Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

2897 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
මම මා නොවන තුරු

මම මා නොවන තුරු

බර සපත්තු අඩි තියමින් මං කාමරෙන් එළියට ඇවිත් පඩිපෙළ ළඟ හිට ගත්තේ එක් අතකින් තරප්පු පෙළේ යකඩ බඳ අල්ලගන්න ගමන්. මේ වහල යට මට මගේ හිස කෙළින් තියාගන්න බැරි වුණාට අද මේ හැමෝම ඉස්සරහා මං මුළු කශේරුකාවම කෙළින් තියාගත්තේ අමුතු ගාම්භීරත්වයක් ආරූඪ කරගෙන. ම්..ම්..මොකක්? ම්..මෙච්චර රැවටීමක්' කවදාවත් වචන නොපැටලෙන අගස්තිට අද එකම වචනේ කියාගන්න අමුතු උත්සාහයක් දරන්න වෙලා. මං ඒ ඇස් දිහා බැලුවේ ආගන්තුක හැඟීමකින්. ඒ ඇස්වල තිබ්බේ අදහගන්න බැරි බයක්, ත් රාසයක්, වේදනාවක්. මුතුමාල පටලන් එයා ඉස්සරහට එයි කියලා මවන් උන්නු උඩරට මනමාලි මිසක් මේ වගේ චරිතයක් එයා කවදාවත්ම බලාපොරොත්තු නොවෙන්න ඇති.
In stock
දුෂ්ඨයාගේ ප්රේමය

දුෂ්ඨයාගේ ප්රේමය

ඔසර ශශ්වින්ද තේජවර්ණ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු දුෂ්ඨයෙකි. තමාගේ ප් රේමය වූයේ කල්පය. ඔසර යනු එම ප් රේම කතාවේ දුෂ්ඨයාය. ඔහු තමා හිමි කර ගත්තේ ද දුෂ්ඨකමෙනි. අද ඔහු තමාගේ ස්වාමිපුරුෂයාය. ඔහුගේ බීජයක් සිය කුස තුල ඔහු රෝපණය කර ඇත. කුමන ආකාරයකින් හිමිකර ගත්තද ඔහු තමාට පුදන්නේ අසමාන වූ අරුමැසි ප් රේමයකි. තමාගේ ජීවිතය ඔහු උඩු යටිකුරු කර ඇත්තේ පුදුමාකාර ලෙසින්ය. අනපේක්ෂිත වූ සිදුවීම් පෙළක් සිදුවුණ ද දැන් තමා දිවි ගෙවන්නේ සතුටින්ය. ඒ දුෂ්ඨයාගේ ප් රේමය විටෙක තමාට දැරිය නොහැකි තරම්ය. කිසිවකු ඉදිරියේ දණ නොනමන කඩවසම් පෞරුෂයක් හිමි ඔසරගේ යුවතියන් වසඟ කරවන මන බදින සිනහව මන්සදීගේ සිතෙහි මැවී පෙනේ. තමා මේ වන
Out of stock
Disparue - දිස්පරයු

Disparue - දිස්පරයු

2019 වසරේ ජූනි මස 12 වැනිදා උදෑසන පැරිස් නගරයේ 13 ප් රදේශයේ පොලිසියට ලැබුණු ඇමතුමකි. වැඩි දුරක නොපිහිටි, ජේම්ස් ජොයිස් උද් යානයේදී තම තුන් හැවිරිදි දියණිය අතුරුදන් වුණු බව ඇමතුම දුන් මිනිසා කියා සිටියේය. තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදන්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය තාදි, ඒ අයුරින් අතුරුදන් විය. තත්පර පනස් හතරක කාලයක් තුළ ඇය අතුරුදන් වූයේ කෙසේද? දින දෙකක් පුරාවට දිගහැරෙන, තාදි සොයා යාමේ මෙහෙයුමයි මේ... පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ප් රධානී, නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම 'තාදි සමරසිංහ අබිරහස' කෙසේ විසඳනු ඇත්ද?
Out of stock
දේව අසිපත

දේව අසිපත

විශ් රාමික විශේෂ බළකා සෙබළුන් වන ජොනතන් පේන් සහ ඩේවිඩ් ජෝන්ස්ට පෙරළා කැඳවීමක්! වරෙක ඔවුන් යටතේ සේවය කළ සහෝදර සෙබළෙකු හා ඔහු මෙහෙයවූ භට කණ්ඩායම සාහසික ලෙස ඝාතනය කර ඇත. තම රාජකාරිය දේවත්වයෙහි ලා සැලකූ ඔවුන්ගේ සහෝදර සෙබළා සහ ඔහුගේ කණ්ඩායමට සිදු වූවේ කුමක්ද? දකුණු කොරියාවේ ජේජු දිවයිනේ රහසිගත ගුහාවක් තුළ සිදු කෙරෙන සංහාරයක් සියැසින් දකින කොලුගැටයෙක්! එයින් දින කිහිපයකින් අනතුරුව ඔහුගේ මුළු ගම්මානයම අතුරුදන් වන්නේ ඇයි? සෞදි අරාබියේ ශුද්ධ වූ නගරය මධ් යයෙහි ඇති උමඟක කාන්තා පුරාවිද් යාඥවරියකගේ මූලිකත්වයෙන් දියත් වන රහසිගත භූගත කැණීමක්! උමගෙහි යම් තැනක තැන්පත් කර ඇතැයි ඔවුන් අපේක්ෂා කරන ඉස්ලාම් දහමේ අත
In stock
ලුහුබැඳීම

ලුහුබැඳීම

දෙවසරක් පුරාවට බටහිර අමෙරිකානු ප් රාන්ත භීතියෙන් වෙළාගත් අද්භූත අපරාධ දාමයකි. තනි පුද්ගලයෙකු පතල් ආශ් රිත නගරවල බැංකු මංකොල්ලකමින්, සියැසින් දුටු සාක්ෂිකරුවන් ඝාතනය කරමින්, කිසිදු හෝඩුවාවක් ඉතිරී නොකර පලා යයි. උන්මත්තක සොරදෙටුවා යන අන්වර්ථ නාමය ලත් මංකොල්ලකරුගේ අපරාධවලට තිත තබනු පිණිස අමෙරිකානු රජය, වැන් ඩෝන් ඒජන්සියේ සහාය පතයි. රට පුරා විසිරගිය සොරුන් සහ මිනීමරුවන්ගේ දෑතට විලංගු දැමූ අයිසැක් බෙල් නම් කඩවසම් රහස් පරීක්ෂකවරයා, මෙම නඩුවට අතපොවන්නේ මින් පසුවයි. විමර්ශනය බාරගැනීමෙන් අනතුරුව මින්පෙර කිසිදිනෙක තම දිවියේ අත්නොදුටු ආකාරයේ ම්ලේච්ඡ අපරාධකරුවෙකු පසුපස හඹායන්නට අයිසැක් බෙල්ට සිදු වේ. විද්
In stock
චංචල සිත් රූ

චංචල සිත් රූ

"දැන් උඹ මේ කියන ගැනි ගැන දන්නවාද සත්යා අසද්දී සොභාවි හිස සෙල වූවාය. උඹ නම් මොන ජාතියේ එකියක්ද කියලා මට තේරෙන්නේ නැහැ භාවි... දොස්තර කෙනෙක් වුණේ ෆැකල්ටියට පොල් ගාලා දීලාද හරකියේ... ඒ ගෑනි ගැන දැනගෙන හිටියා නම් උඩ බලාගෙන හිටියේ මොකටද.... මිනිහා ඒ ගෑනිට දරුවෙකුත් හදලා දීලා උප්පැන්නෙකුත් දෙනකල් උඹ මොන ලෝකෙද හිටියේ කඳුළ හැර සත්යාට දෙන්නට පිළිතුරක් සොභාවි ළඟ තිබුණේ නැත. "ඇති දැන් මේවා හොඳටම... උඹ අදම තීරණයක් ගනින් භාවී... ඒ මිනිහා මත්තේ තවත් නැහෙන්න එපා සත්යා ඇයව තුරුලට ගනිමින් කීවාය. සොභාවි ඇය තුරුලේ හඬා වැටුනාය. "පොඩි එවුන් දෙන්නා දැම්ම උඹට නැති වුණාට එතකල් මේ දරුවා උඹ ළඟ ඉදියිනේ... ඔය මිනිහා කූඩ
In stock
ෆයින්ඩ් මී

ෆයින්ඩ් මී

කැතී දැරිය ඉදිරියේ බිමට පහත් වූවාය. "ඔයා අතරමං වෙලා ද? අවුරුදු පහක හෝ හයක පෙනුමක් තිබුණු දැරිවි නාසය ඉහළට ඇද සිය පිටි අත්ලෙන් නාසය පිසදා ගත්තාය. "ඔයාට පුළුවන් ද මට අම්මාව හොයාගන්න උදව් කරන්න? දැරිව්ය මාවතෙන් ඔබ්බට අත දිගු කළාය. එයා ගියේ අර පැත්තට. "අපි එයාව හොයාගමු. "අපට ඒක කරන්න බැරි වුණොත් අපට ඔයාගේ ගෙදරට යන්න පුළුවන් ද? මෙතරම් ළාබාල දරුවෙකුට නොගැලපෙන තරම් අමුතු වචන. "අනිවාර්යෙන්. ඔයාගේ නම මොකක්ද? "මට ඒක කියන්න බෑ. "ඇයි බැරි?" "නම් කියන්නේ සෙල්ලමේ කොටසක් නෙවෙයි. එහෙම නේද? "මොන සෙල්ලමේ ද? "සෙල්ලම, අපි කරන සෙල්ලම. කොතැනක හෝ සිටි පිරිමි අයෙකුගේ කටහඬක් කෑ ගැසුවේය. "දුවන්න! දැරිය දිව ගියාය.
In stock
යුද ගිනි නිවූ සිත් ගිනි

යුද ගිනි නිවූ සිත් ගිනි

එම යුග පුරුෂයන් දෙදෙනාම උපත ලැබුවේ එකම දිනකය. එහෙත් ලෝකයේ ප් රතිවිරුද්ධ දිශාවන් දෙකකය. ඒබල් රොස් ස්නොව්ස්කි පෝලන්තයෙහි දිලින්දෙකු සේ ඉපිද අනේක දුක් ගැහැට විඳ, ඇමරිකා එක්සත් ජනපදයට සංක් රමණය වී ජීවිතය ජය ගනියි. විලියම් ලොවෙල් කේන් ධන කුවේරයෙකුගේ පුතෙකු ලෙස ඇමරියාවේ ඉපිද, තම ඉලක්කය කරා යාමට අප් රතිහත ධෛර්යයෙන් කටයුතු කරයි. ඔවුහු දෙදෙනාම අධිෂ්ඨානශීලී වෙති. සිය අරමුණු කරා යන විට එල්ල වන අභියෝගවලට නොසැලී මුහුණ දී ජය ගනිති. එකී අභියෝගයන් හේතු කොට ගෙන මේ දෙදෙනා අතර ගැටුම් ඇති වෙයි. මඳක් නැවතී එකිනෙකාට සවන් යොමන්නට තරම් එක් අයෙකු හෝ නම් යශීලී නොවෙයි. එකිනෙකාට කෲර ලෙස සලකයි. මේ දෙදෙනාගේ දෙවන පරපුර ආදරය

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us