Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
දලු ලන ඉපල්

දලු ලන ඉපල්

තමන් වෙතින් ගිලිහී ගිය වසන්තය තම පුතු මතින් දිනා ගන්නට වෙර දරන යකඩ ගැහැනියකි. අරමුණු හා ඉලක්ක අතර මානසික සුළි කුණාටුවකට මැදිවූ තරුණයෙකි. මේ දෙදෙනා මැදිකර ගත් පවුලේ අතීත ශ් රී විභූතිය පළිගැනීම්, කඳුළු සහ සුසුම්වලට රූපාන්තරණය වන අයුරු මෙහි පෙළින් පෙළ සිතුවම් වෙයි. මනෝ ව් යාධියකට පත් පුද්ගලයකුට නිවැරැදි ප් රතිකාර සහ නිසි සැලකිල්ල යොමු කිරීමෙන් සිදුවිය හැකි මහා විනාශයක් වැළැක්විය හැකි බව මේ කතාවෙන් ඉස්මතු වෙයි. මේ අමිල මුතුකුට්ටිගේ ප් රථම නවකතාවයි. අමිල ලේඛකයෙකු ලෙස දොරට වැඩියේ මව්බිම සහ ඩේලි මිරර් පුවත්පත්වලට සැපයූ තීරු ලිපිවලිනි. ගතවුණු දශකයකට වැඩි කාලයක සිට සිංහල සහ ඉංග් රීසි යන භාෂාද්වයෙන්ම ඔහ
In stock
කාන්තාවන්ට පමණයි

කාන්තාවන්ට පමණයි

පරිපූර්ණ ජීවිතයක් උදෙසා ගැහැනියකට අවශ් යම ද මිනිහෙක් ? අබිලන්ඩේශ්වර්; වයස අවුරුදු හතළිස් පහයි. ආදායම් දෙපාර්තමේන්තුවේ ලිපිකාරීනී. කිසි දිනෙක තමන්ට ම කියා ජීවිතයක් නොතිබුණු, සොයුරියගේ, නැන්දණියගේ සහ පවුලට රැකවරණ සලසන්නියගේ භූමිකාව කරන්නට පැවරුණු ගැහැනියක්. නමුදු එසේ වූයේ, සාම්ප් රදායික දෙමළ බ් රාහ්මණ වංශික ජීවිතයෙන් හා පෙර සඳහන් සියලු භූමිකාවන්ගෙන් මිදී, හුදෙකලාවෙන් සන්නද්ධව, මුහුද අද්දර පිහිටි කන් යාකුමාරි නගරය වෙත යන්නට කෝච්චි ටිකට්ටුවක් මිලදී ගන්නා තෙක් පමණයි. කෝච්චියේ, කාන්තාවන්ට පමණක් වෙන් වූ අඟුළු ලෑ නිදන කුටිය තවත් ගැහැනුන් පස්දෙනෙක් හා බෙදා ගනිද්දී, ඔවුන් හඳුනා ගැනීමට අඛිලට ඉඩ කඩ සැලසෙන
In stock
පුංචි සොල්දාදුවා
In stock
කා - MORNING STAR

කා - MORNING STAR

පෞරාණික ඊජිප්තු වාසීන්ගේ මිථ් යා ඇදහීම් අතර මුල් තැනක් ගෙන තිබුණ දිව් යමය හාස්කම් සහ ඉන්ද් රජාලික බලය පිළිබඳ විශ්වාසය මෙම කෘතියේ තේමාව වෙයි. මෙහි දැක්වෙන චරිත අතර මුල් තැනක් ගන්නා පාරාවෝ කලක් පෞරාණික ඊජිප්තු දේශය පාලනය කළ අධිරාජයෙකි. දෙවියන්ගේ ආශීර්වාදයෙන් උපත ලද පාරාවෝ අධිරාජයාගේ දූ කුමරිය නෙතර් තුවා (neter tua) නම් වූවාය. නෙතර් තුවා යන නාමය උදා තරුව (morning star) යන අරුත දෙයි. පුතුන් නොලද මහලු පාරාවෝගේ ඇවෑමෙන් ඊජිප්තු දේශය පාලනය කිරීමේ උරුමය ලද්දී නෙතර් තුවා දූ කුමරිය වූවාය. සුරූපී නෙතර් තුවා ඊට නොදෙවෙනි ව ප් රඥාසම්පන්න කුමරියක් ද වූවාය. පාරාවෝට සහ ඔහුගේ කිරුළ හිමි දූ කුමරියට ඔවුන්ගේ කිරුළ
In stock
කඩා වැටෙන තරු

කඩා වැටෙන තරු

හේරත් පලාපත්වල ලේඛකයා 2022 දී 'අසංගත ඡායා නම් කෙටිකතා සංග් රහය පාඨකයන්ට පිරිනමන්නේ 2019 දී කවියකු ලෙස තම කුලුඳුල් සාහිත් ය නිර්මාණය පාඨකයන් වෙත පිරිනැමීමෙන් අනතුරුව ය. 'ඌරුවේ අන්දරය' නම් කාව් ය සංග් රහය ලේඛකයාගේ පළමු නිර්මාණ වෑයමයි. කවියකින් තම ලේඛනය අරඹන ලේඛකයා යළිත් වරක් කඩා වැටෙන තරු' නම් මෙම කෙටිකතා සංග් රහය සමග පාඨක අප හමුවට එයි. නිර්මාණාත්මක සාහිත් ය ලේඛනය කෙරෙහි පලාපත්වල ලේඛකයාගේ අභිරුචිය ඉන් ප් රකට වෙයි. 'කඩා වැටෙන තරු නම් මෙම කෙටිකතා සංග් රහයට පලාපත්වල ලේඛකයා විරචිත කතා නවයක් ඇතුළත් වේ. මෙම කතා සියල්ල එකිනෙකට වෙනස් වූ අත්දැකීම් මත ගොඩනැගුණු රචනාය. ඇතැම් කතාවක ලේඛකයාගේ පරිකල්පනීය සිදුව
In stock
අඳුරුම අඳුරු රැය

අඳුරුම අඳුරු රැය

ලංකා ඉතිහාසයේ 1971 දී හා 1989 දී සිදු වූ තරුණ නැඟිටීම් දෙකේදීම දහස් ගණනක් තරුණ ජීවිත විනාශයට පත්විය. එසේ දිවි පිදු බොහෝ දෙනෙක්, යම්කිසි දැන උගත්කමක් තිබූ සමාජ අසාධාරණය මැනවින් අවබෝධ කරගත් ගැමි තරුණයන්ය. මේ කිසිත් නොදැන මරණයට පත්වූ කොටසක් ද වූහ. තම දේශපාලන කියවීම හා අරමුණු අතර විවිධ පරස්පරයන් තිබුණේ වුවද ඔවුන් මත පැටවුණු මර්දනයෙන් ගැලවීමට ඔවුනට නොහැකි විය. එවකට එල්ල වූ දරුණු භීෂණයෙන් බේරීමට අවි අතට ගතයුතුම විය. පැවති රජය එය හරි අපූරුවට, ඔවුන් වෙතම ඔවුන්ගේ ක් රියාවන් ඒ ආකාරයෙන්ම මුදා හැරියේය. කැරලිකරුවන්, ආරක්ෂක හමුදාවන් සහ අසරණ සාමාන් ය ජනතාව අන්ද මන්ද වුහ. එකිනෙකා තුළ තමන් ළඟම සිටි අනෙකා කෙරෙහ
In stock
අරගල ගීතයන්හි සන්නිවේදනාර්ථ

අරගල ගීතයන්හි සන්නිවේදනාර්ථ

සන්නිවේදන ක් රමෝපායක් ලෙස ගීතයට මානව සමාජය තුළ ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. එය මානව ඉතිහාසය තරමටම පැරැණි වේ. විවිධ තොරතූරු, අදහස් හා හැඟීම් සන්නිවේදනය කිරීම සඳහා ගීතය භාවිත කිරීමේදී ඉන් මානව සමාජය තුළ ඇතිවන්නා වූ ආකර්ෂණය හා අනුප් රාණය ප් රබල වේ. අරගල ගීතයන්හි සන්නිවේදනාර්ථ කෘතිය ලෝකයේ පුරවැසි අරගලයන්ගේ ව් යාප්තිය, ජීවගුණය හා අනුප් රාණය සඳහා සන්නිවේදනාර්ථයෙන් ගීතය කුමන ආකාරයේ බලපෑමක් සිදුකළේද යන්න සියුම්ව සොයා බැලීමකි. විශේෂයෙන් ශ් රී ලංකාවේ ඇතිවූ ප් රකට ගෝල්ෆේස් අරගලය කේන්ද් රකරගෙන මේ කෘතිය සම්පාදනය කර තිබේ. කෘතියේ කතුවරයා වන කපිල එම්. ගමගේ දශක 3කට වඩා ජනමාධ් ය ක් ෂේත් රයේ සක් රීය ජනමාධ් යකරුවෙකු ලෙ
In stock
බහුචිතවාදියා

බහුචිතවාදියා

මාලකගේ චිත් රපටය ද අසංවිධිත නූතන බවකින් යුක්තය. ජීවිතයේ ඕරාව (aura) හෙවත් ප් රභාව ආවරණය කරමින් සයිබර් මාධ් ය තුළ නව සමාජ ජීවිත සම්බන්ධ පඨිත (texts) ආඛ් යාන (narratives) ව් යූහ (structures) පරිවර්තනයකට හසුව ඇති බව සෞන්දර්යාත්මකව නිර්මාණය කර ඇත. මාලකගේ චිත් රපටයේ කේන්ද් රීය චරිතය ගලා යනුයේ කාලය පදනම් වූ ආඛ් යානයක් ලෙස නොවේ. කාලය සටහන් කරනුයේ නිරූපිත අවස්ථා මතුවන දෘශ් ය හා ශ් රව් ය සංවිධාන කතාවේ (plot) අත්දැකීමක් ලෙසටය. එය තර්කානුකූල අන්තය කරා මෙහෙය නොවන්නාවූ පවතින සමාජය තුළ ඛේදවාචකමය ස්වරූපයන්හි සංග් රහයකි (pastiche). ප් රථම චිත් රපට කරුවකු ලෙසින් මාලක ස්වලක්ෂණ සහිත අනන් යතාවයක් පෙන්වයි. මෙම චිත
In stock
මකර පෙන්ඩනය

මකර පෙන්ඩනය

කතාවක් කියන්නට පමණක් නොව, මතකය, ආශාව සහ අවතැන් වීම මිනිස් සබඳතා හැඩගස්වන ආකාරය ගවේෂණය කිරීමට මෙම නවකතාව ලිවීමට මා ආකර්ෂණය විය. මනෝ විශ්ලේෂණාත්මකව ආදරය කිසි විටෙකත් වර්තමානය ගැන පමණක් නොවේ. එය පුනරාවර්තනයක්, නැවත පැමිණීමක්, විය හැකිය. මෙය රේඛීය ආඛ් යානයක් නොවේ. මන්ද, ආදරය සරල රේඛාවක් අනුගමනය නොකරන බැවිනි. ආදරය එක් භාෂාවකින් කතා කර තවත් භාෂාවකින් වරදවා වටහා ගත් වචනයක් විය හැකිය. අතීතයෙන් මොහොතක් අනපේක්ෂිත ලෙස දිස්විය හැකිය. එය අප ගමන් කරන අවිනිශ්චිතතාවයන්ගේ පිළිබිඹුවකි. මෙහි පහසු පිළිතුරු නොමැත. ප් රශ්න, කොටස් සහ ඒවා අතර අවකාශයන් පමණි. මෙම පිටුවල කාලය සරල රේඛාවකින් ඉදිරියට නොයයි. එය රවුම් වේ. පු
In stock
එහිම සුදුමැලි පිටපතක්

එහිම සුදුමැලි පිටපතක්

මාලක දේවප් රියගේ "බහුචිතවාදියා සිනමා කෘතිය කේන්ද් රගත කරමින් සිනමා න් යාය ගැන ලියැවෙන මේ ලියවිල්ල ලියැවෙන්නේ, වාචාළකම සහ පශ්චාත් නුතන නරුමත්වය මුළුමනින්ම ඇවිළෙමින් යන එහි අවසන් හෝරාවේය. එහෙයින්, වර්තමාන සිනමාවේ ප් රවේශය ගැන නැවත සිතා බැලීමට මෙම ලියවිල්ල අපට කිසියම් ඉඩක් සලසයි. මෙම කෘතියේ තර්කය නම්, මනෝ විශ්ලේෂණය, මාක්ස්ට හා එංගල්ස්ට ලබා ගත නොහැකි වූ මිනිස් ආශාව හා හැසිරීම පිළිබඳ විද් යාත්මක අර්ථකථනයක් අපට ලබා දෙන බවයි. මනෝ විශ්ලේෂණයට ආරාධනා කිරීම යනු මාක්ස්වාදයේ භෞතිකවාදී උපක් රමවලට ආත්මීය සාධකය බද්ධ කිරීමට උත්සාහ කිරීමයි. ඵමෙන්ම, මෙය ප් රේක්ෂකත්වය පිළිබඳ පැරණි විවාදවලින් මිදුණු පසු, දේශපාලනික
In stock
අපට කෙළවුණේ ඇයි?

අපට කෙළවුණේ ඇයි?

මුල සිට අගටත් අග සිට මුලටත් ආරෝහණ අවරෝහණ ක් රමයට ප් රත් යවේක්ෂා කරන විට අපට වෙච්ච දේ ගැන කලකිරීමක්, අසහනයක් ඇතිවෙයි. වසර 70ක් පමණ, නැතිනම් දශක හතක විමසුම් පිරික්සුම් අත්දැකීම් සමාජ සංස්කෘතික, දේශපාලනික, ආර්ථික සන්දර්භය ගැන වැටහෙන නුවණින් ක් රියා කළ ප් රේම් දිසානායක නොකැළැල්, නොවක් සිතුවිල්ලෙන් 'අපට කෙළ වුණේ ඇයි?' යන පොත රචනා කොට ශ් රී ලාංකික පාඨක සමාජයට ඉදිර්පත් කරනුයේ පටු ලාභ අරමුණු - පරමාර්ථ සාධනය කර ගැනීමට නොවෙයි. රස ලෙස කීමට වඩා යස ලෙස කිරීම හොඳලු better to act well than to speak sweetly යන්න අපේ පැරැණි කියමනකි. පීඩිත ජනයා වෙනුවෙන් සටන් කිරීම හොඳ මානව භක්තිය ඇති ලේඛකයකුගේ යුතුකමකි. පීඩිත ජ
In stock
දායාදෝන්මාදය

දායාදෝන්මාදය

ඇත්තටම ප් රසන්න තමා ගැන උනන්දු වන බව උත්තරාට වැටහී තිබුණේ ටික කාලයක සිටය. අතීතයක්, අගක් මුලක් නොදන්නා ඔහු තමාට ප් රේම කරන්නේ ඇතැම් විට බාහිර පෙනුම සලකා වන්නට පුළුවන. ඔහු ගැන කිසිත් නොදන්නා ලෙසම ඔහු ද තමා ගැන කිසිත් නොදන්නා නමුදු ඔහු තමාට ප් රේම කරයි. ආදරය ගැන වූ අමිහිරි වේදනාව තුළ තවමත් ජීවිතය විඳවන ඇයගේ සිතට ආදරය වහ කදුරු මෙනි. ජීවිතය පුරාම ආදරය හදවතේ නූපන්නට තරම් ආදරේ සුන්දරත්වය මෙන්ම වේදනාව ද ඇය විඳ ඇත්තේත්ය. ඇතැම් විට ප් රසන්න ආදරය කරනවා ඇත්තේ අවංකවම වන්නට ඇත. විශ්ව ද ඇයට ආදරේ කළේ අවංකවය. ඒ බව ඇය දනියි. නමුත් සමාජයීය බලපෑම් හමුවේ අවංක ආදරය වුවද ඉරි තලා යා හැකි බවට අත්දැකීම් ඇය සතු විය.
In stock
වරලස

වරලස

කාන්තාවන් තිදෙනෙක් රටවල් තුනක් එක් අමතක නොවන චාරිකාවක් සමිතා ඉන්දියානු ජාතික අඩු කුලේ (untouchable) කාන්තාවකි. සිය එකම දියණියට අධ් යාපනය ලබාදීමට සැදී පැහැදී සිටින සමිතා ඒ අරමුණ උදෙසා ඕනෑම දෙයක් කරන්නට සූදානමින් සිටින්නීය. සිසිලියේ ජීවත්වන ජුයූලියා ඇගේ පියාගේ වැඩපොළේ වැඩ කරයි. පාලෙමෝ නගරයේ එවැනි එකම වැඩපොළ ජුයූලියාගේ පියාගේ වැඩපොළයි. ඇගේ පියා යතුරුපැදි අනතුරකින් මරණයට පත්වීමත් සමඟ ඇගේ පවුලේ අනාගතය අභියෝගයකට ලක්වෙයි. දරුවන් තිදෙනෙකුගේ මවක් වූ කැනේඩියානු ජාතික කාන්තාවක් වන සාරා විවාහ දෙකකින් දික්කසාද වී සිටියි. දක් ෂ එමෙන්ම ප් රසිද්ධ නීතීඥවරියක් වූ ඇය රැකියාව කරන ආයතනයේ උසස්වීමක් බලාපොරොත්තුවෙන්
In stock
සමන් කියයි 2

සමන් කියයි 2

සාහිත් ය උළෙලක හෝ උපහාර උළෙලක හෝ ප් රධාන දේශනය යනු එකී කාර්යාවලියෙහි කූටප් රාප්තිය යි. එබැවින් 'ප් රධාන දේශනය පවත්වන්නා මත පැවරෙන වගකීම සුළුපටු නොවේ. ඔහු සිය වගකීම හරියාකාරව ඉටු නොකළහොත් උත්සවය දියාරු වේ; සංවිධායකයන්ට බැණුම් අසන්ට සිදුවේ; බොහෝ උත්සව සංවිධායකයන් ප් රධාන දේශනය සඳහා සමන් තෝරා ගන්නේ උත්සවය දියාරු වීම වැළැක්වීමට ය; බණින්ට බලා සිටින ශ් රවණාගාරයේ කටවල් වැසීමට ය. සමන් වනාහී 'ප් රධාන දේශනයේ වගකීම අකුරටම ඉටු කරන දේශකයෙකි. ඔහුගේ දේශන ය, දුර්ලභ දත්ත ගබඩාවකි. එබැවින් එය හරවත් ය. ඔහුගේ දේශන ශෛලිය විචිත් ර ය. එබැවින් එය රසවත් ය. මෙම කෘතියෙහි අඩංගු වන්නේ එබඳු හරවත්, රසවත් දේශන මාලාවකි. - සුනි
In stock
ලංකා පාරාදීසයේ සැමරුම්

ලංකා පාරාදීසයේ සැමරුම්

ලංකාවේ ස්වභාව සෞන්දර්යයට ඉමහත් ආදරයක් දැක්වූ ඇලිස්ටෙයාර් මැකන්සි ෆර්ගර්සන් 1837 දී දිවයිනට ගොඩ බැස්සේ ලංකාවේ හත් වැනි බ් රිතාන් ය ආණ්ඩුකාර ජේ. ඒ. ස්ටුවර්ට් මැකන්සිගේ (1837-1840) කාර්යමණ්ඩල සාමාජිකයකු වශයෙනි. ෆර්ගසන් පසුව උද් යෝගිමත් තේ සහ කෝපි වැවිලිකරුවකු වශයෙන් ද කටයුතු කළ අතර ඊට අමතරව ceylon observer පුවත්පතේ හිමිකරු ලෙසින් දක්ෂතම පුවත්පත් කලාවේදියෙකුගේ කාර්යයද ඉටු කළේය. ඔහු තුළ 19 වැනි සියවසේ ලංකාවේ පරිසරය, වනසතුන්ගේ හැසිරීම සහ ජන ජීවිතය සහ ඇදහිලි ගැන විශිෂ්ට දැනුමක් තිබූ බව මේ කෘතිය කියවන විට පැහැදිලි වේ. souvenirs of ceylon පොත මුලින්ම පළවන්නේ 1889 දී ලන්ඩනයේ දී ය. එය විශේෂයෙන් ලියා ඇත්ත
In stock
එන්න යන්න මාත් එක්ක

එන්න යන්න මාත් එක්ක

'එන්න යන්න මාත් එක්ක කොල්වින් සෙට්ටිනායක තම ජීවිත අත්දැකීම් බෙදාහදා ගැනීමට ඔබට කරන ආයාචනයකි. වාසගමින් සෙට්ටිනායක වුවත්, කොල්වින්ගේ සනුහරේ කිසිවකු සිටු පවුලකට ගෑවීමක් නැත. ඒ ගැන ඔහුට ඇත්තේ ආඩම්බරයකි. කළුතර සැබෑ පීඩිත පවුලක ඉපිද, අපමණ දුක් පීඩා විඳීම පිළිබඳ කිසිදු පසුතැවිල්ලක් නැත. ඔහු මෙන්ම මේ කෘතියෙන් අපට මුණගස්සන කිසිවකු වස්තුකාම, ක්ලේශකාම රහිත මුනිවරුන් බඳු යැයි මට සිතේ. ඔවුහු දුක් සුසුම් මැද පරම ධනය වන සතුට භුක්ති විඳිති. අට්ටාලය නවකතාවට පාදක වූ සැබෑ චරිත, කොල්වින්ගේ ආත්ම චරිත කතාවේදී අපට හමුවෙයි. 'එන්න යන්න මාත් එක්ක කොල්වින් සෙට්ටිනායක සිත්තරා, අක්ෂර නමැති වර්ණ භාවිතයෙන් අඳින මනස්කාන්ත චි
In stock
හිමකඳු පසුකර

හිමකඳු පසුකර

පෙරදාක අම්මා ගෙන ආ කොළ පාට කොට කලිසම හා සුදු පැහැ ඇති කමිසය ඇඳගත් මම කිරිඅම්මාගේ විධානයක් එනතුරු දොරකඩට වී වැස්ස දෙස බලා සිටියෙමි. එහෙත් කොහේ යන්නට දැයි නොදන්නෙමි. කිරිඅම්මා දොර ළඟට විත් කිරි පුතා යමං යැයි කීවාය. කිරිඅත්තා ගෙතුළ සිට මොනවාදෝ කියනවා ඇසුණි. දොරකඩට හේත්තු කර තිබූ තල් අතු දෙකෙන් එකක් දිගහැර මට දුන් කිරි අම්මා අනෙක දිගහැර ඔළුව ආවරණය කරගෙන යමක් කියවමින් එළියට බැස්සාය. කිරිඅම්මා සමඟ මොරසූරන වැස්සේ මේ ඇරඹූයේ දුර ගමනක පළමු පියවර බව ඇසින් නොදුටු කිසිවකු සටහන් කර ගත්තේදැයි නොදන්නෙමි... සාධාරණය හෝ අසාධාරණය පුද්ගලයා මත රැඳෙන බවත්, පන්සලක් යනු ආදරය හෝ කරුණාව ලබන තැනක් නොව ජීවිතය පුහුණු කරන ත
In stock
ජෛව පරිණාමීය මූලධර්ම

ජෛව පරිණාමීය මූලධර්ම

ජයවර්ධනපුර විශ්වවිද් යාලයේ මානවශාස්ත් ර සහ සමාජීයවිද් යා පීඨයේ, මානව විද් යා අධ් යයනාංශයේ ජ් යේෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස සේවය කරන ආචාර්ය නෙළුම් කාන්තිලතා මහත්මිය විසින් ලියන ලද ජෛව පරිණාමීය මූලධර්ම කෘතිය ශාස්ත් රීය පර්යේෂණාත්මක කරුණු අන්තර්ගත ප් රශස්ත ග් රන්ථයකි. මෙම සාරගර්භ කෘතිය රචනා කිරීමට ඇය අතිශයින් සුදුසුකම් ඇත්තියකි. භෞතික මානව විද් යා ක්ෂේත් රයේ ඉගැන්වීම, පර්යේෂණ කිරීම, ඇගයීම, සාකච්ඡා පැවැත්වීම ආදි සෑම අංශයකින් ම මනා පරිචයක් දැනුමක් අවබෝධයක් ඇති ඇය මානව විද් යා අධ් යයනාංශයට ආචාර්යවරියක ලෙස සම්බන්ධ වූයේ විද් යාවේදී උපාධියක් දිනාගනිමිනි. ශ් රී ජයවර්ධනපුර විශ්වවිද් යාලයේ ව් යවහාරික විද් යා