Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සසරින් එතරට

සසරින් එතරට

"එක දිගට වේගයෙන් ගහකොළ පසු කරමින් යන වාහන කවුළුවෙන් මට ඈත අහසේ කහ පැහැයෙන් දිලිසෙන වටකුරු පුන්සඳ දිස්විණ. ඒ එළියෙන්, පන්සලේ බෝ මළුව තුල මම සිහිනෙන් සක්මන් කරනවා සේ දැනිණි. ඒ මොහොතේ මගේ දෙසවනෙහි පිරිත් සජ්ඣායනාවක් ළඟ ළඟම රැව් දුන්නේ මගේ හිත බොහෝ සංසුන් කරමිනි. එහෙයින් නොදැනුවත්වම මගේ අත් දෙක එකට එකතු වී සාදු සාදු හඬ දුන්නේය. දරුවන් පස්දෙනෙකුගෙන් යුත් දිළිඳු පවුලක ඉපිද හැදීවැඩුණු විසල් නම් කුඩා දරුවාට, පවුලේ නොයෙකුත් අගහිඟකම් දුක් කම්කටොලු නිසා, ළමා කාලයේම ගිහිගෙය හැරදමා පැවිදි දිවියට එළඹෙන්නට සිදු විය. ඔහුගේ ළමා කාලය, පැවිදි දිවිය සහ මැදි වයස අවසන දක්වා අපූරුවට දිව යන ආකාරය ඔබට 'සසරින් එතරට නම්
In stock
චැරොන්
In stock
බෞද්ධ සංස්කෘතික කොල්ලය

බෞද්ධ සංස්කෘතික කොල්ලය

ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය ගවේෂණයක යෙදෙන මෙම ලේඛකයෝ, දේහ ලක්ෂණයෙන් සහ ගති සිරිත්වලින් සිංහලයන් හා සමාන, සිංහලයට ඉතා සමීප භාෂාවන් භාවිත කළ, ඉන්දියාවේ දක්ෂිණාපථයේ බෞද්ධ ප් රජාවන් විසූ රටවල් ගැන තොරතුරු හෙළි කරමින්, මෙතෙක් ඉතිහාසඥයින් නොදුටු සහ බැලීමට අකමැති වූ විෂය පථයක් පිළිබඳ කථිකාවක් අරඹති. මණිමේඛලයි තුරව් සහ සිලප්පාදිකාරම් මහා කාව් යයන්ගේ බෞද්ධ උරුමය පැහැදිලි කිරීම, කෘතියෙන් කෙරෙන ප් රධාන කාර්යයකි. ගජබා රජුගේ මිතුරකු වූ, කේරළයේ සෙංගුවාට්ටුවන් රජුගේ වන්දනාවට ලක් වූ 'කන්නගී , අවලෝකිතේශ්වර බෝධිසත්ව වන්දනාවට අයත් බෞද්ධ දේවතාවික බව කෘතියෙන් පැහැදිලි කෙරේ. 'තාරා' (අම්මා) වන්දනාව ලෙස ල
In stock
උන්මාද තොටමුණ

උන්මාද තොටමුණ

මෙතෙක් කල් රොබෝවරුන් විසින් සැම ඉරියව්වක් ම පාලනය කරනු ලැබූ ලොවක සිටි මම බැඳීම්වලින් තොරව, රොබෝවරුන් ගේ රතු හා නිල් පාට විදුලි ඇස්වල බැල්මෙන් තොරව, නිමේෂයක් පාසා ඇසෙන බීප් හඬේ කන්කරච්චලයෙන් තොරව, ඇඟිලි තුඩු අග්ගිස්සේ නැටෙනා බොත්තම්වලින් විනිර්මුක්තව, නූල කඩාගත් සරුංගලයක් සේ පාවෙමින් සිටින්නෙමි. යකඩ මිනිසුන් ලවා මා ගේ ඉරියව් පාලනය කරනා කැල්වින් ලා මෙහි නැත. මෙය කෙතරම් නිදහස් ලෝකයක් ද? ඇල්බර්ටා විසින් මා තල්ලු කොට ඇත්තේ මා විසින් දිගු කලක් සොය සොයා සිටි මා ගේ ම නිදහස කරා නොවේද? ජාත් යන්තර මාධ් යවලින් හඬ ගා කියැවෙනා ආසියාකරයේ ගරා වැටුණු කොදෙව්වක් වූ තම්බපණ්ණිය මට මේ සා ප් රීති ප් රමෝදයක් අත්කර දෙ
In stock
වත්ත පහළ සුමිතුරෝ

වත්ත පහළ සුමිතුරෝ

2021- 2030 කාලය, සංවේදී පරිසර පද්ධති ස්ථාපිත කිරීමේ දශකය (the un decade on restoration of sensitive ecological systems) ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් කර තිබේ. රටක පාරිසරික උරුමය අනාගත පරපුර වෙත දායාද කිරීම සහ පරිසර හානි වළක්වා ගනිමින්, සංවර්ධන ව් යාපෘති ක් රියාත්මක කිරීම වෙනුවෙන් මෙම වැඩ පිළිවෙල ක් රියාත්මක කෙරේ. මෙහිදී උද් යෝගිමත් කාර්යභාර්යයක් ඉටුවන්නේ, සහභාගිත්ව පාරිසරික වැඩසටහන් මගිනි. දරුවන් සතු කිලිටි නොවූ හදවත මෙවන් සහභාගිත්ව ක් රියාකාරකම් හිදී වැදගත්ය. එසේම දරුවා යනු බිම් මට්ටම සිය ස්ථරායනය කර ගත්තෙකි. ඔහුගේ නොඉදුල් සංවේදීභාවය සහ බිම් මට්ටමේ ස්පර්ශය වූ කලි, පරිසර සංරක්ෂණය සඳහා වූ අග
In stock
දේදුන්න

දේදුන්න

දූවිලි පිරුණු අටල්ලේ පොළොව මත, පිළිවෙළට නැවූ කඩදාසියක් වැටී තිබිණ. එය ජර්මානු බසින් ලියැවුණු පැරණි පුවත්පත් ලිපියකි. එහි ජර්මානු හමුදාවේ නිල ඇඳුමින් සැරසුණු තරුණයින් දෙදෙනෙකුගේ ඡායාරූපයක් විය. ඊට යටින් තිබුණු නම... ඔව්... මම ඒ නම හඳුනමි. එහෙත් ඒ ඔහු වන්නට නොහැකිය. මකුළු දැලක පැටළුණු මැස්සෙකුව පවා බේරා යවන්නට තරම් කරුණාවන්ත වූ මගේ සීයා, සතුරු හමුදාවකට බැඳී, තමන්ගේම මිනිසුන්ට ගිනිඅවිය මෑනූ දුෂ්ටයෙකු විය හැකිද? මට ඇත්ත දැනගන්නට උවමනා විය. අතීතය මුළුමනින්ම අමතක ඩිමෙන්ෂියා රෝගියෙකු වූ මගේ සීයාගේ ඉතිහාසය සොයා ගිය මට දැනගන්නට ලැබුණේ හද කම්පා කරවන රහසකි. තම ආදරණීයයන් වෙනුවෙන්, තම තමන්ගේ ජීවිත පරදුවට ත
In stock
දෙවියන්ගේ මිනිස්සු

දෙවියන්ගේ මිනිස්සු

අයර්ලන්තයේ අන්තිම magdalen ඇපුල්ලුම් පොළ වසා දමන ලද්දේ 1996 දී ය. එම ආයතනවල කොපමණක් ගැහැනු ළමයින් සහ කාන්තාවන් ගණනක් බලෙන් වැඩට යොදවනු ලැබුවේ ද, සිරගත කරන ලද්දේ දැයි තවමත් අප් රකාශිතය. එමෙන්ම, එම ආයතනවල කොපමණ දහස් ගණනක් කිරි දරුවන් මිය ගියාදැයි කියා හෝ අනාථ නිවාසවලින් හදාවඩා ගැනීමට ගත්තාදැයි කියා ද ගණන් මිනුම් නැත. මේ ඒ දුෂ්ට බවේ ස්වභාවය හෝ එය පවත්වාගෙන ගිය පරිසරය පිළිබඳව ලියැවුණු නිර්මාණයක් නොවේ. ප් රධාන චරිතය වන ෆර්ලෝන්ගේ නිසොල්මන් වීරත්වයට වඩා එය විපරම් කර බලන්නේ මුළු සමාජයේම පැවති ආත්මාර්ථකාමී, පාපකාරීබව විසින් එවැනි කෲරත්වයක් පවත්වාගෙන යාමට ඉඩහැරීම ගැනයි.
In stock
සඳුදා වැටෙන්නේ සිකුරාදාට

සඳුදා වැටෙන්නේ සිකුරාදාට

ප් රථමයෙන්ම චාලක රණසූරිය වැටෙන්නේ කොතැනකටදැයි අදහසක් ප් රකාශ කිරීම මගේ යුතුකමකැයි මම සිතමි. ඔහු විසින් රචනා කොට ඔහු විසින්ම අධ් යක්ෂණය කරනු ලැබූ 'සඳුදා වැටෙන්නේ සිකුරාදාට නම් මේ රසවත්, ආකර්ෂණීය නාට් ය පිටපත කිසියම් නාට් ය ප් රවර්ගයකට බහා බැලිය යුතුම නම් වුව, එය පැරණි (farce) නාට් ය ධාරාවේ බහා අත සෝදා ගැනීමට මම අකැමැත්තෙමි. ඊට හේතුව මෙම නාට් ය කෙරෙහි අප බැඳ තබන නෛසර්ගික ප් රහසන ගුණය (lntrinsic satirical quality) පමණක් නොවේ. එය කාය චලන උත්ප් රාස රංගයේ (slapstick comedy) අනුප් රාණය ලබමින් වුව නිසැකවම ඒ වර්ගයේ නාට් යයක් නොවීමේ විශිෂ්ටතාව නිසා පමණක්ද නොවේ. මේ මිනිසා (චාලක රණසූරිය) ඉතාම දුර්ලභ ගණයේ
In stock
නොඉම්

නොඉම්

හොඳ කෙටි කවියක්, බඳුනක පිරි පැහැදිලි දියට ඉහෙන කුඩා නිල් තීන්ත බින්දුවක් යැයි මට සිතෙයි.එය වහා ලිහී, ඉහිරී, සිතුම් දිය මුළුක්කාදියෙහි පැතිරෙයි.ළහිරු එවැනි තීන්ත බිඳු ඉසියි. අත්ල මඩ ඇති කෙල්ලක් දිගු කරයි සුදු නෙළුමක් කවියක ලැඟුම් ගන්නේ කවියාගේ ජීවිත දැක්ම, සමාජ නිරික්ෂණ සහ ඔහුගේ සෞන්දර්ය මනසයි.ළහිරුගේ පිරිපහදු කරන ලද කෙටි කවි තුළින් ඔහුගේ දැක්ම සහ නිරීක්ෂණයත් කාව් යොක්ති ගැවසෙන චින්තනමය මන්දස්මිතියත් දැකගැනීම අපහසු නැත. පහනක් අතින් ගත් පහනක් කාව් ය උද් යානයේ සරනු රිස්සන්ට සකස් කළ පුළුල් මංවල මෙන්ම මල් රැහැනාදියෙන් සැඟව ඇති සිහින් පෙත්මංවලද ඇවිද යාමේ තහනමක් නැත.උද් යානයට පුරුදුකරුවෙකු වන ළහිරු එ
In stock
බැබිල මල

බැබිල මල

දඹේගොඩ ජිනදාස දශක පහකට වැඩි කලක් තිස්සේ කවි ලියන කවියෙකි. මෙතෙක් ඔහුගේ කාව් ය නිර්මාණ පළ වූයේ පුවත්පත් සහ සඟරාවල ය. මීට පෙර කුඩා කවි පුස්තිකා කිහිපයක් පළ කළත්, ඔහුගේ කාව් ය සංග් රහයක් පොතක් ලෙස එළි දකින ප් රථම අවස්ථාව මෙයයි. බැබිල මල නමින් මේ අයුරින් විකසිත වන්නේ එම අසිරිමත් කාව් ය සංග් රහයයි. සෙල් පව් පළාත ගිනි අව්වක උපත ලද ඇල් වී කෙතක මද්දහනත පෙනුණු සද අසරණයෙකුගේ පීඩනයෙන් තැවෙන හද මුතු ඇටයක්ය ඔබ දිදුළන නළල මැද දඹේගොඩ ජිනදාස ඌව වෙල්ලස්සේ ගිනි ගෙන දැවෙන මහ පොළොව මත ජීවත් වෙන සංවේදී කවියෙකි. කෙටිකතා රචකයෙකි. පුවත්පත් කලාවේදියෙකි. එම ප් රදේශයේ පීඩිත ගොවි ජනතාව සමඟ දහදිය හෙළන මිනිසෙකි. එබැවින් ඌව
In stock
මේ ගමන

මේ ගමන

රවී සිරිවර්ධනගේ ගේය කාව් ය නිර්මාණ වසන්තයේත් - ගිම්හානයේත් අතුපතර සැඟවී ඉඳ ගී ගයන අඳුනන කුරුල්ලෙකුගේ නාදය වැන්න. ඒ නාදයෙහි ඇති වසන්ත ප් රහර්ෂයත් - ගිම්හාන වලපත් සුවිශේෂ අනන් යතා ලක්ෂණ වලින් පිරිපුන් ව ජීවිතයේ ආනන්දයත් ප් රඥාවත් වෙත අප කැඳවයි. - සම්මානනීය ගීත රචක මහින්ද චන්ද් රසේකර සිංහල ගීතයේ ව් යක්ත සම්ප් රදාය අභින්නව ගෙනයන නව පරපුරේ ගේය කාව් ය රචකයන් අතර පෙරමුණේම ඇත්තේ රවී සිරිවර්ධනගේ නමයි. ඔහුගේ ප් රතිභාවත් පරිකල්පනයත් හුදෙක් සෞන්දර්යය ම පසුපස නොයයි. මානව ජීවිත හසුරුවන සමාජ අර්ථ ක් රමය ගීතයට සරිලන සේ කලාත්මකව විවරණය කරන්නට ඔහු දරන වෑයම ප් රශස්ත ය. - සම්මානනීය කිවිවර ආචාර්ය රත්න ශ් රී විජේසි