Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
පන්හිඳ

පන්හිඳ

''මයෙ දෑහට පෙනී පෙනී කෙල්ල උස්සාන වස්තරේ ගැලෙව්වේ. එකෙක් නෙමෙයි පිපාසාවෙන් හිටපු හැම එකාම කාල කාල හප කරල අන්තිම එකාට සැප මදිවෙලා කෙල්ල කපලා දාල ගියෙ.'' තවත් මදි ලෙසින් පරංගි සිරුරට කොටමින් නොනැවතී කියවු උංගිරාළ අවසානයේ තම දියණිය සිහි කරමින් හඬන පළමු වතාව සේ මොරගෙඩි වන් කඳුළු කැට බේරමින් වැලපෙන්නට වුයේය. ගම්බිම් මංකොල්ලකමින්, වස්තුව එකතු කරමින් හිඳ මේ දුරු රටක, මේ අද දිනයේ, මේ මෙතන මේ කිතුල් ගහ යට දෙපළු වී යන්නට නියමිත ඉරණම සොයා ගවු සියදහස් ගණනක් දුර සිට මුදූ හතක් තරණය කර ආ අවාසනාවන්ත පරංගියාගේ ඉරණම පිළිබඳව සිතමින් නැග එන ඔක්කාරය මැද දෙපසට කඩා වැටුණු ගස් අතු දෙකක් සේ කඳෙන් එල්ලෙන සිරුරේ පලු දෙක
In stock
පේත

පේත

සාකච්ඡා සමුළු - කට උත්තර - ඡායාරූප - කෙටි නාට් ය- කෙටිකතා - දින සටහන් යනාදිය ඇසුරෙන් ලියවෙන මේ කෙටි නාවකතාව බිහිසුණු ව් යාකූලත්වයේ ගිලුණු සමාජයක තද අඳුරු ඇතුළාන්තය නීරුපණය කරයි.ජීවමාන මිනිස් චරිත තරමටම ක් රියාකාරි වන්නා වු මහජන මතය, හෘදසාක්ෂිය, විගලිතභාවය, මනෝවිකාර වැනි දේ මෙන්ම මරණාපර ප් රේත ලෝකය හා අකාමකා දැමිය නොහැකි කටුක මතකය ද පිළිබිඹු කරන මේ ප් රබන්ධය, පිළිකා රෝගී කොටි කතකට රැකවරණය ලබා දුන් සිංහල තේ කඩයක් පිළිබඳ නඩුවේ හා මහජන අවසන් විනිශ්චයේ විවාදාත්මක පුවත ඔබට පවසයි.මෙරට වාම මානව සංහතියේ නිවාසස්ථානයක් ලෙස ඒ තේ කඩය ස්වකීය දුක් ගැහැට සහිත විපරිණාමය ඔස්සේ ඉතිහාසයෙන් වර්තමානයට ද, දේශපාලනයෙන
Out of stock
බලන් පුර සිරි නෙත් වසා

බලන් පුර සිරි නෙත් වසා

"ඒත් මචං මං උඹට එකක් කියන්න ඕනැ.. උඹ යුනිවර්සිටි දහයකින් උපාධි දහයක් ගත්තත් මේ වගේ සැප සම්පත් සාගරේක කිමිදෙන්න නං බැරි වෙයි. කොහොමින් හරි ඇමතියෙක් වුණාම තියෙන සැප උඹ දන්නෙ නෑ... මුළු අමාත් යාංශෙ ම වැඳ වැටෙනව.. පියන් ගෙ ඉඳන් ඉහළ නිලධාරීන් සේරම මොනවද ඉල්ලන්නෙ ඒව බොහොම වෙලාවට ලැබෙනව... එකෙක් දෙන්නෙක් නං ඉන්නව තමයි බක පණ්ඩිත කං දොඩන නීති රීති පෙන්නල දෙන්න හදන.. ඒ වුණාට වැඩි දෙනෙක් අපිට අවනතයි. මං වටේ ඇවිද ඇවිද හිටිය ගමේ උන් සම්බන්ධීකරණ ලේකම්ල කරන්න පුළුවං නීති රීතිත් මේ ආණ්ඩුවේ නිලධාරි ලොකු ලොක්කො අපිට හදල දීල තියෙන්නේ... ඒ හින්ද අපේ උන්ටත් කාර් බාර් ආණ්ඩුව ගානෙම.. හෑන්ඩ්ෆෝන්... නිකන් ෆෝන්... ලැප්
In stock
තී හා තා

තී හා තා

නවකතාව සඳහා අපූර්ව භාෂා ශෛලියක් නිර්මාණය කරන නවකතාවක්.හැගුම්බර හා බියකරු සිදුවීම්මෙන්ම ලිංගිකත්වය පවා (ඒවායේ මුල් නොසිදෙන සේ සදය උපහාසයකින් ප් රතිනිර්මාණය කිරීමට කතුවරයා සමත්. මෙය සිංහල නවකතාව තුළ අතිශය විරල අත්දැකීමක්.වියමන තුළ සෘජුව ප් රකාශමාන නොවන හැඟවුම්කාරකයන් ගවේශණය කිරිමට පාඨකයා පොළඹවන සුළු ආඛ් යානික ප් රවේශය නිසා කෘතියේ ගැඹුර හා රසය ත් රීව් ර වේ. 'තී හා තා' අසීමිත බැදිමක් පිළිබඳ කතාන්දරයකි.ආදරය මටසිළුටු බව සේම රළු පරළු බව ද එක්තැන් කළ අමුතු නවකතාවකි.නුතනයේ එක්තරා පරම්පරාවක ආදරය පිළිබිඹු කරන නවකතාකරුවා එකී තරුණ ජීවිත සමූහය දෙස හෙළන්නේ අසම්මත මුත් නව් ය දෘෂ්ටියකි.ඊටම උචිත වූ ලේඛකයාගේ සුව
Out of stock
අතකින් අම්මා ය අතකින් මෙරමා ය

අතකින් අම්මා ය අතකින් මෙරමා ය

මෙය පී.බී. ජයසේකරගේ හයවැනි නවකතාවයි. ඔහුගේ සියළුම නවකතා මෙරට සම්මාන සඳහා නිර්දේශ විය. 2019 පළ කළ 'මා ප් රති මා' විදුදය, ගොඩගේ සහ රාජ් ය සම්මානයන් හි අවසන් වටය තෙක් පැමිණියේය. 'ඉක්බිතිව ඔහු මරාපීහ' 2016 වසරේ හොඳ ම නවකතාව වශයෙන් ගොඩගේ සම්මානයට පාත් ර විය. 'මරියා සිලොනිකා වස්තුව' ඔහුගේ පළමු නව කතාව, ස්වර්ණ පුස්තක අවසාන වටයට පැමිණි ජනහද දිනාගත් නවකතාවකි. 'අවලමා සහ ඇහැටුව' රාජ් ය සම්මාන අවසාන නවකතා තුන දක්වා පැමිණි අතර 'බලව, කඳුළු ගිනි ගනී!' ෆෙයාර් වේ සම්මාන අසාන නවකතා පහ තුළ රැඳිණි. ඒ සියල්ල යම් අයුරකින් සත් ය සිදුවීම් හා බැඳී නවකතාවයි. එක්තරා දිනක කුණාටුවකට හසුව, කූඩුව සිඳී ගසාගෙන ආ ගිරා පෝතකයින
In stock
අව පෑළවිය
In stock
වරාමල්

වරාමල්

ශාන්ති දිසානායක සිංහල භාෂාව අතිප් රවේගකාරි භාෂාවක් බවත්, ගැමි පරිසරය ඉස්මතු කරලීමට භාෂාව නිර්මාණාත්මක ව යොදාගත හැකි බවත් විශාද කරවමින් වරා මල් රචිත ය.ශබ්දාර්ථ සුන්දර ගර්භ භාවයට පත් කළා ම වරා මල් සුවඳ රහිතයි.ඒත් ඉතා දිගු කලක් අව්වැසි ඇතත් නැතත් ප් රාණවත් ව සිටින්නක්.වරා පොහොට්ටුව මහ හඬ නඟනවා.එවන් වරා මලක් ගැන කියන කතාවක් 'වරා මල්'. ගැමි ජීවිතයත් එහි සුවඳත් විස්තර කිරිම සඳහා අව් යාජ අත්දැකීම් අවශ් යයි.ගමත් එහි මිනිසුන් ගේ චර්යා රටාවත් කුලවාදය වැනි සම්බාධක මැද ජීවත් වන පීඩිත පන්තියකුත්, සමාජීය වශයෙන් දුක් විදින පරම්පරා දෙකකුත් තමන් ගේ ජීවන මාර්ගය සාර්ථක කර ගනු වස් ගෙන යන ඛේදජනක ප් රයත්නය වරා මල්
Out of stock
පෙත්සම

පෙත්සම

ලීල් ගුණසේකර පෙත්සම ලංකා සිවිල් සේවය බැබළ වූ කීර්තිමත් දිසාපතිවරයකු ලෙස ලීල් ගුණසේකර ප් රසිද්ධය. රජරට ජනතාව ඇසුරෙන් ලත් ආභාෂයෙන් ඔහු ලියූ පෙත්සම නවකතාව 1962 දී සාහිත් ය සම්මානයෙන් පුදනු ලැබීය. පෙත්සමෙහි බස ලිහිල්ය. ප් රාණවත්ය. නිර්මාණාත්මකය. එකල රජරට ජනතාවගේ අපූරු ජීවිත අරුත් පෙත්සමෙන් ගෙන දෙයි. නූතන පරම්පරා පරතරය සමඟ නව අරුත් ඔප් නංවන පෙත්සම වැදගත් සාහිත් ය උරුමයකි. ඉන්පසුව ලියන ලද අත්සන සහ මං නැතිදා නවකතා ද එසේමය. ලේඛන කලාවටත් ලේඛකයාටත් අතහිත දෙන ලීල් ගුණසේකර සිංහල ලේඛක සංවිධානයේ 1967 වසරේ ආරම්භක සභාපතිවරයා වූ අතර අද දක්වා එම තනතුර හොබවයි. ශ් රී ලංකාවේ විවිධ තනතුරු අතර ගරු සිරිමාවෝ බණ්ඩාරනාය
Out of stock
මකරානන්දය

මකරානන්දය

ඈ බං අක්කෙ උඹට මොකෝ ඒ දවස්වල රන් බණ්ඩයියටම හිත ගියෙ? ඉද්ද ගැසුවා සේ නැවතුනු මෝල්ගස පුදුමයෙන් මෙන් සුගුනී දෙස බලා හති හලමින් බිත්තියට හේත්තු වූයේය. රන්මැණිකා විටක් කෑවේ ඉන් පසුවය. උඹට කියන්න සුගුනො මං ගියා පෙරහැරක් බලන්ට. රන්මැණිකා කියන්නේ මින් පෙර නොකියූ කතාවකි. සුගුනී පිල මත්තේ හරි බරි ගැසුනාය. රන්බණ්ඩා මුණගැසුනේ පෙරහැරක් බලන්නට ගොස් බවක් සුගුනී මේ වනතෙක් දැන සිටියේ නැත. ඔන්න මුලින්ම ආවා කස කාරයො. දිගට හරහට චට පට චට පට ගගා කස පාරවල් දිදී එනකොට බලන්ට බය හිතුන. මං බැලුව මේකද යකෝ මේ හැම එකාම වරුණා කොරන පෙරහැර කියල. ඊළඟට ආවේ ගිනිබෝලකාරයෝ උන් ලවක් දෙවක් නැතුව ගින්දර කරකවන්ට තියා ගත්තා. මට තවත්
In stock
කාල නදී ගලාබසී

කාල නදී ගලාබසී

හැත්තෑව දශකයේ පුවත්පත් සහ වාරප් රකාශන ඔස්සේත්, ගුවන්විදුලිය ඔස්සේත් නිර්මාණකරණයට පිවිසෙන නෝබට් අයගමගේ 1976 වසරේදී ජාතික තරුණ සේවා සභාව පැවැත්වූ සමස්ත ලංකා පාඨශාලාන්තර පද් ය රචනා අංශයෙන් ප් රථම ස්ථානය දිනාගනී. අසූව දශකයේ 'දිවයින' ඉරිදා සංග් රහය සිළුමිණ දිනමිණ තරුණි යොවුන් නව ජනතා නවලිය විචිත් ර කලා රසඳුන සළරුව සරසවිය සහ ගුවන්විදුලිය තුළින් තම හැකියාවන් ප් රකට කරන හෙතෙම ගුවන් විදුලි නාට් ය රචකයෙකු සහ විචිත් රාංග වැඩසටහන් පිටපත් රචකයෙකු ලෙස ඉදිරියට පැමිණෙයි. චිත් රපට ප් රචාරණයට අදාළ වෙළඳ දැන්වීම් සහ ප් රචාරක ගුවන් විදුලි වැඩසටහන් නිර්මාණය විෂයයෙහි ප් රබල දායකත්වයක් දක්වන ඔහු, පසුකාලීනව, රූපවාහිනී
Out of stock
කෙලෙස් පර්වත

කෙලෙස් පර්වත

.මෙය සිහිනයක් නොවේ නම්, මෙයට මොහොතකට පෙර අඳුරු භවාන්තරයේ මායා සිහිනයක ක්ෂණික විදුලි එළි දහරකින් දුටු මුහුණක ඡායාවක් මේ හුදකලා කාමරයේ පහළ වූයේ කෙසේද? මෙවිට ඔහුගේ මුවින් පිටවූයේ සැක සහිත මුමුණන හඬකි. ඒ සමඟම කඳුළු පිරි දෙනෙතින් යුතු එම මුහුණෙහි ඇඬුම් මුසු සිනාවක් මතුවනු ඔහු දුටුවේය. මහත්තය හුඟ වෙලාවක ඉඳල නින්දෙන් දොඩවනවා. යි මෙතෙක් ඔහු ළඟ නිහඬව සිටි සෝමා කීවා ය. මම හරියට බය වුණා සෝමා අහගෙනද හිටියෙ? ඇහුණා මට හරියට බය හිතුණා. යි පැවසූ සෝමා හිස ඔසවා ඔහු දෙස උනන්දුවෙන් බැලුවාය. උපතිස්ස ඇගේ බැල්ම මඟහැර, මඳ වේලාවක් වහල දෙසට ඇස් යොමුකර ගෙන සිට මෙසේ කීවේය. ඒ මගේ අතීතෙ වෙන්නැති මගේ අතීතෙ මට වද දෙනවා .එයි
Out of stock
රයිගම් පුත්තු

රයිගම් පුත්තු

රයිගම්පුත්තු ජයසේන ජයකොඩි ...මතක තියා ගනිල්ලා. කවදාහරි සුද්දො මේ රට දලා යනවා. උන් යන්නෙ උන්ගෙ දරුවො වගෙ කළු සුද්දො විසි තිස් දාහක් මේ රටේ බෝ කළාට පස්සෙයි. ඊට පස්සෙ අපේ රට පාලනය කරන්නෙ මේ කළු සුද්දෝ. උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත්වලට වෛර කරනවා. උන් උඹලගෙ දරුවන්ට උගන්නාව් ජාති ආගම් භාෂා භේදයක් එපා ය කියලා; දෙමළත්, මරක්කයත්, හම්බයත්, කොච්චියත් බෝරාකාරයත් එක ය කියලා. උන් කියාවි මේ රට උන් ඔක්කොටමත් අයිති ය කියලා. එහෙම කියල උන් ඉංග් රීසිය ම රජ කරාවි. පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි. උඹල උඹලෑ වෙනුවෙන් දියසේන කුමාරයල ඉපදෙනකල් බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයි දී ම මරාදාන්න මේ කළු සුද්ද