Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
බ්ලැක්හීත් මැඳුරේ අබිරහස

බ්ලැක්හීත් මැඳුරේ අබිරහස

ග් රාමීය පෙදෙසක පිහිටි මන්දිරයක පැවැත්වෙන සාදයක් අතරතුරේදී ඝාතනය වන තරුණියක්! මනස විකල් කරවනසුලු වූ නොනවතින කාලචක් රයක් තුළ ඇගේ මිනීමරුවා සොයා යන තනි මිනිසෙක්! එව්ලින් හාඩ්කාස්ල්, සිය දෙමාපියන් විසින් සංවිධානය කරනු ලබන වෙස්ගැන්වීමේ සාදයක් අතරතුරදී ඝාතනය වෙයි. ඇගේ මිනීමරුවා හඳුනාගෙන, එම පුද්ගලයාව වළක්වන්නට ඒඩ්න් බිෂොප් හට හැකිවන තෙක්ම ඈ දිනපතාම එසේ මරණයට පත්වෙයි. එකිනෙකාට වෙනස් වූ සාක්ෂිකරුවන් අටදෙනෙකුගේ දෑසින් මෙම සිදුවීම නරඹන්නට ඒඩ්න් බිෂොප් හට ඉඩ ලැබෙයි. සාදයේ ආරාධිත අමුත්තන් වන ඔවුන්ගෙන් කිහිපදෙනෙකු අන් අයට වඩා ඒඩ්න් හට වඩාත් ප් රයෝජනවත් වනු ඇත. එහෙත් ඔහුට ලැබෙන දින අටක සීමිත කාලය තුළදී හමු
In stock
අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය 2

අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය 2

මේ වනවිට ශෙන් චිංච්ඡු, ලුඔ බිංහට ද් රෝහී වී තෙවසරකි. එසේම, ඔහුගේ එම නැසීගිය ශිෂ් යයා, මරණයෙන් නැවත පැමිණ සිය බලය තහවුරු කිරීමටද තවත් දෙවසරක් ඉතිරිව ඇත. නොඑසේ නම්, අඩුම තරමේ එය සිදුවිය යුතුව තිබුණේ එලෙසිනි. කෙසේ නමුත්, ශෙන් චිංච් යු එක්තරා අද්භූත වසංගතයක් පිළිබඳව ව්මර්ශනය කරමින් සිටින අතරතුර වටහාගනු ලැබුවේ, තමාගේම ක් රියාවන් හේතුවෙන්, මුල් නවකතාවේ පථය වෙනස් වී, ලුඔ බිංහ නිසි කාලයට වඩා බොහෝ පෙරාතුවම නැවත පැමිණ සිටින බවයි. ශෙන් චිංච් යුගේ අතිදක්ෂ පලා යාමේ සැලැස්මද තවම සූදානම් නැත. එයටත් වඩා බරපතළ කරුණ නම්, ශෙන් චිංච් යුට තවදුරටත්, සිය ශිෂ් යයාගේ ක් රියා පිළිබඳව පුරෝකථනය කළ හැකි නොවීමයි. නොවෙනස්ව
In stock
දෘෂ්ටිමානයට ඔබ්බෙන්

දෘෂ්ටිමානයට ඔබ්බෙන්

යතුරු සාදන්නෙකුගේ දියණිය වූ මරි-ලෝ ලුබ්ලෝ සය හැවිරිදි වියෙහි පටන්ම අන්ධ දැරියකි. ඇයට තම නිවෙසට එන පාර සොයාගැනීම ඉගෙනගැනීම සඳහා ඇගේ පියා, පැරීසියේ ඔවුන්ගේ අසල්වැසි ප් රදේශයේ පරිපූර්ණ ක්ෂුද් රරූපී ආකෘතියක් ගොඩනඟයි. එහෙත්, හිට්ලර්ගේ නාසි හමුදාව පැරීසිය ආක් රමණය කළ අවස්ථාවේ පියා සහ දියණිය නගරයෙන් පිටවී පලායන්නේ භයානක රහසක්ද රැගෙනය. වෙනේර් ෆෙනින්, ජර්මන් ජාතික අනාථයෙකි. තම පියා ජීවිතක්ෂයට පත්වූ ගල්-අඟුරු පතලේම ශ් රමය වැගිරීමට දෛවෝපගතවම ඔහුට නියම වී තිබේ. එහෙත් කැඩුණු රේඩියෝවක සුන්බුන් අහම්බෙන් සොයාගන්නා හේ, එය අලුත්වැඩියා කරන අතර, හදිසියේම ඔහුගේ දිවිය ශක් යතාවයකින් බැබළෙන්නට පටන්ගනියි. ඔහුගේ සහජ දක
In stock
දිව්යාශිංසන 2

දිව්යාශිංසන 2

සන් ලං නම් වූ මනබන්දනීය යෞවනයා වනාහි සියලු ස්වර්ගීය දෙවිවරුන්ගේ නොමනාපයට පාත් ර වූ, චතුර් මහා විපර්යාය නාම ලාභී, කුප් රකට අසුර රජ හුආ චෙංම බව ෂිඑ ලියාන් සහතික කොට ගත්තේය. එහෙත් තවමත්, කතාන්දරවල සිටින බිහිසුණු අසුරයාත්, තමාට හමු වූ සුහුරු, ආකර්ෂණීය, රක්ෂක ගුණයෙන් හෙබි යොවුන් තරුණයාත් අතර ගැළපීමක් දැකීමට ඔහු අපොහොසත් වී තිබිණි. මේ අතර, අනපේක්ෂිත අනතුරු සංඥාවක් හේතුවෙන් භූතපුරය වෙත යාමට ෂිඑ ලියාන්ට මඟ හෙළි වේ. මළවුන්ගේ ලොවෙහි සියලු භයංකාරයන් සහ ආස්වාදයන් කැටි වූ මේ ජනාකීර්ණ පුරවර පෙදෙසෙහිදී, හුආ චෙංගේ නිජබිම වූත් බල ප් රදේශය වූත් භූමියෙහිදීම ඔහු දැකගැනීමට ෂිඑ ලියාන්ට අවස්ථාව එළැඹේ. පළමුවරට, හුආ ච
In stock
ලිට්ල් ඩාලින්ස්

ලිට්ල් ඩාලින්ස්

ලෝරන් ට් රැන්ටර්... එංගලන්තයේ පීක් දිස්ත් රික්කයේ වෙසෙන, කුලුඳුලේම නිවුන් දරුවන් ලද මවක් වන ඇය, තමාට පමණක් පෙනෙන කෙනෙකුගෙන් තම දරුවන්ට විය හැකි උපද් රවයක් ගැන බියෙන් පසුවන්නීය. ඇය මානසික රෝගයකින් පෙළෙන්නීද? නැතිනම්... ඒ කිසියම් අඳුරු බලවේගයක්ද? දුක්ඛිත තත්වයකදී පවා මවක හා දරුවෙකු අතර බැඳීම බිඳිය නොහැක. සෑම මවක්ම තම දරුවන්ව ආරක්ෂා කරගැනීමේ ශක්තිය තමා තුළම දරාගෙන සිටියි. ජොආනා හාපර් ... සියලු දෙනා දකිනු ඇත්තේ ඈ හිත් පිත් නැති පොලිස් නිලධාරිනියක ලෙසය. නමුත් ඇය දරු සෙනෙහස හිත පතුලේ සඟවාගෙන වේදනා විඳින්නීය. ඇයට අවශ් ය සිය කුසින් බිහිකළ දරුවාගේ මුවින් අම්මා' යැයි ඇසීමටය. මවකගේ සහජ බුද්ධිය ගණනය කළ යු
In stock
නොක්නරී අඳුරු සෙවණැලි

නොක්නරී අඳුරු සෙවණැලි

1984 වර්ෂයේ එක් අඳුරු ගිම්හාන සැඳෑවක සිය දෙමාපියන්ගේ අඬගැසීම හමුවේ වනාන්තරයේ සිට පුරුදු පරිදි නිවස බලා නොඑන දරුවන් තිදෙනෙක්! ඒ අතරින් හෝඩුවාවක් පවා නොතබා අතුරුදන්ව ගිය දරුවන් දෙදෙනෙක්! සැලකිය යුතු තරමේ තුවාලයක් නැතත්, රුධිරය පිරුණු පාවහන් පැලඳ, භීතියෙන් ත් රස්තව සිටියදී සොයාගනු ලබන, ගෙවුණු හෝරා කිහිපය පිළිබඳ මතකය අමතකව ගිය එක් දරුවෙක්! දශක දෙකකට පසු ඒ වනාන්තරය තුළදීම සිදුවන ඝාතනයක්! සිය ජීවිතයේ අඳුරු රහස් සඟවාගෙන, ඩබ්ලින් අපරාධ විමර්ශන ඒකකය තුළ රැකියාවේ යෙදෙන අපරාධ පරීක්ෂක රොබ් රයන්ටත්, ඔහුගේ සියලු රහස් දැන ඔහු හා සේවයේ යෙදෙන සහාය අපරාධ පරීක්ෂකවරිය කැසී මැඩොක්ස්ටත්, දශක දෙකක් පුරා විසිරුණු මේ
In stock
කොන්ෆික්ටියුරා

කොන්ෆික්ටියුරා

ලෝකයේ අනාගතය වෙනස් කරවිය හැකි නැනෝ පරිමාණයේ උපාංගයක් නිර්මාණය කරන ශ් රී ලාංකික මහාචාර්යවරයෙකු ඇතුළු කණ්ඩායමක්... "අපි හැමෝම හැබෑ ජීවිතයේ චිත් රපට නරඹනවා... පරිගණක ක් රීඩාවල නිරතවෙනවා.... බැරිවෙලාවත් ඔබට පුළුවන් නම් ඒ චිත් රපටියෙ.... එහෙමත් නැත්තම් ක් රීඩාවේ හැබෑවටම සැරිසරන්න? මහාචාර්යතුමා සභාව සිසාරා බැල්මක් හෙළුවා. සියවසේ විශිෂ්ටතම සොයාගැනීම ඇස්පනාපිටම අත්හදාබැලීමේ දුර්ලභ අවස්ථාව ලබන තරුණ පිරිසක්... "ඒ කිව්වෙ රයන්." මම අමාරුවෙන් වචන හොයා ගත්තා. "අපි දැන් කොන්ෆිස්ටියුරා එකක් ටෙස්ට් කරන්න යන්නෙ... එහෙමද? රයන් ජයග් රාහී විදියට ඔළුව වැනුවා. "ඔයාලා ඉතිහාසගත වෙන්න යන්නෙ! මිනිස් ඉතිහාසයේ විශිෂ්ටතම ස
In stock
අසුර ධ්යානවේදයේ මහා නිමැවුම්කරු 1

අසුර ධ්යානවේදයේ මහා නිමැවුම්කරු 1

වෙයි වූෂියැන් වූ කලී සිය සමකාලීන පරම්පරාවේ වඩාත්ම කැපීපෙනුණ ධ් යානවේදීන් අතරින් අයෙකි. සටන් කලාව, දැනුම සහ ආධ් යාත්මික හැකියාවෙන් බල සම්පන්න, කෙළිලොල් තරුණයෙකි. එසේ නමුත් ධ් යානවේදී ලෝකය යුද ගිනිදැල් තුළ ගිලී යද්දී, ලෝක සම්මත මාර්ගයෙන් බැහැර වි, අසුර ධ් යානවේදය ප් රගුණ කිරීමට ඔහුට සිදු වේ. මෙම අපූරු ධ් යානවේදියාගේ අසභාය හැකියාවන් පිළිබඳ ලෝක ජනයා තුළ වූ ගෞරවයම, කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ගේ භීතිය බවට පරිවර්තනය වන්නේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ අන්දමිනි. අවසානයේදී ඔහු මියයයි! ඔහුගේ මරණය අසන්නෝ ප් රීතිඝෝෂා නංවති; ජය පැන් බොති. වසර ගණනක ඇවෑමෙන් එක්තරා තරුණයෙක් සිය ආත්මය කැප කර, මියගිය වෙයි වූෂියැන්ගේ ආත්මයට
In stock
මරකත පිළිලය 2 - මරකත ඵලකය

මරකත පිළිලය 2 - මරකත ඵලකය

සිටුතුමාගේ භීෂණයෙන් වසර දෙකකට පසුව ෂෙරින්ෆර්ඩ් නගරයට නැවතත් මරණයේ සෙවණැල්ල වැටෙයි. කෲර දාම ඝාතකයෙක් නගරය තුළ නිදැල්ලේ සැරිසරයි. යක්ෂයින්ගේත් යක්ෂයා නගරයට පැමිණ ඇත! ඝාතකයා ඉතිරි කර යන ඇල්කෙමි සලකුණුවල අර්ථය කුමක්ද? වසර දහස් ගණනක් පැරැණි ගුප්ත ලේඛනයක් මේ අබිරහස විසඳීමට උදව් වන්නේ කෙසේද? සිටුතුමා පවා බිය වූ මේ අපරාධකාරයා කවරෙක්ද? අමරණීයත්වයේ රහස මොහු සතුද? යථාර්ථය ප් රශ්න කරවන, අධිස්වභාවික, දරුණු අපරාධයක් රහස් පරීක්ෂක ක් රිස් ටයිලර් ඉදිරියේ ඇත. ඔහු තම අසහාය බුද්ධිය භාවිත කරමින් නැවත දරුණු අපරාධකරුවෙක්ව හඹා යා යුතුය. මෙවර අනතුරේ ඇත්තේ නගරය නොව මුළු මහත් ලෝකයයි. නමුත් ඒ අනතුර ලෝකයා නොදන්නා රහසකි. ක
In stock
ආයුබෝවන් නිහැඬියාව
In stock
ලෝ නයනය 2 - කාහලයේ මහා දඩයම

ලෝ නයනය 2 - කාහලයේ මහා දඩයම

අත්හළ ලද්දෝ නැවතත් නිදැල්ලේ ඇවිද යමින් සිටිති. වලීර්හි කාහලය හමු වී ඇත. මළැත්තෝ සිය නිර්-ස්වප්න නිද් රාවෙන් අවදි වෙමින් සිටිති. අනාවැකි සඵල වන්නට පටන්ගෙන ඇත. එහෙත් අයිස් සෙඩයිවරියන් විසින් 'මකරෝත්පත්තිය' ලෙස ප් රකාශයට පත්කරන ලද එමන්ඩ්ස් ෆීල්ඩ්හි බැටළුපල්ලා හෙවත් රැන්ඩ් අල්තෝර්, ස්වකීය ඉරණමෙන් පලා යාම සඳහා දැඩි පරිශ් රමයක් දරමින් සිටින්නේය. එනමුදු, රැන්ඩ්ට සැමදා එලෙස පලා යා නොහැක. මන්ද යත්, ගතවන සෑම දිනයක් පාසාම අන්ධකාර ඇත්තා වඩ වඩාත් ශක්තිමත් වෙමින් සිටියි. ඔහු තම ඉපැරණි සිපිරිගෙය කඩා බිඳ දැමීම සඳහා තැත් කරමින් සිටියි. කාල චක් රය සුනු විසුනු කරලීම සඳහා වෙර දරමින් සිටියි. ලෝකය කරා කාලාවසානය රැග
In stock
හන්ටර්ස්

හන්ටර්ස්

මහා දානපතියෙකුගේ අවශ් යතාවය මත හිටපු හමුදා ප් රධානියෙකු, ඉතිහාසඥවරියක, පරිගණක විශාරදයෙකු, සොරෙකු හා අවි ආයුධ පිළිබඳ ප් රවීණයෙකුගෙන් සමන්විත කණ්ඩායමකට පැවරෙන රාජකාරිය වනුයේ කොහේ සැඟවී ඇත්දැයි කියා ඉඟියක් හෝ නොමැති, ලොව ඉතා පැරණිතම වස්තු සම්භාරයක් තම සේවා දායකයා වෙනුවෙන් සොයාගැනීමයි. ආසන්න වශයෙන් සියවසකට පමණ පෙරාතුව රුසියානුවන් විසින් සොරා ගන්නා ලද මෙම රොමේනියානු ධනස්කන්ධය සොයාගැනීමට මෙම කණ්ඩායමට හැකි වේවිද? එය සොයා යන ගමනේ ඔවුන්ට කෙතරම් අභියෝගවලට මුහුණ දීමට සිදු වේවිද? ලොවට සැඟවී තිබුණු කෙතරම් රහස් ප් රමාණයක් ඔවුන් ඉදිරියේ නිරාවරණය වේවිද? වසර සියයකට ආසන්න කාලයක් කිසිවෙකුටත් සොයාගැනීමට නොහැකි වූ
In stock
දහතුන
In stock
සෝල්ට්මාෂ් අබිරහස

සෝල්ට්මාෂ් අබිරහස

වෝහාරික පුරාවිද් යාඥවරියක වූ රූත් ගැලෝවේ. වයස අවුරුදු තිස් ගණන්වල අගභාගය පසු කරමින් හිඳින්නීය. සුරතල් බළලුන් දෙදෙනා සමඟ හුදෙකලා නමුත් තෘප්තිමත් දිවියක් ගෙවන ඕ, යකඩ යුගයේ වැසියන් අතර පූජනීය බවක් ඉසිලූ, නෝෆෝක්හි සෝල්ට්මාෂ් නම් වගුරුබිම් පෙදෙසේ ජීවත් වන්නීය. අස්ථි සහ පෞරාණික වස්තූන් කැණීමෙහි යෙදී සිටි ඇගේ සාමාන් ය දිනචරියාව නොසිතූ විරූ අන්දමින් එක්වරම උඩුයටිකුරුව යන්නේ හුදෙකලා වෙරළ තීරයකදී ළමා අස්ථි කිහිපයක් හමුවීමත් සමඟිනි. පොලිස් රහස් පරීක්ෂක අංශ ප් රධානී හැරී නෙල්සන්, රූත්ගේ සහාය පතන්නේ, ඒ අස්ථි කොටස් මීට දශකයට පෙර අතුරුදන් වූ දැරියකගේ බවට සැක කරමිනි. එකල, 'ලුසී ඩොව්නි' නම් වූ එම දැරියගේ අතුරු
In stock
ඇඹරුම්හලේ අබිරහස

ඇඹරුම්හලේ අබිරහස

සුප් රකට, පෞද්ගලික රහස් පරීක්ෂක ෆෙන්ටන් හාර්ඩි අතිශය රහසිගත පරීක්ෂණයක නිරත වී සිටියි. ෆ් රෑන්ක් හාර්ඩි සහ ජෝ හාර්ඩි සමඟ ඔවුන්ගේ මිතුරු චෙත් මෝටන්, ෆෙන්ටන් හාර්ඩිගේ පැමිණීම වෙනුවෙන් බේපෝර්ට් දුම්රිය ස්ථානයේ මඟ බලා සිටිති. ව් යාජ ඩොලර් විස්සේ නෝට්ටුවක් චෙත් අතට පත්වන්නේ මේ මොහොතේදීය. ඒ කිසිත් නොදත් තරබාරු කොලුවා, සිය නවතම විනෝදාංශය වෙනුවෙන් අන්වීක්ෂයක් මිලදී ගැනීමට ගොස්, මහත් අකරතැබ්බයකට මුහුණදෙයි. සිය මිතුරා වෙනුවෙන් මෙම ව් යාජ මුදල් ජාවාරම පිළිබඳ තොරතුරු සොයන තරුණ රහස් පරීක්ෂකයන්ටත්, ජාතික ආරක්ෂාව පිළිබඳ පරීක්ෂණයක යෙදී සිටින ඔවුන්ගේ පියාටත් තර්ජනාත්මක ලිපි එවන්නේ කවුද? ව් යාජ මුදල් නෝට්ටු ජාවා
In stock
කුදු මහත් සියලු සත්ත්වයෝ

කුදු මහත් සියලු සත්ත්වයෝ

කුදු මහත් සියලු සත්ත්වයෝ ( all creatures great and small) අදටත් පවතින්නේ යුද සමයේ ජේම්ස් හෙරියට් ගේ පශු වෛද් ය චරිත කතා ලෙසින් පමණක් නොව, ප් රශංසාවට පාත් ර වූ රූපවාහිනී අනුවර්තන මාලාවක් ලෙසින් ද වේ. නිකලස් රැල්ෆ්, සෑමුවෙල් වෙස්ට්. ඈනා මේඩ්ලි, රෙචල් ෂෙන්ටන් සහ කැලම් වුඩ්හවුස් රඟන මේ ටෙලි නාට් ය මාලාවට පාදක වූ මුල් පොත පිළිබඳ ව පවසන්නට ඇත්තේ කුමක් ද? ජේම්ස් හෙරියට් ගේ පොත් වනාහි ප් රබල, හාස් ය ජනක සහ විනෝදාත්මක වූ සම්භාව් ය චරිත කතා වේ. ජේම්ස් හෙරියට් ගේ ළයාන්විත වූ ද සම්භාවනීය වූ ද චරිත කතාවල පළමු වැන්න වන 'කුදු මහත් සියලු සත්ත්වයෝ' කෘතිය ගොඩනැගෙන්නේ වර්ෂ 1930 දී ග්ලාස්ගෝ පශූ වෛද් ය විද් යාලයයෙ
In stock
D (ඩී) - මංජුල සේනාරත්න

D (ඩී) - මංජුල සේනාරත්න

එය ගිම්හානයේ තවත් එක සරු සැඳෑවකි. ලොව සුන්දරතම නගරය ශනිදා රැයේ සුපුරුදු උත්සවශ් රීයෙන් වෙළී යමින් තිබුණි. නගර වැසියෝ මෙන්ම සංචාරකයින්ද ග් රීෂ්ම නිවාඩුව නිම කරන්නට පෙර ගතව යන ඒ අවසන් රැය විනෝදයෙන් ගෙවා දමන්නට සූදානම් වෙමින් සිටියහ. මේ නගරයේ එක් සුඛෝපභෝගී හෝටල් කාමරයක ලොවම ආදරය කළ රූමත් කුමරියක් රැය ගෙවී පහන් වනතුරු හෝරා ගනිමින් සිටියාය. තමන්ගේ සිතේ ඇති, ක් රියාවට නංවන්නට සිහින මවන සැලැස්ම සාර්ථක වන්නේ නම් අදහාගත නොහැකි වෙනස්කමකට ජීවිතය හසුවන බව දැන සිටියද ජීවත් වන්නට තමන්ට ඉතිරිව ඇත්තේ තවත් පැය කීපයක් පමණක් බව ඇය නොදැන සිටියාය. එය තවත් එක් රිය අනතුරක් පමණක් නොවේ. එය මිනීමැරුමකි. ඇයව මරා දමන්නට
In stock
භස්ම නගරය

භස්ම නගරය

ක්ලැරී ෆ් රේ ගේ එකම පැතුම තම ජීවිතය පෙර තිබූ ලෙසින් යළි සාමාන් ය වනු දැකීමය. එහෙත් මායා බලපෑමකින් සිහි මුර්ජාවකට ලක් වූ මවක් සිටින නරවෘකයන් වැම්පයරයන් සහ සුරයන් වැනි පාතාල වැසියන් දැකීමේ හැකියාව එක්වරටම හිමි වූ රාක්ෂයන් දඩයම් කරන සේයාදඩයක්කාරියකගේ ජිවිතයේ සාමාන් ය යනු කුමක්ද? ක්ලැරීගේ කැමැත්ත තම හොඳම මිතුරා සමඟ කාලය ගත කරන්නටය. එහෙත් ඇයට ඊට ඉඩ දුන්නේ සේයාදඩයක්කරුවන් නොවේ. විශේෂයෙන්ම කඩවසම් සහ ඇයව කෝපයෙන් උමතු කරන්නට සමත් අලුත සොයාගන්නට ලැබුණු ඇයගේ සහෝදරයා වන ජේස් ඊට ඉඩ නොදුන්නේය. සිය මවට උපකාර කරන්නට ක්ලැරීට තිබුණු එකම මාර්ගය වූයේ බොහෝ දුරට උමතු නියත වශයෙන්ම දුෂ්ට තම පියා වන ධූර්ත සේයාදඩයක්කාර
In stock
දෙවැනි ගැහැනිය

දෙවැනි ගැහැනිය

පැරිස් නගරය වසන්තයට සැරසෙන එක් මනරම් සැඳෑවක, සුමිත් රා නානායක්කාර තම නිවසට ඇතුළු වුණු විට, ජීවිතය විනාශ කර දමන්නට සමත් වදන් දෙකක් ඇයට ඇසුණි. "මම යනවා.. " ඇගේ සැමියා කීවේය. මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ් අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි.ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධීරාජ් යයක සැරිසරයි; .ගමන් බිමන් යයි; දවස ගත කරයි; ඇයත් සමඟ නින්දට යයි. ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි. තවත් අයුරකින් මේ ප් රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන් ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමඟ සැබෑ ලෝකය
Out of stock
මූන්ෆ්ලවර් මර්ඩර්ස්

මූන්ෆ්ලවර් මර්ඩර්ස්

කලකට පෙර ග් රන්ථ සංස්කාරකවරියක වශයෙන් කටයුතු කළ සූසන් රයිලෑන්ඩ් හට හදිසියේම මුහුණපෑමට සිදුවන්නේ අනපේක්ෂිත අත්දැකීමකටය. ඇය සොයා එන ඉංග් රීසි ජාතික යුවළක්, තම දියණිය වූ සෙසිලිගේ මංගල දිනයේදී සිදු වූ මිනීමැරුමක් පිළිබඳ සඳහන් කළ විට සූසන් රයිලෑන්ඩ් කුතුහලයට පත්වෙයි. ඇය වඩාත් පුදුමයට පත්වන්නේ, තමන් විසින් වසර ගණනකට පෙර සංස්කරණය කරන ලද නවකතාවක් කියැවීමෙන් අනතුරුව සෙසිලි හදිසියේම අතුරුදන් වී ඇති බව අසන්නට ලැබීමෙනි. එම රහස්පරීක්ෂණ නවකතාවත්, පෙර කී මිනීමැරුමත් අතර පවතින සම්බන්ධය කුමක්ද? නවකතාව කියැවීමෙන් පසු, සෙසිලි හදිසියේම අතුරුදන් වූවේ කවර හේතුවක් නිසාද? මේ සියලු පැටලුණු ගැටලුවලට විසඳුම්, නවකතාවේ පි