Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

2897 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
දෙවන ලෝක යුද්ධයේ සෝවියට් පෙරමුණ

දෙවන ලෝක යුද්ධයේ සෝවියට් පෙරමුණ

ශ් රේෂ්ඨ දේශප් රේමී සංග් රාමය යනු මිනිස් ඉතිහාසයේ කුරිරුතම, වේදනාත්මක සිදුවීම් අතරින් එකකි. එයින් සෝවියට් සංගමයට සිදු වූ හානිය සුළුපටු නොවේ. මේ හානි නොතකා ස්ලාවික්, මධ් යම ආසියාතික, කොකේසියානු හා නානා ප් රකාර ජනවර්ගයන්ට අයත් සෝවියට් ජනයා පෙර දිග යුද පෙරමුණෙහි අප් රතිහත ධෛර්යයකින් සතුරාට එරෙහිව සටන් වැදුනහ. ලෙනින්ත් රාදය වටලමින්, මොස්කව් නුවරට රැකවල් යොදමින්, ස්ටාලින්ග් රෑඩ් සටනේ ලේ වගුරවමින් බොහෝ දුෂ්කරතා මැද ඔවුහු නාසි ජර්මානු හා සහායක පක්ෂයට එරෙහිව යුද ජයග් රහණ වාර්තා කළහ. ක් රෑර ලෙස ප් රති ප් රහාරයන් දියත් කරමින් රතු හමුදා සෙබළු 1945 වසරේ මැයි මස බර්ලීන් නගරයට ලඟා වූහ. ජයග් රහණය සාක්ෂාත් කළ
In stock
හනිමූන්

හනිමූන්

පොකුණ අසල හිඳගෙන එහි පාරදෘෂ් ය ස්වභාවය තුළින්, මිදුණු අයිස් කැටයක් හරහා බලන්නාක් මෙන්, අයේශා පොකුණ දෙස බලා සිටියාය. එහි යම් සැඟවුණු රහසක් ඇත්තාක් මෙන් හැඟීමක් ඇයට ඇතිවිය. එහෙත් පොකුණේ පතුල දැනටමත් අදුරෙන් වැසී ගොස් තිබූණි. එම නිසා පොකුණ ගැඹුරේ ඇති දෑ කෙසේ වෙතත්, ඇයට පෙනුණේ ඔවුන් දෙදෙනාගේ ඡායාවන් කැඩපතක පිළිබිඹු වන්නාක් මෙන්, එම දියත තුළ පෙනෙන ආකාරය පමණි. අයේශා ඔවුන්ගේම එම ප් රතිබිම්බ රූප දෙස වශී වී බලා සිටියාය. හේශාන් කෙමෙන් සිය දකුණත දිගු කර, දිය මතුපිට සුමට පෘෂ්ඨය යාන්තම් සිය ඇඟිලි තුඩුවලින් ස්පර්ශ කළේය. ඇඟිලි තුඩු ජල තලය මත ගැටුණු වහා, එතැනින් නැගුණාවූ සියුම් ජල තරංගයෝ වෘත්තාකාරව, අරියව එතැ
Out of stock
අබාසාත්ති

අබාසාත්ති

"මට මැරෙන්ඩ ඇරපං මෝඩයා! ඇයි මාව ගොඩගත්තේ? එහෙනං දැන් මගේ බෙල්ල මිරිකපං!" "උඹ මැරියං ඔය බඩේ ඉන්න එකා ඉපදුණාට පස්සෙ, මිනී නොමරා!" "ඒ හින්දා තමා යකෝ මං මැරෙන්නේ! මට එපා ඒකා! මට එපා...! මට පිළිකුල්... මට මගේ සරුවාංගෙම පිළිකුල්... " නැගිටපං ඔතනින්, ගමේ මිනිස්සු වටවෙන්ඩ කලින්!" කෙල්ල නැගිට්ටේ නෑ. පෙරළිලා හිටියා. නිකං නෙමෙයි, පොළොවේ පස් කකා. "මට යන්ඩ දිහාක් නෑ. මට යන්ඩ දි...හ...ක් නෑ! උන් මා...ව අල්ලා ගනී. අනේ දෙයියනේ... කාගේ හරි බයිසිකලයක් එපිටහින් ගියා. ගෝපාල් දැක්කේ නෑ. සිරී.......ස් ගාලා සද්දේ ඇහුණා විතරයි. ඔය මොකාහරි එකෙක් මේ හෙලුකුටු ගෑනි මෙහෙම ඉන්නවා දැකොත් ගෝපාල හිරෙන් මෙහා නවතින්නැ. එච්චර නම
Out of stock
කිරි කිරි බෝලේ

කිරි කිරි බෝලේ

එළිවෙච්චි වෙලේ ඉඳන් අර ළමයාව පතුරු ගහනවා. ඔය ළමයා ඉතුරු වෙයිද විභාගේ වෙනකල්..?කනත් හිරි වැටෙනවා. අහන් ඉඳලා අප්පිරියයි... අපේ ගෙදර අපි ඔහොම කෑගහන්නෑ නේ. මේ ළමයටත් රවනවා ගොරෝනවා... තාත්තා මොකුත් කිව්වේ නෑ. "අර කෝටුවක් තියාගෙන මේසෙට ගහනවා... පුටුවට ගහනවා...! එක විකාරයයි. ළමයට ඊයේ හොඳටම ගැහුවා. ලකුණු අඩු වුණොත් නෑයො හිනාවෙයි කියන්නේ...? අනේ අපිට මොන රුදාවද ඕවට හිනා වෙන්ඩ... හිනා නෙමෙයි මාලායි මමයි අඬනවා ඕවට... අම්මාත් පුදුම ගෑණියෙක් තමා. එහෙම තමයිලු ළමයි හදන්න ඕන. අපේ ළමයාටත් ගහලා බැනලා උගන්නන්නලු... බුරුල වැඩිලු... බෝලී සෙල්ලමේම්මලු. ඔය ගමේ කොල්ලෝ වනචරයොලු... බෝලි! කාලා ඉවරනම් යනවා මෙතනින්...! අම
In stock
ගිනි මල්

ගිනි මල්

"අයිසෙ අදීප මම තමුසෙට ඇමැති කමක් දෙනව. පළවෙනි පාරට පාර්ලිමේන්තු ආපු එකෙකුට මම මිනිස්ටර් පෝස්ට් එකක් දෙන පළවෙනි පාර මේ. හැබැයි තමුසෙට ඒ ආතල් එක තියෙන්නෙ සතියයි. මේකත් මතක තියාගන්නව අදීප. මම තමුසෙට මෙ මිනිස්ටර් පෝස්ට් එකක් දෙන්නෙ තමුසෙල වගේ පොලිටික්ස්වලට පැරචුට්වලින් බහින මෝඩ චූන් කාරයොන්ට දිගට පොලිටික්ස් කරන්න බෑ කියන එක තමුසෙට මනාප ගහපු මෝඩයොන්ට පෙන්නන්න මිසක් තමුසෙටවත් තමුසෙගෙ අර සල්ලිවලින් සෙල්ලං දාන වර්ෂා කියන අම්මණ්ඩිටවත් බයේ නෙමෙයි... තමුසෙ මේ ඇමැතිකම අරගෙන හරියටම සතියකින් ඉල්ලා අස්වෙලා තමුසෙට ඕනි තැනකට තොලොංචි වෙලා යනව. තමුසෙට රට යන්න ඕනි නං ඒකත් මට කියනව. මම ඕනි රටකට වීසා ගහල දෙන්නං. හැ
In stock
එන්න යන්න මාත් එක්ක

එන්න යන්න මාත් එක්ක

'එන්න යන්න මාත් එක්ක කොල්වින් සෙට්ටිනායක තම ජීවිත අත්දැකීම් බෙදාහදා ගැනීමට ඔබට කරන ආයාචනයකි. වාසගමින් සෙට්ටිනායක වුවත්, කොල්වින්ගේ සනුහරේ කිසිවකු සිටු පවුලකට ගෑවීමක් නැත. ඒ ගැන ඔහුට ඇත්තේ ආඩම්බරයකි. කළුතර සැබෑ පීඩිත පවුලක ඉපිද, අපමණ දුක් පීඩා විඳීම පිළිබඳ කිසිදු පසුතැවිල්ලක් නැත. ඔහු මෙන්ම මේ කෘතියෙන් අපට මුණගස්සන කිසිවකු වස්තුකාම, ක්ලේශකාම රහිත මුනිවරුන් බඳු යැයි මට සිතේ. ඔවුහු දුක් සුසුම් මැද පරම ධනය වන සතුට භුක්ති විඳිති. අට්ටාලය නවකතාවට පාදක වූ සැබෑ චරිත, කොල්වින්ගේ ආත්ම චරිත කතාවේදී අපට හමුවෙයි. 'එන්න යන්න මාත් එක්ක කොල්වින් සෙට්ටිනායක සිත්තරා, අක්ෂර නමැති වර්ණ භාවිතයෙන් අඳින මනස්කාන්ත චි
In stock
හිමකඳු පසුකර

හිමකඳු පසුකර

පෙරදාක අම්මා ගෙන ආ කොළ පාට කොට කලිසම හා සුදු පැහැ ඇති කමිසය ඇඳගත් මම කිරිඅම්මාගේ විධානයක් එනතුරු දොරකඩට වී වැස්ස දෙස බලා සිටියෙමි. එහෙත් කොහේ යන්නට දැයි නොදන්නෙමි. කිරිඅම්මා දොර ළඟට විත් කිරි පුතා යමං යැයි කීවාය. කිරිඅත්තා ගෙතුළ සිට මොනවාදෝ කියනවා ඇසුණි. දොරකඩට හේත්තු කර තිබූ තල් අතු දෙකෙන් එකක් දිගහැර මට දුන් කිරි අම්මා අනෙක දිගහැර ඔළුව ආවරණය කරගෙන යමක් කියවමින් එළියට බැස්සාය. කිරිඅම්මා සමඟ මොරසූරන වැස්සේ මේ ඇරඹූයේ දුර ගමනක පළමු පියවර බව ඇසින් නොදුටු කිසිවකු සටහන් කර ගත්තේදැයි නොදන්නෙමි... සාධාරණය හෝ අසාධාරණය පුද්ගලයා මත රැඳෙන බවත්, පන්සලක් යනු ආදරය හෝ කරුණාව ලබන තැනක් නොව ජීවිතය පුහුණු කරන ත
In stock
සම්මුඛ දේව ප්රාසාදය අම්මඩුව කුඩා කතරගම දේවාලය

සම්මුඛ දේව ප්රාසාදය අම්මඩුව කුඩා කතරගම දේවාලය

අම්මඩුව කුඩා කතරගම දේවාලය පිළිබඳ සවිස්තර විග් රහයක් අන්තර්ගත වන මේ කෘතිය සාර්ථක පර්යේෂණ නිබන්ධනයක ස්වරූපයක් ගනියි. දේවාලයේ අතීතය, දේවාල පරිශ් රය, වත්පිළිවෙත් සහ ඇසළ පෙරහර ආදී සංස්කෘතික අංග මෙන්ම, කතරගම දෙවියන් පිළිබඳ පුරාවෘත්ත ඇතුළත් වන හෙයින්, දේවාලය පිළිබඳ පූර්ණ චිත් රයක් නිර්මාණය වෙයි. තේමාවට අදාළ වන විශ්වසනීය තොරතුරුවලින් සමන්විත වන හෙයින් මේ කෘතිය පාඨකයන්ට වඩාත් ප් රියමනාප වනු ඇතැයි සිතමි. මෙහි කතුවර ගුණවර්ධන දේවගිරි මහතා ර/රන්වල විද් යාලය, ර/වෙළගපොළ විද් යාලය සහ ගොඩකවෙල ර/රාහුල මහා විද් යාලය යන පාඨශාලාවල දීප්තිමත් ආදි ශිෂ් යයෙකි. කොළඹ විශ්වවිද් යාලයේ හැටේ දසකයේ සංවිධානයේ ක් රියාකාරී නිලධ
Out of stock
අතුරුදහන් වූ ගුරුතුමියගේ අබිරහස

අතුරුදහන් වූ ගුරුතුමියගේ අබිරහස

අතුරුදහන් වූ ගුරුවරියගේ අබිරහස නමින් මෙසේ එළිදැක්වෙනුයේ කැරොලින් කීන් ලේඛිකාවගේ "the secret at lone tree cottage" නම් කෘතියේ සිංහල අනුවාදයයි. එය ඇගේ තවත් ජනප් රිය ළමා රහස් පරීක්ෂක කතා මාලාවක් වූ "dana girl's mystery" කතා මාලාවේ දෙවැනි කොටසයි. ඩානා ගැහැනු ළමයින්ගේ ප් රථම රහස් පරීක්ෂක කතාව වූ පැරණි ලාම්පුවේ අබිරහස' මින් පෙර ඔබ කියවා ඇතැයි සිතමි. නමුත් මෙම කෘතිය කියැවීමට එය අදාළ නොවන්නේ මෙම කතා එකට එකක් සම්බන්ධ සේ වෙන වෙනම කියවා රසවිඳීමට හැකි පරිදි ලියා තිබෙන නිසාය. 1934 තරම් ඈත කාලයේ ලියැවී තිබෙන මෙම කතාවලට පසුබිම් වන්නේ එකල අඩු ජනගහනයක් විසූ, තාක්ෂණයෙන් එපමණ දියුණු නොවූ, අන්තර්ජාලය වැනි නවීන පහ
Out of stock
කඳුකරයේ භීෂණය සහ තවත් බිහිසුණු කතා

කඳුකරයේ භීෂණය සහ තවත් බිහිසුණු කතා

කඳුකරයේ භීෂණය කෘතිය කෘතිය තුළින් යොවුන් ලේඛක රුවන් චින්තක ඔබ කැඳවාගෙන යන්නේ ගත ලොමුදැහැ ගන්වනසුලු භීෂණාත්මක චාරිකාවකි... මෙතෙක් මුහුණු පොතින් ඔබ වෙත සමීප වූ ඔහුගේ මෙම කුළුදුල් කෘතිය තුළින් ඔහු සිය පරිකල්පන හැකියාව මැනවින් පෙන්වා දී ඇත. කඳුකරයේ භීෂණය the horror of devil's කුටියේ ද්වාරය අසල සිටියේ තියුණු පොරෝ තලයක් සුරතින් ගත් හැඩි දැඩි අයෙකි. සැබැවින්ම ඔහු යක්ෂයෙකුම වූවේය. ඔහුගේ දෑස් ගිනි පුලිඟු මෙන් රත් පැහැ විය. සවන් යුගල ද අසාමාන් ය ලෙස දිගු වී තිබුණේ වෘකයෙකුගේ මෙනි. තියුණු දසන් විදහා පාමින් සිටි ඒ අමනුෂ් යා දුටු මම භීතියෙන් වෙව්ලා ගියෙමි.
In stock
සිනාලන්තය

සිනාලන්තය

සිනහව, විහිළුව, හාස් යය නිරතුරුවම මිනිස් දිවිය ප් රබෝධමත් කරයි. මෙලෙස නිර්මාණය වන කතාන්තර 'රස කතා වශයෙන් හඳුන්වා දිය හැක. බාල, තරුණ, මහළු යන සෑම වයස් කාණ්ඩයක්ම, සෑම තරාතිරමකටම අයත් සෑම පුද්ගලයෙක්ම උපහාසයෙන් පරිපූර්ණ වන මෙම රස කතා ඇසීමට බෙහෙවින් ප් රිය කරති. සිනාරස ගන්වන හාස් යෝත්පාදක කතා තුළින් එම කතා අසන්නා විඳින මිහිර, සතුට හා විනෝදය අපමණය. බොහෝවිට ඒවා අසන්නාගේ සිත අමන්දානන්දයෙන් පුරවාලන්නට සමත් වේ. අප ජීවත්වන සමාජයේ පවතින බොහෝ කවටකම්, අඩුලුහුඩුකම් හා පුරසාරම් වඩාත් රසවත්ව ඉදිරිපත් කිරීමට ගත් උත්සාහයක අගනා ප් රතිඵලයක් ලෙස මෙම රස කතා එකතුව හඳුන්වාදිය හැක.

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us