Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
භාරත කිරි විප්ලවය

භාරත කිරි විප්ලවය

හෘදයාංගමව අප පුබුදු කරවන මෙම මතක සටහන්, වර්ගීස් කූරියන්ගේ අනුපමේය දායකත්වය සහ ඔහුගේ පෞරුෂත්වයේ නානා විධ පැතිකඩ අවබෝධ කරගැනීමට කදිම පිටිවහලකි. මහා පත් ර කලාවේදී එම්.වී.කමාත් "මා විසින් නිතර පැවසූ කාරණය වූයේ, ජීවිතයේ මට තිබුණේ එකම එක යහපත් අදහසක් බවය. එනම්, සැබෑ සංවර්ධනය යනු ස්ත් රීන් සහ පුරුෂයන්ගේ උන්නතිය වන බවය. එම අදහස මා ග් රහණයට ගත් ආකාරය කොතරම්ද යත්, ගොවියන්ගේ සේවකයකු ලෙසින්, මම ආනන්ද් නම් මෙම කුඩා නිදිබර නගරයේ පනස් වසරකට වැඩි කාලයක් නතර වූයෙමි. එය අතහැර සමහරුන් පවසන අන්දමේ 'වඩා යහපත් ජීවිතයක් සොයා යෑම මට කිසිම දිනෙක කළ නොහැක්කක් විය. අබමල් රේණුවක හෝ සැකයකින් තොරවම මෙම කාල පරාසය, මගේ ජීවිත
In stock
මල්ගුඩියේ මිනීකන්නා

මල්ගුඩියේ මිනීකන්නා

ලොව බිහිවූ ශ් රේෂ්ඨ නවකථාකරුවකු වන අභාවප් රාප්ත, ඉන්දියානු ලේඛක ආර්. කේ. නාරායන් තමාගේ කෘතීන් තුළින් ඔහු ඉපැදුණු ඉන්දියානු ගැමි සමාජය තුළ ඔහුට මුණගැසුණු විවිධ මිනිස් චරිත අපූරුවට විග් රහකරයි. "මල්ගුඩියේ මිනීකන්නා (මැන් ඊටර් ඉන් මල්ගුඩි man eater in malgudi) නමින් සිංහලට නැගුණු මෙම නවකතාව තුළින් ප් රකට වන්නේද කතුවරයා තුළ පැවති එම අව් යාජත්වයයි. මෙහි එන ප් රධාන චරිත දෙක වූ නටරාජ් සහ වාසු යන චරිත අපට සමාජයේ බෙහෙවින් දක්නට නොලැබුණ ද, ඒවායින් එළි දැක්වෙන මිනිස් ගතිලක්ෂණ අපට ඒ ආකාරයෙන් ම නැතත් සුළු වශයෙන් හෝ අප සමාජයේ ද දක්නට ලැබේ. නිර්මාණකරුවකු වශයෙන් නාරායන් ලේඛකයාගේ සාර්ථකත්වය රැඳී ඇත්තේ සමාජය තු
In stock
බරෙත්තු

බරෙත්තු

"තරහ අවසර බිසවුනි, බලය යනුවෙන් බිසවුන් වහන්සේ අදහස් කළේ කුමක් දැයි මම නො දනිමි. මට හැඟෙන දේ පවසන්නට ඉඩ දෙන්න. මා දන්නා හැටියට බලය අයත්වන්නේ රජතුමාටයි. එතැනින් මෙහා කිසිවෙකුට බලයක් නැහැ. තිබෙන්නේ අණ පිළිපැදීමයි. රටවැසියාට තිබෙන්නේ බලයක් නොව අයිතියක්. අපගේ අයිතිය ඒ බලය හොඳ වුවත්, නරක වුවත් එය දරාගෙන ඉවසා සිටීමේ අයිතියයි. ඒ අයිතිය පිළිනොගන්නාට කියන්නේ කැරලිකාරයා කියලයි. "කළුනික සොයන්නාක් මෙන් ඇය සොයමින් සිටිය තම දීර්ඝ කාලීන සැලසුම ක් රියාවට නැංවිය හැකි අප් රමාණ මිනිසෙකි. නෛසර්ගික ශක්තිය සහිත පෙරුම් පිරූ මිනිසෙකි. උත්තුංග ප් රඥාවකින් යුත් දූරදර්ශී මිනිසෙකි. නිමේෂයකින් සක් රීය විය හැකි ජව සම්පන්න ම
Out of stock
ටාර්සන් සහ අතරමං වූ යාත්රිකයෝ

ටාර්සන් සහ අතරමං වූ යාත්රිකයෝ

Edgar rice burruoghs tarzan and the castaways ටාර්සන් සහ අතරමං වූ යාත් රිකයෝ ප් රභාත් මිරිහාගල්ල දුෂ්ට අරාබි ශීක් කෙනකු ගේත් සතුන් ජාවාරම් කාරයකු ගේත් උගුලකට අසු වන වානරයන් ගේ ටාර්සන්, අප් රිකාවේ සිට අමෙරිකාව බලා යාත් රා කරන දුම් නැවක සිර කරුවකු බවට පත් වෙයි. එහෙත් ශාන්තිකර සාගරය මැද දී ප් රචණ්ඩ කුණාටුවකට හසු වී මේ දුම් නැව විපතට පත් වේ. එහි දී ටාර්සන් සහ නැවෙහි යාත් රිකයෝ සිය දිවි බේරා ගෙන, පාළු දූපතකට ගොඩ බසිති. උස්මාල් නමැති මේ දූපත පුරාණ අමෙරිකාවේ වාසය කළ මායා ගෝත් රිකයන් ගේ අවසන් රාජධානිය යි. මේ මායාවරු සිය ආදි පියවරුන්ගේ සිරිත් අනුව ම මිනිස් බිලි පූජා පවත්වති. ඔවුන් ගේ ක් රෑර පූජකයන්ට හස
Out of stock
සුදු හැඳගත් කාන්තාව 2

සුදු හැඳගත් කාන්තාව 2

ප් රබන්ධ කතාවක මුඛ් ය පරමාර්ථය වනුයේ හොඳ කතාන්දරයක් කීම බවට පවත්නා පැරණි මතය මම කවදත් අගය කරමි. මේ හේතුව නිසා, සිද්ධි අනුගත යම් කතාන්තරයක් රඳා පවත්නේ හුදෙක් එම සිද්ධි මතම නොව, ඒවාට කෙළින්ම සම්බන්ධ මිනිස් චරිතයන් මතය. නවකතාවක් ලිවීමේදී කතාන්දරයක් ඉදිරිපත් නොකර හුදෙක් චරිත ලක්ෂණ පමණක් විදහා දක්වා සිටිය හැකිය. එහෙත් මනා චරිත නිරූපණයන්ගෙන් තොරව සාර්ථක නවකතාවක් නිර්මාණය කළ නොහැකිය. මගේ සුදු හැඳ ගත් කාන්තාව (the women in white) නැමැති නවකතාව පාඨකයන් අතර බෙහෙවින් ජනප් රිය වූයේ මනා චරිත නිරූපණයක් තුළින් ප් රබල කතාවක් ඉදිරිපත් කිරීම මත බව ඔවුන්ගේ ප් රතිචාරය වේ. - විල්කි කොලින්ස්
Out of stock
සුද්දීලාගේ කතාව

සුද්දීලාගේ කතාව

රොමියෙල් අයියාර්සී කාරයෙකි. සුද්දි සිදාදියෙන් ගමට ආ ගැහැනියෙකි. සිරිමෙවන් මුදලාලි පහත රටින් පැමිණ වෙළඳ ව් යාපාරයක් අරඹයි. නිදන් රකිනා බහිරවයෙකු මෙන් අරච්චිල තම පරවේණි ආරක්ෂා කරගෙන සිටී. පාර්ලිමේන්තුවේ සිට අඳ ගොවි පනත සැඩ සුළඟක් මෙන් ගම දිහාට හමා ආ විට මේ දෙතුන් දෙනා මාරාන්තික කායික මානසික අරගලයකට පැටලෙති. ඔවුන්ට මද සහනයක් ලැබෙන්නේ උතුරා යන කාම තෘෂ්ණාවෙන් තෙත්වුණු සුද්දිගේ පහසින් පමණි. මෙය ආර්ථික සමාජ විවරණයකි. මානසික විග් රහයකි. රහස් පරීක් ෂක කතාවකි. නිරෝගී දැවැන්ත පුරුෂයින්ගේ හා ගැහැණුන්ගේ කාම අරගලය පිළිබඳ ලිංගික විද් යාත්මක රචනාවකි.
Out of stock
කාලය, අවකාශය තුළ මාක්ස්වාදය

කාලය, අවකාශය තුළ මාක්ස්වාදය

විශ්වයේ ස්වභාවය අවබෝධ කර ගැනීමෙහිලා ක් රියාකාරී වන මනස විවිධ සංකල්ප උපදවන්නේ ය. එසේ මනසෙන් උපදවන විවධ ප් රකාර අනුව විශ්වයේ ක් රියාකාරීත්වය අවබෝධ කර ගැනීමට මිනිසා උත්සුක වන්නේ ය. නිබඳ ව පැනෙන නිරන්තර ක් රියා සංස්තතියක් අඩංගු විශ්වය පුද්ගල, වස්තු හා සිද්ධි වශයෙන් ප් රභේදගත කිරීමට මිනිසා ඉදිරිපත් වන්නේ මෙසේ මනසේ උපදවන සංකල්ප මගින් හෙතෙම මෙහෙයවනු ලබන නිසා ය. පුද්ගල, වස්තු හා සිද්ධි වශයෙන් ප් රභින්න වූ විෂය ලෝකය ප් රතිෂ්ඨා රහිත ව අවබෝධයට හසු නොවේ. වාස්තවික ක් රියා සන්නතිය ව් යාප්තිය මගින් ප් රතිමූර්ථ වේ. ව් යාප්තිය නිසා දිග - පළලින් සහ උස මහතින් විවිධ ආකෘති ගන්නා ක් රියා සන්තතිය රූප වශයෙන් අපගේ ඇසට
In stock
මුතු මණ්ඩපම්

මුතු මණ්ඩපම්

"නිල් පැහැති අහස් තලය පසුබිම් කරගෙන වලාකුළු පෙරහැර කොතැනක යන්නේද? එය අවමංගල පෙරහැරක් වැනි යයි ඔබට සිතෙන්නේ නොමැතිද දේවිය? මගේ සිත කීරි ගැසිණ. එහෙත් ආයාසයෙන් ශෝකය මැඩ පවත්වා ගත් මම ඔහුගේ වේදනා දෙන අත සෙමෙන් පිරිමැද්දෙමි. "එය අවමංගල පෙරහැරක් ලෙසින් මම නොදකිමි රජතුමනි. මට එය පෙනෙන්නේ දළදා පෙරහැර ලෙසින්. සුදු වලාකුළු මා දකින්නේ හස්තීන් ලෙසින්. දුටුවේද රජතුමනි අර විශාල වලාකුළ දළදා කරඬුව පිට මත තබාගෙන සිටින හස්තියකු ලෙසින් දිස් වන අයුරු "සැබෑමයි. ඔහු වේදනාත්මක මඳ සිනාවක් නැගුවේය. "නමුත් එහි හැඩය කෙමෙන් නැති වී යනවා. දැන් මට එය දිස්වන්නේ කිරුළ අහිමි වූ රජකුගේ ස්වභාවයෙන්. "කිරුළ අහිමි වී නැත රජතුමනි.
Out of stock
මිහිදන් නොවූ මිනිසා

මිහිදන් නොවූ මිනිසා

සොල්දාදුවෙක් යුද්ධයට යන විට බොහෝ අය සිතන්නේ ඔහුට කල හැකි වන්නේ යුද්ධ කිරීම පමණක් කියාය. යුද්ධ කිරීම හැර තවත් බොහෝදේට දක්ෂ සොල්දාදුවන් මම දැක ඇති අතර, බ් රිගේඩියර් රංජන් විජේදාස ඒ අතරින් කැපී පෙනේ. මතකයේ රැදේ. හිරිමල් යෞවනයේදීම හමුදාවට බැදී යුද්ධයේදී සිය ශරීරාංග පවා ඔහුට අහිමි වුවත් ඔහු පසුබටවූ කෙනෙකු නොවේ. වෙඩ් උණ්ඩ හෝ බෝම්බ වලට ඔහුව නවතන්නට හැකි නොවීය. යුද්ධය නිමා කිරීමට සිය උපරිම දායකත්වය යුධ බිමට ලබාදුන් ඔහු ඉන් පසුව දිවයිනේ විවිධ කඳවුරු වල සේවය කරමින් තමන්ගේ නායකත්වය මනාව විදහාපැවේය. සැබවින්ම ඔහු නිර්මාණශීලි මිනිසෙකි. ඔහු සිටින තැන වඩාත් ඉහළ තැනකට ඔසවා තබන්නට එම නිර්මාණශීලිත්වය හේතු විය. ඔ
Out of stock
Faculty Of Sex - Guilt

Faculty Of Sex - Guilt

පිරිමියෙක් එක්ක ආදරෙන් බැඳෙන ගෑනියෙකුට සිද්ද වෙනවා එයාගෙ අත්තටු අකුලගන්න. ඒ ආදරේ ඇතුලෙ බෑ ගෑනු ආත්මයක උපරිම නිදහස විඳින්න. කේ කොයිතරම් නිදහස් පිරිමියෙක් වුනත් මට සිද්ද වෙනවා එයා හින්ද මගේ වනාන්තර ආත්මය යම් තරමකට හෝ පාලනය කරන්න. ඉගිල්ලෙනවා වෙනුවට එයා එක්ක පයින් යන්න. ඒක අපිව ඩිප් රෙස් කරනවා. එහෙම ඇකිලිලා ජීවත්වෙන්න ගෑනියෙකුට අමාරුයි. ඒත් හැම ගෑනියෙක්ම පිරිමියෙක් වෙනුවෙන් තමන්ගෙ ආත්මය පුංචි කරගන්නවා. ඒ පිරිමියාගෙ ලෝකෙ ඇතුලෙ හිරවෙලා ජීවත්වෙන්න තෝරා ගන්නවා. ඒත් අපි විලංගු දාලා තියෙන අපේ අත්තටු හැමතිස්සෙම ඒවායෙ උරුමය ඉල්ලාගෙන විහිදෙන්න කැරලි ගහනවා. අපි හැමදවසකම ඒ අත්තටු කපා දමමින් අපිව දුර්වල කරගන්
In stock
ආල නුරා

ආල නුරා

ඔය යෙි දේකින්වත් හිත කලබල කර ගන්නෙ නැතුව ඉන්න එක තමයි හොඳ දොලේ උනත් වතුර ටික බොර උනාම මොනම දෙයක් වත් පේන්නෙ නෑනෙ. හිත උනත් ඒ වගේ. ඕක කලබල උනාම බොර වෙච්චි දොල වගේ තමයි. මොකෙක්වත් පේන්නෙ නෑ. ඩිංගක් නිස්කාන්සුවෙ හිටියම බොර වෙච්චි ගතිය මගෑරිලා ආයි පරණ තත්තෙටම එනවා. හිත පෑරිල තීනකොට ඒකම කල්පනා වෙනව මිසක් වෙන දේවල් හිතෙන්නෙ නෑ. ඒ උනාට පුතේ ඔය කාරණාව හිමීට යටපත් කරන් අපි ඕකට කරන්න ඕන අනිත් කාරණා කරමු. විස්සාසෙ නැති කර කරගන්නය කියල දොස්තර මහත්තයා කිව්වේ නෑනෙ. ඕනම දෙයක් ඔය වගේ තමයි. වෙනන්ත් පුලුවක් නොවෙන්නත් පුලුවන්. ජීවිතේ හැටි ඒක තමයි. ඒ ඕන දේකට මූණ දෙන එක තමයි ජීවිතේ කියන්නෙ
Out of stock
විකාල ශස්ත්ර

විකාල ශස්ත්ර

මේ වන විටත් සටන ඇවිළුණ දෙසට වෙඩි තැබීමෙන් හිස්ව ගිය ගිනි බට බෙහෙත් කොටා පිරවීමට පමා නොවුණ සුද්දන් පිරිස පොඩි හාමුදුරුවන් වෙත දිව ආවේ බයිනෙත්තු අමෝරාගෙනය. තමාට අවශ් ය සීමාවට සුද්දන් එනතුරු පොඩි හාමුදුරුවන් නොසෙල්වී බලා සිටියේ දෑත් පිටුපසට කරගෙනය. තමාට අවැසි තරමට සතුරා ළං වුණ පසු පසුපසට කරගෙන සිටි පොඩි හාමුදුරුවන්ගේ දෑත නිදහසේ දෙපසට විහිදුනේ සිරි සිරි හඬක් සමඟය.මෙතෙක් වේලාවක් පිටුපස සඟවාගෙන සිටි වේලායුද නොහොත් පටි කඩු දෙක ගල්තලාව දිගේ ඇතිල්ලී හඬ නැගෙද්දී නිරායුද සතුරාට බයිනෙත්තු උලුක්කරගෙන පැමිණි සුද්දන්ගේ ඇස් ගෙඩි එළියට පනින ගාණට ලොකු වූයේය.

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us