Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සුරූපිනියගේ මරණය

සුරූපිනියගේ මරණය

සෙන්ට් මේරි මීඩ් ගම්මානය කළඹමින්, විශ් රාමික හමුදා කර්නල් බන්ට් රිගේ නිවසේ පුස්තකාලයේ තිබී හමුවන්නේ නන්නාඳුනන තරුණියකගේ මළ සිරුරකි. ඒ පිටුපස ඇති අබිරහස කුමක් ද? වියපත් ජේන් මාපල් මෙනෙවිය මෙම පලහිලව්ව විසඳීමට ඉදිරිපත් වන්නේ සිය මිතුරියගේ ඉල්ලීමටයි. ගල් කොරියක තිබී හමුවන තවත් මළ සිරුරක් සමඟම පොලිසිය සංකීර්ණ ගැටලුවකට මැදි වේ. මෙම සූක්ෂම අපරාධයන් පසුපස සිටිනා මහ මොළකරුවන් හෙලි කරගැනීමට මාපල් මෙනෙවියට හැකි වේද? අම්මයි මාමයි කැමති නැහැ සීයා ජොසී ගැන වද වෙනවාට. මම හිතන්නේ... පීටර් කියා සිටියේ රහසින් මෙනි. ...ඔවුන් සතුටුයි ඇය මැරුණු එකට.. මේ වනවිට සුළඟ නැවතී තිබූ නමුත්, ජනෙල් තිරය මඳක් සෙලවී ගියේ ය. ඉ
In stock
ආදරයක සුසුම

ආදරයක සුසුම

ඇතැම් අවස්ථාවල ආදරය සහ ඉරණම එකිනෙක ගැටෙයි. මේ එවැනි කතාවකි. එය හෝප් ඇන්ඩර්සන් ජීවිතයේ වික්ෂිප්තභාවයට පත්වූ අවධියකි. තම පෙම්වතා සමඟ වසර හයක පමණ කාලයක් සබඳතාව පවත්වා තිබුණත් ඇයට සැබවින්ම අවශ් ය වන්නේ කුමක්දැයි ඇය වටහා ගෙන නොතිබුණි. ඊට කෙටි කලකට ඉහත දී දැනගත් ඇගේ පියාගේ අභාග් ය සම්පන්න රෝග විනිශ්චයෙන් පසු උතුරු කැරොලිනාවේ සන්සෙට් වෙරළෙහි වූ ඇගේ පවුලේ නිවසට ඇය යන්නේ ජිවිතයේ අපහසු තීරණයක් ගැනීමටය. සිම්බාබ්වේහිදී ඉපදී හැදී වැඩුණු ට්රු වෝල්ස්, සාගර තරණය කොට එහි පැමිණෙන්නේ ඔහුගේ පියා යැයි හඳුන්වමින් ලිපියක් එවූ පුද්ගලයා මුණගැසීමටයි. ඔහුගේ මෙම ගමනේ ප් රධානතම අරමුණ වන්නේ තම මව වටා ගෙතී ඇති අභිරහස විසඳා
In stock
අතුරු කතාවක්

අතුරු කතාවක්

මිනිස්සු, මිනිස්සු, තමන්ගෙ දරු පවුලෙන් එහාට ලෝකයක් නැති ඔහේ දැක්කෙන මිනිස්සු. ඔවුන් දෙස බලාගෙන තමන්ටම කියාගන්නාක් සේ කියූ කුමාර ආපසු ඔහු දෙසට නැඹුරු වී සෘජුව ඔහු දෙස බැලුවේය. අපි ඉන්නෙ තනි තනියෙන් තම තමන්ගෙ ලෝකවලට කොටු වෙලා ඉන්ඩ පුළුවන් කාලෙක නෙමෙයි. මේක ගල්ලැහිල තිබ්බ හැම දෙයක්ම දියවෙලා, ඉතිහාසෙ චලනය වෙන්ඩ පටන් අරන්, ඒකෙ ගියර්, දැතිරෝද අපේ අතට අහුවෙන ගාණට ඉස්මත්තට එන කාලයක්. ඒක ඉබාගාතෙ යන්ඩ නොදී අල්ලල හරි පාරකට දාගන්ඩ කාට හරි මැදිහත් වෙන්ඩ, කැප වෙන්ඩ වෙනව. ඔය ලස්සනට සෙනඟ ගැවසෙන ස්ටේෂන්වල පැත්තක අන්ධකාර එක්ලැම් ගෙවල් වගේ පුංචි ගොඩනැගිලිවලට වෙලා තට්ට තනියම ඉඳන් කෝච්චිය හරි පීල්ලට දාන සිග්නල්කාර
In stock
ඔරලෝසුවෙන් ගමනක්

ඔරලෝසුවෙන් ගමනක්

ඔරලෝසුවෙන් ගමනක්' සඳහා මා තෝරා ගත්තේ නව තාක්ෂණය හරහා හමුවුණු යහළු යෙහෙළියන් කීපදෙනෙකි. ඔවුන් මිතුරු වූයේ මුහුණු පොතෙනි. එංගලන්තයේ අධ් යාපනය ලබන ළමයින් පිරිසක් මුහුණු පොත හරහා හඳුනාගත් ලංකාවේ මිතුරෙකුගේ නිවසට පැමිණෙති. එහිදී ඔවුනොවුන් හොඳින් හඳුනාගනී. යන එන තැන් ගැන කතා බහ කරන ඔවුන්ට නව තාක්ෂණය ඔස්සේ ලබාගත් හා සොයාගත් දේ ඇති වී තිබෙන බවක් පෙනේ. ඔවුන් බුද්ධිමත්ය. සමහර ළමයින්ට දෙමාපිය සෙනෙහස, ඇසුර පවා අහිමිව ඇත්තේ දෙමාපියන් ජීවතුන් අතර සිටියදීමය. යම් විටක කලකිරීමට පත්වන ඔවුන් ගැඹුරින් කල්පනා කිරීමට පටන් ගනී. ඒ ඔස්සේ සැවොම කල්පනා කරනුයේ මුතුන් මිත්තන්ගේ ඉතිහාසය සොයා යෑමටයි. එයට ද ඔවුන් භාවිතා කරන්
In stock
ගිම්හානය නිමාවිය

ගිම්හානය නිමාවිය

''මම දන්නව ඔයා මොනවද කල්පනා කරන්නෙ කියල. ජීවත් වුණත් කවදක හරි හිත හදාගෙන වෙන කෙනෙක්ව බඳින්නෙ කොහොමද කියල නේද?... දැන් ඔය කසාද බඳින අය, පෝරුවට නගින මනමාලියො සේරමල කන් යාවොද... හා කියන්න බලන්න. කවුරුහරි වංචාකාරයෙක්ගෙන් අනාථ වෙලා, සමහරවිට ප් රෙග්නන්ට් වෙලා, සමහර විට ළමයෙකුත් එක්ක, ඒත් නැත්නම් ගබ්සා කරගෙන හරි කසාද බඳින අය ඇත්තෙම නැද්ද... ඕව බලපාන්නෙ ගෑනුන්ට විතරයි. එක පිරිමියෙක්න්ගෙන් වත් අහනවද බඳින්න ඉස්සර කුමර බඹසර රැකගත්තද කියල. ඒක ඒ මිනිහගෙ හෘද සාක් ෂිය විතරයි දන්නෙ. ඒත් ගෑනුන්ට එහෙම බෑ... ගෑනු ජීවිත කාලෙම විඳවනව. ඒකයි ඇත්ත... අප බොහෝ විට විවෘතව සාකච්ඡා කරන්නට නොපෙලඹෙන, ජීවිතයේ සමහර ගැටලු සහගත
In stock
වල් බළල්පායේ අකරතැබ්බය

වල් බළල්පායේ අකරතැබ්බය

ප් රසිද්ධ ජපන් ලේඛකයකු වන මියසවා කෙන්ජිගේ ඇණවුම් අධික ආපන ශාලාව නමැති කෘතියේ සිංහල පරිවර්තනයයි. කතාව ජපන් බසින් සිංහල භාෂාවට පරිවර්තනය කළේ ඔකිනවා විශ්ව විද් යාලයේ සම්මානිත මහාචාර්ය දිලීප් වනද් රලාල් මහතාය. ඔහු මෙම පරිවර්තන කාර්යයට පිවිසුණේ භාෂාව, සන්නිවේදනය හා සමාජ සංවාද පිළිබඳව විශ්ව විද් යාලයේ පවත්වන දේශන - සම්මන්ත් රණවලදී අතිරේක පාඨ ග් රන්ථයක් ලෙස මේ කෘතිය භාවිතා කිරීමෙන් ලද පන්නරය තුළින්ය. පුරා 40 වසරක් ජපානයේ අධ් යාපන, සංස්කෘතික හා පර්යේෂණ කටයුතුවල නිරතව සිටින මහාචාර්ය දිලීප් චනද් රලාල් මහතා, කාලයේ හා දේශයේ සීමා ඉක්මවා යමින් මානව සාරධර්ම දෙස මොහොතක් හැරී බලන්නට කරන ආරාධනයක් ලෙස මේ කෘතිය හ
In stock
මේ මිනිසෙකු නම්

මේ මිනිසෙකු නම්

සදාචාරමය සවි බලයෙන් සහ බුද්ධිමය තැන්පත් බවින් 21 වැනි සියවසේ යෝධ පුරුෂයෙකු වූ ප් රීමෝ ලෙවි, එදා මිහි මත ඉදි වුණු ජර්මානු නරකාදිය ගැන, එළැඹි සිහියෙන් යුතුව ආවර්ජනා කළේය. ඉතිහාසය තුළ මිනිස් වර්ගයා මුහුණදුන් අති දුෂ්ට ඒ ව් යසනය ඔහු මේ කෘතිය තුළ ලෝකයා හමුවට ගෙනෙන්නේ එක පරමාර්ථයක් පෙරදැරිව ය. එනම්, නැවත එවැනි විනාශයක් ඇති නොවීමට වගබලාගැනීම මිනිසා යන නාමය දරන සෑම ජීවියෙකුගේම මිනිස් වගකීමක් බව ලෝකයාට හඬගා කීමටයි. දවසක් 'අවුෂ්විට්ස් මාරක කඳවුරට ඇතුළත් කරගැනුණු කෑලි 125 කින්, ඉන් වසරකට පසු ආපසු පණපිටින් එළියට ආවේ 'කෑලි' තුනක් පමණි. තමා එයින් එක 'කෑල්ලක්' වීම ගැන, මුළු ජීවිත කාලය තිස්සේම ඔහු තුළ එක ප් ර
In stock
රෑ මාතා

රෑ මාතා

කර්ට් වොනෙගට් පශ්චාත් නූතනවාදී නවකතා කලාවේ ඇමරිකානු පුරෝගාමියා ය. කෝනෙල් විශ්ව විද් යාලයෙන් ජීව රසායන විද් යාව හැදෑරූ ඔහු, දෙවැන ලෝක යුද්ධයේදී ඇමරිකානු පාබල සෙබළෙකු සේ ජර්මනියේ සටන් කරන අතරේ යුද සිරකරුවෙකු වූවේය. යුද්ධයෙන් පසු නිදහස ලැබ ආපසු සිය රට පැමිණ චිකාගෝ විශ්ව විද් යාලයෙන් මානව විද් යාව හැදෑරුවේය. ඔහුගේ මුල්ම නවකතාව 'සෙල්ලම් පියානෝව 1952 දී නිකුත් විය. 'ජෙනරල් ඉලෙක්ට් රික් සමාගමේ සේවය කරද්දී ලැබූ අත්දැකීම් අළලා, මිනිසත්කම යාන්ත් රිකත්වයට යට වීම ගැන ලියූ ප් රහසනයක් වශයෙන් මෙය හැඳින්විය හැකිය. ඉන්පසු නවකතා පහළොවකට අධික සංඛ් යාවක් ඔහු ලියා ඇත. ඉංග් රීසි ලේඛක ග් රැහැම් ග් රීන්ට අනුව, කර්ට්
In stock
හංසරාජිනී

හංසරාජිනී

අප අවට අද බොහෝ විට දක්නට ලැබෙනුයේ කාන්තාව ස්ත් රීත්වය තුළ සිරකර තබා ගත් පුරුෂාධිපත් යයකින් හෙබි සමාජ වටපිටාවකි. ප් රේමය හෝ මාතෘත්වය පෙරදැරි කොටගෙන ඇය තුළින් විද් යමාන වන සුකොමල ගති පැවතුම් මෙම පුරුෂාධිපත් ය තුළ බොහෝ විට වරදවා වටහාගෙන ඇත. පුරුෂයා ප් රතිරෝදය දක්වන අවස්ථාවකදී බොහෝ විට තම ශාරීරික ජවය පමණක් උපයෝගීකොට ගන්නා අතර කාන්තාව සෑම අවස්ථාවකදී ම තම මානසික ජවය ද ඊට එක් කර ගනු ලැබේ. එහෙයින් ඇය ඊට ප් රතිරෝධය දැක්වීමට ඉදිරිපත් වුවහොත් එය පාලනය කිරීමට පුරුෂාධිපත් ය තුළ පවතින මෙවලම් ප් රමාණවත් නොවිය හැකි ය. එම ප් රතිරෝදය තුළ ඇයගේ ජවයෙහි පවතින පරිමාව මත එය මහා විනාශයකින් වුව ද කෙළවර විය හැකිය.
In stock
වලාකුළු දවස්

වලාකුළු දවස්

පරිවර්තනය සුධර්මා සුභාෂිණී 1911 දී තාගෝර්තුමා ගීතාංජලී කෘතිය උදෙසා නොබෙල් සම්මානය ලද පසු, එවකට බෙංගාලයේ යොවුන් පාඨකයන් හා නව නිර්මාණකරුවන් සදහා ගද් ය හා පද් ය අතර වූ නව නිර්මාණ අංගයක් හඳුන්වා දීමේ අරමුණින් කෙටි ගද් ය ලෙස නම් කළ හැකි නිර්මාණ ඇතුළත් කොට මෙම කෘතිය බිහි වී ඇත. මෙම නිර්මාණ විශේෂය තරුණ පරපුර අතර ඉතා ජනප් රිය වී ඇත. මෙම නිර්මාණ එකතුව බෙංගාලි බසින් ඉංග් රීසියට පරිවර්තනය කළ අරොබින්දෝ බෝස් ලේඛකයා සිය සටහනෙහි සඳහන් කරන්නේ මෙම නිර්මාණ කවියත්, ගයත්, මායාවත්, යථාර්ථයත්, මුසු වූ මිණිමුතු වැනි සටහන් විශේෂයක් බවය. යොවුන් පාඨකයන් තුළ යෞවනෝදයේ නැවුම් චමත්කාරය සමගම වඩාත් ගාම්භීර වූද සුන්දර වූද ආද
In stock
නත්තල් පුඩිමේ අභිරහස සහ තවත් කතා
In stock
පුංචි කෙවින්ගේ නොමැකෙන මතකය

පුංචි කෙවින්ගේ නොමැකෙන මතකය

සරත් මුණසිංහ ආරච්චිගේ මීට පෙර ද යොවුන් නවකතා කීපයක් පාඨකයා වෙත ප් රදානය කොට තිබේ. ඉන් නාඳුගල මාමා' 2020 ගොඩගේ ප් රශස්ත කෘතිය ලෙසට ද වරුන් හා වසන් 2022 ගොඩගේ අත්පිටපත් තරගයේ හොඳම යොවුන් නවකතාව ලෙස ද සම්මානයට පාත් ර විය. ඔහු ලියූ පුංචි මිමී 2023 වසරේ නවකතා අංශයෙන් ජාතික සාහිත් යය සම්මානයට නිර්දේශිත විය. ඔහුගේ මෙම සියලු කෘතීන් පාඨක විචාර අවධානයට ලක්වීම සතුට ට කරුණකි. ඔහුගේ අලුත්ම යොවුන් නවකතාව වන පුංචි කෙවින්ගේ නොමැකෙන මතකය ලංකාවේ පමණක් නොව අන් රටවල ද ළමයින් මුහුණ දී සිටින බරපතළ ගැටලු කලාත්මකව සාකච්ඡාවට බඳුන් කරයි. ලෝකයේ ඇතැම් රටවල පවතින සමාජ පීඩනයන් හේතු කොට ගෙන පිළිසරණක් පතා සිය දෙමව්පියන් සමඟ
In stock
මගහැරුණු දූපත් - කෙටිකතා

මගහැරුණු දූපත් - කෙටිකතා

වීදි ලාම්පු එළියෙන් ආලෝකමත් උනත් පාලම මත සමහර තැන් තියෙන්නෙ අඳුරත් ආලෝකයත් අතරෙ. එහෙම තැන්වල ඒ ගන්ධබ්බ ආලෝකය තුළින් දුර දකින්න පුළුවන් පාලම මත රාත් රිය පුරුදු ඇස් දෙකකට විතරයි. ඉදිරිය බලාගෙන යන ඔහුගේ දෙනෙත් කෝණය මඳක් උඩට ඉස්සුනේ කිසියම් නුහුරු දෙයක් ඉවෙන් මෙන් දැනුණු නිසා. ඉව හරි. ඔහුට තරමක් දුරින් පාලමේ තියෙන උසම කණුවලින් එකක් මත අඳුරු ඡායාවක්. වීදි ලාම්පුවල එළිය අඩුවෙන්ම වැටී තිබුණු ඒ කණුව මත කවුරුන් හෝ ඍජුව හිටගෙන ඉන්නවා. ඔහු කවදාවත් එවැනි දර්ශනයක් දැක තිබුණේ නෑ. දෑස ඒ වෙතම මානා ගත් ඔහුව ඉබේම වගේ එහෙමම නැවතුණා. කණුව මත හුන් ඒ රුව විසින් මුදා හරින ලදැයි සිතිය හැකි සැහැල්ලු දේවල් සමූහයක් මූදු
In stock
සිරසාලවන්යා

සිරසාලවන්යා

සිතුවමක්, නන්නාඳුනන මිනිසකුගේ සිත සසල කොට, ගත නිසල කරයි. කාලාන්තරයකට පෙර මේ සිතුවමේම සැඟවුන රහස්, අනුමානයෙන් කියවූ හිතැත්තියකගේ, දෝෂාරෝපණයෙන්, තැළුණු හදක් ඇතිව සිටි එය ඇඳි සිත්තරා, ... එයින්ම විප් රයෝගයට පත්ව විරහවේ දැවී හුදකලා වී සිටින්නෙකි. තව තැනක අප් රසන්නව විසිකොට දැමූ අතීතය ගැන තැවෙමින් සුරක්ෂිත සුදිලෙන වත්මනක ... ආත්මානුකම්පාවෙන් හඬන යුවතියකි. මතක මන්දිර බිඳින මායාකරුවන් සමග පැමිණ, අලුත්ම කරළියක, සුසුමින් පණපොවා විවර කළ තිරයකට පසුපසින් සිටගෙන ඇය ඔබට ජීවිතය පෙන්වයි. චිත් ර මූර්ති හා සජීවීකරණ ශිල්පියෙකු වන චමිල් හර්ෂණ එදිරිසිංහ දීර්ඝ කාලයක සිට සාහිත් යකරණයේ නියැළෙයි. ඔහු සාහිත් ය තරග කීපය
In stock
රෙදි වැලක වැනෙන සෞන්දර්යය

රෙදි වැලක වැනෙන සෞන්දර්යය

ලක්ෂ්මන් කොඩිතුවක්කු කෙටිකතාකරුවාගේ රෙදි වැලක වැනෙන සෞන්දර්යය නවතම කෙටිකතා සංග් රහය, ඔහු ගේ පරමේෂ්වරී සහ වෙනම රටක් (2009), ප් රතිමාවක් සංක් රමණියෙක් සහ දරුවෙක් (2015) ආදී කෙටිකතා සංග් රහ ඔස්සේ පළ කැරුණු නිර්මාණ කෞශල් යය තවදුරටත් ඔසවා තබන කෙටිකතා ගණනාවකින් සමන්විත නිර්මාණ සංග් රහයක් බව පෙනී යයි. අස්ථි, රෙදි වැලක වැනෙන සෞන්දර්යය, මිනිසෙක් සහ රිලවෙක්, කුරුලු කූඩුවක් සහ බෙලෙක් පිඟානක්, ඇගේ පුංචි රන් මාලය ආදී කෙටිකතා මෙහි දී වෙසෙසින් සඳහන් කළ හැකිය. ලක්ෂ්මන් කොඩිතුවක්කු ලේඛකයා සතු පුළුල් අනුභූතික වපසරිය ද, කෙටිකතා තාක්ෂණය විෂයෙහි වන අවධානය ද, ව් යුත්පත්තිය ද, මේ කෙටිකතා පසුබිමෙහි වන බව පැහැදිලිය. ම
In stock
රජ තුන් කට්ටුව

රජ තුන් කට්ටුව

වැඩිහිටියන්ට වඩා දරුවන් වෙනුවෙන් නිර්මාණ කිරීම දුෂ්කර බවට පිළිගැනීමක් ඇත. බාල පරපුර සඳහා යැයි හඳුන්වා දෙමින් අද ලියැවෙන බොහෝ කෘති ඇත්තවශයෙන්ම දරුවන්ගේ සිතුම් පැතුම්, රුචි අරුචිකම් සහ පරිසරය පිළිබඳ අවබෝධයකින් කර ඇතිදැයි යන්න සොයාබැලීම වැදගත් වේ. ඩී.ආර්.විජේවර්ධන සම්මානය, විද් යෝදය සාහිත් ය සම්මානය, ජනාධිපති සම්මානය ආදී සම්මාන රැසක් හිමිකරගෙන ඇති යසවර්ධන රුද්රිගු ලේඛකයා විසින් පසුගිය වසරේදී ලියන ලද "බුලත්ගම්පත නැමැති යොවුන් නවකතාවේ දිගුවක් ලෙස මෙම "රජ තුන් කට්ටුව යන නවකතාව නිකුත් කර තිබේ. එහෙත් මුල් නවකතාව නොකියවූ පාඨකයකුට වුවද මෙම යොවුන් නවකතාව වෙනම ගෙන කියවා රස විඳීමට බාධාවක් නොමැත. සරසවි ප් ර