Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
යුද ගිනි නිවූ සිත් ගිනි

යුද ගිනි නිවූ සිත් ගිනි

එම යුග පුරුෂයන් දෙදෙනාම උපත ලැබුවේ එකම දිනකය. එහෙත් ලෝකයේ ප් රතිවිරුද්ධ දිශාවන් දෙකකය. ඒබල් රොස් ස්නොව්ස්කි පෝලන්තයෙහි දිලින්දෙකු සේ ඉපිද අනේක දුක් ගැහැට විඳ, ඇමරිකා එක්සත් ජනපදයට සංක් රමණය වී ජීවිතය ජය ගනියි. විලියම් ලොවෙල් කේන් ධන කුවේරයෙකුගේ පුතෙකු ලෙස ඇමරියාවේ ඉපිද, තම ඉලක්කය කරා යාමට අප් රතිහත ධෛර්යයෙන් කටයුතු කරයි. ඔවුහු දෙදෙනාම අධිෂ්ඨානශීලී වෙති. සිය අරමුණු කරා යන විට එල්ල වන අභියෝගවලට නොසැලී මුහුණ දී ජය ගනිති. එකී අභියෝගයන් හේතු කොට ගෙන මේ දෙදෙනා අතර ගැටුම් ඇති වෙයි. මඳක් නැවතී එකිනෙකාට සවන් යොමන්නට තරම් එක් අයෙකු හෝ නම් යශීලී නොවෙයි. එකිනෙකාට කෲර ලෙස සලකයි. මේ දෙදෙනාගේ දෙවන පරපුර ආදරය
In stock
නව වැනි රාජධානිය

නව වැනි රාජධානිය

දැනට තොග ඇති කවරයකින් ඔබගේ ඇණවුමට පොත් එකතු වනු ඇත. බලයන් එහා මෙහා හුවමාරු වෙමින් තිබුණේය. පහර දීම්, පහර වැලකීම් සියල්ලම ඇසි පිය හෙලන කාලයක් තුළ සිදුවන තරමටම සටන වේගවත් වූයේය. අන්ධකාරය පාලනය කරන්නා, ඩුන්කල්හයිට්ගේ බලය හමුවේ කාලය පරයා යා හැකි වේගයක් සහිතව සටන් කළ හැකි කාලාවකාශයේ සටන්කරුවන් දෙදෙනාට පවා සටන පහසු නොවන වග පෙනී ගියේය. ඔවුන්ගේ සතුරා ඩුන්කල්හයිට් සතුව එතරම්ම ප් රබල බලයක් තිබුණේය. සහෝදරවරුන් දෙදෙනාම විටින් විට පහර එල්ල කළෝය. ඩුන්කල්හයිට් පහසුවෙන්ම ඒ ප් රහාර වළක්වා ගත්තේය. එසේම පෙරලා සහෝදරවරුන් දෙදෙනාට පහර එල්ල කරන්නට හේ පසුබට නොවූයේය. එයින් සහෝදරවරුන් දෙදෙනාට සෑහෙන තරම් හානියක් කරන්නට
In stock
සඳැස් වී

සඳැස් වී

මම මේසෙ උඩට කොළ මිටියම අත් හැරියෙ පිස්සුවෙන් වගේ. සාක්කුවෙ තිබ්බ මොබයිල් එක අරගත්තු මම gmail අකවුන්ට් එක ඕපන් කරලා සමන් අංකල්ට එයාගෙ කම්පැනි ඊමේල් එකට යවපු මගේ පොතේ ෆයිනල් ඩොකියුමන්ට් එක ඕපන් කරගත්තා. ඔව්! ඒ මම දාපු නම. කෝණ! මම මගේ පොතේ පළවෙනි පිටුවේ අන්තර්ගතයත්, දේවක ගෙනාපු කොළ ගොඩේ තිබුන කතාවේ පළවෙනි පිටුවෙ අන්තර්ගතයත් සන්සන්දනය කලා.ඒ පළවෙනි පිටුව පුරාම අකුරක් නෑර තිබුනෙ මගේම අත් වලින් ටයිප් කරපු ඒ වචනමයි! මට විශ්වාස කරන්න බැරි තරමටම ඒ හැම වචනයක්ම එහෙම්ම ඒ පිටු මත ප් රින්ට් වෙලා තිබුනා. මම තවත් පිටු දෙක තුනක් ඒ වේගෙන්ම සන්සන්දනය කරලා අවසානෙට ඒ කොළ ගොඩේ තිබුන අවසාන පිටුවත් බැලුවා. ඒකත් ඒ විදි
In stock
අබාසාත්ති

අබාසාත්ති

"මට මැරෙන්ඩ ඇරපං මෝඩයා! ඇයි මාව ගොඩගත්තේ? එහෙනං දැන් මගේ බෙල්ල මිරිකපං!" "උඹ මැරියං ඔය බඩේ ඉන්න එකා ඉපදුණාට පස්සෙ, මිනී නොමරා!" "ඒ හින්දා තමා යකෝ මං මැරෙන්නේ! මට එපා ඒකා! මට එපා...! මට පිළිකුල්... මට මගේ සරුවාංගෙම පිළිකුල්... " නැගිටපං ඔතනින්, ගමේ මිනිස්සු වටවෙන්ඩ කලින්!" කෙල්ල නැගිට්ටේ නෑ. පෙරළිලා හිටියා. නිකං නෙමෙයි, පොළොවේ පස් කකා. "මට යන්ඩ දිහාක් නෑ. මට යන්ඩ දි...හ...ක් නෑ! උන් මා...ව අල්ලා ගනී. අනේ දෙයියනේ... කාගේ හරි බයිසිකලයක් එපිටහින් ගියා. ගෝපාල් දැක්කේ නෑ. සිරී.......ස් ගාලා සද්දේ ඇහුණා විතරයි. ඔය මොකාහරි එකෙක් මේ හෙලුකුටු ගෑනි මෙහෙම ඉන්නවා දැකොත් ගෝපාල හිරෙන් මෙහා නවතින්නැ. එච්චර නම
In stock
බිරිඳ මගේ ඇය

බිරිඳ මගේ ඇය

මම පිටුපස නොබලාම ප් රධාන දොර වෙතට ගමන් කළෙමි. "ඔයා ඇත්තටම බීරි ද? ඇය මගේ පිටුපසින් හිඳ මහ හයියෙන් කෑ ගෑවාය. මට ඇයව හොඳින් ඇසුනි, ඒ මම කිසිසේත්ම බිහිරෙකු නොවන නිසාය. මම කිසිවක් නොවූ ලෙසට ඉදිරියට පා තැබුවෙමි. බිහිරෙකු ලෙස රගපෑමට තරම් ඒ මිනිසාට ඇති අවශ් යතාව කුමක්ද? ඔහු වූ කලී රූමත් මෙන්ම ඉතා දක්ෂ කාන්තාවක් සමග විවාපත් දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. දිවා කාළයේදී ටෙනිස් පුහුණු කරුවකු ලෙස ඔහු ක් රියා කරන අතර ඔහුගේ බිරිද දේපොළ වෙළදාම් නියෝජිතවරියකි. අවට ලෝකයාට ඔවුන් අතිශයින්ම සාමාන් ය මධ් යයම ප් රාන්තික පවුලකි. එනමුත්... රාත් රී කාළයේදී ඔහු බිහිරෙකුගේ වෙස් ගෙන පිටස්තර කාන්තාවන් සමග හාද වන්නේ හුදෙක්ම විනෝ
In stock
පෝල්ගේ ලෝකය -SPELLBINDER

පෝල්ගේ ලෝකය -SPELLBINDER

රියානා ආගන්තුක ලෝකයක සිට තවත් ආගන්තුක ලෝකයකට අදිසියේ පැමිණි ඇය මුහුණ දෙන්නේ කුමනාකාර අත්දැකීම් සමුදායකටද ? මහා බලසම්පන්න මායාඛන්ධකයින් ගේ බලයට යටපත්ව බියෙන් සහ කම්පනයෙන් දිවි ගෙවන මිනිසුන් වෙසෙන ලෝකය රියානාගේ නිජබිමය. මායාඛන්ධකයින් ගේ ලෝකයට අදිසියේ පැමිණි පෝල් ව බේරාගැනීමේ උත්සාහයේදී රියානාට ද සිදුවන්නේ නොසිතූ ලෙසින් පෝල් ගේ ලෝකයට පැමිණෙන්නටයි. තාක්ෂණික දියුණුවෙන් ඔප් නැංවුණු නවීන ලෝකයට පැමිණි රියානාට දියුණු පරිසරයට අනුගත වීමට හැකිවෙයිද? මායාබන්ධකයින් යටත් කොට රියානාගේ ලෝකය අත්පත් කර ගැනීමට වෙරදරන ආශ්කාගේ බිහිසුණු සැලැස්ම පරාජය කිරීමට රියානාට සහ පෝල් ට හැකිවෙයිද? රියානාට නැවතත් සිය උපන් දේශය ක
In stock
නයිට් ඒජන්ට්

නයිට් ඒජන්ට්

ඇමරිකානු භූමියේ සිටිනා රුසියානු ඔත්තුකරුවන් සොයා යන රහස් නියෝජිතයන් අනතුරකද? රහස් නියෝජිතයන්ගේ හදිසි කරදර පිළිබඳ ඇමතුම් ලැබෙන තුරු නිදිවර්ජිතව බලා සිටින ඔහු.. තමාගේ මාමාටත් නැන්දාත් මරණය කරා ගෙන ගිය භයානක ඝාතකයන් සොයා යන ඇය... සියළු රහස් සටහන් කර ඇති ඒ රතු ලෙජරය සොයා යන අතරතුර මහා විනාශයක් මෙහෙයවන ඔහු.. මේ සියළු දේ මෙහෙයවන උපන් භූමියේ මහ මොළකරු ඇය ද...? සියල්ලට ඉහලින් සිටිනා ඔහු මේ පිළිබඳ දැනුවත් ද ....? ඇමරිකානු භූමියේ සැගවී සිටිනා රුසියානු රහස් ඔත්තුකරුවන්ගේ හා තම දේශයට ද් රෝහී වු දේශද් රෝහීන්ගේ ඇස්වලින් ගැලවී ඔහුටත් ඇයටත් මේ භයානක කුමන්ත් රණය ලොවට හෙළි කිරීමට හැකි වේද...?
In stock
උරුම්

උරුම්

පහල වූ තුරුගොමු අතරින් ප් රාකාරය ඉදිරිපිට භූමියට දෙදෙනෙකුගේ ආගමනය සිදුවිය. එකෙක් යගදාවක් අත දරා ගත් දැවැන්ත වානරයෙකි. අනෙකා රාමයන්ගේ සොයුරු ලක්ෂ්මන බව රැද් රික හැඳින්නේය. "අපි ආවේ මිත් රත්වය වෙනුවෙන්" "බොහොම සනිතෝසයි ලක්ෂ්මන. නමුත් ඔබ පසුපස සැඟවී සිටින අවි දැරූ දහසක් පමණ වානර සේනාවක්.. ඔවුන් සාමයේ පණිවිඩය රැගෙන ආ දූතයන්ද? " ලක්ෂ්මනගේ ප් රකාශයට සරදමකින් පිළිතුරු ලැබෙත්ම ලක්ෂ්මන කෝප වූ බව පෙනිණ. නමුදු ඔහු තම කෝපය මොහොතකින් යටපත් කර ගත්තේය. "සාමයේ පණිවිඩය නුඹේ මවු රාජ් ය යේ ලංකේශ්වරයන් උදෙසා නොවේ. ඔබ උදෙසායි. ලංකේශ්වරයන් සීතාවට කළ අසාධාරණය නුඹ දැනටමත් දන්නවා ඇති." රුද් රිකයන්ගෙන් සරදම් සහගතව සින
In stock
අග්නි දෙව් දුව

අග්නි දෙව් දුව

සෙලේනා සදෝතියන් හද කම්පා කරවන සුළු හා මාරාන්තික අවස්ථාවලින් යන්තමින් ජීවිතය රැක ගැනීමට සමත් වුවද ඒ වෙනුවෙන් මිල කල නොහැකි තරමේ වන්දියක් ජීවිතයෙන් ගෙවා ඇත. දැන්, ඇයගේ අඳුරුතම සත් යයට මුහුණ දීම සඳහා නව දේශයකට යා යුතුය... සෙලේනා හට ඇගේ වර්ථමානය හා අනාගතය සදහටම වෙනස් කළ හැකි, තමන්ගේ ලේ උරුමය සොයා යන ගමනක්... අතර, මිලේච්ඡ හා බිහිසුණු බලවේග ඇගේ ජීවිතය ඔවුන්ගේ පාලනය යටතට ගැනීමට සටනකට සැරසේ... සෙලේනාට ඇගේ ආත්මය සමඟ සටන් කිරීමට පමණක් නොව, සිය යෙහෙළියට වූ පොරොන්දුව මෙන්ම තමන්ගේ ජනතාවගේ නිදහස වෙනුවෙන් මුහුණ දීමට සිදුවන සතුරන්ගේ අභියෝග භාර ගැනීමට ශක්තියක් ලැබේවිද?
In stock
සංසාර ආවර්ජනා

සංසාර ආවර්ජනා

කිහිප වරක් නරුමයින් තිදෙනා අතින් සල්ලං වූ ඇයට අසිහියෙන් වුවද තවත් වරක් ඔහු තම සිරුර මත වැටෙනු දැනුනි... තමා ඊළඟ මොහොතේ මැරෙන්නට වුව හැකි බව දනිතත් ඇය මිදෙන්නට තවත් මොහොතක් උත්සාහ කළාය. මුළු ශරීර අභ් යන්තරයෙන්ම නැඟ ආ ආවේගය කැටි කර ගනිමින් ඇය ඒ නරුමයාගේ උරහිස දැඩිව සපා කෑවාය. ඔහු සිටි ඉරියව්වෙන් නැඟී සිටින්නට නොහැකිව වේදනාවෙන් ඇඹරෙමින් කෑගසන්නට විය. එයින් කලබලයට පත් සගයින් දෙදෙනා කසිප්පු පොල්කටු දෙකද අතහැර වේගයෙන් ඔහුවෙත පැමිණියහ.ඔහු දෑතින් ඇගේ සිරුර පොඩි කරමින් කෑගැසුවද ඇගේ මුවින් ඔහුගේ උරහිස මිදුනෙ නැත. ඔහු ක්ශනිකව ඇයගේ සිරුර බදාගෙන මානා පඳුරු අතර පෙරලුනේ ඇයව තම සිරුර මතට ගනිමිනි. ඉන් වහා ක් ර
In stock
බිම්මල් වැස්ස

බිම්මල් වැස්ස

බාග හඳක් පායලා තිබුණා. පාළුවට ගිය බංගලාවේ දොරකඩට එන කල් ම, කැලෑව හිටු කියලා යට කරගෙන ඇවිදින් තිබුණා. කළුවරේ වුණත් වැම්පයර්ට නම් සෑහෙන්න හොඳට ඇස් දෙක පෙනුණා. එයා ඉස්තෝප්පුවෙන් මිදුලට අඩියක් තියද්දි ම, කැලේ ඉතිරි වෙලා හිටිය නාකි නරි දෙතුන්දෙනා, ගමේ කනත්ත පැත්තේ ඉඳන් හරි අමාරුවෙන් වගේ හූ කියන්න ගත්තා. ගම පැත්තට යන්න තියපු අඩියක් අඩියක් ගාණේ, සෙරෙප්පුවත් දාලා නැති කකුල්වලට, ගස්වලින් වැටිලා වේළිච්ච කොළ සරබර ගාලා පෑගෙන්න ගත්තා. කොහෙ දෝ ඉඳන් කඩි කුලප්පුවෙන් දුවගෙන ආව රෑ බදුල්ලෝ හත් අට දෙනෙක්, අමතක වෙච්ච පාරවල් පෙන්නන්න හදනවා වගේ, එයා ඉස්සරහින් බිම දිගේ සිග්සැග් හැඩේට අහාට මෙහාට ගියා. අහිංසකයි කියන සත
In stock
ඔත්තු බව්වා අල්ලගත්තෝ !

ඔත්තු බව්වා අල්ලගත්තෝ !

ලැබ්රඩෝර් සයිස් එකට හැදුණු අපේ ලාරා කණක් කෙලින්, කණක් නැවිල නියන අපේ ලාරා සුදු ඇඟ මත කලු පාටට පුල්ලි වැටුණු ලාරා වෙනින් බව්වෝ වගෙ පෙනුණත් අති විශේෂ ලාරා රහස් හොයනවා - හොරු අල්ලනවා ඔත්තු බලනවා - සටන් කරනවා භාෂා තුන, හතරකුත් දන්නවා - පරිගණකෙන් ඊ මේල් යනවා නුවණ, සවිය තියන බව්වා හමුදාවෙත් හිටපු බව්වා රජයට වැඩ කරන බව්වා "ලාරා" අපෙ ඔත්තු බව්වා ඔත්තු බව්වට මෙහෙම සිංදුවක් තියෙන්නෙ එයා එච්වර දක්ස හින්දයි.. කොච්චර දක්සද කියනවනම් එයාගෙ දක්සකම්, හපන්කම් පොත් ගාණක් පුරා ලියතහැකි., මෙ ඔයාලා කියවන්න යන්නෙ, එයාගෙ දෙවෙනි හපකම..! මේකෙදී එයා කරන හපන්කම තමයි.... එක්කො ඔයාලා කියවලම බලන්නකො..!!
In stock
සුපිරි ක්රීඩකයින්ගේ සුපිරි ඉනිම්

සුපිරි ක්රීඩකයින්ගේ සුපිරි ඉනිම්

ශ් රි ලංකාවේ ක් රීඩා සාහිත් ය ක්ෂේත් රයේ පැහැබර නමක් දිනාගත් සම්මානනීය ගත් කතුවරයකු වන සරත් ජයසිංහගේ අලුත් ම ක් රිකට් ක් රීඩා ග් රන්ථය මෙයයි. ටෙස්ට් ක් රිකට් පිටියේ සුපතල අසහාය ක් රිකට් ක් රිඩකයින්ගේ "හොඳ ම ටෙස්ට් ඉනිම් අළලා මෙම ග් රන්ථය රචනාකොට තිබේ. වසර කිහිපයක පර්යේෂණාත්මක අධ් යයනයකින් පසුව, මෙහි කතුවරයා විසින් තෝරාගනු ලැබු ලොව සුපතල ක් රිකට් ක් රීඩකයින් රැසකගේ ජීවන තොරතුරු, ජයග් රහණ, වාර්තා සහ සැමරුම් මෙම ග් රන්ථය ට ඇතුලත්කොට තිබේ. මෙහිලා වඩාත් වැදගත් වනුයේ ඔවුනගේ සුපිරි ටෙස්ට් ඉනිම් ය. ශ් රි ලංකාවේ ක් රිඩා සාහිත් යය ට වට "පොද වැස්සක් වන් මෙම ග් රන්ථයෙන්, ටෙස්ට් පිටියේ ඉහළින් ම දස්කම පෑ, ශ
In stock
දිනපොතේ ඝාතකයා

දිනපොතේ ඝාතකයා

මේරිට නත්තල් තෑග්ගක් ලැබී තිබිණ. ලැබුණේ කාගෙන්දැයි සදහනක් නැති ඒ තෑග්ග දිනපොතකි. දිනපොතක් ලැබීම ඒ හැටි විශේෂ දෙයකැයි මේරි සිතුවේ නැත. ඇයට එසේ සිතන්නට ලැබුණේ දිනපොත විවර කරන තෙක්... එය හිස් දිනපොතක් නොවන බව දකින තෙක් පමණකි. ජනවාරි 01- ඔක්ෆර්ඩ්, ලීසාව මරන්න. පෙබරවාරී 01 - බර්මින්ග්හැම්, ජේන්ව මරන්න. මාර්තු 01 - කාඩිෆ්, ඩේවිඩ්ව මරන්න. අප් රේල් 01 - චෙල්ටන්හැම්, මේරිව මරන්න. ඇයට එය කාගේ හෝ විහිළුවක් යැයි සිතා බැහැර කරන්නට තිබිණ. එහෙත් ඒ වන විටත් ජනවාරි පළමුවෙනිදා පසුවී තිබිණ. ඔක්ස්ෆර්ඩ් නගරයේ උන් ලීසා නැමති යුවතියව මරා දමා තිබිණ. ඉතින්, අප් රේල් පලවෙනිදා එළඹෙන්නේ මේර්ගේ වාරයයි...