Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4065 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
මං ආයේ එන්නේ නෑ

මං ආයේ එන්නේ නෑ

විහාරා ජයාට බයයි. සමහරදාට ජයා කඩේ ණයට ගන්න ආපු ගෑණු එක්ක රණ්ඩු වෙන හැටි, හොරට බඩු උස්සන්න ආපු කොල්ලොන්ට බනින හැටි විහාරා බලන් ඉන්නවා. ඉතින් විහාරා ඉන්නේ බයෙන්. ජයා දන්නේ නෑ කොහොමද ඔය වයසේ දරුවෙක් බලා ගන්නෙ කියලා, කසාදයක්වත් නොබැඳ කඩේටම නාකි වෙච්ච ජයා ළමයි බලා ගන්න කොහොම දැන ගන්නද..? - ජයාගේ කෙල්ල ගෙදර ගියා. අම්මා නැති වෙලා.. වචන දෙකෙන් තුනෙන් උත්තර දීපු අමායා ගෙට රිංග ගත්තා. මාස නවයක් බඩේ තියන් ඉදලා, ලේ කිරි පොවලා උස් මහත් කරලා, කිසිම අඩුවක් පාඩුවක් නැතුව ආදරෙන් හදපු අම්මා තමන්ව දාලා සදහටම යන්න ගිහින් කියලා මෙච්චර සරලව කිව්වේ කොහොමද කියලා කෙල්ලට හිතා ගන්න බෑ. - හෝම් කිචන්
In stock
මන්නු

මන්නු

මල්ලි...කෙනෙක් කරදරයක ඉන්නකොට ඔහොම හිනා වෙන්න හොඳ නැහැ කියලා ඉස්කෝලේ කියලා දීලා නැද්ද?" අක්කා නෝක්කාඩුවෙන් කීවාය. ''අනේ කරදරේ පිස්සුද? රෑ බදුල්ලෙක් කියන්නේ කොච්චර පුංචි සතෙක්ද එයාට ඔයා කියනවා වගේ මෙච්චර විතර එකක් තියෙන්නේ කොහෙද?" එවර තාත්තාටද මහ හඬින් සිනහවක් ගියේය. තාත්තිත් මට හිනාවෙනවා. මේ අන්දරේ කියන ඒවට හිනා යනවනෙ. "හූ.. හූ. අන්දරේ අන්දරේ "සද්ද විද්ද පළඟ පතිර අන්දරේ මම වෙමි. රිදී කලේ රන් කොතලේ බීපු මට නිකං කළේ දිය නැති විය පිපාසෙට කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි තිබූ මට මෙහෙමත් කල්යාද පළු වීර ගස් යට ඉතා මිහිරට ගයමින් ඔහු සිමෙන්ති බංකුවේ අතපය දිගහැර අන්දරේ මියගිය ඉරියව්වට වැතිරුණේය. ''පුතා'' තාත්තා
In stock
අග්නිදිග ආසියාවේ රත්මිණ ; කාම්බෝජය

අග්නිදිග ආසියාවේ රත්මිණ ; කාම්බෝජය

කාන්ති විජේතුංග මහත්මිය අප රටේ රාජ් ය සේවයේ දෙපාර්තමේන්තු ප් රධානි සහ අමාත් යාංශ ලේකම් වැනි ඉහළ තනතුරු හොබවා ඇත. ඒ අතරතුර අපට ඇය හමුවන්නේ ලේඛිකාවක ලෙසයි. නවකතා, කෙටිකතා, ශාස්ත් රීය. මෙන්ම නිර්මාණාත්මක ලේඛන රැසක් ඇය විසින් රචනා කර තිබේ. ඒ අතර සංචාරක අත්දැකීම් ඇසුරෙන් රචනා කර තිඛෙන ග් රන්ථ විශේෂ ස්ථානයක් ගනී. මෙවර ඇය පාඨක සමාජය වෙත කාම්බෝජයේ සමාජ සංස්කෘතික, දේශපාලන, ආර්ථික සහ ආගමික වටපිටාවෙන් තොරතුරු ගෙන එනුයේ ආනුභවික අධ් යයනයක් ලෙසය. එනම් අත්දැකීම්, නිරීක්ෂණ සහ පුද්ගල හමුවීම් ඔස්සේ ය. ඇයට ලියන්නට කියන්නට මොනවට හැකියාව ඇත. මේ පොත හුදු සංචාරක විත්ති සටහනක් පමණක් නොවේ. සෞන්දර්යාත්මක ගවේෂණයක් ද, වි
In stock
සිරි යහන

සිරි යහන

රන් හුයෙන් දෑඟිලි බැඳ, රන් කෙන්ඩියෙන් අත් පැන් වත්කොට එක්තැන් කරන ලද්දා වූ පතී පතිනීහු එවක් පටන් එක වහල යට හිඳ - එක පතැ බොජුන් වළඳා - එකමැ සිරි යහන වැද - උනුන්ගේ අධ් යාත්මයන් වටහාගන්ට නැතක් වෙහෙස දරති; දිය පිට තැනූ නිවෙසක් දිය රළ හා වංචල වන්නේ යම් සේද එසේම චංචල වන්නා වූ ස්වකීය කුටුම්බය නිශ්චල කොට ප් රතිෂ්ඨාපනය කරන්ට ඔවුහු දිවා රෑ දුක් ගනිති; දෙදරා බිඳ වැටෙන ජීවිතයෙහි සුන්බුන් ඉවත් කරමින්ද පිළිසකර කරමින්ද සුණු පිරියම් කරමින්ද කුටුම්බ විචාරණය සාටෝපවත්ව පවත්වාගෙන යන්ට අරගල කරති. එහෙත් අරගලයෙන් දිග් විජය ලබන්නෝත් වෙත්ද? විවාහය හා පවුල් සංස්ථාව අළලා කුලසේන ෆොන්සේකා විසින් විරචිත සිරි යහන නවකතාව, අප
In stock
බෝඩිං කතා

බෝඩිං කතා

එකපාරටම සටපට සත්තපඩි වෙන්න මේ මෑණියෝ කෑ ගහන්න පටන් ගත්තා. හහ් හහ් හහ් පිරිසිදු නෑ පිරිසිදු නෑ මේකි පිරිසිදු නෑ... මට කියවෙන්නෙ නෑ සාස්තරේ.." මම අන්දුන් කුන්දුන් උඩ බැලුවා බිම බැලුවා. ගෑනි මට ඔරෝනවා. බෝඩිමේ අක්කයි අයියයිත් මූණ දිහා බලනවා. අපි දවල් චිකන් කාපු හින්දද දන්නෙ නෑ" අයියා අක්කගෙන් ඇහුවා. මෑණි අඩි පොළොවෙ හැප්පුවා. කොණ්ඩෙ කඩා ගත්තා ත් රිශූලයකුත් ගත්තා කාලි මෑණියක්ගේ පිළිමෙ ගාවට ගිහින් අම්මා අම්මා චුස් බුස් වැස් ආම ආමා ගගා මොනවද කිව්වා. ඊට පස්සෙ හැරුණා බෝඩිමේ අක්කා දිහාට හෙනම කරුණාවෙන් අම්මා කවුද මේකි මේකි පිරිසිදු නෑ ශුද්ධ භූමිය කිළුටු කළා අම්මා මෙකි. මට සාස්තරේ කියවෙන්නෙ නෑ අම්මා මේකි ක
In stock
අසනිපාත

අසනිපාත

යෞවනෝදයෙහි පසුවන පිරිසකගේ විවිධත්වය මෙන්ම පවත්නා දේශපාලන අර්බුදය හමුවේ ඔවුන්ගේ ජීවිත වෙනස්වන ආකාරයද ග් රහණය කරගන්නට තැත් දරන සෝමසිරි ඇවිලෙන ගිනි කන්දක ආවාටයෙහි සිරගතව සිටිනා මිනිස් කොට්ඨාශයක හැසිරීම් රටාවන්, එහිලා බලපානා සාධක මෙන්ම එහි අන්පකේෂිත හැරවුම් ලක්ෂයන් සහ ප් රතිපල සිය නවකතාවෙහි කැටි කරන්නේ එහි කේන්ද් රයට නොව පරිධියට ලංව වඩාත් පරිණත බවකිනි. එහෙයින්ම පාඨකයාට සිදුවන්නේ මේ නවකතාව හරහා විරුවන් හෝ ද් රෝහීන් සොයා යාම වෙනුවට සිදුවීම් පසුපස ඇති සැඟවුණ තත්වයන් කෙරෙහි අවධානය යොමු කරමින් මානව ජීවිතය දෙස පුළුල් බැල්මක් හෙලීමේ ව් යායාමයෙහි නිරතවීමටය. - චූලානන්ද සමරනායක
In stock
පූස් ගෙදරළමයි

පූස් ගෙදරළමයි

අපි කවුරුත් පාහේ සුරතල් සතුන්ට කැමැතියි. සුරතල් සතෙක් නිවසෙහි ඇති දැඩි වන විට ඒ සතා නිතැතින්ම පවුලේ සාමාජිකයෙකු බවට පත් වෙනවා. සමහර සතුන්ගෙන් ලැබෙන ආදරය මිනිසුන් ඉක්මවා යන අවස්ථා පවා තිබෙනවා. එහෙත් අපේම අවාසනාවට අප ඇති දැඩි කරන බොහෝ සුරතල් සතුන්ට, මිනිසාට තරම් දීර්ඝායුෂ නැහැ. ඒ නිසාම අපේ ජීවිත කාලය තුළ බොහෝ සුරතලුන්ට සමු දෙන්නට අපට සිදු වෙනවා. ඒත් ඒ සිරුරෙන් පමණයි. ඔවුන් පිළිබඳ ආදරණීය මතක අපේ මරණය තෙක්ම අපේ හදවතේ ගැඹුරුම ඉසව්වෙහි නිදන්ගතව තිබෙනවා. ඔවුන්ගේ කතා කරන දීප්තිමත් ඇස්.... ශරීර චලනයන්ගේ භාෂාව... ඔවුන්ටම ආවේණික හඬනැගීම්... වචන බවට පත් කරන්නට තිබුණා නම්, ලොව සොඳුරුතම ආදරයේ භාෂාව බවට පත්ව
In stock
ආකර්ශණීය නීතිය

ආකර්ශණීය නීතිය

ශ් රේෂ්ඨ රහස් ඔබ දෝත දරා හිඳී යුග ගණනක් පුරා එය පැවත ආවකි. පරපුරෙන් පරපුරට තිළිණවූවකි. බොහොමයක් දැඩිව ආශා කළ දෙයකි. වරෙක සොරකම් වූවකි. නොමැති නම් සැඟවුණකි. ඇතැම් විට එය අතුරුදහන් විණි. එමෙන්ම එය විශාල මුදල් කන්දරාවක් ගෙනාවකි. සියවස් ගණනක් ඉපැරණි එම 'රහස ලෝක ඉතිහාසයේ කීර්තිමත් හා කැපී පෙනෙන පුද්ගලයෝ අවබෝධ කරගෙන සිටියහ. ප්ලේටෝ, ගැලීලියෝ, තෝවන්, තෝමස් අල්වා එඩ්සන්, ඩේල් කාර්නෙග හා ඇල්බර්ට් අයින්ස්ටයින් ආදීන් ඒ අතර සිටියේ තවත් බොහෝ නවෝත්පාදකයන්, දේවධර්මවාදීන්, විද් යාඥයන් හා ශ් රේෂ්ඨ චින්තකයන් රැසක් සමඟිනි. දැන් එම රහස ලොවට හෙළිවී තිබේ. 'එම රහස හදාරණ විට අවශ් ය දේ ලැබීම, අවශ් ය පුද්ගලයා බවට පත්වීම
In stock
අමාරිස් අයියා සහ විනෝද සමය

අමාරිස් අයියා සහ විනෝද සමය

අමාරිස් : අපේ මිනිස්සු ඉස්සා කන්නේ අඬු පිටින්, පොත්ත සුද්ද කරගන්න කම්මැලියි. මං දවසක් දැක්කා සූකි නද්දෙක් . හාමු : මොකෙක්...? අමාරිස් : හහ්! හා! හා! සූකි නද්දා කියන්නේ නාකි සුද්දා. මේං සයිස්! මගෙන් දුවගෙන දුවගෙන ඇවිල්ල ඇහුවා, "වෙයර් ඊස් ද බස් හෝල්ටීම් ප්ලේස් කියලා. පස්සේ මං මිනිහව බස් හෝල්ටීම් ප්ලේස් එකට එක්කන් ගිහිල්ලා කිව්වා "දිස් ඊස් ද බස් හෝල්ට් කියලා. හාමු : ඇත්තට..! ඉතිං සුද්ද මොකද කිව්වේ. අමාරිස් : "ටැංකිව් කිව්ව. හාමු : උන් එහෙමයි. මොකක් කළත් ටක් ගාලා ටැන්කිව් කියනවා. අමාරිස් : බලන්ඩ මහත්තයෝ, බස් හෝල්ටින් ප්ලේස් එක පෙන්නලා ටැංකිව් කිව්වනං. වෙන මොනවා හරි පෙන්නුවා නම් මොනවා කියයිද? හාමු
In stock
වරලස

වරලස

කාන්තාවන් තිදෙනෙක් රටවල් තුනක් එක් අමතක නොවන චාරිකාවක් සමිතා ඉන්දියානු ජාතික අඩු කුලේ (untouchable) කාන්තාවකි. සිය එකම දියණියට අධ් යාපනය ලබාදීමට සැදී පැහැදී සිටින සමිතා ඒ අරමුණ උදෙසා ඕනෑම දෙයක් කරන්නට සූදානමින් සිටින්නීය. සිසිලියේ ජීවත්වන ජුයූලියා ඇගේ පියාගේ වැඩපොළේ වැඩ කරයි. පාලෙමෝ නගරයේ එවැනි එකම වැඩපොළ ජුයූලියාගේ පියාගේ වැඩපොළයි. ඇගේ පියා යතුරුපැදි අනතුරකින් මරණයට පත්වීමත් සමඟ ඇගේ පවුලේ අනාගතය අභියෝගයකට ලක්වෙයි. දරුවන් තිදෙනෙකුගේ මවක් වූ කැනේඩියානු ජාතික කාන්තාවක් වන සාරා විවාහ දෙකකින් දික්කසාද වී සිටියි. දක් ෂ එමෙන්ම ප් රසිද්ධ නීතීඥවරියක් වූ ඇය රැකියාව කරන ආයතනයේ උසස්වීමක් බලාපොරොත්තුවෙන්
In stock
කඩා වැටෙන තරු

කඩා වැටෙන තරු

හේරත් පලාපත්වල ලේඛකයා 2022 දී 'අසංගත ඡායා නම් කෙටිකතා සංග් රහය පාඨකයන්ට පිරිනමන්නේ 2019 දී කවියකු ලෙස තම කුලුඳුල් සාහිත් ය නිර්මාණය පාඨකයන් වෙත පිරිනැමීමෙන් අනතුරුව ය. 'ඌරුවේ අන්දරය' නම් කාව් ය සංග් රහය ලේඛකයාගේ පළමු නිර්මාණ වෑයමයි. කවියකින් තම ලේඛනය අරඹන ලේඛකයා යළිත් වරක් කඩා වැටෙන තරු' නම් මෙම කෙටිකතා සංග් රහය සමග පාඨක අප හමුවට එයි. නිර්මාණාත්මක සාහිත් ය ලේඛනය කෙරෙහි පලාපත්වල ලේඛකයාගේ අභිරුචිය ඉන් ප් රකට වෙයි. 'කඩා වැටෙන තරු නම් මෙම කෙටිකතා සංග් රහයට පලාපත්වල ලේඛකයා විරචිත කතා නවයක් ඇතුළත් වේ. මෙම කතා සියල්ල එකිනෙකට වෙනස් වූ අත්දැකීම් මත ගොඩනැගුණු රචනාය. ඇතැම් කතාවක ලේඛකයාගේ පරිකල්පනීය සිදුව
In stock
පුංචි සොල්දාදුවා

පුංචි සොල්දාදුවා

අල්යොෂා ආරම්භ කළ කතාව කීවේය. කතාව අවසානයේදී එකිනෙකා අතර නොයෙකුත් අදහස් හා වාද විවාද හුවමාරු විණි. අයෙකු පැවසුවේ තම පුතුට වෙඩි තැබීම සම්බන්ධයෙන් තරාස් වැරදිකරුවෙකු බවය. පෝලන්ත ගැහැනු ළමයෙකු හේතු කොටගෙන ඔහු අදූරදර්ශී ලෙස තීරණ ගෙන ඇති බවය. ඒ මදිවාට ඇන්ඩ් රි යනු බේබද්දෙක් හා සමාන පුත් රයෙකි. තවත් සමහරෙකු පැවසුවේ පියා කළේ නිවැරැදි දෙයක් බවකි. තම පුත් රයා තමාගේ වර්ගයා සමග සටන් වැදෙන්නේ නම් පියා එවැනි තීරණයක් ගැනීම සාධාරණ වගකි. තවත් අය කියා සිටියේ ඇන්ඩ් රිට ඔහු තදින් දඬුවම් කළ යුතු නමුත් මරා නොදැමිය යුතු බවය. එම පිරිමි ළමයා පුනරුත්ථාපනය කළ හැකි නොවේද?
In stock
මැණික් අලියා සහ තවත් අලි

මැණික් අලියා සහ තවත් අලි

ලාංකේය සංස්කෘතියේ සුවිසෙස් පංගුකාරයින් වූ මෙරට ගෘහආශ් රිත සහ වනවාසී අලි ඇතුන් පිළිබඳ රට පුරා පෙර නොවූ තරමින් සංවාද විසංවාද පවත්නා කලක ඔවුන් පිළිබඳ වඩාත් සානුකම්පිත, සහකම්පනය දනවන සුළු මෙවන් කෘතියක් එම අවශ් යතාව සපුරාලීමට මහෝපකාර වනු ඇතැයි මම විශ්වාස කරමි. 'මැණික් අලියා සහ තවත් අලි' කෘතියේ සම්පාදක සුනිල් ලීලානන්ද පෙරේරා අයත් වන්නේ මෙරට සාම්ප් රදායික අලි ඇතුන් හිමි පවුලක දෙවෙනි පරපුරටය. මා මුලින්ම ඇසුරට වැටුණේ ඔහුගේ පියා, රත්නපුරේ ප් රකට අලි ඇත් හිමිකරුවෙකු වූ ඕ.එස්. පෙරේරා මහතා සමගය. ඒ වසර තිහකට එපිට කාලයකදීය. අලි ඇත් වෙදකම හා බැඳී දේශීය වෙදකම සේම බටහිර වෙදකමට සමාන්තරව නැඹුරු වූ මෙරට අලි හිමියන

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us