Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
මෙලින් මැදුරේ පාලිකාව

මෙලින් මැදුරේ පාලිකාව

තමන්ටම කියා ජීවන මාර්ගයක් නැති කුලකන්තාවකට විවාහයක් කරගන්නට නොහැකි නම් කළ හැකි එකම දේ වංශවත්, ධනවත් සිටු මැදුරක පාලිකාවක් වශයෙන් හෝ සහචාරිකාවක් වශයෙන් රැකියාවකට යෑම යැයි ඇඩිලේඩ් නැන්දා මාර්තා ලී ට කීවාය. ඒ අනුව ඇය කෝන්වෝල්හි මවුන්ට් මෙලින් මැදුරට ආවේ මව නැති, පියාගේ ආදරයක් නැති හිතුවක්කාර කෙල්ලක් බලා ගැනීමටය. දැරියගේ මව අන් පුරුෂයෙකු සමඟ පැන යන්නට උත්සහ කරද්දී මහා දුම්රිය අනතුරකින් දෙදෙනාම පිළිස්සී මිය ගියේ යැයි ප් රසිද්ධව තිබුණද, එසේ මිය ගියේ ඇලිස් යැයි ගමේ බොහෝ දෙනෙක් විශ්වාස කලේ නැත. ඒත් ඇලිස් ඔබ කොහේද? මාර්තා ලීට ද මේ සිදුවන්නේ කුමක්ද? read the first story f gothic romance by one of the su
Out of stock
ස්වාරක්ෂකයෝ

ස්වාරක්ෂකයෝ

ජෝඩි කෙනසි - මාරාන්තික ලියුකීමියා රෝගය වැළඳී මරණයට දින ගණින දොළොස් හැවිරිදි දරුවෙක්....... ඩේවිඩ් කෙනසි - සියදරුවා මරණයෙන් ගළවා ගැනීම පිණිස නැනෝ තාක්ෂණය සහ ඉංජිනේරු ශිල්පයේ ප් රතිභාව සම්මිශ් රණය කරමින් විප්ලවීය ප් රතිකාරයක් සොයා පරීක්ෂණ පවත්වන ජෛව හා රසායන විද් යාව පිළිබඳ හසල දැනුමැති විද් යාඥයෙක්........ ජෙරමි ඩොර්මන් - වැරැදි ඖෂධ නිදර්ශකයක් ශරීරගත කරගැනීම නිසා ස්පර්ෂ කරන්නන් සියල්ලන්ටම ක්ෂණික මරණයක් දායාද කරන විද් යාගාර සහායකයෙක්........ මානව සංහතියේ ගමන් මග වෙනස් කරන මේ සුවිශේෂී ප් රතිකාරය නිර්මාණය වීම වැළැක්වීම සඳහා ක් රියාත්මක වූ ඉහළ පෙළේ කුමන්ත් රණයක්........ ඬේනා ස්කලි සහ ෆොක්ස් මෝල්ඩර්
In stock
මා සවනත ඔබ නෙත් යුග

මා සවනත ඔබ නෙත් යුග

ටොම් සලිවන් අන්ධය. බිළිඳු වියේදීම ඛේදනීය ලෙසින් පෙනුම අහිමි වූ ඔහු අඳුරු හුදකලා ලෝකයේ සිරගත වූ ළදරුවෙකු බවට පත්විය. අනෙකුත් දරුවන් කළ සෑම දෙයක්ම කිරීමට ඔහුට අවශ් ය විය. ආශ් රය අත්හරිනු ලැබූ පන්ති සගයන්ගේ කුරිරුකම්වලට ලක්වූ ඔහු, අති දක්ෂ සිසුවෙක් විය. ක් රීඩාවෙන් අන්අය අබිබවා සිටි සහජ මළල ක් රීඩකයෙක් වූ අතරම ඕනෑම කෙනෙකුගේ සිත්හිවන වියරු සිහිනවලින් ඔබ්බට ගිය අයෙකුද විණි. සංගීතඥයෙකු ලෙස ඔහුගේ හැකියාවන් තුළින් යසෝරාවය හා වාසනාව ළඟාකර ගත්තේ ය. සංවේදී තරුණයෙකු ලෙස මිත් රත්වය වෙත එළඹි ඔහු ආදරය සොයාගත්තෙක් විය. ස්වාමිපුරුෂයෙකු හා පියෙකු ලෙස ඔහුගේ බිරිය හා දරුවන් සමඟ පූර්ණ සහසම්බන්ධතාවක් ගොඩනඟා ගත්තේය.
Out of stock
මායා අග්නි - Ruins (X-files)

මායා අග්නි - Ruins (X-files)

ක් රිස් කාටර් විසින් අධ් යක්ෂණය කළ 'ද එක්ස් ෆයිල්ස් මාලා නාටකය ලොව පුරා ප් රේක්ෂකයින්ගේ නෙත් සිත් ඇද බැඳගත් විශිෂ්ටතම රූපවාහිනි ටෙලි කථා මාලාවක් ලෙස අවිවාදිත ය. ද එක්ස් ෆයිල්ස් රූපවාහිනි මාලා නාටකය විකාශය වීමත් සමඟ එහි සඳහන් චරිත, සිදුවීම් හා පසුබිම යොදා විශේෂිත ග් රන්ථපෙළක් ද රචනා විය. රූපවාහිනි නාට් යයට වශී වූ ප් රේක්ෂකයා මේ පොත් පෙළටද එක සේ ඇලුම් කළ බව නිගමනය කළ හැක්කේ ඒවා ලොව පුරා පිටපත් මිලියන ගණනින් අලෙවිවීමත් සමඟය. කෙව්න් ජේ. ඇන්ඩර්සන් නම් ලේඛකයා විසින් ruins නමින් රචනා කරන ලද ඉන් එක් ග් රන්ථයක් මායා අග්නි යනුවෙන් මෙසේ සිංහලයට පරිවර්තනය වෙයි. රූපවාහිනි තිරයේදී ඔබ දුටු එක්ස් ෆයිල්ස් සතුව
Out of stock
මොස්කව් පෙරළිය

මොස්කව් පෙරළිය

රුසියාවේ කොමියුනිස්ට් පාලනය බිඳ වැටීමෙන් පසු 2000 ජනවාරි මස 16වන දින පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනප් රිය දේශපාලනඥයෙකුගේ රහස් ප් රතිපත්ති ප් රකාශනය අස්ථාන ගතවෙයි. බ් රිතාන් ය තානාපති කාර්යාලටය ලැබුණු එම නැති වූ ලියවිල්ලෙන් රහස් රැසක් හෙළි වෙයි. ඒ වනවිට ඉතා ජනප් රියව සිටි මෙම අපේක්ෂකයාගේ ජයග් රහණය නිසැක බව සියල්ලන්ගේ මතය විය. ජනතාවට ව් යාජ චිත් රයක් මවා පා බලයට පත් වූ පසු වහල් කඳවුරු නැවත පිහිටුවීම, ඒක පක්ෂ රජයක් ඇති කිරීම, පැරණි සෝවියට් සංගමයට අයත් පසුව ස්වාධීන වූ රටවල් ආක් රමණය කොට යළි ඇඳා ගැනීම, සුළු ජන වර්ග සමූල ඝාතනයය ආදි වශයෙන් ඔහු සිදුකිරීමට බලාපොරොත්තු වන දෑ පිළිබඳ
In stock
විමුක්තිය සොයා

විමුක්තිය සොයා

චන්ද් රසිරි දොඩංගොඩ නවකතාකරුවාගේ පළමුවැනි ගුණානුස්මරණය වෙනුවෙන් නවකතා, කෙටිකතා හා කාව් ය වශයෙන් තරඟ තුනක් පැවැත්වීමට චන්ද් රසිරි දොඩංගොඩ අනුස්මරණ පදනම ගත් උත්සාහය මල් ඵල ගැන්වී ඇති අතර එහි ප් රතිඵලයක් වශයෙන් කුසුමා එපිටවල ලියූ විමුක්තිය සොයා නම් නවකතාව ප් රථම ස්ථානය දිනාගෙන තිබේ. එවා තිබූ නවකතා රාශියක් අතරින් විමුක්තිය සොයා නවකතාවේ කැපී පෙනෙන ලක්ෂණ දක්නට ලැබිණ. මෙම නවකතාවට ඇතුළත්ව ඇත්තේ සිදුහත්- යශෝදරා කතාවේ නව අර්ථකථනයකි. ආගමික පසුබිමක දිවෙන කතාව ගැන අමුතුවෙන් කිව යුත්තක් නැතත් කතාවේ ජයග් රහණයට හේතු වූයේ කතුවරියගේ භාෂා විලාශයයි. ආගමික පසුබිමකට උචිත සේ ලියවුණු භාෂාව ආධුනිකයෙකුගෙන් බලාපොරොත්තු
In stock
පරසතු

පරසතු

මිනිසා විසින් නිපදවන ලද බොහෝ දේ අතර මනුෂ් ය සමාජය විප්ලවීය වෙනසකට ලක් කිරීමට සමත් වූ ප් රධාන නිපැයුමක් වූයේ භාෂාවයි. මීට වසර ලක්ෂයකට පමණ ඉහත කාලයකදී නුතන මානවයින් විසින් නිපදවන ලද භාෂාවේ පසුකාලීන වර්ධනයක් වුමාත් රාමය ශබ්ද උච්චාරණය භාෂාවේ ලාලිත් යමය ක්ෂිතිජය නිර්මාණයට මඟ පෑදීය. භාෂණය අනතුරුව ගායනය යනුවෙන් හැඳින්වෙන සුවිශේෂී ශික්ෂණය තෙක් වැඩී ගියේය. ගායනය කළ හැකි ලෙස භාෂාව සංයෝග කිරීමේ කුසලතාව වනාහී නිර්මාණ කෞශල් යයේ වාසනා මහිමයයි. සිය ආධ් යාත්මය තුළ හට ගන්නා නෙකවිද සංවේදන වලට අයත් ස්පන්දන අක්ෂර තුළ ගැබ්ගෙනඇති ස්වර මාධුර්යයන්ට පරිවර්තනය කිරීම ප් රතිභාව නම් කුසල ශක්තියේ ප් රතිබිම්බයයි. සිංහල භාෂා
In stock
සිරකාරි

සිරකාරි

කෙටිකථාව යනු ජීවිතයෙන් පෙත්තක් කපා නිරූපණය කිරීමක් බව නැවත නැවතත් සනාථ කරන මුල මැද අග සහිත අපූරු කථාගොන්නකින් සමන්විත සිරකාරි නිර්මාණකරුගේ දෙවන නිර්මාණ වෑයමයි. බොහෝ ගැහැණුන් මිනිසුන් පමණක් නොව සතුන් ද විඳින හා විඳවන අනන්තාපරිමාණ සුඛ දුක්ඛයන්ට පාදක වූ ක් රියාවන් හා ප් රතික් රියාවන් සෞන්දර්යාත්මක දෘෂ්ඨියකින් විවරණය කිරීමෙහිලා කතුවරයා දක්වන අපූර්ව බුහුටිකම අනාගත සිංහල කෙටි කථාවේ දිශානතිය පිළිබඳ පාඨකයා තුළ විසල් බලාපොරොත්තුවක් දල්වාලනු නිසැකය. කුඩා සිද්ධියක් වුවද අපූර්වත්වයකින් නිර්මාණාවේශයෙන් හැඩගන්වා සාර්ථක කෙටිකතාවක් බවට රූපාන්තරණය කිරීමේ නිසඟ කුශලතාවය මෙම තරුණ ලේඛකයාගේ ප් රතිභාවයට නිදසුනකි. වි
Out of stock
රතු සෙබලිය

රතු සෙබලිය

Daughter of china නවකතාව not without my daughter (දෙවියන්ගේ අඩවිය) කෘතිය ලෙසින්ම ගැහැනියක මුහුණ දුන් සත් ය අත්දැකීම් ඇසුරෙන් ලියුවුණු, එනිසාම මහත් ආන්දෝලනයකට ලක් වූ කෘතියකි. චීන හමුදා සේවයේ ඔත්තුකාරියක වූ තරුණ නිලධාරිනියක්, ඇමරිකානු මහාචාර්යවරයෙකු හා පෙමින් බැඳෙයි. එනිසාම රාජ උදහසට ලක් වන ඇය සේවයෙන් නෙරපනු ලබනවා පමණක් නොව සියළු බ් රහ්ම දණ්ඩනයනට ද යටත් වෙයි. මේ සියළු බාදා මැද අවසානයේදී සිය ඇමරිකානු සැමියා සමඟ එකතු වන්නට ඇය සමත් වෙයි. daughter of china යනු වර්තමාන චීනයේ පවතිනු ඇතැයි අප කිසිසේත් නොසිතූ දේශපාලන තත්ත්වයක් ලොවට හෙළි කළ මීහොන් ක්ෂූ නම් තරුණ හමුදා නිලධාරිනියගේ සත් ය කතාවයි. දශක කිහිපය
In stock
කැටපත් කංකාරිය

කැටපත් කංකාරිය

අනුරාධපුර යුගයේ දී පරපුරුෂයන් රැසක් හා ලැගි අනුලා බිසවගේ කාමෝන්මාදය පාදක කැර ගෙන, සිනමාපටයක් නිපැයීමට, විකෘති කාමභෝගී ජීවිතය තම තෘප්තිය කර ගත් ප් රවීණ චිත් රපට අධ් යක්ෂකවරයෙක් උත්සාහ දරයි. ඒ නිර්මාණ ප් රවේශය ඔහු හා දෙවැනි විවාහයෙන් බැඳුණු කීර්තිමත් සිනමා නිළිය කඩා කප්පල් කරන්නට උත්සාහ දරන්නීය. එයට නිමිත්ත වන්නේ තම පළමු විවාහයෙන් ලද රූමත් දියණිය අනුලා බිසවගේ භූමිකාවට තෝරා ගැනීමෙනි. තම දෙවන සැමියාගේ විකෘති කාමාශාවන් හා තම අත්දැකීම් ඇසුරින් උපන් භය හේතුවෙන් සිය දියණිය සුළු පියාගේ කාමා පරාධයන්ගෙන් ගලවා ගැනීමේ ඇයගේ අනවරත උත්සාහය පාදකව ඔවුන් තිදෙන අතර දැවැන්ත අරගලයක් පැන නැඟ ඔවුන්ගේ සමාජ, ආර්ථික, සං
In stock
ශුක්රාන් කටාර්

ශුක්රාන් කටාර්

මුලින්ම ඕමානයට ආ දවස සිහිපත් වුණා. ගෙදරදීත්. ගුවන් තොටුපලේදීත් හිර කරගෙන තිබුණු කඳුළු වැස්ස දෝරේ ගලන්න ගත්තේ උඩුගුවනේදීයි. ඕමාන් එයාර් ගුවන් සේවිකාවන්ට මට ලේන්සු සපයනවාට වඩා රාජකාරියක් තිබුණෙ නෑ. ඒ තරමට අඬලා ගුවන් තොටින් බහිද්දී කඳුළු වේලීලා. ලංකාවේ රාජකාරිය ගැන අන්තෙටම කලකිරිලා හිටපු මම අපායට යන්න වුණත් සුදානමෙන් හිටියේ. කොහොම වුණත් සැප දුක දෙකම අතර දෝලනය වෙමින් අවුරුදු අටක්ම ගෙවා ගත්තා. ලංකාවේ දී කරන්න ඉඩ නොදුන් හැම දෙයක්ම මම මේ රටේ දී ඉහළින්ම කෙරුවා. රාජකාරිය ගැන අතිශයින්ම තෘප්තිමත්. හැකි උපරිම කාලයක් මගේ උපරිම ශක්තිය මම මේ රටේ දියුණුව සඳහා යොදවනවා.මගේ රට ගැන අවංකවම දුකයි. -senarath kumaras
In stock
ඉර වර වර

ඉර වර වර

"ඉර වර වර" අගනා නවකතාවකි. නවකතා කරුවෙකු වශයෙන් ගාමිණී කන්දේපොළ සතු නිර්මාණ කෞශල් යය එහි මැනවින් සටහන්ව ඇත. "ඉර වර වර" නවකතාවෙහි අන්තර්ගත එක් මුඛ් ය තේමාවක් නම් පරිසරාවබෝධයෙහි, පරිසර විඥානයෙහි, පරිසර භක්තියෙහි වැදගත්කමයි. මානව ශිෂ්ටාචාරයෙහි මූලාවධියෙහි පටන් මිනිසාත් ස්වභාව ධර්මයත් අතර ඉතාම සමීපවූත් පරස්පර පරිපෝෂකත් සම්බන්ධයක් පැවතිණ. නවීකරණයෙහි ව් යාප්තිය නිසා මෙම සම්බන්ධයට හානි සිදු වී ඇති අයුරු කන්දේපොළ සිතුවම් කරන්නේ මනුෂ් යත්වය පිළිබඳ ගැඹුරු අවබෝධයකින් යුතුවය. සංකේතාත්මක සංසිද්ධි තුළින් කතුවරයා නවකතාවේ ආධ් යාන සංකේථනයට ජීවයක් ලබා දෙයි. "ඉර වර වර සාහිත් යාභිලාෂීන්ගේ විචාර දර්ශනයට පාත් ර විය
In stock
සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න

සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න

කවිය කියන්නෙ මොන වගේ වාස්තවික හැඩයක් ගන්න එකක් ද කියල හොයනවට වඩා කවියේ රසිකයෙකු හැටියට මං වදවෙන්නේ එයින් කවරාකාර හර්ද කම්පාවක් ඇති කරනවාද කියන කාරණාව. භූ කම්පාවන් මනින්නේ රික්ටර් මාපාංකය තිබුණට හර්ද කම්පාවන් මනින්න එවන් නිර්මිත නිර්ණායක තියෙනවද? අපට එහෙම හිතෙන්නේ කවිය, කවියාගේ ප් රකාශයෙන් බැහැර වුණාම, එය හුදෙක්ම පුද්ගලානබද්ධ විඳීමක් වන නිසා. හිතේ කෝමල සියුමැලි හැඟුම් පිරිමදින කවි වගේම, ඒ හිතේම රළු, ගොරහැඩි, අඳුරු අහුමුළු ඉවක කරන කවිත් අපට හමුවෙනවා. අප කියවා රස විඳිනවා. අපට අනුව සුජීව කියන්නේ මේ දෙවනාකාරයේ කවි භාවිතාවක ඉන්න කවියෙක්. සුජීවගේ කවි තාණ්ඩවයි. ඒ කවිවල නුසුන් යටි අරුත් එක්ක ගීතවත් ධ්ව
In stock
සුරතල් සතුන් ලෙඩවන්නට පෙර

සුරතල් සතුන් ලෙඩවන්නට පෙර

ආදරය, කරුණාව, ලාභ ඉපයීම හා ජෛව විවිධත්වය අරමුණු කරගෙන දඩයම් යුගයේ සිට මිනිසා හා සතුන් අතර ඇති වූ බැඳීම, එඬේර යුගයේ දී ප් රබල සමාජයීය සංස්කෘතියක් බවට පත් විය. ගෘහාශ් රිතව, ව් යාපාර හා ලෝවැසි ජීවත්වන සියලු සතුන් උදෙසා වෙද-හෙදකම් කළ හෙයින්, එය අද පශු වෛද් ය විද් යාව සේ හඳුන්වමු. නීරෝග සැප හැර සැපයක් මිනිසාටද සතුන්ටද නොමැත. මේ පිළිබඳ අප රටෙහි තහවුරු වී ඇති දුර්මත ඉවත් කළ යුතු කාලයද ඉක්මවා තිබේ. පශු වෛද් ය විද් යාවේ පර්යේශනාත්මක නමවු දැනුම අප සමාජයේ තහවුරු නොවන්නේ ද මේ ආකල්පමය ගැටලු හේතුවෙනි. සුරතල් සතුන් ලෙඩවන්නට පෙර කෘතිය පශු වෛද් යවරියකගේ අත්දැකීම් ඇසුරින් මෙරට පාඨකයා අතරට පැමිණි කාලෝචිත මැදිහත්
In stock
කතා සරිත් සාගරයේ කතා

කතා සරිත් සාගරයේ කතා

කථා නමැති ගංගාවන්ගෙන් සැදුණු සාගරය යන තේරුම ඇති මෙම කථා සරිත් සාගරය පුරාණ සංස්කෘතික විචිත් ර කථා සංග් රහයකි. කාශ්මීරයේ රාම නමැති බමුණකුගේ පුත් සෝමදේව විසින් ක් රි. ව. 1063 - 1081 අතර තුර කාලයේදී මෙය ලියන ලදී. ඒ අනුව මෙය වසර දෙදහසක් තම් පැරැණිය. කාශ්මීරයේ අමාන්ත රජතුමාගේ බිසව වන සූර්යවතී බිසවගෙ කලකිරීමක් දුරුකොට මනෝ විනෝදය ඇති කිරීම සඳහා මෙය ලියූ බව සඳහන් වෙයි. ප් රාකෘතයෙන් රචනා කරන ලද, මෙකල දක්නට නැති කථා කෝෂයක් වූ වෘහත් කථාව කථා සරිත් සාගරය ලිවීමට මූලාශ් ර වී තිබේ. වෘහත් කථාව පෛශාවී භාෂාවට අයත් ග් රන්ථයකි. එය අද අතුරුදහන් වී ඇතත් සෝමදේව පඬිවරයා විසින් කථා සරිත් සාගරය ලිවීම නිසා මුල් කතාවේ සෙව
Out of stock
ඇමෙරිකානුවන් දුටු ලක්දිව සිරිය

ඇමෙරිකානුවන් දුටු ලක්දිව සිරිය

දහනමවන සියවසේ දී හා විසිවන සියවස මුල ලංකාවට පැමිණි විවිධ ඇමෙරිකානුවන් දස දෙනෙකු විසින් රචිත රචනාවල සිංහල පරිවර්තන මෙම ග් රන්ථයෙන් ඉදිරිපත් කොට ඇත. මෙවා බොහොමයක් ලංකාවේ දී ඔවුන් මෝහනයට පත් කරන ලද මනරම් ස්වභාව සෞන්දර්යය, ඔවුන්ගේ අත්දැකීම් හා නිරීක්ෂණ විස්තර කෙරේ. මේ හැරෙන්නට ගාල්ල, මහනුවර හා නුවරඑළිය පිළිබඳව නොයෙකුත් ලේඛකයන් ඉදිරිපත් කර ඇති විස්තර අතිශයින් මනස්කාන්ත ය. ඇතැම් රචනා රාජ් ය ප් රතිපත්ති මෙන් ම සමකාලීන සමාජය පිළිබඳ ශාස්ත් රීය අධ් යයන සඳහා ද උපයෝගි කරගත හැකි තොරතුරුවලින් යුක්ත ය. උදාහරණයක් වශයෙන් හෙන්රි ස්ටීල් ඕල්කොට්ගේ රචනය දැක්විය හැකි ය. එවක පැවති ක් රිස්තියානි මිෂනාරි කටයුතුවල ස්ව