා චිත්තවේගීය වශයෙන් බැඳෙන අතර, මතකයේ වැඩි කලක් රැඳෙයි. කුතුහලයක් ජනනය කිරීමට මෙන්ම සෙවීමට ද පොලඹවයි. පන්ති කාමරයක සිටින විවිධ බුද්ධි මට්ටම්වල මෙන්ම ශ් රවණ අපහස
In stock
දම් සෙනෙවි

දම් සෙනෙවි

එකල පරසිඳු සාරද නම් වූ මම, ජනුත්තම අනෝමදස්සී නරශ් රේෂ්ඨයන් වහන්සේගෙන් ලත් නියත විවරණයෙන් ඇරඹ, සම්බුදු අගසව් පදවිය පතා දිවිහිමියෙන් පාරමී දම් පිරුවෙමි. පිරූ පාරමී බලනැගී, උතුම් මාපිය යුවලකට ජාතක වීමි. දහස් ගණනක් වූ පරිවාර ජනයාට නායක වීමි. අපමණ ධන ධාන් ය, භවභෝග ලදිමි. රන් රිදී, මුතු මැණික් ආදියෙන් ආඪ් ය වූවෙමි. පුබ්බේ කත මහ පිනක මහිමය! ගිහිගෙදර ගිනිගෙයක් සේ දුටිමි. සෙනෙහසේ ප් රතිමූර්තිය වූ, උතුම් මාපිය යුවල අත්හැරියෙමි. දහස් ගණනක් වූ පරිවාර ජනයාද අත්හැරියෙමි. කෙළ ගණනක් වූ මහා ධන නිධාන, උදෑසන ලූ කෙළ පිඬක් සේ ඉවතලා අභිනික්මන් කළෙමි. අතිජාත මිත් ර කෝලිතයන්ද සමඟින්, සත් ය සොයමින් සැරිසැරුවෙමි. පාරමී
In stock
සාපලත් මව්කුස

සාපලත් මව්කුස

සමාජයේ ඉන්න අසත්පුරුෂ මිනිස්සු, ඒ අයගේ ඔළුවලට විකාර ඇතුළු කරලනෙ තියෙන්නෙත්. ඒක නිසා මස්කපිටට පොරකන බලු රංචුව වගේ, උදේ ඉදලා රෑ වෙනකල් රුපියල් සතවලට පොරකනවා. දරුවන්ව විභාගවලට දක්කනවා. නැත්තං මේ පාරවල් අයිනෙ ඉන්නවා අන්ධ මිනිස්සු ඕන තරම්, පාර මාරුවෙත්ත විදිහක් නැතුව. වෙලාව පරක්කු වුණොත්, පංතියේ පිටිස්සෙ ඉඳගන්න වෙන නිසා, ඒ අමිමා දරුවවත් ඇදගෙන පංතියට දුවනවා, දරුවා ඒ අන්ධ මනුස්සයා දිහා හැරි හැරී බලද්දිත්. සාරධර්මවලින් පිරිච්ච පාරට පිටුපාලා, අසත්පුරුෂයෝ හදලා දීපූ ලෝකෙට මුදුනාවෙන්න පුළුවන් පාර දිගේ ඒ අහිංසක දරුවව දුවවනවා. අන්තිමට කිසි ම ආගමකට දහමකට නැති, කයින් මනුස්සයෙක් වෙච්ච, ඒත් හිතින් තිරිසනෙක් වෙච
In stock
සර්වජන වශිය

සර්වජන වශිය

ඒ මනුස්සයගෙ දුව මැරුණෙ සල්ලි හින්දා නෙමෙයි. පුතා කුඩු ගැහුවෙ, පස්සෙ පරිවාසයට ගියෙත්, ඒ මනුස්සයගෙ විවාහ ජීවිතය අසාර්ථක වුණෙත්, නෝනා දාලා ගියෙත්, හොර ගෑනියෙක් තියාගත්තෙත්, අන්තිමට ඔක්කොම දේපළ නැති වෙලා පිස්සුව හැදුණෙත් සල්ලි හින්දා නෙමෙයිනෙ දෝණි... ජීවත් වෙන්න දැනගෙන හිටියෙ නැති හින්දා. අද මේ ලෝකෙ ඉන්න ගොඩක් මිනිස්සුන්ගෙ ජීවිත අඳුරු වෙලා තියෙන්නෙ, මනුස්ස මනස ක් රියාත්මක වෙන විදිහ දන්නෙ නැති හින්දා... මිනිස්සුන්ට පෙළීම තියෙද්දි ඒකෙන් නිදහස් වෙන්න කරන්න පුළුවන් ලේසි ම දේ කරනවා. ගොඩක් මිනිස්සුන්ට මේ ලෝකෙ කරන්න ලේසි ම දේ පවනෙ. සල්ලි තියෙන මිනිස්සු ලෝහයෝ' කිය කියා, මහා කම්මැලි මිනිස්සු කකුල් දෙකත් උඩ